Author: LANKA24X7

දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් දින කිහිපයක් තිස්සේ අතුරුදන්ව සිටි පුද්ගලයකුගේ අස්ථි කොටස් නොර්වුඩ් පොලිස් වසමට අයත් පොයිස්ටන් වතුයායට අයත් නිව්ටන් කොටසේ ගසක් යට තිබියදී හමු වී තිබෙනවා.

Read More

ඉදිරියේදී දැඩි තිරිඟුපිටි හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා පවසනවා. ඔහු පැවසුවේ, රුසියාව සහ යුක්රේනය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ කළු මුහුද හරහා භාණ්ඩ නෞකා ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නතර කිරීම මෙයට හේතුව බවයි.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකෙරෙමින් පවතින කොටසක කපා දැමූ කෲඩියා සෙලනිකා හෙවත් පඬු කරඳ ගස වළ දමා ඇති ස්ථානයට වහාම පොලිස් ආරක්ෂාව සපයන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඊයේ පොලිසියට නියෝග කර තිබෙනවා. එමෙන්ම, ඇය ගම්පහ දිසා වන නිලධාරීවරයාට නියෝග කර සිටියේ ගස වළ දමා තිබෙන ස්ථානය ස්ථිරවම හදුනාගෙන එය ගොඩගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කොට සිටිසවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ තද සුළං ඇති වීමට හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසා සිටින්නේ.

Read More

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය සංචාරය නිමවා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනාවකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට යනු ලැබුවේ පසුගිය බ්‍රහස්පතින්දායි. එහි ගතකළ කාලය තුළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු ද හමුවුණා. ශ්‍රී ලංකාවට මූල්‍ය අර්බුදයෙන් ගොඩඒම සඳහා අඛන්ඩව සහය ලබාදෙන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ. නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර්, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික…

Read More

ලංකාවේ තරුණ තරුණියන් ජපානයේ තාක්ෂණික පුහුණුලාභින් ලෙස බඳවා ගැනීමට ඇති හැකියාව සමිබන්ධයෙන් සොයා බලන ලෙස අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ජපානයේ IRO ආයතනයේ අධ්‍යක්ෂක සුගා කට්සුකායිගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ, IRO ආයතනයේ අධ්‍යක්ෂක සුගා කට්සුකායි ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් ඊයේ(21) විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණි අවස්ථාවේදී. IRO ආයතනය යනු ජපානයේ තාක්ෂණික පුහුණුලාභීන් බඳවාගන්නා ආයතනයක්. මෙරට තාක්ෂණික හැකියාව හා වැඩිහිටි සත්කාර සේවා ජපන් ජාතිකයින් ඉතා ඉහළින් අගය කරන බවයි ඔවුන් පවසා සිටියේ. 2021 වසරේ දී මෙරට තරුණ තරුණියන් තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස ජපානයේ රැකියාවට යොමුකිරීම සඳහා එම ආයතනය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර අවබෝධතා…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර දිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී ඉන්අදීය ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවි ඇති බව ජනාධපති මාධ්‍ය අංශය සඳහන් කරනවා. මෙහිදී නායකයින් දෙදෙනා අතර ද්වීපාර්ශවීය සාකච්ඡා සිදුවන බවද වැඩිදුරටත් සඳහන් ශ්‍රී ලංකාවේ සැමට ආර්ථික පුනර්ජීවනය තිරසාර සංවර්ධනය සහ යුක්තිය සාක්ෂාත් කර ගැනීම සදහා වු කැපවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී යළිත් තහවරු කළේය. ඒ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග දූත මණ්ඩල මට්ටමේ සාකච්ඡා වලින් අනතුරුව ඉන්දීය මාධ්‍ය වලට ප්‍රකාශයක් කරමින්ය. ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ ප්‍රතිසංධානය හා බලය බෙදාහැරීම සදහා සියළු පක්ෂ නායකයින්ට ඒ සඳහා ඇරයුම් කරන බවයි. ජනපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ස්ථාවර ලෙස ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින්…

Read More

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජිව යන අයගේ සමිපතමයෙකු හෙරොයින්, කොකේන් ජිව උන්ඩ, ඩෙටනේටරය රහිත අත්බෝම්බ සහ යුධ හමුදා නිල ඇදුම් කොටස් සමග විශේෂ කර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දරගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීරගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදරගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එච්.පි.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (20) වන දින මහබාගේ පොලිස් වසමේ අංක 05ඒ/17,…

Read More

රුසියානු නායක ව්ලැඩ්මීර් පුටින්, වැග්නර් නායක යෙව්ගනි ප්‍රිගොෂින්ගෙන් පළිගැනීමට බලා සිටින බව සීඅයිඒ අධ්‍යක්ෂ විලියම් බර්න්ස් අවධාරණය කර ඇත. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යෙව්ගනි ප්‍රිගෝෂින් සමඟ ගනුදෙනු කරන්නේ කෙසේදැයි සොයා බලන අතරතුර ඒ සඳහා තවත් කාලය ගැනීමට උත්සාහ කරන බව සීඅයිඒ අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. යෙව්ගනි ප්‍රිගොෂින් මීට මසකට පෙර රුසියාවේ කැරැල්ලකට නායකත්වය දුන් වැග්නර් කුලී හේවා කණ්ඩායමේ ප්‍රධානියා වේ. එම කැරැල්ල, පුටින් විසින් ගොඩනගා තිබුණු බල පද්ධතියේ සැලකිය යුතු දුර්වලතා හෙළිදරව් කළ එකක් බවට සීඅයිඒ ප්‍රධානී විලියම් බර්න්ස් හඳුන්වා ඇත. ඔහු Aspen Security Forum වෙත පවසා ඇත්තේ, පුටින් විසින් ප්‍රිගොෂින්ට එරෙහිව පළිගැනීමක් අපේක්ෂා කළ හැකි බවයි. දැනට අප අත්විඳිමින් සිටින්නේ,…

Read More

පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරෙන් පළායාමට උත්සහ කළ රැඳවියෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ. බන්ධනාගාරයේ වගා අංශයේ කටයුතු සඳහා යොදවා සිටි අදාළ පුද්ගලයා ඉන් මිදී මහවැලි ගඟට පැන පළායාමට උත්සාහ කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. එහිදී ඔහු දියේ ගිලී අතුරුදන්ව ඇත. අතුරුදන් වු 36 හැවිරිදි පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය ළඟතබා ගැනීමේ චෝදනාව මත මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකින් වරදකරු වී මාස තුනකට බන්ධනාගාර ගතකර සිටි අයෙකු බව පොලීසිය සඳහන් කළේය. අතුරුදන් වු සිරකරුවා සොයා නාවික හමුදා කිමිදුම්කරුවන් මහවැලි ගඟේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය පැවසයි.

Read More