Author: LANKA24X7

ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් මතුගම ප්‍රදේශයේ කාන්තාව එළැඹෙන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අදාළ කාන්තාව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. සැකකාර ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් මතුගම වැලිපැන්න නිවසේ හිමිකාරිය වූ 52 හැවිරිදි වූ මෙම කාන්තාව පසුගියදා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

පැවැත්වීමට නියමිතව තිබූ තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වූ ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවට සිම්බාබ්වේ කණ්ඩායම ක්‍රීඩා කරන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසයි. තරගාවලිය නොවැම්බර් මස 17 වැනිදා සිට 29 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පින්ඩි සහ ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතව තිබේ. ලබන වසරේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ICC විස්සයි20 ලෝක ක්‍රිකට් කුසලානයට පෙර සූදානමක් ලෙස කණ්ඩායම් තුනටම සූදානමක් ලබා දීම සඳහා මෙම තුන්කොන් තරගාවලිය සැලසුම් කර ඇත. තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය නොවැම්බර් 17 වන දින රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සත්කාරක පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වේ. දෙවන තරගය නොවැම්බර් 19 වන දින ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගයද එම ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම…

Read More

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (18) දහවල් 12.00ට නිකුත් කරන ලද එම නිවේදනය අද ප.ව. 11.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම නිවේදනයේ දැක්වෙන්නේ මධ්‍යම, උතුරුමැද, සබරගමුව, ඌව, සහ වයඹ පළාත්වලත් අම්පාර, මන්නාරම සහ වව්නියා දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් අදියර අද (18) කොළඹ තුරග තරග පිටියේදී ආරම්භ වේ. දෙදිනක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියට ජපානය, හොංකොං, චීනය සහ සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළු පිරිමි සහ කාන්තා කණ්ඩායම් 24ක් සහභාගි වනු ඇත. අවසන්වරට ඉකුත් සැප්තැම්බර් මස චීනයේ හැංෂෝ හිදී පැවති අදියරේ පිරිමි ශූරතාව දිනා ගැනීමට හොංකොං කණ්ඩායම සමත් විය. එම අදියරේ දී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සිව්වන ස්ථානයට පත් වූ අතර, කාන්තා කණ්ඩායම 9වන ස්ථානයට පත්විය. මේ දක්වා පැවති තරග අනුව පිරිමි ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ හොංකොං පසුවන අතර, සෙසු ස්ථාවල පිළිවෙළින් ජපානය, චීනය, ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මැලේසියාව, කොරියාව, චීන තායිපේ, උස්බෙකිස්තානය හා සිංගප්පූරුව…

Read More

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ක්‍රිකට් ආයතනය පවසයි. පක්ටිකා පළාතට එල්ල වූ ප්‍රහාරයකින් මෙම ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් තිදෙනා මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් නම් ක්‍රිකට් ක්‍රීඩකයන්ය. ඔවුන් ක්‍රිකට් තරගයකට සහභාගී වී පක්ටිකා වෙත ගොස් යළි නිවසට පැමිණි අතරතුර මෙම ප්‍රහාරයට මුහුණ දී ඇත. ඒ අනුව මෙම ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරව දැක්වීමක් ලෙස ශ්‍රී ලංකාව හා පාකිස්තානය සමගින් නොවැම්බර් මස පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වන බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය පවසයි. මෙම ප්‍රහාරයෙන් එරට සිවිල් වැසියන් 5 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේ දී සිය භාරයට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 53ක් තිබී සොයාගත් බව නාවික හමුදාව පවසයි. මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට වූ සැකයක් මත මෙම ධීවර යාත්‍රාව සිය භාරයට ගෙන අද (17) පෙරවරුවේ ගාලු වරායට රැගෙන එනු ලැබීය. එහිදී සිදුකල සොයාබැලීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිව ඇත. මේ වනවිට අදාළ ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් පස් දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

Read More

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට ශ්‍රී ලංකා භූමිය පරිහරණය කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. ඇය මේ බව සඳහන් කළේ, සිය ඉන්දීය නිල සංචාරයට සමගාමීව ඇය ඉගෙනුම ලැබූ දිල්ලි හින්දු විද්‍යාලය වෙත පැමිණි අවස්ථාවේදීය. ඉන්දියාවේ නිල සංචාරයක නිරත අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ (16) දිනයේ රාජ්‍යතාන්ත්‍රික හමුවීම් කිහිපයකට ද එක්විය. මෙම සංචාරයේ විශේෂ අවස්ථාවක් සටහන් කරමින් අගමැතිනිය ඇය ඉගෙනුම ලැබූ දිල්ලියේ හින්දු විද්‍යාලයේ සංචාරයකට ද එක්විය. මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය. “හින්දු විද්‍යාලය දැන් අංක එකට ඇවිත්. ඒ ගැන ආඩම්බරයි. අපූරුයි. මම මුලින්ම මෙහෙට එද්දි, PEPSI ඉන්දියාවට ආව විතරයි. ඒ කාලේ ඒක…

Read More

ලොව උසම කන්ද ලෙසින් පිළිගැනෙන අඩි 8,848ක් උසැති එවරස්ට් කන්ද සාර්ථකව තරණය කළ පළමු ගවේෂණ කණ්ඩායමේ අවසන් සාමාජිකයා වූ නේපාලයේ කාංචා ෂර්පා ඊයේ (16) අභාවප්‍රාප්ත විය. පසුගිය දින කිහිපයේ දී රෝගාතුරව සිටි ඔහු කත්මණ්ඩු නුවර දී සිය දිවිසැරිය නිමා කරන විට වයස අවුරුදු 92ක් විය. එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සිං නෝර්ගේ නායකත්වයෙන් යුත් 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම 1953 දී වසරේ දී ලොව පළමුවරට එවරස්ට් කඳු මුදුන සාර්ථකව තරණය කරනු ලැබීය. කඳු නැගීමේ අත්දැකීම් නොතිබුණද සති 2කට වඩා වැඩි කාලයක් පැවති මෙම දුෂ්කර ගමනට ඔහුද සහායයෙකු ලෙස එක්ව ඇත. ඒ වනවිට කාංචා ෂර්පාට වයස අවුරුදු 19කි. එතැන් සිට දශක දෙකකට වැඩි කාලයක්…

Read More

රජයේ ඉඩමකින් කොටසක් වගා කටයුතු සිදුකිරීමට ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 12ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙකු අල්ලස් කොමිසම විසින් ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇත. මහව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අනවසරයෙන් අල්ලාගෙන වගා කටයුතු සිදු කරන ලද අක්කර 20ක පමණ ප්‍රමාණයක රජයේ ඉඩමකින්, අක්කර 12ක පමණ ප්‍රමාණයක් පැමිණිලිකරු වෙත වගා කටයුතු සිදු කිරීම සඳහා එම ඉඩමට සැකකරු විසින් අක්කර බදු ගෙවූ බවට කුවිතාන්සියක් ලබා ඇත. එම අවශ්‍ය කටයුතු සිදුකර දීම සඳහා ලක්ෂ 35ක මුදලක් ඉල්ලා තිබේ. ඉන් ලක්ෂ 10ක මුදලක් ලබාගැනීම සහ ඉතිරි ලක්ෂ 25ක මුදලෙන්…

Read More

පිළිකා සහ වකුගඩු රෝගී දරුවන්ගේ ඡායාරූප භාවිත කරමින් මුදල් ඉපැයීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අද (16) අත්අඩංගුවට ගෙන තිබේ. මූලික විමර්ශනවලදී අනාවරණ වූයේ ෆේස්බුක් ගිණුම්වල තබන සටහන් උපයෝගී කරගනිමින්, සැකකරුවන් අදාළ ජාවාරම සිදුකර ඉන් උපයන මුදලින් මත්කුඩු පානය කරන බවය. පිළිකා සහ වකුගඩු රෝගී දරුවන්ගේ රුව භාවිත කරමින් මෙම පිරිස ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යමින් මෙම ජාවාරමෙහි නිරත වී ඇත. මෙම එක් ගිණුමක පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන්ට උපකාර අවැසි බව පවසමින් පෝස්ට් පළකර තිබූ අතර ඒ පිළිබඳ සංවේදී වූවන් මුල්‍ය පරිත්‍යාග සිදුකර තිබේ. නමුත් අදාළ දරුවන්ගේ ඥාතීන් ෆේස්බුක් සමාජයේ සංසරණය වන අදාළ පෝස්ට් දැක ඒ පිළිබඳ සොයා බලා ඊට සටහන්…

Read More