Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අතර අවුරුදු 28 සහ 42 වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු ද වන බව පොලීසිය සඳහන් කළේය. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඝාතනයට ලක් වු පුද්ගලයා පෙර දින එක් සැකකාරියකගේ 09 හැවිරිදි දියණියට ලිංගික අතවර සිදුකර ඇති බවය. ඒ හේතුවෙන් එම කාන්තාවන් දෙදෙනා අදාළ පුද්ගලයාට පොලුවලින් පහර දී ඇත. පසුව එක් සැකකාරියකගේ සහෝදරයා ද තවත් අයෙකු සමඟ පැමිණ අදාළ පුද්ගලයාට පහර දී යතුරු පැදියකින් රැගෙන ගොස් දෙපා ගැටගසා ළිඳක ගිල්වා ඇති බව පොලීසිය පවසයි. අනතුරුව අදාළ තැනැත්තා ත්‍රීරෝද රථයකින් ඔහුගේ…
ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ, කල්වා නම් ප්‍රදේශයේ පිහිටා ඇති රෝහලක ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් 18 දෙනෙක් පසුගිය පැය 24 තුළ ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය. චත්‍රාපති ශිවාජි මහරාජ් රෝහලේ බලධාරීන් ඊයේ (13) ඒ බව තහවුරු කර තිබුණි. මියගොස් ඇති පිරිස අතර කාන්තාවන් 10ක්ද වෙයි. එසේම මියගොස් ඇති 18 දෙනාගෙන් 12 දෙනෙක් වයස අවුරුදු 50ට වැඩි අය බව හඳුනාගෙන තිබේ. එම මරණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත්කර ඇති අතර එම මරණ වලට හේතුවූ සායනික කරුණු සම්බන්ධයෙන් ඔවුන් පළමුව සොයාබැලීමට නියමිතය. සිදුවී ඇති සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් සලිත වී ඇති අතර සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා පවසා…
13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් වහා ජනාධිපතිවරණයක් කැඳවා ජනවරමක් ලබාගත යුතු බව පැපිලියාන සුනේත්‍රා දේවී පරිවෙණාධිපති මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි. උන්වහන්සේ පෙන්වාදෙන්නේ පවතින ජනවරම තුළ එවැනි ව්‍යවස්ථා සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවය. කොළඹ පැවැති ආගමික උත්සවයකට එක්වෙමින් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි මෙම අදහස් පළ කළේය. “ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කරලා, 13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කිරීම සඳහා මට බලය දෙන්න කියලා ජනතාවගෙන් බලය ඉල්ලන්න. එතකොට ජනතාව ඔහුට බලය දෙන්න සුදානම් නම් ඔන්න ඔහුට අයිතිය තියෙනවා එය ක්‍රියාත්මක කරන්න එතෙක් කිසිදු අයිතියක් මේ ජනවරම තුළ නෑ කියන එක අපි මතක් කරන්න ඕනේ. මේකේ…
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම ප්‍රදේශ රැසක නීතිය සහ සාමය පවත්වාගෙන යාමට බාධා එල්ල කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පවසයි. ඔහු පැවසුවේ එවැනි තත්ත්වයන් මැඩලීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති අතර දැනුවත් කිරීමේ වැඩසටහන් ද අඛණ්ඩව සිදුකරන බවය. ගම්පහ ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා මෙම අදහස් පළ කළේය. “ශ්‍රී ලංකා පොලීසිය සමාජයෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා දින පතාම ලැබෙන තොරතුරු ඔස්සේ වැටලීම් කරලා ඒ විකුණන බෙදාහරින පුද්ගලයින්ව අත්අඩංගුවට ගන්නවා. තවදුරටත් ශක්තිමත්ව ඉදිරියේ දී මහජන සහාය මත ඒ…
2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් පළමු අදියරේදී ක්‍රීඩකයින් දෙදෙනෙකු වෙත ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් තරග පාවාදීමට පෙළඹවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත දන්වා තිබේ. ඒ අනුව ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනුකිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත උපදෙස් කිහිපයක් ලබා දී ඇති බව වාර්තා වේ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ දරු ප්‍රසූතියක් අතරතුර හෙදියන්ගේ නොසැලකිල්ලෙන් බිමට වැටීම නිසා තම බිලිඳා මිය ගිය බවට මව්පිය යුවළක් චෝදනා කරති. ඔවුන් පවසන්නේ පසුගිය 10 වනදා වූ මෙම සිද්ධියෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තම බිලිඳා ඊයේ (13) උදෑසන මියගිය බවය. අනුරාධපුර රඔෑව කල්ලංචිය ප්‍රදේශයේ 35 හැවිරිදි ගැබිනි කාන්තාවක් දරු ප්‍රසූතිය සඳහා කල්ලංචිය රෝහලට පසුගිය අගොස්තු 10 වනදා ඇතුළත් කර තිබුණි. යම් අසීරු තත්ත්වයක පසුවීම නිසා එදිනම ඇයව අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත. අනතුරුව ප්‍රසූතිකාගාරයට යොමු කර තිබූ ඇය එහිදී පිරිමි දරුවකු බිහි කළාය. එහෙත් ප්‍රසූතිය අවස්ථාවේ හෙදියන් නොසැලකිලිමත්ව කටයුතු කිරීම හේතුවෙන් සිය දරුවා බිම වැටුණු බවට ඇය…
චීන පර්යේෂණ නෞකාවක් ලබන ඔක්තෝබර් මාසයේ දී කොළඹ හා හම්බන්තොට වරායන්හි නැංගුරම් ලා තැබීමට ඇති සූදානම සම්බන්ධයෙන් ඉන්දියාව කනස්සල්ල පළ කර තිබේ. ‘ෂී යෑන් සික්ස්‘ නම් චීන පර්යේෂණ නෞකාව ලබන ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එම නෞකාව නොවැම්බර් මාසය දක්වා කොළඹ හා හම්බන්තොට වරායන්හි නැංගුරම් ලා තැබීමට නියමිත බව හින්දුස්තාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත. කෙසේවෙතත් එම නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මෙතෙක් ශ්‍රී ලංකා බලධාරීන් විසින් අනුමැතියක් ලබා දී නොමැති බව ද එම වෙබ් අඩවිය වාර්තා කර තිබේ. ටොන් 3,999ක බරකින් යුතු ‘ෂී යෑන් සික්ස්‘ නෞකාව චීනයේ ගුවැන්ෂු ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කර ඇති අතර එය මේ…
යෝජිත ඩිජිටල් හැඳුනුම්පත හරහා ඉදිරියේ දී සෑම පුරවැසියෙකුටම නියමිත අංකයක් හඳුන්වාදෙන බව ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේය. ඔහු පෙන්වාදෙන්නේ සෑම පුරවැසියෙකුම අදාළ අංකය මගින් හඳුනාගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බවය. ” ඉන්දියාවේ අද පාරේ අයිනේ ගිහිල්ලා කඩෙකින් තේ කොප්පයක් ගත්තත් ඉන්දියන් රුපියල් 5ක් ද 10ක් ද එක ගෙවන්නේ ආදාර් කියලා QR සංකේතය හරහා. ඒ ක්‍රමය තව ටිකක් කල් යනකොට ලංකාවටත් එනවා. අපිට අවුරුද්දක් විතර යනවා ඒ මූලික පදනම ඇති කර ගන්න. හැම කෙනෙකුටම හැඳුනුම්පත් අංකයක් ලැබෙනවා. ඒ ජාතික හැඳුනුම්පත් අංකය නෙමේ. ඒ අංකය හරහා…
විශේෂඥ පුහුණුව ලැබීම සඳහා විදෙස්ගතව සිට යළි මෙරටට පැමිණි වෛද්‍යවරුන් 120 දෙනකුට ආසන්න සංඛ්‍යාවක් ගෙවුණු වසර එක හමාර තුළදී මෙරට සේවා ගිවිසුම් කඩකරමින් නීතිවිරෝධීව යළි විදෙස්ගතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණ කරයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා සඳහන් කළේ, ඒ අනුව අදාළ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ පියවර කිහිපයක් ගන්නා බවය. විශේෂඥ වෛද්‍යවරයෙකුවීම සඳහා වෛද්‍යවරයෙකුට වැටුප් සහිත අධ්‍යයන නිවාඩු හිමිවන අතර විදේශීයව විශේෂඥ පුහුණුව ලබා ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔවුන් අවම වශයෙන් වසර 8ක කාලයක් මෙරට තුළ සේවය කළ යුතු වේ. මෙම විශේෂඥ වෛද්‍යවරයෙකු පුහුණුකිරීමට රජයට රුපියල් මිලියන 12 ත් 15 ත් අතර මුදලක් වැය වේ. කෙසේ වෙතත් පසු ගිය වසර…
ගම්පහ මහ රෝහලේදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු ඇතිවූ ආසාත්මිකතාවයකින් මිය ගිය ගම්පහ බෙංමුල්ල දොරනාගොඩ පදිංචි 67 හැවිරිදි ලියනගේ රූපසිංහ මහතාගේ දේහය මේ වන විට එම නිවසේ තැන්පත් කර තිබේ. මියගිය පුද්ගලයාගේ ඥාතියෙක්, “කිසිම ලෙඩක් තිබුණේ නෑ. කකුලේ තිබුණ දදයකට තමා ඉස්පිරිතාලේ ගියේ. ඉන්ජෙක්ෂන් එක ගහලා විනාඩි 5ක් වත් ගිහිල්ලා නෑ. සෙම දාගෙන වැටිලා තියෙන්නේ. මේක තනිකර නිහඬ මිනී මැරීමක්. ” මියගිය පුද්ගලයාගේ බිරිඳ, “ඒ ඉස්පිරිතාලෙන් ගහපු ඉන්ජෙක්ෂන් එකට තමා නැති වුණේ. ඒ සැකේ තියෙනවා මොනවා නැතත් මට.”
