Author: LANKA24X7

ප්‍රධාන දුම්රිය ස්ථාන සහ උප දුම්රිය ස්ථාන රැසක ප්‍රවේශ පත්‍රවල දැඩි හිඟයක් පවතින බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. ඇතැම් දුම්රිය ස්ථානවල රුපියල් 20ක ප්‍රවේශ පත්‍ර නොමැතිවීම නිසා රුපියල් 40 ප්‍රවේශ පත්‍ර දෙකට කපා මගීන්ට නිකුත් කරන බවයි එම සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර සඳහන් කළේ.

Read More

වෙනත් රටවලින් බිත්තර ආනයනය කර මෙරට රැකියා දහස් ගණනක් අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසනවා. මේ අතර එළැඹෙන උත්සව සමෙය් දී බිත්තර හිඟවීමේ අවදානමක් මතුව ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යපාරිකයින්ගේ සංගමය සඳහන් කළා. සුදු බිත්තරයක් රුපියල් 43කට හා දුඹුරු හෝ රතු බිත්තරයක් රුපියල් 45ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් රජය පසුගිය අගොස්තු මස 19වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කළ නමුත් මිල ප්‍රමාණවත් නොවීම නිසා අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවක දී බිත්තරයක් රුපියල් 50ක උපරිම සිල්ලර මිලකට අළෙවි කිරීම සඳහා වාචික එකඟතාවකට පැමිණ තිබුණා. ඒ අනුව පසුගිය කාලය තුළ වෙළෙඳපොළේ බිත්තරයක්…

Read More

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරට සහභාගි වීම සඳහා දකුණු කොරියාවට පැමිණි ශ්‍රි ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම්, කාන්තා කණ්ඩායමේ නායිකාව නොමැතිව අද(14 වැනිදා) රාත්‍රී 11.30 ට පමණ ශ්‍රී ලංකාව බලා පිටත්ව ගියහ. තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 12 දෙනෙක්, ක්‍රීඩිකාවන් 12 දෙනෙක්, පුහුණුකරුවන් දෙදෙනෙක්, කළමනාකරුවකු, කළමනාකාරියක, භෞතචිකිත්සකවරයකු සහ සම්බාහකවරයකු ඇතුළත් වූහ. තරගාවලිය නිමාවීමෙන් අනතුරුව ඉරිදා (13 වැනිදා) පස්වරුවේ අතුරුදන් වූ කාන්තා රග්බි කණ්ඩායමේ නායිකා දුලානි පල්ලෙකොණ්ඩගේ සෙවීම සඳහා ඉන්චෝන් නුවර නම්දොංගු පොලිසියත්, කොරියානු රහස් පොලිස් ඒකකයත් ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කළහ. කෙසේ වුවත් ඊයේ පස්වරු 5.00 ට පමණ කණ්ඩායම නවාතැන් ගෙන සිටි හෝටලයෙන් ඉන්චෝන් ගුවන්තොටුපළ බලා පිටත්ව…

Read More

තුර්කියේ ඉස්තාන්බුල් නුවර ජනාකීර්ණ වීදියක බෝම්බයක් පුපුරා යෑමෙන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 81 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් එරට මාධ්‍ය පවසයි. තුවාල ලැබූවන් කීප දෙනකුගේ තත්ත්වර බරපතල බැවින්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමට ඉඩ ඇතැයි රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි. බෝම්බ පිපිරුම සම්බන්ධයෙන් විමර්ශන මේ වනවිට ආරම්භ වී ඇති අතර, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පැවැසුවේ, එය ත්‍රස්ත ක්‍රියාවක් බවය. බෝම්බය පුපුරා ගියේ ඉස්තාන්බුල් නුවර, බෙයොග්ලූ දිස්ත්‍රික්කයේ පිහිටි ඉස්තිකාල් වීදියේය. ඉස්තාන්බුල් යනු තුර්කියේ විශාලතම නගරයයි. මෙය සංචාරක ආකර්ශනයකි. තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සුලෙයිමාන් සොයිලූ මාධ්‍ය හමුවේ කියා සිටියේ බෝම්බය ඉස්තිකාල් වීදියේ දමා ගිය තැනැත්තා අත්අඩංගුවට ගත් බවය. එම…

Read More

අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහලක් වන මවුන්ට් ලෝටස් රෝහල, ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනයට සමගාමීව සංවිධානය කරන ලද සෞඛ්‍ය කඳවුර පසුගියදා ගල්කිස්ස රෝහල් පරිශ්‍රයේ දී සාර්ථකව නිමාවට පත්විය. මවුන්ට් ලෝටස් රෝහලේ පළපුරුදු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය විසින් නොමිලේ පවත්වන ලද මෙම සෞඛ්‍ය කඳවුරේ දී ළමයින් සහ වැඩිහිටියන් 500 කට අධික පිරිසකගේ අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂාව සිදු කරන ලදී. මූලික අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂණවලට අමතරව, වැඩිහිටියන්ගේ රුධිරයේ සීනි, රුධිර පීඩනය සහ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) ද පරීක්ෂා කරන ලද අතර පසුව සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව වෛද්‍ය උපදෙස්ද ලබා දුන්නේය. මූලික අක්ෂි…

Read More

වසර 30 කින් කිසිවකු පදිංචි නොවූ පාළුවට ගිය ගම්මානයක් යුරෝ 227,000 කට විකිණී ඇති බව වාර්තා වෙනවා. ඒ ස්පාඤ්ඤ කඳු බෑවුමක, කැස්ත්‍රෝ වේල්ල සහ ඩූරෝ ගඟට ඉහළින්, සල්ටෝ ඩි කැස්ත්‍රෝ වල ඇති ගම්මානයක්. ගම්මානය මිලදී ගෙන ඇත්තේ ‘රෝයල් ඉන්වෙස්ට්’ නමැති සමගම විසින් බවයි වාර්තා වෙන්නේ. මෙම ගම්මානයට නිවාස 44 ක්, දෙව් මැදුරක්, පාසලක්, පරිපාලන ගොඩනැගිල්ලක්, විශාල පිහිනුම් තටාකයක් අයත් වෙනවා. මෙම ගම්මානය 1950 ගණන්වල විදුලි සමාගමක් වන Iberduero විසින් අසල ජලාශය ඉදි කළ කම්කරුවන්ගේ පවුල් සඳහා ඉදිකරදී ඇති අතර යාන්ත්‍රිකකරණය වැඩි වීමත් සමඟ සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීම නිසා 1989 දී එය අත්හැර දමා තිබෙනවා. මෙම නගරය එක් ධනවත් පවුලක් විසින්…

Read More

පානදුර දකුණ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, විරෝධතාවයක නිරත වූ කාන්තාවන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් කොස්තාපල්වරියන් දෙදෙනකුව ගෙලෙන් අල්ලා හිරි හැර කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති බව වාර්තා වේ.

Read More

රාජ්‍ය සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට සහනයක් ලබාදීමට ලබන වසර අවසන් වන විට හැකියාව ලැබෙනු ඇති බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කථාව ඉදිරිපත් කරමින් පැවැසීය. ලබන වසර අවසන් වන විට රට ආර්ථිකමය වශයෙන් ස්ථාවර වෙනු ඇති බවත් ඒ අනුව සහනයක් ලබාදීම හැකියාව ඇතිවනු ඇති බවත් ජනපතිවරයා සඳහන් කළේය. එසේම ඒ වන විට පෞද්ගලික අංශයද ස්ථාවර වෙනු ඇති බවත් ඒ අනුව එම සේවකයන්ටද සහනයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් ජනපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

Read More

ප්‍රංශයේදී පැවැත්වීමට නියමිත එළඹෙන ගිම්හාන ඔලිම්පික් උලෙලේ නිළ සංකේතය එළි දක්වා ඇත. විශේෂත්වය වන්නේ මෙය නැගෙනහිර යුරෝපයට ආවේණික තොප්පියක හැඩය ගැනීමයි. තුන්හුලස් හැඩය ගන්නා මෙම තොප්පිය උතුරු යුරෝපානු ජාතීන් අතර ජනප්‍රිය Phrygian cap ආකෘතිය ගනියි. මෙය ඇමරිකානු හා ප්‍රංශ විප්ලවයෙන් නිදහස් වීම සිහිගන්වනක් වීම හා මෙහි ඇති විනෝදාත්මක හැඩය එළඹෙන තරගාවලියට මෙය සංකේතාත්මකව තෝරාගැනීමට හේතුවක් වී ඇත. රතු පැහැයෙන් යුක්ත මෙම Phrygian cap ආකෘතිය නිළ වශයෙන් ඊයේ (14දා) එළි දක්වා ඇත. 2024 වර්ෂයේ ජූලි 26 වැනිදා සිට අගෝස්තු 11 වැනිදා දක්වා ප්‍රංශයේදී පැරිස් නුවරදී පැවැත්වීමට නියමිත එළඹෙන ඔලිම්පික් තරගාවලිය ඉතිහාසයට එක්වන්නේ 33 වැනි ඔලිම්පික් තරගාවලිය ලෙසිනි.

Read More

අයවැය සම්මත කර ගැනීමේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව ඇති බවත්, ඒ අනුව ඊට වෙනත් පාර්ශ්වවල සහාය ලබාගැනීමට ‘වැඩි මහන්සියක්’ නොවිය යුතු බවත් එම පෙරමුණෙහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. ඔහු පෙන්වා දුන්නේ අයවැය යනු තුනෙන් දෙකකින් නොව සාමාන්‍ය බහුතරයකින් සම්මත විය යුතු දෙයක් වන බවයි. ඒ අනුව අයවැය හා අමාත්‍ය ධුර ලබාදීම අතර සම්බන්ධයක් තමන් නොදන්නා බවද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කර සිටියේය. බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී ඊයේ (14දා) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් යොමු කරන ලද ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමින් හෙතෙම මේ බව පැවසීය.

Read More