Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සුරාබදු පනත උල්ලංඝනය කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් නිෂ්පාදන සමාගම් වලට මත්පැන් සිල්ලර අළෙවිය සඳහා බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු අක්‍රමිකතා රැසක් හේතුවෙන් රජයට වසරකට රුපියල් බිලියන 130 කට වඩා වැඩි බදු මුදලක් අහිමිවන බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් ප්‍රනාන්දු පවසනවා. මහනුවර දී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවක දී ඩලස් ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කර තිබෙනවා. මත්පැන් අළෙවියෙන් වාර්ෂිකව රුපියල් බිලියන 300 කට වඩා අධික වූ බදු ආදායමක් ලැබීමේ හැකියාව තිබිය දී මේ වනවිට සුරාබදු දෙපාර්තමේන්තුව මගින් බදු ලෙස රජයට උපයා දෙන්නේ රුපියල් බිලියන 170 කටත් අඩු මුදලක් බවයි ඔහු පවසන්නේ. රා නිෂ්පාදනයේ දී ශරීර සෞඛ්‍යට අහිතකර…
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරයෙන් තමා ඉවත් කිරීම මහජනතාවට අත් වූ පරාජයක් බව හිටපු සභාපති ජනක රත්නායක පවනවා. ඔහු ධුරයෙන් ඉවත් කිරීමට අදාළව පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 46කින් සම්මත වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු සභාපතිවරයා මේ බව පවසා තිබෙනවා. එමෙන් ම මෙම පරාජය තමන්ගේ පරාහයක් නොවන බවත් එය සමස්ත ජනතාවටම අත්වූ පරාජයක් බවත් ඔහු ප්‍රකාශ කර සිටියා. තවද මෙම ඉවත් කිරීම පිළිබඳ තමාට කිසිදු ගැටලුවක් නොමැති බවඳ තමන්ගේ මේස, පුටු ආදිය රැගෙන යන බවද එමෙන් ම අනාගතයේ දී අනිවාර් යයෙන්ම තමන් ජනාධිපතිවරණයට ඉල්ලුම් කරන බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටියා.
ශ්‍රී ලංකාව ලොව වඩාත්ම දුක්ඛිත රටවල් 11 අතරට එක්වී තිබෙනවා. ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැන්ක් විසින් සකස් කළ වාර්ෂික දර්ශකයකට අනුව ශ්‍රී ලංකාව මෙම රටවල් අතරට එක් වී තිබෙනවා. ලොව වඩාත් දුක්ඛිත රටවල් අතර ශ්‍රී ලංකාවට 11 වැනි ස්ථානය හිමිව ඇති බවයි වාර්තා වන්නේ. එම දර්ශකයේ පළමු තැනට සිටිනුයේ සිම්බාබ්වේ රටයි.
පොලිස් අත්අඩංගුවේ සිටි වයස අවුරුදු 51ක කාන්තාවක් හදිසියේ මියගිය පුවතක් පානදුරෙන් වාර්තා වනවා. ඊයේ (24) සවස 6:30 ට පමණ පානදුර උතුර පොලීසියේ පොලිස් නිලධාරීන් 04 දෙනෙකු පැමිණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. පානදුර, දිග්ගල දෙල්ගහවත්ත පාර ප්‍රදේශයේ නිවසක නීතිවිරෝධී මත්පැන් ඇති බවට ලද තොරතුරකට අනුව පොලීසියෙන් එම නිවස පරීක්ෂා කර තිබුනා. පසුව පොලීසිය විසින් අදාළ නිවසේ සිටි වයස අවුරුදු 51ක කාන්තාවක් රැගෙන ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අදාළ නිවස ආසන්නේ පදිංචිව සිටින එම කාන්තාවගේ සොහොයුරා පැවසුවේ, ඇය රෝගී තත්ත්වයෙන් පසුවන බවත් ඇයව රැගෙන නොයන ලෙස තමා ඉල්ලීමක් කළ බවයි. කෙසේවෙතත් පානදුර උතුර පොලීසියේ පොලිස්…
අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකන් ගුවන් යානයක් පමා වීම හේතුවෙන් දකුණු කොරියාවේ රැකියා බලාපොරොත්තු වූ ශ්‍රමිකයින් 48 දෙනෙකුගේ රැකියා සිහිනය බොඳ වී ඇතැයි පළ වී තිබෙන වාර්තාව සත්‍යයෙන් තොර බව වාර්තා වී තිබෙනවා. මෙම ශ්‍රමිකයින් පිරිස රැගත් ශ්‍රී ලන්කන් ගුවන් යානය මැයි 23 වෙනි දින රාත්‍රී 8.00 ට කොළඹ සිට කොරියාව බලා පිටත්ව යාමට නියමිතව තිබුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා සඳහන් කළේ ගුවන් යානයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය නියමිත වෙලාවට ගුවන්ගත කළ නොහැකි වූ නමුත් යානය මැයි 24 වෙනි දින උදෑසන 6.00 ට ගුවන් ගත කළ බවයි. කොරියාව බලා පිටත් වීමට සූදානමින් සිටි ශ්‍රමිකයින් පිරිසගේ කටයුතු කොරියාවේදී…
ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. ඒ, පාර්ලිමේන්තු සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසිනි. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විවාදයෙන් අනතුරුව ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුණි. එහිදී යෝජනාව ට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ඡන්ද 77ක් හිමිවිය. ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ අදාළ යෝජනාව ඒකාන්ත බහුතරයකින් සම්මත වූ බවය.
ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් විසින් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ. තැපැල් හුවමාරුව හරහා එවන ලද පාර්සල් පරීක්ෂා කිරීම්වලදී ඒ තුළ තිබී “කුෂ්” නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3.475ක් මෙලෙස සොයාගෙන ඇත. එහි මුළු වටිනාකම රුපියල් මිලියන 34.75 වන බවට ශ්‍රී ලංකා රේගුව පවසයි. පසුගිය කාලය තුළදී අමෙරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව යන රටවල්වලින් තැපැල් මගින් බොරලැස්ගමුව, වැල්ලවත්ත, මිනුවන්ගොඩ, වැලිසර, නුවරඑළිය සහ තලංගම යන ප්‍රදේශවල ලිපිනයන් වෙත එලෙස පාර්සල් 10ක් පමණ එවා තිබුණි. එම පාර්සල් ලබාගැනීමට ඒවායේ අයිතිකරුවන් ඉදිරිපත් නොවූ බැවින් පසුගිය 16 වනදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ දී ඒවා රේගු නිලධාරීන් විසින් පරික්ෂා…
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහත දමා තිබේ. ඒ අනුව, කිරිපිටි (ලංකා සතොස) ග්‍රෑම් 400 පැකට් එකක මිල රුපියල් 50කින් අඩුකර තිබෙන අතර එහි නව මිල රුපියල් 1,030කි. වියළි මිරිස් කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 45කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,350ක් වෙයි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක නව මිල රුපියල් 325ක් වන අතර එහි ඉතිරිය රුපියල් 10කි. සෝයා මීට් (තොග) කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 660කි. ලොකු ලූනු කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 129ක් වන අතර එහි ඉතිරිය රුපියල් 6කි. සුදු සීනි කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 239ක් වන…
බස් ගාස්තුවට වඩා තුනෙන් එකකට අඩුවෙන් දුම්රිය ගාස්තු පවත්වාගෙන යෑමට ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (24) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ඒ සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු බවය. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට කාලය එළඹ ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. “දුම්රිය දෙපාර්තමේන්තුවේ 2021 මුළු ආදායම බිලියන 2.6යි. බිලියන 2.3ක් අතිකාල දීමනා. වැටුප් සඳහා බිලියන 7යි. ඒ නිසා පසුගිය වර්ෂවල බිලියන 10ක විතර අලාභයක් සිදුව තිබෙනවා. මේ අලාභය පියවා ගැනීමට නම් මේ ආයතනයේ තිබෙන අකාර්යක්ෂමතාවය නැති කරන්න එක උත්තරයයි තියෙන්නේ,මේවා ඩිජිටල්කරණය කරන්න ඕනේ.…