Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අරණායක කැලෑබද ප්‍රදේශයක තිබී බෝම්බ සහ පතුරම් තොගයක් සොයා ගත් බව අරණායක පොලීසිය පවසයි. විදෙස් රටක නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් සහ ගිනි අවි වලට යොදන ජීව උණ්ඩ අසූ දෙකක් මෙලෙස සොයාගත් බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරයි. මෙම සම්බන්ධයෙන් අරණායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
2024 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය අද (13) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයට සඳහන් කළා. මෙම චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසු පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව පවතිනවා. එමෙන්ම අගෝස්තු මස 18 වැනිදා දක්වා මෙලෙස අයදුම්පත් යොමු කළ හැකියි. අයදුම්පත් යොමු කිරීමේ දී දරුවා පාසලට ඇතුළත් කිරීම සඳහා ඉදිරිපත් කරන ලිපි ලේඛන ජූනි මස 30 වැනිදාට පෙර සහතික කළ යුතු වෙනවා. මේ අතර සියලුම උපකාරක පංති ඉරිදා දිනවල පෙරවරුවේ හා පොහෝ දිනවල පැවැත්වීම සබරගමුව පළාත තුළ තහනම් කරන ලෙස පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම ගුරුවරුන් තමා උගන්වන පන්තියේ සිසුන්ට මුදල්…
නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදීයි. පළමු තරගයට සත්කාරක ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා බංග්ලාදේශ ඒ කණ්ඩායම තරග බිමට පිවිසෙනවා. ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මෙවර පැවරී ඇත්තේ නවක ක්‍රීඩක දුමිත් වෙල්ලාලගේටයි. තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් ඇතුළත්ව සිටිනවා. ඒ අතරට චාමික කරුණාරත්න, අවිශ්ක ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ සහ අශේන් බණ්ඩාර අයත්. තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙන අතර ඇෆ්ගනිස්තා සහ ඕමාන ඒ කණ්ඩායම් එහිදී තරග බිමට පිවිසෙනවා. මෙම තරගාවලියට කණ්ඩායම් 08 ක් එක්වනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, එක්සත්…
IMF වර්තමාන වැඩසටහන යටතේ ඩිජිටල් සේවා බද්දක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමග සාකච්ඡා නොකළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එසේම පුද්ගලික අංශය වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් බදු ක්‍රමවේදයක් සඳහා OECD (ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය) සහ G20 වෙත කාලරාමු එකඟතාවයක් සඳහා නිර්දේශ ඉදිරිපත් නොකළ බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
ධවල මන්දිරය අසල තිබූ වාහන පරීක්ෂා කරන මුර කපොල්ලක නවත්වන ලෙස අණ කළ මෝටර් රථයක් පදික මාරුවක ගමන් කරමින් සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු හප්පා ඇති බව වාර්තා වෙයි. එක්සත් ජනපද බුද්ධි අංශ නිලධාරීන් විසින් එම මුර කපොල්ල පිහිටුවා තිබේ. කල් ඉකුත්වූ ලියාපදිංචි අංකයක් සහිත අදාළ මෝටර් රථය එහි නවත්වන ලෙස අණ කළ විට එය නවත්වා ඇති අතර, නිලධාරීන් එයට ළඟා වනවිට රියදුරා නැවතත් වාහනය පණ ගන්වා පදික මාරුවේ සිටි පුද්ගලයන්ව අනතුරට ලක්කරමින් ධාවනය කර තිබිණි. අනතුරෙන් පසු රියදුරා පළාගොස් ඇති අතර, ඔහුව සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ. මෙම ක්‍රියාව හේතුවෙන් එක අයෙක් මියගොස් ඇති අතර, ගැහැණු දරුවෙක් ඇතුළු කිහිප දෙනෙකු…
ධාවන කටයුතු නතර කර තිබු අනුරාධපුරය – ඕමන්තය අතර දුම්රිය මාර්ගය ලබන 15 වන දින සිට යළි ධාවන කටයුතු සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අලුත්වැඩියා කටයුතු හේතුවෙන් අනුරාධපුරය සහ ඕමන්තය අතර දුම්රිය මාර්ගය පසුගිය ජනවාරි මාසයේ දී වසා තැබීමට පියවර ගැනුණි. ඉන්දීය ණය ආධාර යටතේ එහි නඩත්තු කටයුතු සිදුකළ අතර මේ වනවිට එම අලුත්වැඩියා කටයුතු අවසන් කර තිබේ. ඒ අනුව අද දිනයේ එම මාර්ගයේ තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක් සිදුකිරීමට නියමිත අතර ඊට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද එක්වීමට නියමිතය. මෙම දුම්රිය මාර්ගය යථාතත්ත්වයට පත් කිරීමත් සමග කොටුව – කන්කසන්තුරය දක්වා සාමාන්‍ය දුම්රිය ගමන් වාර කිහිපයක්…
ආනයනික කිරිපිටි සඳහා රේගූ ආනයනික බද්ද සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 100ක බද්දක් අය කිරීමට නියමිත බව වාර්තා වෙයි. ඊයේ (12) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බදු සංශෝධනය සිදුකර තිබේ. ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක් සඳහා සියයට 20ක හෝ රුපියල් 225ක රේගු ආනයනික බද්දක් පනවා තිබු අතර පසුගිය කාලයේ එය ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි. කෙසේවෙතත් මුදල් අමාත්‍යාංශය විසින් ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 100ක බද්දක් පනවා ඇති බව වාර්තා වෙයි. නැවත දැනුම්දෙන තුරු මෙම බදු සංශෝධනය ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය පවසයි. කෙසේවෙතත් බදු ඉහළ…
තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. සිට නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. වැඩිදුරටත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරි සතියේදී මෙලෙස භාන්ඩ වර්ග 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගැනීමට නියමිත බවය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සැප්තැම්බර් මාසයේදී සිදුකරන බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු සඳහන් කළේ, මෙම සමාලෝචනය සිදුවන තෙක් දැනට සිදුකර ඇති ප්‍රතිසංස්කරණ කිසිවක් වෙනස් කළ නොහැකි බවය. “අපි සැප්තැම්බර් මාසය වෙද්දි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළවෙනි සාමාලෝචනයට මුහුණදෙන්න තියෙනවා. එතැනදි අපි දේශීය ණය ප්‍රසස්තකරණ වැඩසටහන අවසන් කිරීමත් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමත් අපි විදේශීය ණයහිමියන් සමග ඇතිකර ගත් එකඟතා කොතෙක් දුරට සම්පූර්ණ කරලා තියෙනවා ද කියන කාරණාවත් වැදගත් වෙනවා. ඒ නිසා පළමු සමීක්ෂණය සිදුවන තෙක් දැනට සිදුවෙලා තියෙන ප්‍රතිසංස්කරණ කිසිවක් අපිට ආපස්සට හරවන්න බෑ. ඉදිරියේ දී වුණත් අපිට අලුතින් වෙනස්කම් කරන්න පුළුවන් ද කියන එක හිතන්න පුළුවන් වෙන්නේ…
ස්වීඩනයේ කුරාණයක් ගිනිතැබීමේ සිදුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙළා දැක තිබේ. එම සිදුවීම ආගම් ඇඳහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. ගෝලීය දකුණේ හර පද්ධතියට ගරු කරන ලෙසත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැලඹීම් ඇතිවීමට ඉඩ නොදෙන ලෙසත් ජනාධිපතිවරයා බටහිර ජාතීන්ගෙන් ඉල්ලීමක් කරයි.
