Author: LANKA24X7

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 16ක් මැතිවරණ කොමිසම වෙත ගොස් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එම කොමිසම සමග සාකච්ජා කිරීමට අද (15) පියවර ගත්හ. පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා ලිපියක්ද භාරදීමට එම පිරිස කටයුතු කළහ. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පිරිස මැතිවරණ කොමිසම වෙත පැමිණියහ.

Read More

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පැමිණිලි හතර පහක් ඉදිරිපත් කළත් අදටත් ඒවාට වෙච්ච දෙයක් නොමැති බවත් අල්ලස් කොමිසම වැඩ කරන්නේ මෙහෙම නම් මෙවැනි කොමිසමකින් මේ රටට ඇති ඵලය කුමක්දැයි තමා ප්‍රශ්න කරන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවසීය. ඒ පැමිණිලි සම්බන්ධයෙන් අල්ලස් කොමිසම තමාගෙන් පැය හතර පහ ප්‍රශ්න කිරීම් නම් හොඳට කළ බවද ඔහු සඳහන් කළේය. රාජපක්ෂ මහතා මෙසේ පැවසූවේ අයවැය දෙවෙනි වර කියවීමේ විවාදයේදීය.

Read More

ජනප්‍රිය තීරණ ගත්තේ බණ්ඩාරනායක ලා නොව ජේ.ආර් බව කුරුණෑගල දිස්ත්‍රික් පොදු පොදුජන පෙරමුණු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. බණ්ඩාරනායක ජනප්‍රිය තීන්දු ගන්නා විට තමා අමාරු තීරණ ගත් බවත් සිංගප්පූරුවේ අගමැති ලීක්වාන් යූ කිවුවා යැයි කතාවක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කථාව ඉදිරිපත් කරමින් සඳහන් කළ බව කී ජයසේකර මහතා බණ්ඩාරනායක මහතා සහ මැතිණිය ගත් අමාරු තීන්දු නිසා තමන් ද පොඩි එකෙක් ලෙස පාන් පෝලිමේ සහ භූමිතෙල් ගඳ රෙදි ගන්න පෝලිමේ සිට තිබෙන බව පැවසීය. ජනාධිපතිතුමාගේ මාමණ්ඩිට බණ්ඩාරනායකවරුන් රට බාරදෙන විට අය වැය අතිරික්තයක් තිබුණ බවද ජේ. ආර් ජයවර්ධන මහතා මහතා ජනප්‍රිය තීන්දු ගෙන රට නිෂ්පාදන ආර්ථිකයේ සිට යැපුම් ආර්ථිකයක්…

Read More

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඔවුන් සමග වසර 13ක් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු නායක කයිරන් පොලාර්ඩ් එළඹෙන IPL තරගාවලිය සඳහා තෝරාගෙන නොමැත. එබැවින් ඔහු IPL ක්‍රිකට් තරග වලින් සමුගන්නා බව පවසයි. සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ “පිතිකරණ පුහුණුකරු” ලෙස තමා එම කණ්ඩායම සමග එක්වන බවය.

Read More

ගම්පහ මාකවිට ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. අප වාර්තාකරු පැවසුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාකවිට ප්‍රදේශයේ පිහිටි ප්‍රාථමික පාසලක් අසලදී එම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

Read More

ව්‍යාපාර කඩා කඩාගෙන වැටී ඇති මොහොතක් බදු ගහනවා යනු ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ වැඩක් යැයි ජාතික ජන ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මිලියන එකොලොස් දාහක් ගිය වසරේ ලාභ ලබා තිබෙන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකුණන්නට ආණ්ඩුව පාවිච්චි කරන තර්කය කුමක්දැයි හේරත් මහතා ප්‍රශ්න කළේය. පාඩු ලබන රාජ්‍ය ආයතන නොව අසීමිත ලෙස ලාභ ලබන රාජ්‍ය ආයතන විකුනන්නේ කුමටදැයි ප්‍රශ්න කළ හේරත් මහතා ලාභ ලබන ආයතන එක සැරේ විකුණා එයින් ලැබෙන කුට්ටිය අර්බුදය විසඳන්න පාවිච්චි කිරීම ආණ්ඩුවේ අරමුණයි යැයිද එයින් වන දිගුකාලීන හානිය ගැන සිතන්නේ නැතැයිද කීය. අයව දෙවැනි වර කියවීමේ විවාදය ට සහභාගී වෙමින් විජිත…

Read More

බඩගිනියි කියන මිනිහට මාළුවෙක් දෙනවා වෙනුවට බිලී කොක්කක් දෙන තැනට වසර හැත්තෑවකට පසුව හෝ පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී සී.බී රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස අභියෝගය බාරගත්තේ බෙල්ලට හිර වෙලා තිබෙන මොහොතක බවද අවලාද මැද මරණ මංචකයට යන්න වුණත් ඔවුන් අභියෝගය බාර ගෙන දැන් යම් තරමකට වුණත් රට උඩට ගෙනැවිත් තිබෙන බවද රත්නායක මහතා කීය. අයවැය දෙවැනි වර කියැවීමෙි විවාදයට එක්වෙමින් සී.බී.රත්නායක මහතා මෙි බව කීය.

Read More

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 14දෙනෙකු සහ එක් සැකකරුවකු ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. ඒ අනුව එක් එක් සැකකාරිය රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝග කළේය. නඩුව නැවත පෙබරවාරි මස 13 වනදා තෙක් කල් තැබුණි.

Read More

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් අඩුවී තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.81 දක්වාත් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.43 දක්වා අඩුවී ඇති බවය. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ බොර තෙල් සඳහා චීනයෙන් ඉල්ලුම අඩුවීම බව සඳහන් ය.

Read More

විදුලි බලවේග ධාවනාගාරයේ විවේකාගාරයේ ගැටලුවක් මුල් කර ගනිමින් දුම්රිය රියදුරුන් පිරිසක් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත. මේ හේතුවෙන් අද (15) පෙරවරුවේ දුම්රිය ගමන්වාර කිහිපයක් අත්හිටුවීමට සිදුවු බව “දුම්රිය නගාසිටුවීම සඳහා වු වෘත්තීය සමිති සන්ධානයේ” කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය. අදාළ ගැටලුවට විසඳුම් නොලැබෙන්නේ නම් අඛණ්ඩව වෘත්තිය ක්‍රියාමාර්ගය සිදුකරන බව ද ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.

Read More