Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ගෙවල් බිඳ දේපොළ සොරකම් රැසක් සිදු කළ පුද්ගලයකු මට්ටක්කුලිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි. සැකකරු වෙන්නප්පුව, මිනුවන්ගොඩ, වත්තල සහ මහබාගේ යන ප්‍රදේශවල ගෙවල් බිඳ දේපොළ සොරකම් කිරීම් රැසක් සිදු කර ඇති බවට අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සතු ව තිබී සොරකම් කරන ලද යතුරුපැදියක්, රන් ආභරණ, ජංගම දුරකථන, විදේශීය මුදල් නොට්ටු ඇතුළු වටිනා ද්‍රව්‍ය සහ උපකරණ රැසක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි. සැකකරු 33 හැවිරිදි පමුණුගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, මට්ටක්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
බදුල්ල, දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. මීට අමතරව ගාල්ල, හම්බන්තොට, මහනුවර, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. එම නිවේදන අද (14) පස්වරු 04 සිට හෙට (15) පස්වරු 04 දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්) බදුල්ල දිස්ත්‍රික්කය: – පස්සර ගාල්ල දිස්ත්‍රික්කය: – ඇල්පිටිය – නාගොඩ – යක්කලමුල්ල – කඩවත් සතර – ඉමදූව – නෙළුව – තවලම – අම්බලන්ගොඩ – නියාගම – අක්මීමන – බෝපෙ පොද්දල – බද්දේගම මහනුවර දිස්ත්‍රික්කය: පහතදුම්බර…
ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1900 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, ඉන් සියයට 60ක් කාන්තාවන් සහ කුඩා දරුවන් බවයි. ඒ අනුව කුඩා දරුවන් 614 දෙනෙකු සහ කාන්තාවන් 370 දෙනෙකු ප්‍රහාරවලින් මිය ගොස් ඇති බව සඳහන්ය. එමෙන්ම ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ තුවාල ලැබු පුද්ගලයන් සංඛ්‍යාව 7500 ඉක්මවන බව ද විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත. මේ අතර, ගාසා තීරයේ සිදු කළ මෙහෙයුම්වල දී හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ දී ප්‍රාණ ඇපයට ගනු ලැබු පුද්ගලයන් පිරිසක ගේ සිරුරු කොටස් හමු වී ඇති බව ඊශ්‍රායල මාධ්‍යය වාර්තා කර තිබේ.
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර ක්‍රිකට් තරගය අද (14) අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පස්වරු 02ට ආරම්භ වීමට නියමිතයි. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළ ක්‍රීඩා ලෝලින් මහත් උනන්දුවෙන් පසු වන තරගයක් ලෙස මෙම තරගය හැඳින්විය හැකි බව ක්‍රිකට් විචාරකයෝ පවසති. ක්‍රිකට් ක්‍රීඩාව තුළ පසමිතුරන් ලෙස සාමාන්‍යයෙන් සැලකෙන කණ්ඩායම් දෙකක් වන ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරග යනු, ක්‍රිකට් උණුසුම තදින්ම දිස් වන අවස්ථාවකට උදාහරණයකි. විශේෂයෙන් දෙරටේ ක්‍රිකට් ලෝලින් තුළ මෙම උණුසුම දැඩි ලෙස පවතින බව හඳුනාගත හැකිය. අද තරගය සඳහා ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම රෝහිත් ශර්මාට හිමි ව ඇති අතර, පාකිස්තාන කණ්ඩායම මෙහෙයවන්නේ,…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 02.00ට පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව, මධ්‍යම, සබරගමුව සහ නැඟෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැක. බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව වාර්තා වේ. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන්ය. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
නවගමුව මාපිටිගම පාලම අසල කැලණි ගඟේ දිය නැවීම සඳහා රැගෙනවිත් තිබූ අලියෙකු ගඟ අසල ප්‍රපාතයකට ඇදවැටීමෙන් අනතුරක් සිදුව ඇත. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මාපිටිගම ප්‍රදේශයේ සිටිනා අලියෙකි. අලියාගේ වයස අවුරුදු 70ක් පමණ වන අතර ඇදවැටීමත් සමග අලියා අසාද්‍ය තත්ත්වයට පත්ව තිබේ. අලියා නෑවීමෙන් අනතුරුව පඩිපෙළකින් පාලම මතට රැගෙන යාමේදී අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවට තොරතුරු වාර්තාවෙයි. අනතුරුව පශු වෛද්‍ය නිලධාරීන් පැමිණ මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව දොඹකරයක ආධාරයෙන් අලියා ගොඩට ගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් තිබේ.
මෙරට ජනතාවට නව බදු පැනවීමක් සිදුකළ නොහැකි බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අරමුණින් ආදායම් උපයනු ලබන දෙපාර්තමේන්තු වල ප්‍රධානීන් සමග අද මුදල් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කර තිබේ. ආදායම් උපයනු ලබන දෙපාර්තමේන්තුවල ආදායම් ඉලක්ක සපුරාගැනීම කඩිනම් කිරීම සඳහා එම සාකච්ඡාව පැවති අතර එහිදී ආයතන අදහස් සහ යෝජනා සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව වාර්තාවෙයි. රංජිත් සියඹලාපිටිය මහතා එහිදී පෙන්වා දී ඇත්තේ පැහැදිළි ලෙස රාජ්‍ය රාජ්‍ය අදායම ඉහළ නංවා ගතයුතු අතර අදායම් ඉලක්ක වෙත කඩිනමින් යා යුතු බවය. මෙරට ජනතාවට නව බදු පැනවීමක් සිදුකළ නොහැකි අතර…
පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට ගෙන ඇත. ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර තිබේ.
මෙරටට ඖෂධ සැපයීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා සමාගම වෙත ලබාදී ඇති සියලු ඇණවුම් වහාම අත්හිටුවීමට සහ අවලංගු කිරීමට කටයුතු කරන ලෙස දැනුම්දී තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් එම නියෝග නිකුත් කර ඇත. එසේම මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ අවසන් කරන තෙක් මෙම සමාගම වෙත ගෙවීමට ඇති සියලු ගෙවීම් වහා ක්‍රියාත්මක වනපරිදි නතර කරන ලෙස ද අමත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. මේ අතර හෘද රෝගීන්ගේ හෘදයේ ක්‍රියාකාරීත්වය මැන බලන ECG පරීක්ෂණ මාවනැල්ල රෝහලේදී නුපුහුණු කණිෂ්ඨ කාර්යමණ්ඩලය මගින් සිදුකරන බවට ශ්‍රී ලංකා ජන සුව සෞඛ්‍ය සේවක මණ්ඩලය චෝදනා කරයි.
කඳින් වෙන්කළ හිසක් පමුණුගම පරණ අම්බලම වෙරළ තීරයේ තිබී සොයාගෙන තිබේ. අද උදෑසන පමුණුගම පොලීසියට ලද තොරතුරකට අනුව මෙම කඳින් වෙන්කළ හිස සොයාගෙන ඇත. මෙලෙස හමුවී ඇති හිස හඳුනාගැනීමට නොහැකි අයුරින් නරක් වී ඇති බවද පොලීසිය පවසයි. හිස සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර පමුණුගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
