Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා සිටින මන්ත්‍රීවරු අටදෙනෙක් මධ්‍යම කාරක සභාව හමුවට ලබන 14 වැනිදා කැඳවීමට තීරණය කර තිබේ. ඒ එම පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන විසිනි. මෙසේ කැඳවනු ලැබ සිටින්නේ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක සහ රංජිත් සියඹලාපිටිය යන මන්ත්‍රීවරු වෙති.
ඉදිරියේ දී විද්‍යාපීඨ ගුරුවන් බඳවා ගනු ලබන්නේ වසර තුනක ඩිප්ලෝමාවක් සඳහා විද්‍යාපීඨවලට නොව සිව් වසරක උපාධියක් සඳහා ගුරුවරුන් බිහි කිරීම උදෙසා ම ස්ථාපනය කරනු ලබන විශ්වවිද්‍යාලයකට බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ අනුව මේ වන විට පවතින විද්‍යාපීඨ 19 ම ඉදිරියේ දී ගුරුවරුන් බිහි කරන විශ්වවිද්‍යාලයක් හා ඊට අදාළ පීඨ බවට පත් කෙරෙනු ඇති අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගැනීම සහිත ව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ම එය තබාගන්නා බව ද අමාත්‍යවරයා පැවසී ය. වෙනත් විශ්වවිද්‍යාලවල මෙන් වෘත්තීය සංගම් හදාගැනීමට අවසරයක් නොලැබෙන බවත් ඊට හේතුව මෙම විශ්විද්‍යාලය මගින් බිහි කරන්නේ ගුරුවරුන් නිසාවෙන් බව ද පැවසීය. විනයක් සහිත පිරිසක්…
ලෝක බැංකුව 2019 වසරේදී සිදුකරන ලද සමීක්ෂණයක් තුළින් ලංකාවේ ඉහළම ආදායම් පන්තියේ සිටින අයගෙන් 12% ක ප්‍රමාණයක් රජය මගින් ලබාදෙන සහනාධාර ලබන බවට වාර්තා කොට ඇති බවත් ඒ හේතුවෙන් සුබසාධන ප්‍රතිලාභ පනත නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි . අමාත්‍යවරයා ඊයේ (11) පෙරවරුවේ මහනුවරට පැමිණ දළඳා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ බව අවධාරණය කළේය . එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ එම පනත නිසියාකාරව ක්‍රියාත්මක කිරීම තුළින් සුබසාධන ලබාගැනීමේදී තොරතුරු සපයන්නත් තොරතුරු රැස් කරන්නත් වගකීමකට බැඳෙන බවත් එහිදී රාජ්‍ය නිලධාරීන් එම වගකීම ගැනීමට සමහර අවස්ථාවලදී මැලිකමක් දැක්වූ…
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සඳහා ආයෝජන විධිමත් කිරීම සහ රෙගුලාසි ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ ප්‍රකාශයට පත් කර ඇති රෙගුලාසිවලට අනුව එහි ආයෝජකයන්ට බදු සහන ලබා දීමට නියමිතයි. එමෙන්ම ව්‍යාපෘතිය තුළ රුපියල්වලින් ගනුදෙනු කිරීමේ හැකියාවද පවතිනවා. මේ අතර ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නියෝග ඇතුළත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව ඛනිජ තෙල් ආනයනය, අපනයනය, මෙරට තුළ අලෙවි කිරීම හෝ බෙදාහැරීම සඳහා අයදුම්කරුවෙකු ඉදිරිපත් වන්නේ නම් සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයක් විය යුතු බවයි එහි දැක්වෙන්නේ. එසේම ඇමරිකානු ඩොලර් මිලියන 2 ක බලපත්‍ර ගාස්තුවක්…
කැරට් 22 රත්තරන් පවුමක් ඊයේ (11) දිනයේ රුපියල් 155,000 කට වැඩි මිලක් දක්වා ඉහළ ගිය ගොස් තිබෙනවා. කැරට් 22 ක රත්තරන් පවුමක මිල ඊයේ රුපියල් 155,500 දක්වා ද, කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 169,550 දක්වා ද, මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. ඩොලරයේ අගය ඉහළ යෑම සහ ලෝක වෙළෙඳපොළේ රන් මිල මේ වන විට ඉහළ යමින් තිබීම මෙම මිල ඉහළ යෑමට හේතු වී ඇති බවයි ව්‍යාපාරිකයෝ පවසා සිටින්නේ.
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග 2023 ජූනි මස ICC Player of the month සම්මානය සඳහා තෝරාගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ ෂෝන් විලියම්ස් පරදවා අභිබවා යමින් ඔහු මෙම සම්මානයට සුදුසුකම් ලබා ඇති බවයි අයි.සී.සීය නිවේදනය කොට සිටින්නේ. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ කඩුලු 22ක් දවා ගනිමින් ඔහු දැක්වූ දස්කම්ද ඊට හේතු වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
වී අලෙවි මණ්ඩලයට රජයෙන් ලැබෙන මුදල් ප්‍රමාණය අනුව ඉදිරියේ දී වී මිල දී ගැනීමට ඊයේ (11) තීරණය කර තිබෙනවා. ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදියි. මිල කමිටුවේ තීරණය පරිදි නාඩු සහ රතු කැකුළු වී කිලෝවක් රුපියල් 95කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 100ක් සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 110ක මිලකට මිල දී ගැනීමට අපේක්ෂිතයි. පසුගිය මහ කන්නයේ දී වී මිල දී ගැනීමට රජය විසින් රුපියල් බිලියන 13ක් වැයකර තිබෙනවා.
වසර 12ක කාලයක සිට කොළඹ, ගාල්ල, කුරුණෑගල, මහනුවර ප්‍රදේශ වෙත මත්ද්‍රව්‍ය බෙදා හරින ප්‍රධාන සැකකරු ඉන්දික ගම්මන්පිල නොහොත් ඩෙලෝ පදිංචිව සිටි නිකවැව හංදියේ නිවස සහ ඉඩම ඊයේ (11) හොරොව්පොතාන පොලිසිය විසින් පරික්ෂා කර තිබෙනවා. එම නිවසේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා තොගයක් සහ බාල වයස්කාර දරුවකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. මන්නාරම් ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන මත්ද්‍රව්‍ය තොග වශයෙන් කුලී රථ යොදාගෙන ඉහත සදහන් ප්‍රදේශ වෙත බෙදාහරින ඩෙලෝ මෙම වැටලීම සිදුවීමට පෙර නිවසින් පලාගොස් තිබෙනවා. ඒ අනුව ඔහු දැනට කුලී පදනම මත මිල දී ගෙන ඇති දංකොටුව ප්‍රදේශයේ නිවසක් වෙත ද පොලිසියේ අවධානය යොමු වි ඇති…
කොළඹ නගරයේ ගංවතුර පාලනය කිරීමේ අරමුණින් ඇළ වේළි හා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි මෙය ආරම්භ කර තිබෙන බවයි වාර්තා වෙන්නේ. තලවතුගොඩ වැව, දියවන්නා ඔය, නාගහමුල්ල වැව, කිඹුලාවල ඇල, බත්තරමුල්ල, පාලම් තුන අසල ඇළ ඇතුළු තවත් වැව් හා ඇළ මාර්ග කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම දැනටමත් ආරම්භ කර ඇති බව සඳහන්. ජලය බැස යාම සඳහා ඇති ඇළ මාර්ග පද්ධතිය නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් ඉදිරියේදී ගංවතුර තත්ත්වය තවදුරටත් තීව්‍ර විය හැකි බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ.
