Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දකුණේ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අද (25) යාපනයට ගොස් යාපනයේ සම්මන්ත්‍රණයක් පැවැත්විමට යාමේදි යාපනය ජනතාවගේ දැඩි විරෝධය මැද නැවත පැමිණිමට කටයුතු කර ඇත.එහිදි ජනතාවගේ අයිතින් යැයි පවසමින් ත්‍රස්ථවාදි පනත අහෝසි කරනු, දේශපාලන සිරකුරුවන් නිදහස් කරනු යන කරුණු සම්බන්ධයෙන් සම්මන්ත්‍රණයක් පැවැත්විමට මෙලෙස කටයුතු යොදා තිබුන අතර, එවැනි කරුණු යාපනයේ සාමාන්‍ය ජනතාවට ජිවිකාවට බාධාවක් නොවන බවත්, එම නිසා නැවත ජාතිවාදි ප්‍රශ්ණ හෝ දේශපාලන සටන් පාඨ රැගෙන යාපනයේ ජනතාවට සම්මන්ත්‍රණ තැබිමට ඉඩ නොදෙන බවට යාපනය ජනතාව පවසා ඇත. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සෙල්වරාසා මහතා.. අපිට කන්න අදින්න ටික ගන්න අපි හම්බ කරගන්නවා.. අපිට ඡන්දයක් ආවම අපි අපිට අවශ්‍ය කෙනො පත් කරගන්නම්.. පාසැල් ගොස්…
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට මාස 3ක සේවා දිගුවක් ලබාදී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. එම කාලසීමාවෙන් අනතුරුව පොලිස්පති ධූරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබාදීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සේවා කාලය අද (25) දිනයේදී අවසන්වීමට නියමිතව තිබුණි. එවන් පසුබිමක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න හා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඊයේ (24) සාකච්ඡාවක් පවත්වා තිබුණි. එහිදී ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇත්තේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත මාස තුනක සේවා දිගුවක් ලබාදීමටය.…
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරේහිව ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බව ඛනිජ තෙල් පොදු සේවක සංගමය පවසයි. එහි සභාපති අශෝක රංවල මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (25) පැවැත්වීමට නියමිත බවය. “පාඩු ලබන තෙල් සංස්ථාව, ජනතාව මත අසීමිත බරක් පටවලා අද වෙනකොට ලාභ ලබන මට්ටමට ගෙනැල්ලා තියෙනවා. දැන් මේ ඇමතිවරයාම උත්සහ කරනවා මේ ආයතනය පෞද්ගලික කරන මුවාවෙන් තමන්ගේ හිතවත් සමාගම් වලට මේක මංකොල්ලයක් විදියට දීලා දාන්න. ඒක නිසා ඛනිජ තෙල් සේවකයෝ විදියට අපේ වෘත්තීය සමිතිය තීරණය කළා සියලුදෙනාම එකාවන්න එකතු වෙලා අද දවසේ අපි මේ ගැන කතා කරලා තීරණය කර ගන්නේ කොහොමද මේ අත්තනෝමතික…
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (25) පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අද පෙරවරු 11.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ සහ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ලැබේ. ඊට අමතරව කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවල ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ වැඩිම රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවය. නිවාස ආශ්‍රිත පරිසර පද්ධතිවලින් 20 % ක පමණ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවතින බවට සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බවද නිජිත් සුමනසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ තුළ එළවළු මිල සීඝ්‍ර ලෙස පහත බැස තිබේ. මැනිං පොදු වෙළෙඳ සංගමයේ ලේකම් චමින්ද පිරීස් මහතා සඳහන් කළේ අලුත් අවුරුදු සමයේ තවදුරටත් එළවළු මිල පහත යා හැකි බවය.
රටේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය විනාශ කිරීමේ ක්‍රියාදාමයේ නායකත්වය දරන්නේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ඊයේ (24) පැවසීය. අර්බුධ රැසක් ඇති වන්නට පෙර මැතිවරණය පවත්වන්නැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය. රටේ ජනතාවගේ මූලික අයිතියක් වන සර්වජන ඡන්ද බලය සම්පූර්ණයෙන්ම කෙලෙසමින් පළාත් පාලන මැතිවරණය නොපවත්වන්න කුමන්ත්‍රණ ගණනාවක් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ක්‍රියාත්මක කර ඇති බවත් පාර්ලිමේන්තුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පැවසීය. ව්‍යවස්ථාදායක අර්බුධයක් බිහි කිරීම තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැඩි උත්සාහයක නිරත වන බවත් එම උත්සාහ දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත් විපක්ෂ නායකවරයා කීවේය.
එල්.එන්.ජී. යටිතල පහසුකම් සංවර්ධනය සහ සැපයුම ඇතුළු බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ඉන්දීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් කණ්ඩායමක් අතර ඊයේ (24) පැවැත්විණි. මෙහිදී බලශක්ති අංශයේ ආයෝජනයන් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවත් ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, තෙල් සහ ගෑස් ගවේෂණය සහ පුනර්ජනනීය බලශක්තිය යන අංශ පිළිබඳවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. ඉන්දීය නියෝජිත පිරිසට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් සහ ඛනිජ තෙල් හා ස්වභාවික වායු පිළිබඳ විශේෂ කාර්ය භාර නිලධාරී ඊෂා ශ්‍රීවාස්තවා ඇතුළු පිරිසක් ඇතුළු වූහ.
සරසවි පෙම්වතිය පෙමට පිටු පෑවැයි උරණව ඇයගේ නිරුවත් දර්ශන ඇතුළත් වීඩියෝවක් ඇගේ මවට සහෝදරියන් සහ සහෝදරයන් ගේ ජංගම දුරකථනවලට වට්ස්ඇප් මගින් යැවූ බව කියන සරසවි සිසුවෙක් පොලිස් ලමා හා කාන්තා කාර්‍යංශය පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකාර සරසවි සිසුවා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකි, පැමිණිලිකාර සරසවි සිසුවිය නිකවැරටියට නුදුරු ප්‍රදේශයක පදිංචි තැනැත්තියකි. මෙම සැකකරු හා පැමිණිලිකාර තරුණිය සරසවි දෙකක ඉගෙනුම ලබති. කාලයක් තිස්සේ සිට මොවුන් දෙදෙනා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන පවත්වාගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි. සරසවි සිසු පෙම්වතා තමන්ට ගැළපෙන්නේ නැති බව කියමින්මෑතකදී ඔහුගෙන් වෙන් වී ඇතැයිද පොලීසිය සඳහන් කරයි. සැකකාර සරසවි සිසුවා යළිත්…
ෆේස්බුක් සම නිර්මාතෘ මෙන්ම, ‘මෙටා’ ජාලයේ ප්‍රධානියා ද වන මාර්ක් සකර්බබර්ග්, අලුත උපන් සිය තෙවැනි දියණියගේ ඡායාරූප, ඉන්ස්ට්‍රගෑම් ගිණුම ඔස්සේ ලොවට ප්‍රසිද්ධ කළේ මහත් ආඩම්බරයෙනි. තෙවැනි දියණියගේ නම ඔරේලියා චැං සකර්බර්ගග්ය. ‘ලෝකයට සාදරයෙන් ඔයා පිළිගනන්නවා. ඔයා මට ආශිර්වාදයක්’ යනුවෙන් සකර්බබර්ග් සිය දියණිය ගැන සටහනක් ද තබා ඇත. සකර්බබර්ග්, විවාහ වී සිටින්නේ ප්‍රිසිලා චැං සමගය. සකර්බර්ග් පළ කළ ඡායාරූපයට මේ වනවිට ‘ලයික්’ ලක්ෂ ගණනක් හිමි වී ඇති අතර, ලොව නන්දෙසින් සුබ පැතුම් ගලා එමින් පවතී. සකර්බබර්ග් සහ ප්‍රිසිලා චැං, විවාහ වූයේ 2012 වසරේදීය. ඔවුන්ගේ වැඩිමල් දියණියන් වන්නේ 7 හැවිරිදි මැක්සිමා සහ 5 හැවිරිදි ඕගස්ට් ය.