Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තමන්ව නැවත අත්අඩංගුවට ගැනීමට පොලිසිය ලාහෝරයේ පිහිටි ඔහුගේ නිවස වටලා ඇති බවයි. ඉස්ලාමාබාද් මහාධිකරණය විසින් ඛාන්ගේ ආරක්ෂක ඇප මැයි 31 දක්වා දීර්ඝ කළ බව ඔහුගේ නීතිඥවරයා ඊයේ (17) ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් ෆ්‍රාන්සුවා පැක්ටේට් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර විශේෂ හමුවක් අද (17) දින ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ පවතික ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡාවට ලක්ව ඇති අතර ත්‍රස්ත විරෝධී පනත සහ මැතිවරණ කල් දැමීම යන තත්ත්වයන් පිළිබඳව ද මෙම හමුවේ දී අවධානය යොමු කර තිබෙනවා. ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට වසර 75ක කාලයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ජාතික ජන බලවේගය අඛණ්ඩ ශ්‍රී ලංකා ප්‍රංශ සබඳතාවට සුබ පැතුම් පිරිනැමීම ද මෙහි දී සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු, ඔහුගේ බිරිඳ මේගන් සහ ඇගේ මව නිව් යෝර්ක් හි පැවති සම්මාන උළෙලකට සහභාගී වී තිබෙනවා. එහි දී පැපරාසි ඡායාරූප ශිල්පීන් මෝටර් රථයකින් ඉතා කරදර කාරී ලෙස ඔවුන් පස හඹාගොස් ඇති බව කුමරුගේ ප්‍රකාශකයෙකු ඊයේ (17) ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. හැරී සහ මේගන් 2020 දී ඔවුන්ගේ රාජකීය භූමිකාවෙන් ඉවත් වී එක්සත් ජනපදයට යන්නේ ඔවුන් හට සිදු වූ දැඩි මාධ්‍ය හිරිහැර හේතුවෙනි. හැරී සහ මේගන් යුවලගේ ප්‍රකාශකයා පැවසුවේ එම හඹා මාරාන්තික වන අතර පැපරාසීන් පදික වේදිකාවේ රිය පැදවීම, රතු විදුලි පහන් දැල්වීම සහ ඡායාරූප ගනිමින් රිය පැදවීම සිදු කළ බවයි. මෙහිදී හැරී, මේගන් සහ ඇගේ මව නිව් යෝර්ක් කුලී රථයක…
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස තමාට කළ බලපෑම්වලට අදාළ ඇමතුම් හෙළිදරව් කිරීමට සූදානම් බව ඊයේ (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය පී. හැරිසන් පවසනවා. ඔහු සඳහන් කරන්නේ ජනාධිපතිවරයාට සහාය පළකරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමඟ විපක්ෂනායකවරයා මෙසේ බලපෑම් කළ බවයි. ඔහු මේ පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසක් ” සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් සිහින ජනාධිපති වෙලා ඉවරයි. මම තවත් රන්ජන් රාමනායක කෙනෙක් වෙන්න කොහොමත් කැමති නෑ. එතුමා මාව යවන්න එපා කියලා මගේ නෝනට කරපු ආයාචනා මේ ෆෝන් එකේ තියෙනවා රෙකෝඩ් වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ අවසරය ලැබෙනවා නම් මේ ටික මම මාධ්‍යට දෙන්නම්. එතකොට බලන්න පුලුවන් එතුමට මාව ඉරට්ටක්ද පොල් ගහක් ද…
දිවයින පුරා ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම තවදුරටත් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය ප්‍රකාශ කළේ දින දෙකකට වඩා උණ පවතින්නේ නම් දරුවන් අනිවාර්යයෙන් ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බවයි. මේ අතර අදත් දිවයිනේ විවිධ ස්ථානවල ඩෙංගු මර්දන වැඩසටහන් දියත් කෙරුණා. පසුගිය සතිය තුළ පමණක් වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2000ක් වන අතර ඉන් 50%කට අධික සංඛාවක් වාර්තා වුණේ බස්නාහිර පළාතෙන්. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ බස්නාහිර පළාත තුළඩෙංගු රෝගීන්ගේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි. පසුගිය දිනවල පැවැති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ආරම්භ වූ ඩෙංගු රෝගය මේ වන…
විදුලි බල, ඛනිජ තෙල්, රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
වගා ආරක්‍ෂණය සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසා තිබෙනවා. වගා ආරක්‍ෂණ කටයුතු සඳහා ගිනි අවි භාවිතය වෙනුවෙන් පෙර පැවති නීති සංශෝධනය කර ඇති අතර එම බලපත්‍ර නිකුත් කිරීම සඳහා තිබිය යුතු වගා භූමි ප්‍රමාණය අක්කර පහක් (05) දක්වා සංශෝධනය කිරීමට තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ. වසරක් තුළ විවිධ වන සතුන් හේතුවෙන් විශාල වශයෙන් බෝග විනාශයට පත් වන බැවින් කාලීන අවශ්‍යතාවයක් ලෙස සලකා මෙම ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බවයි හෙතෙම සඳහන් කරන්නේ. වගා ආරක්‍ෂණ කටයුතු සඳහා ගිනි අවි භාවිතය වෙනුවෙන් පෙර පැවති නීති සංශෝධනය කර…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව අද (18) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා. බස්නාහිර සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවලත් යාපනය දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේ දී ද වැසි ස්වල්පයක් ඇති විය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
වත්තල පොලිස් වසමේ හේකිත්ත ප්‍රදේශයේ දී, කැළණි ගං ඉවුරේ පිරිමි පුද්ගලයෙකුගේ නරක් වූ මළ සිරුරක් පාවෙමින් තිබිය දී වත්තල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු උස අඩි 05 අඟල් 06ක් වූ පුද්ගලයෙක්. කළු ඉරි සහිත අත් කොට කමිසයක් ඇඳ සිට ඇත. හදිසි මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙනවා.
අතීතයේ වැරදි සිදු වුවද, සියලුදෙනා එක්ව නිසි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමෙන් එම වැරදි ආපසු හරවා ගැනීමට හැකියාව තිබෙන බව ජනාධිපතිවරයා පැවසීය. අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරු සමඟ අද (17) පැවති හමුවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පලකළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ බිඳවැටුණු ආර්ථිකය ගොඩගැනීමට රජය ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන් ඉලක්ක පමණක් නොව ඉන් ඔබ්බට ගිය ආර්ථික සමෘද්ධියක් කෙටි කාලයක් තුළ රටට උදාකරගත හැකි බවය. රටේ දියුණු ආර්ථිකයක් ඇති කිරීමට නම් ඇතැම් රාජ්‍ය සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපති…