Author: LANKA24X7

රුපියල් එකොලොස්කෝටි තිස්හය ලක්ෂ හැත්තෑදහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බව රේගු නිලධාරීන් ප්‍රකාශ කළා. රාජසන්තක කරන ලද ගුවන් ගමන් මලු සහ භාණ්ඩ රඳවා තබන ගුදම් ගබඩාව තුළ තිබි මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබෙනවා. මාස 9ක කාලයක් ගමන් මලු භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් එය විවෘත කර පරීක්ෂා කිරීමට රේගු නිලධාරීන් කටයුතු කළා. එහි තිබි කිලෝ ග්‍රෑම් 11යි ග්‍රෑම් 367ක කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිව තිබෙනවා. පසුගිය මාර්තු මාසයේ දී තායිලන්තයේ සිට පැමිණි ගුවන් මගියෙකු ඒවා ගුවන් තොටුපළ පැමිණිමේ පර්යන්තයේ දී අතහැර ගොස් ඇති බවටයි විමර්ෂණවලදී හෙළිවුණේ.

Read More

විෂ මත් ව්‍යසන පරදන “රටම එකට” ජාතික මෙහෙයුමේ දෙවැනි අදියර දකුණු පළාතෙන් ඇරැඹීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව රටම එකට ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල මහජන ක්‍රීඩාංගනයේදී ලබන බ්‍රහස්පතින්දා (20) පස්වරු 3ට පැවැත්වේ. විෂ මත් ව්‍යසන පරදන ” රටම එකට” ජාතික මෙහෙයුම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඔක්තෝබර් 30 වැනිදා ඇරැඹිණි. මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික මෙහෙයුම් සභාවක් මේ වන විට පිහිටුවා ඇති අතර එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් මහජන සහාය ලබා ගැනීමේ යාන්ත්‍රණය ලෙස දිස්ත්‍රික් මෙහෙයුම් සභා, ප්‍රාදේශීය…

Read More

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ තනතුර සඳහා සිය වෘත්තිය සමිතියේ කටයුතු කළ පුද්ගලික ලේකම්වරියක රජයේ නිලධාරීන්ට බලපෑම් කර අත්තනෝමතිකව බඳවා ගත්තේ යැයි අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල ඇපමත මුදා හැරීමටට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය. අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන සැකකරු සම්බන්ධයෙන් විමර්ශන බොහෝ දුරට අවසන්ව ඇති බැවින් ඇප ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවට අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ ඇප නියම කළේය. සැකකරුට රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම්…

Read More

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (17) උදෑසන සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ඇරඹු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලට පැමිණ තිබේ. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගී වීම සඳහාය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉහළ නිලතල දරන වෛද්‍යවරු රැසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව තිබේ. එම සාකච්ඡාව මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බවත් වාර්තා වේ.

Read More

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් කොමිසම විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Read More

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් කිතුල්කොටේ ප්‍රදේශයේ දී වාහන තුනක් එකිනෙක ගැටීමෙන් අද (17) පෙරවරුවේ අනතුරක් සිදුව තිබේ. බස් රථයක්, වෑන් රථයක් සහ මෝටර් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත. අනතුරින් කිසිවෙකුටත් බරපතළ හානියක් සිදු වී නොමැති අතර රථ වාහනවලට දැඩි හානි සිදු වී ඇත. අනතුර සම්බන්ධයෙන් තණමල්විල පොලිස් මූලස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන්ය.

Read More

මුද්‍රණ කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් නවතා තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණය පසුගිය සතියේ සිට කටයුතු ආරම්භ කළ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව දෛනිකව රියදුරු බලපත්‍ර 6,000ක් පමණ මුද්‍රණය කිරීමට සැළසුම් කර ඇත. රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කාඩ්පත් නොමැති වීම හේතුවෙන් පසුගිය කාලයේ 350,000කට ආසන්න රියදුරු බලපත්‍ර සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට ගොඩගැසී ඇති බව වාර්තා වේ.

Read More

මෙම වසරේ පළමු මාස 10 තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.659 ක ආදායමක් උපයා ඇති බවත් එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 4.9 ක වර්ධනයක් බවත් මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය. පසුගිය වසරේ පළමු මාස 10දී සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.533 ක මුදලක් ශ්‍රී ලංකාව උපයා තිබිණි. ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙන් සියයට 3 ක ප්‍රතිශතයකට දායකත්වය සපයන සංචාරක ඉපයීම් මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 186.1ක් මුදලක් උපයා තිබූ අතර එය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව සියයට 0.27 ක වර්ධනයක් විය. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 185.6ක් වූවේය. පසුගිය ජූලි…

Read More

මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවිමට සියලු රාජ්‍ය ආයතන වෙත චක්‍රලේඛයක් නිකුත් කරන බව ම මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ කළුතර දී පැවසිය. සියලු ආයතන ප්‍රධානින් සිය ආයතන මත්ද්‍රව්‍ය වලින් තොර කලාප බවට පත්කිරීමට කටයුතු කළ යුතුය . එය ඔවුන්ගේ වගකිම වාර්තා වෙලා තියෙනවා ඇතැම් රාජ්‍ය ආයතනවල මත්ද්‍රව්‍යවලට ගොදුරු වූ පිරිස් ඉන්නවා කියල. මත්ද්‍රව්‍ය වලට ගොදුරු වූ පිරිස් ඉන්නවා නම් ඔවුන් පුනරුත්ථාපන කිරිම මෙන්ම ජාවාරම් කරුවන් සිටීනම් විනය ක්‍රියාමාර්ග ගෙන පොලිසියට භාරදිය යුතුයි. හෙට දිනයේ අධ්‍යාපන ලේකම්වරයා හරහා සියලු පාසල් විශ්ව විද්‍යාල සහ සියලු අධ්‍යාපන ආයතනවලට මෙවැනි මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවන්න කියල චක්‍රලේඛයක් නිකුත් කරනවා. මේවා…

Read More

නුගේගොඩදී ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සහයෝගය නොදැක්වීමට තීරණය කර ඇතැයි දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පැවැසීය. වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1750 දක්වා වැඩි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගත් තීරණයට ස්තූතිවන්ත වන බව කී හෙතෙම වතු ජනතාවගේ ගැටලු විසඳීමට රජය ගන්නා සෑම ක්‍රියා මාර්ගයකටම පූර්ණ සහයෝගය දෙන බවද සදහන් කළේය.

Read More