Author: LANKA24X7

ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. මෙහිදී අග්‍රාමාත්‍යවරිය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අතර, මේ දිනවල පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සූදානම පිළිබඳව විමසා සිටියා ය. එමෙන්ම කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් හා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි දියුණුව වෙනුවෙන් රජය හරහා ඉටුවිය යුතු කාර්‍යභාරයන් පිළිබඳව අග්‍රාමාත්‍යවරිය ක්‍රීඩිකාවන්ගේ අදහස් විමසා සිටියාය. පාසල් සහ විශ්ව විද්‍යාල වල කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පවතින නැඹුරුව, පහසුකම් සහ එහි වත්මන් තත්ත්වයන් පිළිබඳව අග්‍රාමාත්‍යවරිය විමසා සිටි අතර ක්‍රීඩා ප්‍රවර්ධනය උදෙසා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය…

Read More

යුද්ධ හමුදාව විසින් දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්කර තිබූ වාහන 76ක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ උපදෙස් පරිදි නවීකරණය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් කටයුතු කර තිබේ. එම රථවාහන අද (24) සිට නැවත යුද්ධ හමුදාවේ භාවිතයට යොදා ගැනීමට නියමිතය. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් යටතේ නවීකරණය කළ මෙම වාහන නැවත යුද්ධ හමුදාවේ සේවය සඳහා එක් කිරීමට හැකිවීම තුළින් යුද්ධ හමුදාව සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබී ඇත. එමෙන්ම මෙම වාහන නැවත භාවිතයට යෙදවීම හරහා යුද්ධ හමුදාව විසින් කුලී ගෙවීමේ පදනම මත ලබා ගන්නා ලද වාහන…

Read More

මේ වන විට ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින BYD වාහනවල මෝටර් ධාරිතාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අභියාචනාධිකරණය අද (24) රේගුවට නියම කළේය. රේගුව විසින් ජාතික ආර්ථිකයට බදු මුදල් රැස්කර දීම ඉතා වැදගත් වනවා සේම වාහනවල ගැණුම්කරුවන්ගේ මෙන්ම ආනයනික සමාගම්වල යහපත සම්බන්ධයෙන්ද අධිකරණයට සලකා බැලීමට සිදුවන බව අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් මෙම විමර්ශන කඩිනමින් අවසන් කළ යුතු බවත් ඒ සඳහා සහාය ලබාදෙන ලෙස පෙත්සම්කර පාර්ශවයටත් විනිසුරුවරයා දැනුම් දුන්නේය. රේගුව විසින් විසින් රඳවාගෙන සිටින සිය වාහන නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෝන් කීල්ස් සීජී සමාගම විසින්…

Read More

ගැනීමට එරට රජයේ අවධානය යොමුව තිබේ. තායිලන්ත රජය උපුටා දක්වමින් එරට මාධ්‍ය සඳහන් කර ඇත්තේ, ඔක්තෝබර් මස 28 වන දින ශ්‍රී ලංකා රජය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවය. ඇතුන් දෙදෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වන අයහපත් සැලකිල්ල හේතුවෙන් තායිලන්ත රජය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය. 2023 වසරේ දී ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට නැවත රැගෙන ගිය Plai Sak Surin හෙවත් ‘මුතුරාජා’ හස්තියා මෙරටින් රැගෙන යෑමට අනුගමනය කරන ලද ක්‍රියාවලියම මෙම ඇත්තු දෙදෙනා රැගෙන යෑමට භාවිත කිරීමට නියමිත බව ද වාර්තා වේ. Plai Pratu Pha සහ Plai Srinarong යන නම්වලින් මෙම ඇත්තු දෙදෙනා හඳුන්වනු ලබයි. ඉන් එක් ඇතෙකු වයස…

Read More

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි අද (24) අළුයම බස් රථයක් ගිනිගැනීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 25කට වැඩි පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත. හයිද්‍රාබාද් සිට බැංගලෝර් දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් කර්නූල්හිදී මෙම අනතුරට ලක්ව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 39 දෙනෙකු සිට ඇත. බස් රථයේ යතුරුපැදියක් ගැටී, එම යතුරුපැදිය බස් රථය යටට ගොස් ඉන්ධන ටැංකියේ වැදීම හේතුවෙන් මෙම ගින්න ඇතිව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ මගීන් රැසක් නින්දේ සිට ඇති අතර, එය මරණ සංඛ්‍යාව ඉහළ යෑමට හේතුවී ඇත. කෙසේ නමුත් අවදිව සිටි මගීන් කෑගසමින් බස් රථයෙන් පිටතට පැන තිබේ. තුවාල ලැබූවන් කර්නූල් මහ රෝහලට ඇතුළත් කර…

Read More

2026 වසරේ සිට දිවයින පුරා සියලුම පෙරපාසල් සඳහා එකම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බවට මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළද එය 2027 වසර ලෙස නිවැරදි විය යුතු බවට නිවේදනය කර තිබේ. ඒ අනුව නිවැරදි කරන ලද නිවේදනය පහතින් දැක්වේ. – උපුටාගැනීම – අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී රැස්විය. මෙම අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යතුමිය පැවසුවේ, 2027 වසරේ සිට දිවයින පුරා සියලුම පෙරපාසල් සඳහා එක ම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බවය. ඇය තවදුරටත් පැවසූවේ, පූර්ව ළමාවිය විෂයමාලා රාමුව…

Read More

රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙක ඉලක්ක කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව සම්බාධක ප්‍රකාශයට පත්කර තිබේ. යුක්‍රේන සාම ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මොස්කව් වෙත බලපෑම් කිරීමේ අරමුණිනේ මෙම සම්බාධක පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව රුසියාවේ විශාලතම තෙල් සමාගම් වන රොස්නෙෆ්ට් සහ ලුකොයිල් ඉලක්ක කරගනිමින් අමෙරිකාව විසින් නව සම්බාධක පනවා තිබේ. මෙලෙස සම්බාධක පැනවීම සාම සාකච්ඡා පැවැත්වීම සඳහා උපකාරී වනු ඇති බවට තමන් විශ්වාස කරන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

Read More

වයස අවුරුදු 25ට වැඩි සෑම සිව්දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිත කාලය තුළ ආඝාත රෝගී තත්ත්වයක් ඇති විය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි. කළුතර ශික්ෂණ රෝහලේ ස්නායු විශේෂඥ වෛද්‍ය සුරංගි සෝමරත්න මහත්මිය සඳහන් කළේ ආඝාත රෝගීන්ගෙන් 30%ක් පමණ අවුරුදු 20ත් 60ත් අතර වයසේ පසුවන අය බවය. ලබන 29 වන දිනට යෙදී ඇති ලෝක ආඝාත දින සැමරුම් උත්සවයකට සමගාමීව පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ස්නායූ විශේෂඥ වෛද්‍ය සුරංගි සෝමරත්න මහත්මිය මේ බව සඳහන් කළාය. මෙම රෝඟය වැළඳීම පාලනය කිරිම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය සුරංගි සෝමරත්න මහත්මිය මෙලෙස කරුණු පැහැදිලි කළාය.

Read More

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඉදිරිපත්කළ හැකි කරුණු පමණක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට අනාවරණය කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඉදිරියේදී ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම ඝාතන සිද්ධිය ගැන අද (22) පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සියේය. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සටියේ, වැලිගම ප්‍රාදේශීය සභාවේදී අද සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවත් රට තුළ සිදුවන…

Read More

වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (22) උදෑසන ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මත දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩිතැබීම හමුවේ සභාපතිවරයා බරපතළ තුවාල ලැබීය. පසුව ප්‍රාදේශීය සභා නිලධාරීන් එක්ව සභාපතිවරයාව ‍මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තේය. සභාපතිවරයා හමුවට ලිපියක් අත්සන් කර ගැනීමට පැමිණි දෙදෙනෙකු ලෙස මෙම වෙඩික්කරුවන් ප්‍රාදේශීය සභාව තුළට පැමිණ ඇතැයි අනාවරණය වුණි.

Read More