Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඉතිහාසයේ පළමු වරට එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව 20/20 තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (06) සමත්වී තිබුණි. ඒ, ඊයේ පැවති තෙවන 20/20 තරගය කඩුලු 7කින් ජයගනිමිනි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 19ක් තුළ සියලු ක්‍රීඩිකාවන් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 116ක් පමණි. පන්දු යැවීමේදී චමරි අතපත්තු කඩුලු 03ක් බිඳ හෙළීමට සමත් වූවාය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කළාය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වූවාය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහාය ඇතිව ප්‍රහාරයේ සියලු අංශ ආවරණය කෙරෙන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීය යුතු බවට ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය අද නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරයෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවස ඉදිරිපිටදී ඔහුට නිකුත් කර තිබූ පිස්තෝල ගිනිඅවියකින් අහසට වෙඩි තබා තිබේ. පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ රාජ්‍ය අමාත්‍යවරයා එලෙස වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලකර ඇති බවය. අධික ලෙස බීමත්ව මන්ත්‍රී නිවසේ බැල්කනියට ගිනිඅවිය රැගෙන පැමිණ තිබූ ඔහු එයින් වෙඩි ප්‍රහාර තුනක් අහස දෙසට එල්ලකර තිබූ බව එම ආරංචි මාර්ගවලින් පැවසෙයි. මෙම රාජ්‍ය අමාත්‍යවරයා මීට පෙර අවස්ථා කිහිපයකදී ආන්දෝලනාත්මක සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් සමාජය අතර විවේචනයට පවා ලක්වූවෙක් බවත් සඳහන්ය. වරෙක සිය ඇමති තනතුරු බලතල භාවිත කරමින් විවාහක රූප සුන්දරියක් සමඟ බන්ධනාගාරය තුළට ගොස් රැඳවියෙකු දණගැස්වීමේ සිද්ධියක් ද එම දිනවල කතාබහට ලක්විය.…
ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය අඹුසැමි යුවළක් හා තවත් පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ අධ්‍යාපන ආයතනයක් මඟින් ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදීම සඳහා එක් අයෙකුගෙන් රු.760,000 බැගින් මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට පුද්ගලයින් දෙදෙනෙකු විසින් කළ පැමිණිල්ලක් මත එම ආයතනය වටලා ඇත. කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නීත්‍යානුකූල නොවන අයුරින් විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යාම හා විදේශ රැකියා සඳහා බඳවාගැනීම යන චෝදනා 2 යටතේ අඹුසැමි යුවළක් හා ඔවුන්ගේ ඥාති සහෝදරයෙකු එහිදී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වැටලීම සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයේ…
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ කළුගඟ සහ නිල්වලා ගඟ ස්ථාන දෙකක දී පිටාර ගැලීම හේතුවෙන් එම ජල ගැලීම් තත්ත්වයක් හට ගෙන ඇති බවය. කළුගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති අතර නිල්වලා ගඟ, තලගහගොඩ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් තිබේ. මීට අමතරව කළුගඟ රත්නපුර ප්‍රදේශයෙන්, ගිංගඟ බද්දේගම ප්‍රදේශයෙන්, නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන්, අවධානය යොමුකළ මට්ටමක් දක්වා ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මේ අතර පවතින අධික වර්ෂාපතනයත් සමඟ කුකුලේ ගඟ ඉහළ ජල මූලාශ්‍රයන් වෙත දිගින් දිගටම වර්ෂාව ලැබීම හේතුවෙන් කුකුලේ ගඟ ජලාශයේ වාන්…
නොදන්වා සේවය අතහැර යන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩි තීරණයක් ගැනීමට සිදුවන බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජි.විජේසූරිය මහතා අවධාරණය කරයි. ඇඹිලිපිටිය මූලික රෝහලේ නිර්වින්දන වෛද්‍යවරිය පසුගිය සිකුරාදා දිනයේ සිට සේවයට වාර්තා නොකිරිම හේතුවෙන් මේ වන විට එම රෝහල තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බවට ඊයේ (05) දිනයේ තොරතුරු අනාවරණය විය. මේ සම්බන්ධයෙන් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජි. විජේසුරිය මහතා මෙම අදහස් පළ කර තිබේ.
අද (06) දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ කාර්යාලයේ කටයුතු යළි ආරම්භ කෙරුණි. දයාසිරි ජයසේකර මහතා පක්ෂ සාමාජිකත්වයෙන් සහ එහි මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානය අද පෙරවරුවේ ඉබි යතුරු දමා වසා තිබුණි. මේ අතර පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ සරත් ඒකනායක මහතා පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස පත්කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් සහ එහි මහලේකම් ධුරයෙන් ඉවත් කළේය. පක්ෂ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිය අත්සනින් යුතු ලිපියක් නිකුත් කරමින් ඔහුට ඒ පිළිබඳ දැනුම්…
අපරාධකරුවන් සම්බන්ධයෙන් නිවැරදි දත්ත පද්ධතියක් නොමැති වීම මෙරට අපරාධ ඉහළ යෑමට මූලික හේතුවක් බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා අවධාරණය කරයි. ‘සංවිධානාත්මක අපරාධ පාලනය සඳහා පොලිසියේ කාර්යභාරය’ මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරි මාස 03 ඇතුළත අපරාධ මැඩලීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ”පහුගිය අවුරුදු 10ක කාලයක් තුළ මේ රටේ වෙච්ච හැම සංවිධානාත්මක අපරාධයකම, ඒවට ගෑවිච්ච හැම පුද්ගලයෙක්ගෙම සම්පූර්ණ ජීව දත්ත විස්තර අඩංගු දත්ත පද්ධතියක අවශ්‍යතාව අපට පෙනී ගියා. අපිට දත්ත පද්ධතියක්…
තැපැල් මගින් මෙරටට එවා තිබූ පාර්සල් පරීක්ෂා කිරීමකදී ඒ තුළ තිබී මරිජුවානා සහ කෘතීමව නිපදවන ලද මත්පෙති ග්‍රෑම් 1406ක තොගයක් සොයාගෙන තිබේ. රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඉදිරිපිටදී කොළඹ තැපැල් තක්සේරු අංශයේ රේගු නිලධාරීන් විසින් මෙම පරීක්ෂාව සිදුකර ඇත. මෙලෙස සොයාගෙන ඇති මත්ද්‍රව්‍ය තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂ අසූ පන්දහසක් (14,085,000) බව හෙළිවී තිබේ. ඇමෙරිකාව, කැනඩාව සහ එක්සත් රාජධානිය යන රටවල්වල සිට ලංකාවේ විවිධ පළාත්වල පුද්ගලයින්ගේ ලිපිනයන්ට එවා ඇති බව අනාවරණය වී ඇත. දිගු කාලයක් තිස්සේ නිෂ්කාශනය නොකර තිබීම හේතුවෙන් එම පාර්සල් තොගය මෙලෙස පරීක්ෂාවට ලක්කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය තොගය…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවය. මන්නාරම දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී. අද (06)…
