Author: LANKA24X7

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

Read More

ඇලපාත බලිබත්ගොඩ ප්‍රදේශයේදී බෑවුමකින් පහලට වැටි පුද්ගලයෙක් මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා. ඇලපාත පොලිස් ස්ථානයට මේ පිළිබද ඊයේ රාත්‍රියේ ලද තොරතුරක් මත විමර්ශන ආරමිභ කර තිබෙනවා. මියගිය තැනැත්තාගේ වයස අවුරුදු 63ක අයෙක් ඔහු කරංගොඩ රත්නපුර ප්‍රදේශයේ පදිංච්කරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ඇලපාත පොලිසිය වැඩ්දුර විමර්ශන සිදුකරනවා

Read More

ශ්‍රී ලංකාව 2023 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ වැඩිම පදක්කම් සංඛ්‍යාවක් සමඟින් 4 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. එය ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකාව මෙතෙක් දක්වා ඇති හොඳම දක්ෂතාවය ලෙස ඉතිහාස ගත වනවා. මීට පෙර 2007 වසරේ ශ්‍රී ලංකාව රන් 3 රිදී 2 සහ ලෝකඩ පදක්කම් 2ක් ලබා තිබෙනවා. මේ අතර ආසියානු මළල ක්‍රීඩා උළලේ අද දිනයේ පැවති තරඟවලදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2ක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමි වුණා. මීටර් 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් දිනා ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වුණා. එහි දක්ෂතාව විනාඩි 2 දශම 6යි 6ක්. එමෙන්ම මෙම දක්ෂතාවය ආසියානු මළල ක්‍රීඩා…

Read More

මින් ඉදිරියට තම පාක්ෂිකයින්ට හිරිහැර කලොත් අනිවාර්යයෙන්ම පොලියත් සමග වන්දි ගෙවීමට සිදුවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ජනතාවට සේවය කිරීමේදී ඕනෑම අභියෝගයක් බාර ගැනීමට තමන් සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ තමන් අභියෝග හමුවේ පළා නොයන බවත් අමාත්‍යවරයා සදහන් ‍‍කළේය. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ ඊයේ (16) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩලයට සහභාගී වෙමිනි. තමා තරම් රනිල් වික්‍රමසිංහ මහතාට බැනපු කෙනෙක් නැති තරම් යැයි කී අමාත්‍යවරයා පක්ෂය දෙකට දමා රට එකට දමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රට ගොඩ නගන්න සහය දීමට පොහොට්ටුව ඉදිරිපත් වූ බවද කීය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර තවත් සාකච්ඡාවක් එළැඹෙන සතියේ පැවැත්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම් මහතා සඳහන් කළේ, ලබන අඟහරුවාදා පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි. උතුරේ ද්‍රවිඩ ජනතාවගේ ගැටලු ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර මීට පෙර අවස්ථා කිහිපයක දී සාකච්ඡා පැවැත්විණි. එම සාකච්ඡාවල දී ජුලි මස 31 වන දිනට පෙර අදාළ ගැටලු සම්බන්ධයෙන් අවසන් විසඳුමක් ලබාදෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව රාසමානික්කම් මන්ත්‍රීවරයා සඳහන් කරයි. ඒ අනුව එළැඹෙන සාකච්ඡා වටයේ දී සිය ගැටලුවලට ජනාධිපතිවරයා විසින් ලබාදෙන විසඳුම් පිළිබඳ දෙමළ ජාතික සන්ධානය අවධානයෙන් පසුවන බව…

Read More

ලබන මහ කන්නයේ දී වී වගා කරන ගොවීන්ට තවත් එක් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ‌ දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ අතර ඊට ජනාධිපතිවරයාගේ යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. ගොවීන්ගේ නිෂ්පාදන වියදම් අවම කිරීම ඉලක්ක කර ගනිමින් රජය මෙම සහන සලසන බවද පසුගිය මහ කන්නයේ දී සහ මෙවර යල කන්නයේ දී ද පොහොර මිල දී ගැනීම සඳහා අවශ්‍ය මුදල් රජය ගොවීන්ට සහනාධාරයක් වශයෙන් දුන් බව අමාත්‍යාංශය පවසයි.

Read More

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලැබිය යුත්තන් හට එම ආධාරය නොලැබෙන්නේ නම් තමන් ආණ්ඩුවේ කොටස්කරුවෙකු ලෙස සිටීමෙන් ඵලක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කලේ මේ සම්බන්ධයෙන් ලබන සදුදා ආණ්ඩුවේ බලධාරින් සමග යළි සාකච්ඡා කරන බවයි. අස්වැසුම සුබසාක ප්‍රතිලාභ වැඩසටහන සදහා අභියාචනා හා විරෝධතා පසුගිය 10 වනදින අවසන් වූ අතර, ඒ සදහා අභියාචනා නව ලක්ෂ 68,000 ක් සහ විරෝධතා 17,500 ක් ලැබී තිබුණා.

Read More

ජපන් රටේ රැකියා ලබාදෙන බව කියමින් පුද්ගලයන් රැසක් රවටා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළැයි කියන අගලවත්ත පොලීසියේ කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය පවසනවා. අගලවත්ත පොලිස් ස්ථානයට පැමිණ සැකකරු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළා. අත්අඩංගුවට ගත් මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා පොලිස් සැරයන්වරයකුගේ බිරිඳක් ද ජපානයේ රැකියාවකට යවන බව පවසා මුදල් ලබාගෙන වංචාකර තිබෙනවා.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස‍යි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Read More

රට බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා ආණ්ඩුව විසින් පත්කළ කමිටුව වෙනුවට විපක්ෂය විසින් විකල්ප කමිටුවක් පත්කිරීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂනායකවරයා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, රට බංකොලොත්භාවයට පත්කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගියදා ආණ්ඩුව විසින් පත්කළ කමිටුව පටු දේශපාලන අභිප්‍රාය මුදුන් පමුණුවා ගැනීම සඳහා යොදා ගැනීමට ගත් කූට උපායමාර්ගයක් බවය. ආණ්ඩුව විසින් යෝජනා කොට ඇති තේරීම් කාරක සභාවේ සංයුතියත් එහි සභාපති ධුරයට රට බංකොලොත්භාවට පත්වන විට බලයේ සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා පත්කිරීමත් පිළිබඳත් විමසා බලන විට, ආණ්ඩුවේ නිරුවත පැහැදිලි වන බව විපක්ෂනායකවරයා අවධාරණය කර ඇත. එම නිසා එවන් තේරීම් කාරක සභාවක කටයුතු කිරීම…

Read More