Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අස්වැසුම සුබසාධන වැඩසටහනේ අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලසීමාව අවසන් වීමත් සමඟ එම ලැයිස්තුව ජනාධිපති ලේකම් කාර්යාලයට ලබාදීමට නියමිත බව සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කළා. ඒ අනුව මේ වනවිට ඉදිරිපත් වී ඇති අභියාචනා සංඛ්‍යාව නවලක්ෂ 59,109ක් වන අතර විරෝධතා 16,322ක් ලැබී තිබෙනවා. සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් කියා සිටියේ කිසියම් ප්‍රදේශයක අභියාචනා ලබා ගැනීමට කටයුතු කර නැත්නම් ඒ පිළිබදව ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිලි කළ හැකි බවයි. එමෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල රැකගැනීම සඳහා ඊයේ සිට දීපව්‍යාප්තව ඒකාබද්ධ විරෝධතා මාලාවක් වරාය අධිකාරිය ඉදිරිපිට පිහිටි කාන් ඔරලෝසු කණුව අසළින් ආරම්භ…
ජන හා නිවාස සංගණනයක් පැවැත්විය යුතු බවට නියෝග කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයට අනුව එම සංගණනය 2023 සහ 2024 යන වර්ෂ වලදී පැවැත්විය යුතුයි. මීට පෙර අවසන් වරට ජන හා නිවාස සංගණනයක් පවත්වා ඇත්තේ 2012 වසරේදීයි.
රටේ මුල්‍ය බංකොලොත්භාවය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සහ එහි සභාපතීත්වය සංශෝධනය කරන ලෙස දන්වමින් කතානායකවරයා වෙත ඉල්ලීමක් සිදුකිරිමට සමගි ජනබලවේගය පක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව අදාළ ඉල්ලීම මීළඟ පාර්ලිමේන්තු සභාවාරයේ දී සිදුකිරීමට පියවර ගන්නා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසුවේය. කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා මේ බව සඳහන් කළේය. “ඒ කණ්ඩායම ම තමා මේ රට බංකොලොත් කළේ. ඒ රජය යටතේ බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහු සමග හිටිය නිලධාරීන්, පී. බී. ජයසුන්දර ලේකම්වරයා, මහ බැංකු අධිපති ලෙස නිවාඩ් කබ්රාල්, ඒ අය තමා ආර්ථික ඝාතකයෝ.…
ලබන වසරේ දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි. ඔහු පැවසුවේ මේ වසරේ දී කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන බවය. බදුල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා මෙම අදහස් පළ කළේය. “මේ අවුරුද්දේ මැතිවරණ නෑ. 2024 තමා මැතිවරණ වර්ෂය. අපිට තේරෙනවා, අපිට දැනෙනවා 2024 එන්නේ පළමු මැතිවරණය ජනාධිපතිවරණයක්. ඒකට තමා අපි දැන් මේ ලෑස්ති වෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා ජනවරමකින් 2024 දී ජනාධිපතිවරයා බවට පත්කරන්න ඕනේ කියලා මම යෝජනා කරනවා. තිබුණු කරපු දේශපාලන නායකත්වයට මේ රට කරන්න බෑ කියන කාරණාව උඩ අපි එළියට ඇවිත් කිව්වා දැන් වෙනසක් ඕනේ කියලා.…
දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක රක්ෂණ නීති සමාලෝචනය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කර තිබේ. දැනට ක්‍රියාත්මක රක්ෂණ නීති සමාලෝචනය කර ඒවා ගෝලීය රක්ෂණ සම්මතයන්ට සමාන වන අයුරින් දියුණු කිරීම එම කමිටුවේ අරමුණකි. එබැවින් එම කමිටුවට මහජන අදහස් යොමුකරන මෙන් එම අමාත්‍යංශය ඉල්ලීමක් කරයි. එවැනි යෝජනා legal@moj.gov.lk යන ඊමේල් ලිපිනයට විද්‍යුත් තැපෑලෙන් හෝ අමාත්‍යංශයට ලිඛිතව යොමු කරන ලෙස දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තුව ගිනි තැබීමට ආ පිරිසගෙන් කට උත්තරයක්වත් ලබාගැනීමට වත්මන් ආණ්ඩුවට නොහැකිවී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. තමන්ගේ නිවසේ ඇතිකරගත් බල්ලා සොරකම් කරගෙන ගිය පුද්ගලයාත් හිරේ ගිය බවත්, පාර්ලිමේන්තුව ගිනිතැබීම්ට ආ පුද්ගලයන්ගෙන් අඩුතරමේ කට උත්තරයක්වත් ලබාගැනීමට නොහැකිවීම පිළිබඳ තමා කණගාටුවන බවද රාජපක්ෂ සඳහන් කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් ආසන බලමණ්ඩල රැස්වීම පසුගියදා මනම්පිටිය මහවැලි ප්‍රතිභා ශාලාවේදී පැවති අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කළා. “රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ආර්ථික වශයෙන් රට යම්කිසි ස්ථානයකට ගෙනල්ලා තියෙනවා අපි විශ්වාස කරනවා. හැබැයි අපි අතර ප්‍රතිපත්තිමය ගැටලුවක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා අපි ඒ මොහොතේ තෝරාගත්තේ පාර්ලීමේන්තුව…
විහාරස්ථානවල ඇතිවන හුදෙකලා සිද්ධි ප්‍රචාරය කිරීමෙන් අනවශ්‍යය ලෙස සමාජය කැළඹෙන ඹැවින් අනවශ්‍ය ලෙස හැසිරීමටත් එවැනි සිදුවීම් මාධ්‍යට මුදා හරින අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව බුද්ධශාසන, ආගමික, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසනවා. කඩුවෙල,නවගමුව ප්‍රදේශයේ විහාරස්ථානයක ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් පොලීසිය දැනුවත් කළ අතර ඒ අතර ක්‍රියාත්මක වූ පොලීසිය අදාළ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගත් බවයි ඔහු පවසා සිටියේ. එමෙන්ම අදාළ සිදුවීමේදී භික්ෂුවට සහ කාන්තාන් දෙදෙනාට පහර දීම වැරදි සහගත බවත් එවැනි සිදුවීම් සමාජ මාධ්‍යට මුදා හැරීමේදි වඩා විමසිලිමත් විය යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ. එම සිදුවීමට අදාල හිමිනම පිළිබඳව මහා නායක හිමිවරුන් තීරණයක් ගත යුතු බවත්…
නුවරඑළිය දිස්ත්‍රික්කයටත් විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු පිරිසක් කොටගල රජයේ ගුරු විදුහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේ ඒ පිළිබඳ සොයා බැලීම සඳහායි.
මහනුවර හා තදාසන්න ප්‍රදේශවල ධාවනය වන පෞද්ගලික බස් රථ GPS තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණැය කිරීමට මහනුවර නගර සංවර්ධනය කමිටුව තීරණය කර තිබෙනවා. දුර ගමන් සේවා නොවන බොහෝ බස් රථ සිය ගමන් වාර ආරම්භ කොට නගර සීමාව පසු වන තෙක්ම මන්දගාමීව ධාවනය වන බවට මහනුවර නගර සභා සංවර්ධන කමිටුවට පැමිණිලි ලැබී ඇති බවයි වාර්තා වන්නේ. මේ නිසා GPS උපාංග භාවිත කරමින් බස් රථ විධිමත්ව නිරීක්ෂණය කරමින් මාර්ගයේ සිදුවන තදබදය පාලනය කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි. මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධ්කාරිය මහනුව මූල්ස්ථාන පොලිසිය හා එක්ව අදාළ පෞද්ගලික බස් රථ නිරීක්ෂණය කර තදබදය පාලනය කිරීමට එකඟ වී තිබෙනවා.
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදම් සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කෙරුණා. එහි සමාරම්භය සනිටුහන් කරමින් ඊයේ (09) රාත්‍රි එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.අයි.කිව් 140 දරන යානය තායිලන්තයේ දොන් මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කටුනායක වෙත පැමිණ තිබෙනවා. මෙම ගුවන් ගමන සඳහා ඒ 320 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් යොදා ගෙන තිබූ අතර එහි මගීන් 134 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු සිටියා. මෙම යානය මගින් 174 දෙනෙකු රැගෙන යළි කටුනායකින් තායිලන්තය බලා ගමන් කිරීමට නියමිතයි. තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් වාර 4ක් ක්‍රියාත්මක කෙරෙන අතර එය සඳුදා, බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනවල දී කටුනායක…
