Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සෞඛ්‍ය ආරක්ෂිතව පානීය ජලය පාරිභෝගිකයන්ට ලබා ගැනීමට හැකිවන පරිදි ආරක්ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14) අයවැය කතාව ඉදිරිපත් කරමින් කියා සිටියේය. ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා සිටියේ ඒ අනුව, පානීය ජල බෝතල් නිෂ්පාදනය සිදු කරනු ලබන අවස්තාවේ දීම ඒ සඳහා ආරක්ෂිත මුද්‍රාවක් (Sticker) යෙදීමට හැකිවන පරිදි අවශ්‍ය ක්‍රමවේද හඳුන්වා දීමට සහ පසුවිපරම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගත යුතු බවයි. පානීය ජල බෝතල් භාවිතය සීඝ්‍ර ලෙස වැඩි වී ඇති බැවින් සෞඛ්‍ය ආරක්ෂිතව පානීය ජලය පාරිභෝගිකයන්ට ලබා ගැනීමට හැකිවන පරිදි ආරක්ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීම අත්‍යවශ්‍ය වී ඇත. ඒ අනුව, පානීය ජල බෝතල් නිෂ්පාදනය…
ලබන වසරේ අළු බඳුන තරගාවලියෙන් පසුව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙරව T20ලෝක කුසලාන තරගාවලියෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අනපේක්ෂිත ලෙස ඉවත්වීමට සිදුවුණි. එම සිදුවීමත් සමග වෝනර් සහ ඔස්ට්‍රේලියානු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම දැඩි ලෙස කම්පනයට ලක්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක මැතිව් හේඩ්න් කණ්ඩායමේ වෙනසක් සිදුවිය යුතු බව සඳහන් කර ඇත්තේ, මීළඟ ලෝක කුසලානයට පෙර ඇතැමුන්ට ඉවත් වීමට කාලය පැමිණ ඇති බව පවසමිනි.
ඉරානයේ පැවැති විරෝධතා අතරතුර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 326 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ආරක්ෂක අංශ විසින් විරෝධතා මර්දනයට ගත් ක්‍රියාමාර්ග අතරතුර මියගිය පුද්ගලයින් අතර ළමුන් 43 දෙනෙකු සහ කාන්තාවන් 25 දෙනෙකු වන බව මානව හිමිකම් සංවිධාන පෙන්වාදී ඇත. කාන්තාවන් සඳහා වන ඇඳුම් පැළඳුම් නීති උල්ලංඝනය කළ බවට අත්අඩංගුවට ගත් මාහ්ෂා අමීනී නම් තරුණිය මියයාමත් සමග රටපුරා මෙම විරෝධතා ක්‍රියාත්මක කෙරුණි.
මෙවර අයවැය හරහා යෝජනා කරන ලද විශේෂ කරුණු 73කින් සමන්විත නිවේදනයක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇත. එම නිවේදනය පහතින්.
ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ නඩුව සඳහා වියදම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව මූල්‍ය ප්‍රතිපාදන නොමැති බවට පසුගියදා පළවු මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා පවසයි. ඔහු පැවසුවේ පළමුවෙන් ධනුෂ්ක ගුණතිලක බේරා ගැනීම සඳහා කටයුතු කළයුතු බවය. පසුව ඔහුගෙන් අදාළ පියවා ගැනීම් සිදුකිරීමට හැකි බවත් ඒ මහාතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (14) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. “මම අඟහරුවාදාම ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක මණ්ඩලයේ අනුමැතිය අරන් තියෙනවා අවශ්‍ය ප්‍රතිපාදන ලබලා දෙන්න. ඒ ළමයා බේර ගත්තට පස්සේ එයාගේ පෞද්ගලික වියහියදම් පියවා ගන්නට තියෙනවා නම් අපිට එතුමාගෙන් එක පියවා ගන්න පුළුවන්.…
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණිවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ජනාධිපති නිවස අසල විරෝධතාවට එක්වීම සහ පොලීසියේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු අද (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. කුරුදුවත්ත පොලීසිය මඟින් එම පිරිස රඳවාගෙන ප්‍රශ්න කළ බව . මේ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුරුඳුවත්ත පොලීසියට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළේය. “මේ රටේ පුරවැසියන් සතු ප්‍රධාන අයිතියක් තිබෙනවා. ඒ තමා මානව අයිතිය. ඒක තහවුරු කෙරෙනවා රටේ උත්තරීතර නීතියෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙන්. කනගාටුවට කාරණාව අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවත් ක්‍රියාත්මක නොවන අව නීතිය රජ කරවන රටකයි අපි මේ ඉන්නේ. නමුත් අපි…
ජී 20 රාජ්‍ය නායක සමුළුව අද (15) ඉන්දුනීසීයාවේ බාලි දූපත්හි ආරම්භ වේ. සමුළුවට සමගාමීව ඊයේ (14) අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර විශේෂ හමුවක් සිදු විය. එහිදී දෙපාර්ශවය අතර තායිවානය ගැටලුව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. එක් චීනයක් ප්‍රතිපත්තිය තවදුරටත් පිළිගන්නා අතර චීනය සමග නව සීතල යුද්ධයක් ආරම්භ නොකරන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
ඒඩ්ස්, හෙපටයිටීස් බී හා හෙපටයිටීස් සී රෝග පිළිබඳ රුධිර පරීක්ෂා සඳහා භාවිත කරන එලයිසර් ප්‍රතික්‍රියක කට්ටල ලබන සතිය තුළ අවසන් වීමේ අවදානමක් මතුව තිබේ. ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ, සාමාන්‍යයෙන් මාසික සංචිතයක් තම ආයතනය සතුව පැවතිය යුතු බවය. “HIV එඩ්ස්, හෙපටයිටීස් B, හෙපටයිටීස් C සඳහා භාවිතයට ගන්න ප්‍රතික්‍රියකවර්ගය තමයි “එලයිසර්”. අපිට මේ වෙලාවේ ගැටලුවක් පවතිනවා මාසෙකට පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය සංචිත ප්‍රමාණය සතියකට අවශ්‍ය ප්‍රමාණයක් තමයි දැනට අප සතුව තිබෙන්නේ. ජාතික රුධිර මධ්‍යස්ථානයට තමයි අපි සාමාන්‍යයෙන් මේ තොග ලබාගන්නේ. එතකොට දැනට තිබෙන තොග ප්‍රමාණවත් වන්නේ අපට සතියකට පමණයි. ලබන බදාදා වන විට තොගවලින් නිකුත් කරන්න…
සමගි ජන බලවේග සන්ධානය සමග එක්වූ බව පැවසූ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඒ සම්බන්ධයෙන් පළවන වාර්තා ප්‍රතික්ෂේප කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු ඊයේ (14) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී එම සන්ධානය සමග කටයුතු කිරීමට තීරණය කර තිබුණි. මේ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පැවසුවේ එය අනාගතයේ සුබ පෙර නිමිත්තක් බවය. “ස්වාධීන වූ මන්ත්‍රීතුමන්ලා 6දෙනෙකුගේ කණ්ඩායමක් සමගි ජන බලවේගයත් සමග සන්ධාන ගත වීමට තීන්දුවක් අරන් තියෙනවා. එය සුබ පෙරනිමිත්තක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ වැඩපිළිවෙලට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගෙත් පූර්ණ සහයෝගය සහ ආශිර්වාදය මේ කර්තවයට ලැබෙනවා. එකම රටේ එකම පුරවැසියන් කියන ප්‍රතිපත්තිය තුළ.” කෙසේවුවද පසුව පාර්ලිමේන්තු…