Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මහරගම අපේක්ෂා රෝහලේ වියළි ආහාර ද්‍රව්‍ය සොරකම් කළ බව කියන එම රෝහලේම අරක්කැමියන් දෙදෙනෙකු මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම රෝහලේ නේවාසික රෝගීන්ගේ ආහාරපාන සැකසීම සඳහා රෝහලේ මුළුතැන්ගෙයි ගබඩා කර තිබෙන වියළි ආහාර කාලයක් තිස්සේම අස්ථානගත වී ඇතැයි රෝහලේ පාලනාධිකාරිය විසින් පොලිසියට පැමිණිලි කළ බව පොලිසිය පවසනවා. පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ මෙම සැකකරුවන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් රැගෙන යාමට සූදානම් වූ අවස්ථාවේදීයි. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 38ක් හා 54ක් වන හෝමාගම හා බණ්ඩාරගම ප්‍රදේශවල පදිංචිකරුවන්. මෙම සොරකමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංඟුවට ගැනීමට මහරගම පොලිසිය විමර්ශනය කරනවා.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ලන්ඩනයට ළඟාවී තිබෙනවා. ඒ, බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය රිෂී සුනක් සහ තුන්වන චාල්ස් රජු මුණගැසීමේ අරමුණින්. ලිතුවේනියාවේ පැවැත්වෙන නේටෝ සමුළුවකට සහභාගිවීම සඳහා යන අතරතුරයි ඔහු බ්‍රිතාන්‍යය වෙත පැමිණ ඇත්තේ. පළමුව ඇමරිකානු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය රිෂී සුනක් සමඟ සාකච්ඡාවකට සහභාගිවීමට නියමිත අතර, ඉන් අනතුරුවයි වින්ඩ්සර් මන්දිරයේදී තුන්වන චාල්ස් රජු මුණගැසීමට සැළසුම් කර ඇත්තේ. නේටෝ සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පින්ලන්තයට යාමට ද නියමිතයි.
ශ්‍රී ලංකාවේ උපසම්පදාව ආරම්භ කර වසර 270ක් සැපිරීම නිමිත්තෙන් තායිලන්තයේ සිට බෞද්ධ දූත පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. තායිලන්තයේ උබෝන් සංඝරාජ අචාන් ප්‍රරාවිෂන් තාරා පාත් උත්තමෝ මහ තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) කටුනායක ගුවන් තොටුපලට පැමිණි මෙම දූත පිරිසට භික්ෂූන් වහන්සේ අට නමක් සහ ගිහි නියෝජිතයින් 17 දෙනෙකු ඇතුළත්. මෙම දූත පිරිස තායිලන්තයේ වත්මන් රජුගේ මුත්තනුවන් වන 8 වන රාම රජතුමා, මෙරට තුන්මාසයක තාවකාලික පැවිදි උපසම්පදාව ලබා සිටි කොළඹ කොටහේන දීපදුප්තාරාම විහාරස්ථානය වෙත ගොස් එතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට ද නියමිතයි. එමෙන්ම දූත පිරිස අනුරාධපුරය, මහනුවර දළදා මාළිගාව, ජාත්‍යන්තර නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානය, කැළණිය රජමහා විහාරය ආදී පූජනීය ස්ථාන ද වැඳපුදා ගනු ඇති.…
පොළොන්නරුව – මනම්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයින් 10 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ අනතුර සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් පළාත් මාර්ගස්ථ අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා. එමෙන්ම ආණ්ඩුකාරවරයා විසින් අනතුරට පත්වූවන්ට අවශ්‍ය හදිසි ආධාර, කඩිනමින් ලබාදෙන ලෙස පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාටද දැනුම් දෙනු ලැබුවා. කඳුරුවෙල සිට කල්මුණේ දක්වා ගමන් කළ මගී ප්‍රවාහන බස් රථය ඊයේ අනතුරට ලක්වීමෙන් 10 දෙනෙකු මියගිය අතර, තුවාල ලැබූ 41 දෙනෙකු තවදුරටත් පොළොන්නරුව මහ රෝහලේ සහ මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අස්වැසුම සුබසාධන වැඩසටහනට අභියාචනා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අදින් අවසන් වනවා. ඒ අනුව එම වැඩසටහනට අදාළව අභියාචනා ලක්ෂ 9ක් සහ විරෝධතා 12,000ක් ලැබී ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේ. පසුගිය දින කිහිපය තුළදීම අස්වැසුම සුබසාධන වැඩසටහනට විරෝධය පළ කරමින් දිවයින පුරා විරෝධතා පැවැත්වුණේ, ඇතැම් පාර්ශවයන්ගේ නම් ඊට ඇතුළත් කර නොමැති බව පවසමින්. ඒ අනුවයි රජයේ පාර්ශවය අස්වැසුම වැඩසටහන සඳහා අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට අද (10) දිනය දක්වා කල් ලබා දුන්නේ. ලැබුණු අභියාචනා පරික්ෂා කිරීම සඳහා අධීක්ෂණ කමිටුවක් ද පත් කරනු ලැබුවා.
පිළිකා රෝගීන් බොහෝ පිරිසක් සිය ජීවිතය රැකගැනීම වෙනුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන්නේ මහරගම අපේක්ෂා රෝහලටය. එළෙස පැමිණෙන රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ලබාදීමට රෝහල සතුව යන්ත්‍ර ගණන 5 කි. ඉන් කුඩා ළමුන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන ලීනීයර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාරක යන්ත්‍රය අක්‍රිය වී සති දෙකකට වැඩි කාලයක් ගතවෙයි. ලියුකේමියා රෝගයට ගොදුරු වූ පුංචි දරුවන් 10 ත් 15 ත් අතර ප්‍රමාණයකට මෙම යන්ත්‍රයෙන් දිනකට ප්‍රතිකාර සිදුකෙරුණි. මෙම දරුවන්ට අමතරව පොරොත්තු ලේඛනයේ තවත් බොහෝ පිළිකා රෝගි දරුවන් පිරිසක් ප්‍රතිකාර ලබාගැනීමට සිටින බවත් වාර්තා වෙයි. ඒ හේතුවෙන් මේ වනවිට කුඩා ළමුන්ගේ විකිරණ ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති අතර එම දරුවන්ගේ භාරකරුවන්ද මේ වනවිට මහත් මානසික පීඩනයකට ලක්ව ඇත.
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි මේ අනුව වික්‍රමරත්න මහතා හෙට (9)හෝ අනිද්දා(10) යළි සේවයට වාර්තා කිරීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨත නිලධාරියෙක් මාධ්‍යට පැවැසීය පොලිස්පතිවරයා සිටි වික්‍රමරත්න මහතා ඉකුත් මාර්තු මස 25 වැනි දා විශ්‍රාම යෑමට නියමිතව සිටියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාස තුනක 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දුන්නේය. එම සේවා දිගුව ඉකුත්ජුනි මස 25 වැනිදා අවසන් විය පොලිස්පතිවරයකු විශ්‍රාම යන අවස්ථාවේ ඔහු වෙනුවෙන් පොලිස් ආචාර පෙළපාලියක් පැවැත්වෙන නමුත්සේවා දිගුව අවසන් වූ දිනයේ ඔහු වෙනුවෙන් ආචාර පෙළපාලියක් නොපැවතුණු බව ද පොලිස්…
කිලිනොච්චිය දිස්ත්‍රික් මහරෝහලේ අලුත උපන් බිළිඳුන් දෙදෙනෙකුගේ මරණ සහ මළ දරු උපත් දෙකක් පසුගිය සතියක කාලය තුළ වාර්තා වී තිබුණි. උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ටී සත්‍යමූර්ති මහතා පැවසුවේ අදාළ මරණවලට හේතුවූ කරුණු නිශ්චිතව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කෙටි කාලයක් තුළ බිළිඳු මරණ 04ක් මෙලෙස වාර්තා වීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවය. මේ වනවිට ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ඒ සඳහා පත් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
බිරිඳගේ අනියම් සැමියා ඝාතනය කර රහසිගත ජීවිතයක් ගත කළ හිටපු හමුදා උපලුතිතන්වරයකු වසර හයකට පසු ඊයේ (07) පොලිස් අත්අඩංගුවට පත්වී ඇත. ආණමඩුව තෝනිගල ප්‍රදේශයේ ආපන ශාලාවක් තුළ දී ඔහු මෙම ඝාතනය සිදුකර තිබුණි. සැකකරු යුද හමුදා පාබල බළකායේ වෙන්නකේනි කඳවුරේ සේවය කර ඇති නිලධාරියකු වන අතර, ඔහු ඝාතනය සිදු කළ සමයේ ම හමුදාවෙන් පළාගිය අයෙකි. සැකකරු විවාහයන් දෙකක් කරගෙන ඇති බවත් ඝාතනය කර ඇත්තේ, දෙවැන විවාහයේ බිරිඳගේ අනියම් සැමියා ව බවත් පරීක්ෂණ මඟින් තහවුරු වී ඇත. 2017 වර්ෂයේ මාර්තු 26 වනදා සැකකරුගේ දෙවැන බිරිඳ, ඇයගේ අනියම් සැමියා සමඟ ආපන ශාලාවක ආහාර ගනිමින් සිට ඇති අතර, එම ස්ථානයට පැමිණි සැකකරු, මිය…
දළදා මාලිගාවට ඉහළින් ඩ්‍රෝන යානාවක් යැවූ විදේශිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවන අමෙරිකානු ජාතිකයෙකි. ඊයේ උදෑසන එම පුද්ගලයා මෙලෙස අධි ආරක්‍ෂිත කලාපයක් ලෙස නම්කර ඇති දළදා මාලිගා පරිශ්‍රයට ඉහළින් ඩ්‍රෝන යානාවක් ගුවන් ගතකර ඇත. අනතුරුව මහනුවර සංචාරක පොලිස් ඒකකය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් තාක්ෂණ ඒකකය විසින් අදාළ ඩ්‍රෝන යානාව විසින් පටිගත කර තිබූ දර්ශන මකා දැමීමට පියවර ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර මහනුවර සංචාරක පොලිස් ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
