Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
හෙට (04) මධ්‍යම රාත්‍රී සිට ලිට්‍රෝ ගෑස් මිල රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයකින් අඩු කරන බව එහි සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, හෙට පෙරවරුවේදී නව මිල ගණන් ප්‍රකාශයට පත්කරන බවය. ඉතිහාසයේ ඉහළම අගයකින් සිදුවන ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය මෙය වන බව මුදිත පීරිස් මහතා සඳහන් කළේය. ලෝක වෙළෙඳපළේ ගෑස් මිල පහළ යාම, රුපියල ශක්තිමත් වීම ඇතුළු කරුණු කිහිපයක් මිල අඩු කිරීම කෙරෙහි බලපා තිබේ.
ඊයේ(02) දින කොල්ලුපිටිය සහ ගල්කිස්ස යන ප්‍රදේශවල පොලිසිය විසින් සිදුකල වැටලීම් ඔස්සේ සම්බාහන මධ්‍යස්ථාන ලෙස හඟවා සිදුකර ගෙන ගිය මහා පරිමාණයේ ගණිකා නිවාස දෙකක් වටලා තිබෙනවා. එහිදී එම නිවාසය පවත්වාගෙන ගිය කළමනාකරුවන් දෙදෙනෙකු මෙන්ම එහි සේවයකල කාන්තාවක් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරනවා. අත් අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20ක් හා 30ක් අතර සහ සැකකාරියන් වයස් අවුරුදු 23ත් 32ත් අතර වයස් සීමාවල පසුවන්නන් වෙනවා. කොල්ලුපිටිය සහ ගල්කිස්ස පොලිසි මඟින් සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබනවා.
ප්‍රධාන අපනයන භෝගයක් වන කුරුඳු සඳහා සහන මිලක් ලබාදෙන ලෙස කුරුඳු තැලුම්කරුවන්ගේ සහ වගාකරුවන්ගේ ඒකාබද්ධ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා. එම සංගමයේ කැඳවුම්කරු චමින්ද රාජපක්ෂ කියා සිටියේ කුරුඳු මිල ගණන් පහත වැටීම හේතුවෙන් එම කර්මාන්තයේ නිරත පිරිස් දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි.
ජාතික පාසල් සඳහා ළමයින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛ අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් ලබන 21 වනදායින් පසුව දැනුවත් කිරීම් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම පාසල්වල දෙක ශ්‍රේණියේ සිට හතර ශ්‍රේණිය දක්වාත්, හත ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වාත් පන්ති සඳහා ළමයින් ඇතුළත් කිරීමට අදාළවයි එම දැනුවත් කිරීම සිදුකිරීමට නියමිතව ඇත්තේ. එතෙක් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමයින් ඇතුළත් කිරීමට ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.
කොවිඩ් වසංගතය හමුවේ ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින චීනය එරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ප්‍රතිලාභ කප්පාදු කරමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ හමුවේ චීනය එරට වැඩිහිටියන්ගේ වෛද්‍ය ප්‍රතිලාභ කපා හැරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙය චීන රජයේ ජනප්‍රිය තීරණයක් නොවන බවත්, ඒ හමුවේ රජයට දැඩි විරෝධතා එල්ල වෙමින් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම චීනයේ නගර රැසක මෙම වෛද්‍ය ප්‍රතිලාභ කප්පාදු කිරීමට එරෙහිව වැඩිහිටි පිරිස් විරෝධතා ආරම්භ කර ඇති බව ද විදෙස් මාධ්‍ය පවසනවා. ජනතාව අතරින් පැනනැගී ඇති විරෝධතා හමුවේ චීනයේ පාලක පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය තවදුරටත්…
ආනයන තහනම් කර ඇති ආහාර ද්‍රව්‍ය කිහිපයක තහනම ඉවත් කරන ලෙසට වෙළඳ, වාණිජ හා ආහාර සුක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දුගෙන් ඉල්ලීමක් කළ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ උත්සව සමය සඳහා වැඩි වශයෙන් අවශ්‍ය වන රතු සීනි, මුං ඇට, උඳු, කහ සහ කුරක්කන් වැනි ආහාර ද්‍රව්‍යවල තහනම ඉවත් කරන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවයි. දේශීය ගොවීන් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉකුත් සමයේ මෙම ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම තහනම් කෙරුණා. එහෙත්, මේවනවිට පවතින තත්ත්වය හමුවේ එම ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා අවසර ලබාදී ඒ සඳහා බදු පැනවීමට කටයුතු කරන ලෙසයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය…
මේ දවස්වල සමාජ මාධ්‍යවල හැමෝම කතාබහ කරන තරු අතර පුෂ්පිකා ද සිල්වා සහ පියුමි හංසමාලි විශේෂයි. ඔවුන් දෙදෙනා එකිනෙකාට බැන ගනිමින් සමාජ මාධ්‍යවල පළ කළ සටහන් සහ වීඩියෝපට නිසා මේ දෙදෙනා ගැන මේ වෙද්දි ප්‍රේක්ෂකයන් බහුතරයකගේ අවදානය යොමුවෙලා තියෙන්නේ. කොහොම වුණත් ඊයේ සහ පෙරේදා යන දින දෙක තුල තිබුණු මේ රණ්ඩුව මේ වෙද්දි නම් ටිකක් අඩු වෙලා. හැබැයි අන්තිමට පියුමි දාපු සැර සටහනට නම් ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා. පියුමිත් මේ කමෙන්ට් වලට පිළිතුරු දෙමින් පුෂ්පිකා ව විවේචනය කර ඇති අයුරු දකින්න ලැබුණා. පියුමි හංසමාලිද ඇහුවා .ඔව් කිව්වා.පියුමි නෙ මම . හා හොදට ආහාගනින් මෙක ආයි මැඩම් pushpikata එක එක…
ගිලෙන නැවට ගොඩ වෙන්නට තරම් මෝඩ මන්ත්‍රීවරු සමගි ජන බලවේගයේ නොමැති බවත් ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිරිසක් සජබට එක්වීමට නියමිත බවත් ඔවුන් පක්ෂ සාමාජිකත්වය ලබා දී ආසන සංවිධායක ධූරද ලබාදෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ගල්ගමුවේ දී පැවසීය. ගල්ගමුව ප්‍රීඩම් උත්සව ශාලාවේ දී පැවැති පාක්ෂිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට සම්බන්ධ වෙමින් මාධ්‍යවේදීන් ඇසූ පැනයකටපිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා එසේ කීය. “සමගි ජන බලවේගයට තිබෙන රට හදන ආර්ථික වැඩපිළිවෙළ වෙනත් කිසිදු පක්ෂයකට නැහැ. අපි අභියෝග කරනවා අනුර කුමාර දිසානායක ලා ට රට හදන ආර්තථික සැලැස්ම හෙළිකරමින් අප සමග විවෘත සංවාදයකට එන්න කියලා. බොරුව පෙන්න පෙන්නා ජනතාව මුලා කරන මාලිමාව මේ වන විටත්…
ඩෙංගු හා පූර්ණ රුධිර ගණන පරීක්ෂාව සඳහා රෝගීන්ගෙන් වැඩිපුර රුපියල් 1350 ක මුදලක් ලබාගත් දෙහිවල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ 15 ක දඩයක් අධිකරණයෙන් නියම කළ බව කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි ඒකකයේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ. යු. රන්ජන මහතා පැවසීය. මෙම දඩ පුද්ගල පාරිභෝගික අධිකාරි ඉතිහාසයේ පෞද්ගලික රෝහලකට හෝ රසායනාගාරයක් සඳහා නියම කළ වැඩිම දඩ මුදල බව ඒ මහතා කීය ඩෙංගු පරීක්ෂාවක් සඳහා ගැසට් පත්‍රයේ සඳහන් නියමිත ගාස්තුව වන රුපියල් 1200 මිල ඉක්මවා 2500 ක මුදලක් අය කිරීම , පූර්ණ රුධිර ගණන පරීක්ෂණය (fbc) සඳහා නියමිත ගාස්තුව වන රුපියල් 400 ක මුදල ඉක්මවා රුපියල් 550ක මුදලක් රෝගීන්ගෙන් අය කර තිබූ…
ඩීසල් මිල පහළ යාමත් සමඟ සංශෝධිත බස් ගාස්තු ලේඛනය ප්‍රදර්ශනය නො කොට වැඩිපුර ගාස්තු අයකරන බස්රථ පරීක්ෂා කිරීමේ වැඩසටහන අද (03) දා සිට ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය . ඒ අනුව සංශෝධිත බස් ගාස්තු ලේඛනය සියලු මගීන්ට පෙනෙන පරිදි ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවත් අනුමත බස් ගාස්තුව අය නොකොට වැඩිපුර ගාස්තු අය කරන බස් රථ මෙහිදී වැටලීමට පියවර ගන්නා බවත් සභාපතිවරයා වැඩිදුරටත් කිය. ඉකුත් 29 දා ඩීසල් මිල අඩු වීමත් සමග බස් ගාස්තු සංශෝධනය 31 දා සිට බලාත්මක වූ අතර එම බ සංශෝධිත බස් ගාස්තු ලේඛනය ප්‍රාදේශීය කාර්යාල හතක් හරහා බස් රථ…