Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඔවුන් සමග වසර 13ක් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු නායක කයිරන් පොලාර්ඩ් එළඹෙන IPL තරගාවලිය සඳහා තෝරාගෙන නොමැත. එබැවින් ඔහු IPL ක්‍රිකට් තරග වලින් සමුගන්නා බව පවසයි. සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ “පිතිකරණ පුහුණුකරු” ලෙස තමා එම කණ්ඩායම සමග එක්වන බවය.
ගම්පහ මාකවිට ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. අප වාර්තාකරු පැවසුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාකවිට ප්‍රදේශයේ පිහිටි ප්‍රාථමික පාසලක් අසලදී එම වෙඩිතැබීම සිදුකර ඇති බවය.
ව්‍යාපාර කඩා කඩාගෙන වැටී ඇති මොහොතක් බදු ගහනවා යනු ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ වැඩක් යැයි ජාතික ජන ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මිලියන එකොලොස් දාහක් ගිය වසරේ ලාභ ලබා තිබෙන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකුණන්නට ආණ්ඩුව පාවිච්චි කරන තර්කය කුමක්දැයි හේරත් මහතා ප්‍රශ්න කළේය. පාඩු ලබන රාජ්‍ය ආයතන නොව අසීමිත ලෙස ලාභ ලබන රාජ්‍ය ආයතන විකුනන්නේ කුමටදැයි ප්‍රශ්න කළ හේරත් මහතා ලාභ ලබන ආයතන එක සැරේ විකුණා එයින් ලැබෙන කුට්ටිය අර්බුදය විසඳන්න පාවිච්චි කිරීම ආණ්ඩුවේ අරමුණයි යැයිද එයින් වන දිගුකාලීන හානිය ගැන සිතන්නේ නැතැයිද කීය. අයව දෙවැනි වර කියවීමේ විවාදය ට සහභාගී වෙමින් විජිත…
බඩගිනියි කියන මිනිහට මාළුවෙක් දෙනවා වෙනුවට බිලී කොක්කක් දෙන තැනට වසර හැත්තෑවකට පසුව හෝ පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී සී.බී රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස අභියෝගය බාරගත්තේ බෙල්ලට හිර වෙලා තිබෙන මොහොතක බවද අවලාද මැද මරණ මංචකයට යන්න වුණත් ඔවුන් අභියෝගය බාර ගෙන දැන් යම් තරමකට වුණත් රට උඩට ගෙනැවිත් තිබෙන බවද රත්නායක මහතා කීය. අයවැය දෙවැනි වර කියැවීමෙි විවාදයට එක්වෙමින් සී.බී.රත්නායක මහතා මෙි බව කීය.
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 14දෙනෙකු සහ එක් සැකකරුවකු ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. ඒ අනුව එක් එක් සැකකාරිය රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝග කළේය. නඩුව නැවත පෙබරවාරි මස 13 වනදා තෙක් කල් තැබුණි.
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් අඩුවී තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.81 දක්වාත් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.43 දක්වා අඩුවී ඇති බවය. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ බොර තෙල් සඳහා චීනයෙන් ඉල්ලුම අඩුවීම බව සඳහන් ය.
විදුලි බලවේග ධාවනාගාරයේ විවේකාගාරයේ ගැටලුවක් මුල් කර ගනිමින් දුම්රිය රියදුරුන් පිරිසක් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත. මේ හේතුවෙන් අද (15) පෙරවරුවේ දුම්රිය ගමන්වාර කිහිපයක් අත්හිටුවීමට සිදුවු බව “දුම්රිය නගාසිටුවීම සඳහා වු වෘත්තීය සමිති සන්ධානයේ” කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය. අදාළ ගැටලුවට විසඳුම් නොලැබෙන්නේ නම් අඛණ්ඩව වෘත්තිය ක්‍රියාමාර්ගය සිදුකරන බව ද ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.
ප්‍රධාන දුම්රිය ස්ථාන සහ උප දුම්රිය ස්ථාන රැසක ප්‍රවේශ පත්‍රවල දැඩි හිඟයක් පවතින බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. ඇතැම් දුම්රිය ස්ථානවල රුපියල් 20ක ප්‍රවේශ පත්‍ර නොමැතිවීම නිසා රුපියල් 40 ප්‍රවේශ පත්‍ර දෙකට කපා මගීන්ට නිකුත් කරන බවයි එම සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර සඳහන් කළේ.
වෙනත් රටවලින් බිත්තර ආනයනය කර මෙරට රැකියා දහස් ගණනක් අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසනවා. මේ අතර එළැඹෙන උත්සව සමෙය් දී බිත්තර හිඟවීමේ අවදානමක් මතුව ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යපාරිකයින්ගේ සංගමය සඳහන් කළා. සුදු බිත්තරයක් රුපියල් 43කට හා දුඹුරු හෝ රතු බිත්තරයක් රුපියල් 45ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් රජය පසුගිය අගොස්තු මස 19වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කළ නමුත් මිල ප්‍රමාණවත් නොවීම නිසා අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවක දී බිත්තරයක් රුපියල් 50ක උපරිම සිල්ලර මිලකට අළෙවි කිරීම සඳහා වාචික එකඟතාවකට පැමිණ තිබුණා. ඒ අනුව පසුගිය කාලය තුළ වෙළෙඳපොළේ බිත්තරයක්…
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරට සහභාගි වීම සඳහා දකුණු කොරියාවට පැමිණි ශ්‍රි ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම්, කාන්තා කණ්ඩායමේ නායිකාව නොමැතිව අද(14 වැනිදා) රාත්‍රී 11.30 ට පමණ ශ්‍රී ලංකාව බලා පිටත්ව ගියහ. තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 12 දෙනෙක්, ක්‍රීඩිකාවන් 12 දෙනෙක්, පුහුණුකරුවන් දෙදෙනෙක්, කළමනාකරුවකු, කළමනාකාරියක, භෞතචිකිත්සකවරයකු සහ සම්බාහකවරයකු ඇතුළත් වූහ. තරගාවලිය නිමාවීමෙන් අනතුරුව ඉරිදා (13 වැනිදා) පස්වරුවේ අතුරුදන් වූ කාන්තා රග්බි කණ්ඩායමේ නායිකා දුලානි පල්ලෙකොණ්ඩගේ සෙවීම සඳහා ඉන්චෝන් නුවර නම්දොංගු පොලිසියත්, කොරියානු රහස් පොලිස් ඒකකයත් ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කළහ. කෙසේ වුවත් ඊයේ පස්වරු 5.00 ට පමණ කණ්ඩායම නවාතැන් ගෙන සිටි හෝටලයෙන් ඉන්චෝන් ගුවන්තොටුපළ බලා පිටත්ව…