Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
රටේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය විනාශ කිරීමේ ක්‍රියාදාමයේ නායකත්වය දරන්නේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ඊයේ (24) පැවසීය. අර්බුධ රැසක් ඇති වන්නට පෙර මැතිවරණය පවත්වන්නැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය. රටේ ජනතාවගේ මූලික අයිතියක් වන සර්වජන ඡන්ද බලය සම්පූර්ණයෙන්ම කෙලෙසමින් පළාත් පාලන මැතිවරණය නොපවත්වන්න කුමන්ත්‍රණ ගණනාවක් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ක්‍රියාත්මක කර ඇති බවත් පාර්ලිමේන්තුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පැවසීය. ව්‍යවස්ථාදායක අර්බුධයක් බිහි කිරීම තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැඩි උත්සාහයක නිරත වන බවත් එම උත්සාහ දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත් විපක්ෂ නායකවරයා කීවේය.
එල්.එන්.ජී. යටිතල පහසුකම් සංවර්ධනය සහ සැපයුම ඇතුළු බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ඉන්දීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් කණ්ඩායමක් අතර ඊයේ (24) පැවැත්විණි. මෙහිදී බලශක්ති අංශයේ ආයෝජනයන් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවත් ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, තෙල් සහ ගෑස් ගවේෂණය සහ පුනර්ජනනීය බලශක්තිය යන අංශ පිළිබඳවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. ඉන්දීය නියෝජිත පිරිසට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් සහ ඛනිජ තෙල් හා ස්වභාවික වායු පිළිබඳ විශේෂ කාර්ය භාර නිලධාරී ඊෂා ශ්‍රීවාස්තවා ඇතුළු පිරිසක් ඇතුළු වූහ.
සරසවි පෙම්වතිය පෙමට පිටු පෑවැයි උරණව ඇයගේ නිරුවත් දර්ශන ඇතුළත් වීඩියෝවක් ඇගේ මවට සහෝදරියන් සහ සහෝදරයන් ගේ ජංගම දුරකථනවලට වට්ස්ඇප් මගින් යැවූ බව කියන සරසවි සිසුවෙක් පොලිස් ලමා හා කාන්තා කාර්‍යංශය පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකාර සරසවි සිසුවා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකි, පැමිණිලිකාර සරසවි සිසුවිය නිකවැරටියට නුදුරු ප්‍රදේශයක පදිංචි තැනැත්තියකි. මෙම සැකකරු හා පැමිණිලිකාර තරුණිය සරසවි දෙකක ඉගෙනුම ලබති. කාලයක් තිස්සේ සිට මොවුන් දෙදෙනා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන පවත්වාගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි. සරසවි සිසු පෙම්වතා තමන්ට ගැළපෙන්නේ නැති බව කියමින්මෑතකදී ඔහුගෙන් වෙන් වී ඇතැයිද පොලීසිය සඳහන් කරයි. සැකකාර සරසවි සිසුවා යළිත්…
ෆේස්බුක් සම නිර්මාතෘ මෙන්ම, ‘මෙටා’ ජාලයේ ප්‍රධානියා ද වන මාර්ක් සකර්බබර්ග්, අලුත උපන් සිය තෙවැනි දියණියගේ ඡායාරූප, ඉන්ස්ට්‍රගෑම් ගිණුම ඔස්සේ ලොවට ප්‍රසිද්ධ කළේ මහත් ආඩම්බරයෙනි. තෙවැනි දියණියගේ නම ඔරේලියා චැං සකර්බර්ගග්ය. ‘ලෝකයට සාදරයෙන් ඔයා පිළිගනන්නවා. ඔයා මට ආශිර්වාදයක්’ යනුවෙන් සකර්බබර්ග් සිය දියණිය ගැන සටහනක් ද තබා ඇත. සකර්බබර්ග්, විවාහ වී සිටින්නේ ප්‍රිසිලා චැං සමගය. සකර්බර්ග් පළ කළ ඡායාරූපයට මේ වනවිට ‘ලයික්’ ලක්ෂ ගණනක් හිමි වී ඇති අතර, ලොව නන්දෙසින් සුබ පැතුම් ගලා එමින් පවතී. සකර්බබර්ග් සහ ප්‍රිසිලා චැං, විවාහ වූයේ 2012 වසරේදීය. ඔවුන්ගේ වැඩිමල් දියණියන් වන්නේ 7 හැවිරිදි මැක්සිමා සහ 5 හැවිරිදි ඕගස්ට් ය.
නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමි විය. ඒ අනුව පළමුවෙන් පන්දු යැවීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේය. තරගය නවසීලන්තයේ ඔක්ලන්ඩ් හි පැවැත්වේ. මේ වනවිට නවසීලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 50ක් ලබාසිටී. ශ්‍රී ලංකා නවසීලන්ත පළමු එක්දින තරගය දෙරට අතර පැවැත්වෙන සියවන එක්දින තරගය වීම විශේෂත්වයකි. මේ දක්වා පැවති තරග 99න් තරග 41ක් ශ්‍රී ලංකා කණ්ඩායමත් තරග 47ක් නවසීලන්ත කණ්ඩායමත් ජයගෙන තිබේ.
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සභාපතිත්වය දරන PTI පක්ෂයේ ආධාරකරුවන් 300 කට වැඩි පිරිසක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර රජයේ නිලධාරීන් ද සිටින බව විදෙස් මාධ්‍ය පැවසීය. ඉස්ලාමාබාද් අධිකරණය සංකීර්ණ භූමිය තුළ කලහකාරී අයුරින් හැසිරීම සම්බන්ධයෙන් එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. PTI පක්ෂයට සහය පළ කරන රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉම්රාන් ඛාන් සහභාගී වූ මැතිවරණ රැලිවලට සහභාගීවීම හේතුවෙන් බවද විදෙස් වාර්තාවල සඳහන්ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ හා ව්‍යුහාත්මක වෙනස්කම් සිදුනොකර එය අත්හිටවනු ලැබුවහොත් මෙරටට දරුණු ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවනු ඇති බව හිටපු මහ බැංකු අධිපති, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. ඔහු මේ බව කියාසිටියේ අන්තර්ජාලය ඔස්සේ ඊයේ (24) පැවති සමුළුවකට එක්වෙමිනි. එහිදී අදහස් දැක්වූ හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, “පූර්ව ක්‍රියාකාරකම් ලෙස අප බොහෝ දේ කර ඇති නමුත් පාර්ලිමේන්තුවේ සභාගත කළ ලේඛන අනුව දැඩි ව්‍යුහාත්මක වෙනස්කම් සහ ආයතනික ප්‍රතිසංස්කරණ ඇතුළු තව බොහෝ දේ කළයුතු බව පෙනීයනවා. මේ නිසා අප ලේසර් කිරණයක් මෙන් ඒ පිළිබඳ අවධානය යොමුකර ඒවා ක්‍රියාවට නංවමින් මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ඉදිරියට යා යුතුයි. යම් හෙයකින් මූල්‍ය අරමුදලේ ණය…
උපයනවිට බද්දට අදාළව තාවකාලික විසඳුමක් ලබාගැනීමට ජනාධිපතිවරයා මේ සතිය තුළ සාකච්ඡාවක් ලබා නොදෙන්නේ නම් ඉදිරි සතිය තුළ යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි. අද (24) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව ප්‍රකාශ කර තිබුණි. උපයනවිට බද්ද සම්බන්ධයෙන් තාවකාලික විසඳුමක් ලබාගැනීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් මෙම සතිය තුළ ලබාදීමට ජනාධිපති ලේකම්වරයා පසුගිය සතියේ එකඟවී තිබුණි. මෙතෙක් එම අවස්ථාව ලබානොදීම සම්බන්ධයෙන් හා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරගැනීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද විශේෂ සාකච්ඡාවක් පැවැත්විය. පැවැත්වුවා. එහිදී අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා…
බාහිර පුද්ගලයින්ට සිය ආයතන තුළ පුහුණුව ලබාදීමට මින් ඉදිරියට අවස්ථාව ලබානොදෙන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ එවැනි උත්සාහයක් දියත්වූ බවය. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා, “පසුගිය කාලයේ අපි දැක්කා.. විශේෂයෙන් වරාය අධිකාරියට, විදුලිබල මණ්ඩලයට මිල්ටරීකරණය හඳුන්වාදෙන්න රජය උත්සාහ ගත්තා.” “එහිදී අපේ ආයතනවලට පැමිණිලා අපේ වැඩකටයුතු සම්බන්ධයෙන් ඔවුන් පුහුණුවීමක් ලබන්න උත්සාහයක යෙදුණා.” “හැබැයි අද අපි ඒකමතිකව තීරණය කළා මින් ඉදිරියට බාහිර පුද්ගලයින්ට අපේ ආයතන තුළ කිසිසේත්ම පුහුණුවීම් කටයුතු කරන්න අපි සූදානමක් නැහැ.”
බස්නාහිර, සබරගමුව, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක. නැගෙනහිර පළාතේත් වැසි ස්වල්පයක් ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.