Author: LANKA24X7

පාර්ලිමේන්තුවේ ආහාරපාන වල සෞඛ්‍යාරක්ෂිත බව වැඩි කිරීමට අදාළව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ගෘහ්‍ය කාරක සභාවේදී තීරණය කෙරිණි. කථානායකවරයාගේ ඉල්ලීම පරිදි බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ ආහාර පාන පිළියෙල කිරීමට අදාළ මුළුතැන්ගෙය ඇතුළු ස්ථාන පරීක්ෂා කිරීම අප්‍රේල් මාසයේදී සිදු කෙරිණි. ඒ අනුව ඊට අදාළ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ගෘහ්‍ය කාරක සභාවට සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවිය. මෙහිදී අදහස් දක්වමින් බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වයි.බී ඉන්දික මහතා පැවසුවේ බත්තරමුල්ල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන 150කට ආසන්න ප්‍රමාණයක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් විමර්ශනය කළද පාර්ලිමේන්තුවේ ආහාරවල සුරක්ෂිතබව…

Read More

බොරැල්ල සම්බාහන ආයතනයකට බලහත්කාරයෙන් ඇතුළු වී කළමණාකරු සහ එහි සේවය කරන කාන්තාවන් සිව් දෙනකු බිය ගන්වා කාන්තාවන් තිදෙනකු දූෂණයට ලක්කර පලායමින් සිටි කොස්තාපල් වරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඉහළ මහලින් ඇද වැටී තුවල ලබා සිටියදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්යාංශ මූලස්ථානයේ සේවය කරන කොස්තාපල්වරයෙකි. අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.පලා ගොස් ඇත්තේ පොලිස් සේවයෙන් ඉවත් කර ඇති කොස්තාපල්වරයෙකි. බොරැල්ල පොලිසිය සහ කොළඹ දකුණාාස අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි

Read More

පස්සර දහය කණුව ප්‍රදේශයේ නිවසක් තුළ තිබී තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් හමු වූ බව පස්සර පොලිසිය පැවසීය. පස්සර දහය කණුව ප්‍රදේශයේ නිවසක මළ සිරුරු දෙක ක් තිබෙන බවට හදිසි ගිලන් රථ සේවාව මගින් ලැබුණු තොරතුරකට අනුව ගොස් පරීක්ෂා කිරීමේදී මෙම මළ සිරුරු දෙක හමුවූ බව පොලිසිය පැවසීය. එකම නිවසක තිබී මළ සිරුරු දෙකක් හමුවීම පිළිබඳව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

මෙරට සංචාරයක නිරත ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සභාපති ෆ්‍රැන්සුවා වැලරියන් (Mr. François Valérian) මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකෙහිම පවත්නා දූෂණයට එරෙහිව කටයුතු කිරීම සඳහා රජය දරන අඛණ්ඩ ප්‍රයත්නය මෙහිදී ෆ්‍රැන්සුවා වැලරියන් මහතා වෙත පැහැදිලි කළ ජනාධිපති ලේකම්වරයා දූෂණ විරෝධී යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා රජය නව වැඩපිළිවෙළ කිහිපයක්ම ආරම්භ කර ඇති බවත්, ඒවා දැනටමත් සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බවත් සඳහන් කළේය. අල්ලස සහ දූෂණය තුරන් කිරීම, රාජ්‍ය අරමුදල් ඵලදායී ලෙස භාවිතා කිරීම සහතික කිරීම සහ රට තුළ සුපිළිපන්න සංස්කෘතියක් ඇති කිරීම යන පුළුල් අරමුණු ඇතිව අල්ලස…

Read More

යල් පැනගිය වෙළෙඳ උපක්‍රම වෙනුවට නව උපක්‍රම භාවිත කරමින් ව්‍යාපාර කටයුතු කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍ය, එරංග ගුණසේකර මහතා පැවසීය. නවීන තාක්ෂණය භාවිත කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වෙළෙඳ කටයුතු කිරීම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. කොළොන්නාව නගර සභාව විසින් කාන්තාවන් සවිබල ගැනීමේ අරමුණින් පවත්වනු ලබන ස්වයං රැකියා පුහුණු පාඨමාලාව නිම කළ කාන්තාවන් සඳහා සහතිකපත්‍ර ලබා දීමේ උත්සවයට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය. කොලොන්නාව මංගලපාය උත්සව ශාලාවේ දී සහතික පත්‍ර ලබාදීම සිදු කෙරුණි. ඒ අනුව මැහුම්, බතික්, රූපලාවන්‍ය පාඨමාලා නිම කළ කාන්තාවන් සඳහා සහතික පත්‍ර ලබාදීම…

Read More

මෙරටින් සොයා ගෙන ඇති සමූහ මිනී වළවල් සම්බන්ධයෙන් විශ්වසනීය, විනිවිදභාවයෙන් යුත්, ස්වාධීන පරීක්ෂණයක් වහාම අවශ්‍ය බවත් සමූහ මිනීවළවල් වලින් ගොඩගෙන ඇති ඇටසැකිළි සහ පුද්ගලික බඩුබාහිර ආදියෙන් මෙරට මානව හිමිකම් අතීතයේදී දරුණු ලෙස උල්ලංඝනය වී ඇති ආකාරය මතක් කර දෙන බවත් මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. තවමත් පසුගිය කාලෙය්දී බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූ ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකට අත්වූ ඉරණම පිළිබඳව කිසිඳු තොරතුරක් නොමැති බවත් නිශ්ශබ්දතාව, ක්‍රියාමාර්ග නොගැනීම සහ බලය භාවිත කළ මානව හිමිකම් කඩකළ පුද්ගලයන් දඬුවම්වලින් පළා යාම හේතුවෙන් දහස් ගණනක් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් ශ්‍රී ලංකාවට ඇති වූ තුවාලය තවමත් සුවවී…

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන් සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. ගාලු මුවදොර පිටියේ ‘අරගලය’ විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුන් ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව ආරංචි මාර්ග පැවැසුවේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් රාජාධානි සංචාරය සහ එහිදී රාජ්‍ය අරමුදල් අවභාවිත වී ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද(01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට…

Read More

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පනවා ඇති තීරුබදු බොහොමයක් නීති විරෝධී බවත් අනෙක් රටවලට බදු පැනවීමට ඇමෙරිකානු ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත් එරට ෆෙඩරල් අභියාචනාධිකරණය පසුගිය දා තීන්දු කළේය. ෆෙඩරල් අභියාචනාධිකරණයේ 11 දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් ජනපති ට්‍රම්ප්ගේ තීරු බද්ද පිළිබඳව අභියාචනය විභාග කර ඇති අතර විනිසුරුවරුන් 7 දෙනකුගේ එකඟත්වයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත. ලෝකයේ රටවල් තමන්ට පනවා ඇති තීරු බද්ද අඩු කර ගැනීම සඳහා පවත්වන සාකච්ඡාවල තීරණාත්මක මොහොතක ෆෙඩරල් අභියාචනාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. ඇමෙරිකාව සිය වෙළෙඳ හවුල්කරුවන් සමග පවත්වන සාකච්ඡා හෙට (01) වනවිට අවසන් කිරීමට එරට භාණ්ඩගාර ලේකම් ස්කොට් බෙසන්ට් බලාපොරොත්තු වුවත් අභියාචනාධිකරණ තීන්දුවත් සමග එම ඉලක්කය මග…

Read More

ඔක්ටේන් 92 පැට්‍රල් ලීටරයක් රුපියල් හයකින්ද ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් හයකින්ද අද මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමා ඇත. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්ටලීටරයක නව මිල 299 ක්ද ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 283ක් වේ. රුපියල් 340 ක් ලෙස පැවති ඔක්කේන 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස් වී නොමැත. එසේම සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් දොළහකින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 313 කි. කෙසේ වෙතත් ලංකා භූමි තෙල් මිලෙහි වෙනසක් සිදුවී නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි

Read More

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාටද හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතාටද ගෙදරින් කෑම ලබාගැනීමට බන්ධනාගාර ප්‍රධානීන් අවසර ලබා දී ඇත. එම දෙදෙනා කළ ඉල්ලීමක් අනුව මෙසේ අවසර දුන් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ මහතා පැවසීය. මේ අනුව දෙදෙනාම ඊයේ දහවල් සිට ගෙදරින් කෑම ලබාගෙන ඇත. මෝදර ධීවර වරාය බඳු දීමේදී රජයට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් පාඩු කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන මස 9 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබීය. 2006 පළාත් පාලන ඡන්දය පැවති කාල සීමාවේදී මීගමුව උප නගරාධිපති සුනිල් විල්බට් පෙරේරා මහතාගේ නිවසට පහරදී අනර්ථයක් කිරීම සම්බන්ධයෙන් නිමල්…

Read More