Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මධ්‍යම – නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “මෝඛා” සුළි කුණාටුව පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අද (14) උදෑසන 11.30ට නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය 24 පුරා වලංගු වේ. ඒ අනුව එම සුළි කුණාටුව අද උදෑසන 5.30 වනවිට 18.7N සහ 91.5E ආසන්නයේ කේන්ද්‍ර ගතව පැවතුණි. එම පද්ධතිය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් අද දහවල් පමණ ගිනිකොණදිග බංග්ලාදේශය හ උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇත. ඉදිරි පැය 24 තුළ එම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු අක්ෂාංශ 10ත් – 23ත් අතර සහ නැගෙනහිර දේශාංශ 86 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 180…
නර්තන කණ්ඩායමක් ගමන්කරමින් සිටි වෑන් රථයක් බදුල්ල, හාලිඇළ ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 11දෙනෙකු තුවාල ලබා තිබේ. අද (14) අලුයම එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. අදාළ වෑන් රථය නර්තන කණ්ඩායමේ හිමිකරු විසින්ම පදවා ඇති අතර ඔහුට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය. වෑන් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ගසක ගැටීමෙන් එම අනතුර සිදුව ඇත. තුවාල ලැබූවන් අතර අවුරුදු 18ත් 20අතර වයස් කාණ්ඩවල පසුවන ගැහැණු ළමුන් 08දෙනෙකු සහ පිරිමි ළමුන් දෙදෙනෙකු සහ වෑන් රථයේ රියදුරුද සිටී. තුවාලකරුවන් බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලීසිය සඳහන් කළේය.
රාජකීය ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් KA350 King Air ගුවන් යානයක් ශ්‍රී ලංකා රජයට ප්‍රදානය කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ස්වෛරී ගුවන් නාවික නිරීක්ෂණ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජය විසින් එම ප්‍රදානය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
රජයේ ආයතන අතුරින් වැඩිම පාඩුව ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම( srilankan airline ) සංවර්ධනය සඳහා ආයෝජකයකුට ලබාදීම (ප්‍රතිව්‍යුහගතකරණය) තවදුරටත් පමාවන ලකුණු පහළව ඇතැයි වාර්තා වේ. ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා උපදෙස් ලබාදීමට ලසාඩ් ජාත්‍යන්තර උපදේශක ආයතනයට පවරා ඇතත් ඔවුන්ගේ උපදේශන වාර්තාව තවමත් ලැබී නැතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. මේ සම්බන්ධයෙන් අප වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ලසාඩ් වාර්තාව තවමත් ලැබී නැති බවයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකන් කේටරින් සහ භූමි මෙහෙයුම් ආයෝජකයකුට එකට දෙනවාද වෙන වෙනම ලබා දෙනවාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි තීරණයකට පැමිණ නැති බවත් ඒ…
නෙළුව දෙල්ලව මියනවතුර ප්‍රදේශයේ එකම නිවසක නතරව සිටි පවුල් කිහිපයක පිරිමි ළමයන් හතර දෙනකු ඊයේ රාත්‍රි සිට අතුරුදහන්වි ඇති බවට පැමිණිල්ලක් ලැබි ඇතැයි නෙළුව පොලිසිය පවසයි. මෙසේ අතුරුදහන්වි ඇත්තේ අවුරුදු 01 මාස 03 අවුරුදු 10 සහ අවුරුදු 13 යන වයස්වල පසුවන පිරිමි ළමයින් සිව් දෙනෙකි. මෙම ළමයන්ගේ මව්පියන් නෙළුව ප්‍රදේශයේ වතුවල තාවකාලිකව වැඩ කිරිම සඳහා මියනවතුර ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන නතරව සිට ඇති අතර එසේ සිටියදී ඊයේ රාත්‍රි සිට දරුවන් අතුරුදහන් බවට ඔවුන්ගේ මව්පියන් 119ට දන්වා ඇත. අතුරුදහන්වු ළමයන් පිළිබඳ මෙතෙක් කිසිම තොරුතුරක් නොමැති අතර ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි නෙළුව පොලිසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායම්…
එළඹෙන ඇෆ්ගනිස්ථාන සහ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරඟ වටය සඳහා සහභාගීවන 30 දෙදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මුලික සංචිතය මේවන විට නම් කර තිබෙන බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග මඟින් වාර්තා වනවා. ඇෆ්ගනිස්ථානය සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන මස 2,4, සහ 7 වැනිදා හම්බන්තොට දී පැවැත්වීමට නියමිත අතර එක්දින ලෝක කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටය සිම්බාබ්වේ දේශයේ දී ආරම්භවීමට නියමිතව ඇත්තේ ලබන මස 18 වැනිදායි. ඒ අනුව ශ්‍රී ලංකා මුලික සංචිතයෙන් ක්‍රීඩකයින් 15ක් හෝ 17 දෙනෙකු අවසන් සංචිතයට නම් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් විසින් සැලසුම් කර ඇත්තේ. මේ අතර ආබාධයන් හේතුවෙන් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව…
ආංශික අධීක්ෂණ කාරක සභා හරහා මෙරට ඉදිරි සංවර්ධනය සදහා සම්බන්ධ වීමට තරුණ ප්‍රජාවට ඵලදායි අවස්ථාවක් ලැබී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (13) පෙරවරුවේ පැවති වැඩමුළුවකදීයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. ආංශික අධීක්ෂණ කාරක සභාවල තරුණ නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා එම වැඩමුළුව සංවිධාන කර තිබුණා. එම අවස්ථාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන ද එක්ව සිටියා.
සිමෙන්ති මිල ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල අඩු කර තිබෙනවා. එහිදී කිලෝග්‍රෑම් 50 බෑගයක මිල රු. 2,750 සිට 2,600 දක්වා මිල රුපියල් 150කින් අඩුවන බව අදාල සමාගම් පවසනවා.
30 වැනි වරට පවත්වන ලද වාර්ෂික ‘Grand Prix de la Baguette de Traditional Francaise de la Ville De Paris’ ලෙසින් නම් කර ඇති හොඳම බෑගට් නිශ්පාදනය කරන බේකරිකරුවා තේරීමේ තරඟයෙන් ප්‍රථම ස්ථානයට ශ්‍රී ලාංකිකයෙක් පත්ව තිඛෙනවා. බෑගට් යනු යනු ප්‍රංශ සම්භවයක් ඇති දිගු තුනී පාන් වර්ගයකි. තුනී පිටි ගුලියකින් නිශ්පාදනය කරන බෑගට් නැමැති සම්ප්‍රදායි ප්‍රංශ පාන් වර්ගයේ දිග සහ මතුපිට ඇති ක්‍රිස්පි ස්වරූපය මගින් එය වෙන්කර හඳුනාගත හැකිය. ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශයට සංක්‍රමණය වූ තර්සාන් සෙල්වරාජා (37) නැමැති ශ්‍රී ලාංකිකයෙක් මෙම තරඟයෙන් ප්‍රථම ස්ථානයට දිනාගත් බවයි සඳහන් වන්නේ. මෙම තරඟයට අනුව පිටි කිලෝග්‍රෑමයකට ලුණු ග්‍රෑම් 18ක් අඩංගු ග්‍රෑම් 250ත් 300ත්…
සංචාරක සංවර්ධන අධිකාරිය ජනතාවට දැනුම් දෙන්නේ වනගත ප්‍රදේශවල කඳවුරු භූමි පිහිටුවීමේ දී ඒ සඳහා අනුමැතිය ලබා දී ඇති ස්ථාන වලට පමණක් යොමු වන ලෙසයි. එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කරන්නේ සුරක්ෂිත සංචාරක ගමනාන්තයක් සඳහා පිළිගත් සංචාරක මග පෙන්වන්නන්ගේ සහාය ද ලබාගත යුතු බවයි. කොස්ලන්ද උඩ දියලුම ප්‍රදේශය නැරඹීමට ගොස් කුඩාරමක රාත්‍රිය ගත කළ තරුණ යුවලකට එල්ල වූ වනඅලි ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් සඳහා කඳවුරු බිම් පවත්වාගෙන යාම ඇතුළු සංචාරකයින්ට පහසුකම් සපයන සියලු ස්ථාන ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය බවයි. එසේ ලියාපදිංචි වීමෙන් ඒවා නියාමනයට අධිකාරියට මැදිහත්විය හැකි…