Author: LANKA24X7

මීළඟ IPL තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග ව තම කණ්ඩායමේ රඳවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තීරණය කර තිබේ. මේ අතර චාමික කරුණාරත්න ව තම කණ්ඩායමෙන් නිදහස් කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා විය.

Read More

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ. සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ, ආගමන හා විගමන පාලක, මහජන ආරක්ෂක ඇමතිවරයා, සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු පිරිසක් නම් කර තිබේ. පෙත්සම්කරු කියා සිටින්නේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවය. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවැනි තැනැත්තියකට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බවත් එය නීතියට පටහැනි බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබේ.…

Read More

මැතිවරණයක් පැවැත්වීමේ කාලවකවාණුව ගැන ඊ (15) දිනයේ දී පැහැදිලි පිළිතුරක් ලැබුණු බව විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඒ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, උත්තර ලංකා සභාගය, නිදහස ජනතා සභාව, ඉලංගෙයි තමිල් අරසු කච්චි ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වී තිබුණි. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, “මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් ප්‍රකාශ කර සිටියා 2023 මාර්තු 20 වගේ වනවිට පළාත් පාලන ආයතන අලුතෙන් ස්ථාපනය වන ආකාරයට මැතිවරණය පවත්වන්නට ඔවුන් කටයුතු කරනවා…

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල අද (16) සවස 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මිහිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Read More

රජය දැනට පියවා නොමැති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 200ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා පවසයි. ඔහු ඊයේ (15) පෙන්වා දුන්නේ, ලැබෙන ආදායම වැටුප් සහ සහනාධාර වැනි අත්‍යවශ්‍ය කරුණුවලටවත් ප්‍රමාණවත් නොවන බවය. “භාණ්ඩාගාරය පැත්තෙන් ගත්තොත් එදිනෙදා මුදල් ප්‍රවාහය හසුරුවනකොට මට පේනවා මේක කොතරම් දුෂ්කර කාර්යයක්ද කියලා. මොකද මේ ලැබෙන ආදායම වැටුප් සහ සහනාධාර වැනි අත්‍යවශ්‍ය දේවල්වලටවත් ප්‍රමාණවත් නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස රජය දැනට පියවා නොමැති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 200ක් පමණ වනවා. විශේෂයෙන්ම ඉදිකිරීම් සහ වෙනත් ආයතනවලට ගෙවිය යුතු බිල්පත් ඒ අතරට අයත්. ඒ බිල්පත් ගෙවිය නොහැකි තත්ත්වයකයි රජය තිබෙන්නෙ.” “මේ පසුබිම නිසා තමයි රජය ආදායම්…

Read More

බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට දිල්ලි අධිකරණය විසින් ඇප නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය රුපියල් කෝටි 200ක කප්පමක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රෂේකර්ට එරෙහි නඩුවක විත්තිකාරියක් ලෙස ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබුණි. මේ අතර ජැකලින් ෆර්නැන්ඩස් හට ශ්‍රී ලංකාවේ ද වත්කම් මිලදී ගෙන ඇති බවට විමර්ශනවලින් හෙළිවී තිබේ. මේ සම්බන්ධයෙන් ජැකලින්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ දී ඇය පවසා ඇත්තේ සුකේෂ් වැලිගම ප්‍රදේශයෙන් නිවසක් මිලදී ගත් බව පැවසුව ද තමන් කිසිදිනෙක එහි ගොස් නොමැති බවය. එරට මාධ්‍ය වාර්තා කරන්නේ මේ පිළිබඳව අධිකරණමය කටයුතු සිදුවෙමින් ඇති බවය. මුදල් විශුද්ධිකරණ නඩුවේ චෝදනාවලින් බේරීම සඳහා තමන් සුකේෂ්ගේ…

Read More

මීගමුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක අද දින විශාල බහලුම් රථයක් වැදී අනතුරක් සිදුවි තිබෙනවා. මීගමුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.10 ට කොළඹ කොටුව බලා ධාවනය වූ මගී දුම්රිය කුරණ දුම්රිය ස්ථානය ආසන්නයේ 10.15 ට පමණ පුද්ගලික හරස් මාර්ගයක දී අංක CPLM 8909 දරණ බහලුම් රථය මෙසේ අනතුරට ලක්ව ඇත්තේ. කෙසේ වෙතත් පුත්තලම් මාර්ගයේ ධාවනයට මේ වන විට බාධාවක් නොවූ අතර දුම්රිය ධාවනය මේ වන විට සාමාන්‍ය පරිදි සිදු කෙරේ. මෙම අනතුරු හේතුවෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු නොවූ අතර අදාල බහලුම් රථයේ ගැටුණු දුම්රියේ රියදුරු කුටියට දැඩි අලභානී සිදුව ඇත.

Read More

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 16ක් මැතිවරණ කොමිසම වෙත ගොස් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එම කොමිසම සමග සාකච්ජා කිරීමට අද (15) පියවර ගත්හ. පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා ලිපියක්ද භාරදීමට එම පිරිස කටයුතු කළහ. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පිරිස මැතිවරණ කොමිසම වෙත පැමිණියහ.

Read More

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පැමිණිලි හතර පහක් ඉදිරිපත් කළත් අදටත් ඒවාට වෙච්ච දෙයක් නොමැති බවත් අල්ලස් කොමිසම වැඩ කරන්නේ මෙහෙම නම් මෙවැනි කොමිසමකින් මේ රටට ඇති ඵලය කුමක්දැයි තමා ප්‍රශ්න කරන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවසීය. ඒ පැමිණිලි සම්බන්ධයෙන් අල්ලස් කොමිසම තමාගෙන් පැය හතර පහ ප්‍රශ්න කිරීම් නම් හොඳට කළ බවද ඔහු සඳහන් කළේය. රාජපක්ෂ මහතා මෙසේ පැවසූවේ අයවැය දෙවෙනි වර කියවීමේ විවාදයේදීය.

Read More

ජනප්‍රිය තීරණ ගත්තේ බණ්ඩාරනායක ලා නොව ජේ.ආර් බව කුරුණෑගල දිස්ත්‍රික් පොදු පොදුජන පෙරමුණු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. බණ්ඩාරනායක ජනප්‍රිය තීන්දු ගන්නා විට තමා අමාරු තීරණ ගත් බවත් සිංගප්පූරුවේ අගමැති ලීක්වාන් යූ කිවුවා යැයි කතාවක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කථාව ඉදිරිපත් කරමින් සඳහන් කළ බව කී ජයසේකර මහතා බණ්ඩාරනායක මහතා සහ මැතිණිය ගත් අමාරු තීන්දු නිසා තමන් ද පොඩි එකෙක් ලෙස පාන් පෝලිමේ සහ භූමිතෙල් ගඳ රෙදි ගන්න පෝලිමේ සිට තිබෙන බව පැවසීය. ජනාධිපතිතුමාගේ මාමණ්ඩිට බණ්ඩාරනායකවරුන් රට බාරදෙන විට අය වැය අතිරික්තයක් තිබුණ බවද ජේ. ආර් ජයවර්ධන මහතා මහතා ජනප්‍රිය තීන්දු ගෙන රට නිෂ්පාදන ආර්ථිකයේ සිට යැපුම් ආර්ථිකයක්…

Read More