Author: LANKA24X7

වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයේ කුඹුරක් ආසන්නයේ පිහිටි පතහක තිබී පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ. අදාළ පුද්ගලයින් වයස අවුරුදු 35ත් 40ත් අතර වයස්වල පසුවන්නන් බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත. ප්‍රදේශවාසීන් පවසන්නේ අදාළ පුද්ගලයින් දෙදෙනා පෙරේදා සිට අතුරුදන්ව සිට ඇති බවය. වාරියපොළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ට්විටර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා සුදුසු අයෙකු තමා මේ වනවිට හඳුනාගෙන ඇති බව එහ හිමිකරු ඉලොන් මස්ක් පවසයි. ඔහු ප්‍රකාශ කර ඇත්තේ කාන්තාවක් වන ඇය ඉදිරි කාලය තුළ එම ධුරයේ වැඩ භාරගැනීමට නියමිත බවය. කෙසේවෙතත් එම නව පත් කිරීමට සම්බන්ධ නිළධාරීවරියගේ අන්‍යතාව සම්බන්ධයෙන් තොරතුරු ඉලොන් මස්ක් හෙළිකර නොමැති අතර මේ සම්බන්ධයෙන් ට්ව්ටර් සමාගම තුළ ද දැඩි කතාබහක් මතුව තිබේ. විදෙස් විචාරකයින් පෙන්වාදී ඇත්තේ ට්විටර් ආයතනයේ හිමිකරු ඉලොන් මස්ක්ගේ මෙම ප්‍රකාශයත් සමග අකර්මණ්‍ය ස්වරූපයක් ගෙන තිබූ ඔහුගේ ව්‍යාපාර යළි ශක්තිමත් වනු ඇති බවය.

Read More

කළුතරදී 16 හැවිරිදි දැරියක් අභිරහස් ලෙස මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු එළැඹෙන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

Read More

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද සිට සති දෙකක කාලයක් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ක්‍රියාවට නැංවීමට නියමිතව තිබේ. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා ප්‍රකාශ කළේ මැයි මස 26 වනදා දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවය.

Read More

ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය මෙරට ඇති කරමින් දේශගුණ විපර්යාසවලට මුහුණදීම සඳහා ලෝකයට අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 10 වන පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය අමතමින් ‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේ දේශගුණික විපර්යාස අද ලෝකයටම අභියෝගයක් වුවද ඒ පිළිබඳ පර්යේෂණ සිදුකිරීමට මධ්‍යස්ථානයක් මේ දක්වා නොමැති බවය එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ අනාගතයේ දේශගුණික විපර්යාසවලට මුහුණදීමට නව පරිසර නීතියක් ගෙන ඒමටද පියවර ගන්නා බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “අද පළමුවෙන්ම මෙම පදක්කම් ලැබූ පරිසර නියමුවන්…

Read More

පුනර්ජනනීය බලශක්තිය සහ පරිසරය පිළිබඳ වට මේස සාකච්ඡාවක් ශ්‍රී ලංකාවෙි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මියගේ මූලිකත්වයෙන් කොළඹදී පැවැත්විණි. දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන ,බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා යන ගමනේදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ට යොමු වීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බව ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

Read More

අමාත්‍යවරයා සමඟ අඟහරුවාදා පැවැත්වෙන සාකච්ඡාවේ දී නිසි විසඳුමක් නොලැබුණහොත් සතියක වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. අද (11) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියේ එළැඹෙන අඟහරුවාදා දින අමාත්‍යවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවේ දී යහපත් පිළිතුරක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවය. “සංකේත වැඩවර්ජනය ඉතා සාර්ථකව ඊයේ රාත්‍රී 12ට අවසන් කරා. දැන්වත් අමාත්‍යාංශ ලේකම්වරයා මැදිහත් වෙලා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ට උපදෙස් දීලා කටයුතු කරයි කියන විශ්වාසය තියෙනවා. අමාත්‍යවරයා අපිට නිල සාකච්ඡාවක් ලබාදීලා තියෙනවා අඟහරුවාදා දිනයේ දී. විසඳුම් නොලැබුණොත් ඕනෑම මොහොතක දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න නැවත අපි සුදානම්.” ප්‍රශ්නය – ඔබතුමන්ලට සාධනීය පිළිතුරක් නොලැබුණොත් ඉදිරි…

Read More

ඩොලරයේ ගැනුම් මිල අදත් (11) වෙනස් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ දත්ත අනුව දැක්වෙයි. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 308.67 ලෙසත් විකුණුම් මිල රුපියල් 322.70ක් ලෙසත් දැක්වුණි. ඊයේ එම අගයන් දැක්වුණේ පිළිවෙළින් රුපියල් 310.90ක් සහ රුපියල් 324.80ක් ලෙසිනි.

Read More

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර 11 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට මතීෂ පතිරණ සමත්ව තිබේ. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග 8කට සහභාගී වී ඇති මතීෂ ලැබු කඩුලු සංඛ්‍යාව 13කි. ඊයේ (10) දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී කඩුලු 3ක් බිඳහෙළමින් චෙන්නායි කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට මතීෂ පතිරණ විශාල දායකත්වයක් ලබාදුන්නේය. මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර තරගය අද (11) පැවැත්විමට නියමිතව තිබේ.

Read More

මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 04 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. එම පෙත්සම අද එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ අවස්ථාව වන විට පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තම සේවාදායකයින් විසින් දිනයක් නියම කර නොමැති බව සඳහන් කළේය. භාණ්ඩාගාරය විසින් ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මුදල්…

Read More