Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ලැයිස්තුගත සමාගම් 8 ක කොටස් ගනුදෙනු 2022 දෙසැම්බර් 08 දින සිට අත්හිටුවනු ලබන බවට කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටී. 2022 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකිරීම මීට හේතු වී තිබේ. ඔඩෙල්, සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස්, ඔෆිස් ඉක්වීප්මන්ට්, ටෙස් ඇග්‍රෝ, හුනාස් හෝල්ඩිංග්ස්, සිලෝන් ප්‍රින්ටර්ස්, නවලෝක හොස්පිටල්ස් හා පැරගන් සිලෝන් යන සමාගම් මෙලෙස නියමිත කාලසීමාව තුළ දී වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නොමැති සමාගම් වේ.
දෙදහසකට වැඩි මගීන් සංඛ්‍යාවක් සහ 900 ක කාර්ය මණ්ඩලයක් සමඟින් ‘Mein Schiff 5’ අධිසුඛෝපභෝගී මගී නෞකාව අද (29) පෙරවරුවේ දී කොළඹ වරායට සේන්දු වී තිබේ. Mein Schiff 5 යනු ජර්මනියේ TUI cruises සමාගමට අයත් මගී නෞකාවකි. මෙය ශ්‍රී ලංකාවට පැමිණීමේ දී එහි සියලු සම්බන්ධීකරණ සහ සංවිධාන කටයුතු Aitken Spence සමූහයේ පාලිත සමාගමක් වන Hapag Lloyd Lanka විසින් සිදුකරන ලදී. Hapag Lloyd Lanka, TUI cruises හි නියෝජිත ආයතනයක් ද වේ. අද (29) දිනයේ දී කොළඹට සේන්දු වූ මෙම මගී නෞකාව හෙට (30) දිනයේ දී හම්බන්තොට වරායේ නැංගුරම්ලෑමට නියමිතය. මෙම නෞකාවෙන් මෙරටට පැමිණි සංචාරකයින් අද සහ හෙට දින දෙක තුළ රට තුළ…
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති අල්ලස් නඩුවක් ජනවාරි මස 19 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. එම නඩුව අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියෙහි කැඳවනු ලැබීය. එහිදී නඩුවට අදාළ ඇතැම් ලේඛන තමන්ට ලැබී ඇති බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේය. අදාළ ලේඛන විත්තිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස අල්ලස් කොමිසමට දැනුම් දුන් මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත ජනවාරි මස 19 වනදා කැඳවීමට නියම කළේය. වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනය සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාවල යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ දූෂණය…
හවායි හි පිහිටි ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන මවුනා ලෝවා “Mauna Loa” ගිනි කන්ද පුපුරා ගොස් තිබේ. වසර 40 කට පමණ පසු පළමු වරට මෙලෙස මෙම ගිනිකන්ද විධාරණය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ගිනිකන්ද පිහිටි ප්‍රදේශය අවට සිට ජනතාවට අනතුරු අඟවා ඇති අතර අළුවැටීමේ අවදානමක් ඇති බවද දන්වා ඇත. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය ආයතනය දන්වා ඇත්තේ ගිනිකන්දේ ස්වභාවය ක්ෂණිකයෙන් වෙනස්විය හැකි බවය. ගිනිකන්දේ තත්ත්වය “ඉතා අවධානම්” තත්ත්වය දක්වා ඉහළ දමා ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි. මෙම මවුනා ලෝවා ගිනිකන්ද හවායි හි ගිනිකඳු ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති අතර එය හවායි දූපතේ වැඩි භූමි ප්‍රමාණයක පිහිටයි. ගිනිකන්ද මුහුදු මට්ටමේ…
දෙවිනුවර සිංහාසන පාරේ පිහිටි ආපනශාලාවක් ඉදිරිපිට ඊයේ (28) රාත්‍රී 8.45ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇති බව ගන්දර පොලීසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළා ගිය බවට ගන්දර පොලිස් ස්ථානයට ලද දුරකථන ඇමතුමකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබේ. පසුව සිදුකළ පරීක්ෂාවේ දී හෝටලට ඉදිරිපිට ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 3ක් සහ හිස් උණ්ඩ කොපුවක් තිබී සොයා ගෙන ඇත. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගන්දර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
වෙඩි වැදීම හේතුවෙන් බරපතළ තුවාළ ලබා රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කතරගම, දෙටගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 05 හැවිරිදි දරුවෙකි. පොලීසිය පවසන්නේ වායු රයිෆලයක් වැරදීමකින් ක්‍රියාත්මකවීමෙන් කුඩා දරුවාට වෙඩි වැදී ඇති බවය. බරපතළ තුවාල ලැබූ කුඩා දරුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. 18 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු විසින් අනාරක්ෂිත ලෙස රැගෙන යමින් සිටි වායු රයිෆලයක් මෙලෙස වැරදීමකින් ක්‍රියාත්මක වී ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් 18 හැවිරිදි වියේ පසුවන තරුණයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මරණ දඬුවම් නියම වූ හිටපු පාර්ලමේන්තු මන්ත්‍රී දුමින් ද සිල්වා මහතාට ජනධිපති සමාවදීමට එරෙහිව පනවා ඇති නඩුවේ වගඋත්තරකරුවකු හැටියට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම්කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියාය.
මුදල් කළමනාකරණය හරියට කළොත් රටක් ලෙස ඉදිරියට යාමට හැකි බවත් එහෙම නැති වුනොත් 2022 දී රට බංකොලොත් වන බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කලින්ම පවසා තිබූ බව රත්නපුර දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය. මංගල සමරවීර මහතා මිල සූත්‍රය ක්‍රියාත්මක කරන විටත් බොහෝ අය එදා උසුළු විසුළුව කළ බව කී අතුකෝරල මහත්මිය මංගල සමරවීර මහතා තීන්දු තීරණ ගත්තේ බොහෝ ඈත බලා බව සඳහන් කළාය. ගෝඨාභය ඇවිත් ගත් ක්‍රියාමාර්ග නිසා අද පවතින බංකොලොත් තත්වයට මුහුණ දෙන්නට සිදු වී තිබෙන බවද මන්ත්‍රීවරිය කීවාය. සාමාන්‍ය ජීවිතය ගත කරන අයට අද නිදහස් අධ්‍යාපනයත් හීනයක් වී ඇතැයි ද ඉස්පිරිතාලයකට…
රටට වැරදුණු හේතුවට අයවැයෙන් වැරදිකරුවන් බවට පත්කර තිබෙන්නේ සහනාධාර මත යැපෙන අසරණ ජනතාව බව ජාතික ජනබලවේගයේ පත්කළ මන්ත්රීනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී කීවාය. ලැබෙන ආදායමින් ජීවිතය හරියට කළමනාකරණය කරගන්නට බැරි පුරවැසියන්ට මත වරප්රසාදිත ජීවිත ගත කරන අය විසින් වරද පටවා තිබෙන බව කී අමරසූරිය මෙනවිය ප්රශ්නය මේ විදිහට දකින්න නම් කොච්චර නපුරු විය යුතුදැයි ප්‍රශ්න කළේය. අයවැය තෙවැනි දින විවාදයට සහභාගී වෙමින් අමරසූරිය මහත්මිය මෙසේද කීවාය. අයවැයෙන් ප්රශ්නය හෝ දේශපාලන තත්වය තේරුම් ගෙන නැහැ.ජනතාව ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මොකක්ද කියා කිසිම සංවේදී බවක් පෙන්නුම් කරන්නේ නැහැ.ජනතාව පාලකයන්ගේ දුරස් වී ඇත්තේ ඇයි දැයි කිසිම හැඟීමක් නැතිව මෙය ඉදිරිපත් කර තිබෙනවා.
ගල්කිස්ස බඩෝවිටවත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී වරෙන්තුකරුවන් සහ සැකකරුවන් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි, බස්නාහිර අපරාධ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රශාන්ත ජයකොඩි මහතාගේ අධික්ෂණය යටතේ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතාගේ මෙහෙයවීමෙන් මෙම විශේෂ මෙහෙයුම දියත්කර ඇත. එහිදී බඩෝවිටවත්ත ප්‍රදේශයේ සැඟව සිටි වරෙන්තුකරුවන් 9ක් සහ සැක සහිත පුද්ගයන් 14ක් අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් මෙම වැටලීම සිදුකර ඇත. වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම පාතාල ක්‍රියාකාරකම්වලට ද මොවුන් සම්බන්ධ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.