Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
එළඹෙන උත්සවය සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ත්‍රිරෝද රථ සඳහා පෙට්‍රල් ලීටර් 8ක් දක්වා ද යතුරුපැදි සඳහා පෙට්‍රල් ලීටර් 7ක් දක්වා ද ඉහළ දමා ඇත. එසේම මීට පෙර බස් රථ සඳහා ඉන්ධන ලීටර් 40ක් ලබාදුන් අතර එය ඉන්ධන ලීටර් 60ක් දක්වා ද ඉහළ දමා තිබේ. මෝටර් රථ සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 30 දක්වා ඉහළ දමා තිබේ. ඉඩම් වාහන සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 25ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත. මේ අතර ලොරි රථ සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ද ලීටර් 75ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ. එසේම විශේෂ…
ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,290 කින් පහළ දැමූ බවත් නව මිල අද (4) මධ්‍යම රාක්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ලාෆ් ගෑස් සමාගම අද (4) පස්වරුවේ නිවේදනය කළේය. රුපියල් 5,280 ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,990 ක් බවත් රුපියල් 2,112 ක්ව පැවැති කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 516 කින් අඩු කිරීමත් සමඟ නව මිල රුපියල් 1,596 ක් බවට පත්වූ බවත් එම සමාගම කියයි.
දින 40කට වැඩි කාලයක් අතරමග නතර කර තිබූ උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ආරම්භ කිරීම සඳහා නායකත්වය ලබාදීමට අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ එම සංගමය සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර ඊයේ (03) පැවැති සාකච්ඡාවෙන් පසුවය. එහිදි අදහස් දැක්වූ ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුවේ, සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි පැවසුවේ දෛනික දීමනාවක් ලෙස ගෙවීම් සිදුකිරීමට අමාත්‍යවරයා එකඟ වූ බවය. “මේ වෙනකොට ඇමතිතුමා එකඟතාවය පළ කරන්නනට යෙදුණා කිලෝ මීටර් 80ට අඩු දුර ප්‍රමාණය සහිත අයට රුපියල් 2,000ක දීමනාවකුත්. කිලෝ මීටර් 80ට වැඩි අයට රුපියල් 2,900ක දිමනාවකුත් ලබා දෙන්න එකඟ වුණා. දෛනික දීනාවක් විදියට. ඒ නිසා අපි තීරණය කළා…
කොළඹ – කොටුව දුම්රියපළ ඉදිරිපිට අද (04) දහවල් වෘත්තීය සමිති විසින් පැවැත්වීමට නියමිත විරෝධතාව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම ස්ථානයේ විරෝධතාවයේ නිරතවන පිරිසට, ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට සහ මුදල් අමාත්‍යංශයට ඇතුළු වීම තහනම් කරමිනුයි මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ. කොටුව පොලිසිය කළ ඉල්ලීමක් සළකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. ත්‍රස්ත පනත, රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළකිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල්කරගනිමිනුයි ඒකාබද්ධ වෘත්තීය එකමුතුව මෙම විරෝධතාව සැලසුම් කර ඇත්තේ.
පානදුර කළුදෑවල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියදුරෙකුට පහරදී ත්‍රිරෝද රථය පැහැරගත් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවටගත් බව පානදුර පින්වත්ත පොලීසිය පැවසීය. සැකකාර එක් සහෝදරයෙකුගේ සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 5,100ක් පොලිස් භාරයට ගෙන ඇත. ත්‍රිරෝද රථ රියදුරු මීට දින දෙකකට පමණ ඉහතදී පානදුර මූලික රෝහලෙන් ප්‍රතිකාර ගැනීම සඳහා බිරිඳව රෝහල වෙත ඇරලවා යළි නිවස ආසන්නයට පැමිණ ත්‍රිරෝද රථය නවතනවාත් සමගම එහි පැමිණ තිබූ සැකකරුවන් රියදුරුට පහරදී ත්‍රිරෝද රථය පැහැරගෙන ගොස් තිබිණි. පහරදීමට පැමිණි සැකකරුවන් හඳුනාගෙන තිබූ රියදුරු ඒ සම්බන්ධයෙන් දුරකථනය හරහා සිදුකරන ලද පැමිණිල්ලක් අනුව පැය කිහිපයක් තුළදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත්විය. අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්කුඩු ජාවාරමට හා…
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,005කින් පහළ දැමෙන බව ලිට්‍රෝ සමාගම පවසයි. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, රුපියල් 4,743ක් ව පැවති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,738ක් වන බවය. එමෙන්ම කිලෝගෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 402කින් පහත දමා තිබේ. ඒ අනුව 1,904ක් ව පැවති එම ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1,502කි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 183කින් පහත දැමෙන අතර රුපියල් 883ක්ව පැවති එහි නව මිල රුපියල් 700ක් වේ. ලෝක වෙළෙඳපොළේ පවතින මිල උච්චාවචනයන්ට අනුව මෙම මිල…
ගෑස් මිල අඩු වුවහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. බේකරි හිමියන් ගෑස් සහ දර භාවිතයෙන් සිය නිෂ්පාදන කටයුතු සිදු කරන අතර, මෙම තත්ත්වය හමුවේ තම සංගමය ඉදිරියේදී රැස්වී තීරණයක් ගන්නා බවයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ප්‍රකාශ කළේ. අවසන් වරට පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කරනු ලැබුවේ පිටි කිලෝවක මිල රුපියල් 15කින් අඩු කිරීමත් සමඟයි.
මාර්තු මාසයේ මෙරටට සංචාරකයින් 125,495ක් පැමිණ තිබෙනවා. 2020 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ මෙම මාසයේ වීම විශේෂයත්වයක්. රුසියාව, ඉන්දියාව, එංගලන්තය, ජර්මනිය සහ ප්‍රංශය මෙලෙස සංචාරකයින් පැමිණි රටවල් අතර ප්‍රධාන වෙනවා. මේ වසරේ මෙරටට සංචාරකයින් මිලියන 1.5ක් ගෙන්වීමට අපේක්ෂා කළ අතර එම අපේක්ෂාව මිලියන 2 දක්වා ඉහළ නංවා ඇති බවයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කළේ.
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ ෂෙප්බි ප්‍රාන්තයේ හෙලිකොප්ටර් ගිලන් රථයක් අනතුරට පත් වී කඩා වැටීමෙන් එහි සිටි වෛද්‍ය ආධාරකරුවෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුර සිදුවූයේ අනතුර සිදුවූයේ කඳු නගිමින් සිට තුවාල ලැබූ අයකු බේරා ගැනීමට ගිය අවස්ථාවේදීය. අනතුරට පත් වූයේ ‘එයාර් මෙතඞ්’ ගිලන් රථ සේවයට අයත් හෙලිකොප්ටරයක් බව පැවැසෙයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග අග්‍රාමාත්‍යවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ, එම සතිය තුළ අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ සාකච්ඡාව ලබාදෙනු ඇති බවට අපේක්ෂා කරන බවය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණි. ඒ අනුව අදාළ සාකච්ඡාව එම සතිය තුළ ලැබෙනු ඇති බවත් එම සාකච්ඡාවෙන් අනතුරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.…