Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
නිවෙසට අලුතින් හදාවඩා ගැනීමට ගන්නා බල්ලන්,පූසන් වැනි සුරතලුන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය මහජනතාවට දැනුවත් කිරීමක් සිදුකොට තිබෙනවා. එනම් සතුන් දින දාහතරක් යනතුරු තම සමීපයට නොගන්නා ලෙසටයි. සැප්තැම්බර් මස 28 වැනිදා ජලභීතිකා දිනයට සමගාමීව ඊයේ (20 දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍යවරු මේ බව පවසා සිටියා. සුනඛයින් නොවන සතුන්ගේ සපා කෑම්වලින් ජලභීතිකාවට ගොදුරුව මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව පසුගිය වසර කිහිපය තුළ ඉහළ ගොස් ඇති බවද සෞඛ්‍ය අංශ පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර මෙරට ආර්ථික ගැටලු විසදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. මෙහිදී සාකච්ඡා කෙරෙනුයේ ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු විසඳීම සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ. එහිදී, ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නවල සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු කෙරුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ජාත්‍යන්තර සාම දිනයට සමගාමීව සංහිඳියාවට බාධාවන සිදුවීම් වන අවස්ථාවල ජංගම දුරකථන හරහා පූර්ව අනතුරු ඇගවීමේ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය පවසයි. ග්‍රාමීය මට්ටමින් සාමය හා සංහිඳියාව ඇති කරලීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් මත දිවයිනේ සියලුම ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි මෙම ග්‍රාමීය සංහිඳියා කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වනු ඇති. ග්‍රාමීය මට්ටමේ සංහිඳියා කමිටු 14,022 ක 350,000 ට අධික සාමාජික සාමාජිකාවන්ගෙන් සැදුම්ලත් දත්ත ප්‍රේෂණ ජාලයක් සහිතව නිර්මාණය කරන ලද මෙම වැඩසටහන ජංගම දුරකථන යෙදවුමක් මගින් බලගන්වා තිබේ. ජාතික සමගියට…
ලංකා සතොස ආයතනය මඟින් මහජනතාව ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ. ඒ අනුව පහත සඳහන් භාණ්ඩ දිවයින පුරා ඇති සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට ලබාගත හැකිය. මිල පහළ දැමීම අද (20) සිට ක්‍රියාත්මක වේ. * සොයා මීට් කිලෝවක් රුපියල් 45කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 580කි. *දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 40කින් පහළ දමා ඇති අතර නව මිල රු 290කි. *හාල්මැස්සෝ කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර නව මිල රු 1,100කි. *සුදුළූනු කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර, නව මිල රු 620කි. *ලොකුළූනු කිලෝවක් රුපියල් 15කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 195කි. *රතු…
විශ්‍රාමික යුද හමුදා සෙබළියක් සංචාරක වීසා මත ඩුබායි රාජ්‍ය වෙත යවා ගණිකා වෘත්තිය සඳහා යොමු කිරීමට උත්සාහ කළ ජාවාරම්කාර කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි. අදාළ සෙබළිය අවස්ථා දෙකකදී ගණිකා මඩම් වෙත යොමුකර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. අනුරාධපුරයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා සෙබළියක් පසුගිය වසරේ ජුනි මසයේදී තමන් සතු රත්‍රං භාණ්ඩ සහ ත්‍රීරෝද රථය ඇතුළු භාණ්ඩ තොගයක් උකස් තබා ලබාගත් රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාදී ඩුබායි රාජ්‍ය වෙත ගොස් තිබුණි. ඒ, තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් හරහා සංචාරක වීසා මතය. ඒ අනුව, නීතිවිරෝධී අයුරින් විදෙස්ගතවූ අදාළ කාන්තාව ඩුබායි…
කුච්චවේලි මදුරන්කුඩා කලපු ප්‍රදේශයේදී දියේ ගිලී තරුණයෙකු මියගොස් තිබේ. ඊයේ (19) දහවල් කුච්චවේලි පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මියගොස් ඇත්තේ අවුරුදු 19ක් වූ මදුරන්කුඩා ,සෙන්දූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මදුරන්කුඩා කලපු ප්‍රදේශයේ මසුන් ඇල්ලීම සඳහා ගොස් සිටියදී ඔරුව පෙරළීම හේතුවෙන් මරණය සිදුව ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධව කුච්චවේලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
වේල්සයේ කුමරිය ඩයනාට අයත් ව තිබූ, බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ රසිකයින් අතර සුප්‍රසිද්ධ සුදු පැහැ බැටළුවන් සිටින රතු පැහැ කබාය ඩොලර් මිලියන 1.1ක මුදලකට වෙන්දේසි වී තිබේ. එය වෙන්දේසි කෙරුණේ සොතබීස් වෙන්දේසි සමාගමේ නිව්යෝර්ක් ප්‍රදර්ශනාගාරයේ දී ය. මෙලෙස වෙන්දේසි කෙරුණේ ඩයනා කුමරියට අයත් ව තිබූ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ රසිකයින් අතර සුප්‍රසිද්ධ කබායකි. සොතබීස් සමාගම අපේක්ෂා කළේ එය ඩොලර් 50,000ත් 80,000ත් අතර මුදලකට අලෙවි වනු ඇති බවය. මෙම කබාය මසා නිම කර ඇත්තේ රතු පැහැ කබාය මත සුදු බැහැ බැටළුවන් සිටින අයුරු දිස් වන ආකාරය ට ය. එහි එක් තැනක කළු පැහැ බැටළුවෙක් ද දැක ගත හැකිවේ. ඒ අනුව මෙම කබාය ප්‍රසිද්ධව…
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම් තහවුරු කරගත් පුද්ගලයින් 113,713ක් සඳහා ජූලි මාසයට අදාළ රුපියල් මිලියන 709.5ක මුදල මේ වනවිට බැංකු වෙත බැර කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ඒ අනුව බැංකු මඟින් ප්‍රතිලාභීන්ට එම මුදල් බැර කිරීමට කටයුතු කරමින් සිටින බවය. ඒ අනුව ප්‍රතිලාභි පවුල් 1,162,245කට අදාළ රු. මි 7,278ක මුදලක් ජූලි මාසයට අදාළව මේ වනවිටත් ගෙවා අවසන් කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. එමෙන්ම අභියාචනා හා විරෝධතා සම්බන්ධ සමීක්ෂණ කටයුතු අවසන් වූ පසු සියලු ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදුකරන බව ද ෂෙහාන් සේමසිංහ මහතා එම නිවේදනයේ වැඩිදුරටත්…
ලෝකයේ හැම තැනක්ම ප්‍රශ්න වලින් පිරී ඇතැයි ද ප්‍රශ්න නැති එකම තැන අඟහරු ලෝකය පමණක් යැයි ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 2015 ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණකාරී බලවේගම ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහ කිරීම සඳහා ක්‍රියාත්මක වු බව තමා සිතන්නේ යයිද රංජිත් බණ්ඩාර මහතා කීය. මහ හඬින් කතා කරන අය බත්තරමුල්ලේ ගම් සභාව දිනලා පෙන්නන්නැයි අභියෝග කරන බව කී බණ්ඩාර මහතා ඒ අය මිනිස්සුන්ගේ පපුවේ ඉන්නේ කථිකයන් විදියට විතරක් යැයිද ඔවුන් වැඩකාරයන් විදිහට ජනතාවගේ පපුවේ නැතැයි ද පැවසීය.
මෙරට වගා නොකළ ඉඩම් සඳහා මෙවර අය වැයෙන් බද්දක් පනවන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එම බද්දෙන් උපයා ගන්නා මුදල් සමෘද්ධි පවුල්වල වගා කටයුතු දියුණු කරන්නට යොදා ගන්නැයි තමන් යෝජනා කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය. වවන්නේ නැති ඉඩම්වලින් ජපානය පවා බදු අයකර ගන්නා බව අනූප පැස්කුවල් මහතා සඳහන් කළේය. රාජ්‍ය මෙන්ම පෞද්ගලික ඉඩම් නොයෙක් හේතු මත වගා නොකර අතහැර දමා ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය වැවිලි සංස්ථාවේ ද වගා නොකළ ඉඩම් අක්කර සිය ගණනක් තිබෙන බවද ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු යැයිද කීය.
