Author: LANKA24X7

කැබිනට් මණ්ඩලය අයවැයට පෙර යළිත් වතාවක් සංශෝධනය කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. අයවැය ජයග්‍රහණය කිරීම සඳහා මන්ත්‍රීවරුන්ගේ සහාය ගැනීම ඉලක්ක කර මෙම සංශෝධනය කෙරෙන බව පවසන එම ආරංචි මාර්ග එහිදී අමාත්‍ය මණ්ඩලයට අලුත් මුහුණු කිහිපයක්ම එක් කෙරෙනු ඇතැයිද සඳහන් කළේය. අමාත්‍ය ධුරවල වෙනස්කම් සඳහා රජයට දැනටමත් යෝජනා ඉදිරිපත්ව ඇති බව දැනගන්නට ඇත. මේ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍යධුර පිරිනැමෙනු ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ගවලින් පැවසේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් දස දෙනකුට අමාත්‍ය ධුර දෙන ලෙස එම පක්ෂයේ නායකයන් මීට පෙර අවස්ථා ගණනාවකදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් ඉල්ලීම් කර තිබිණ. එහෙත්…

Read More

පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1,500ක පිරිසක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. සම්මුඛ පරීක්ෂණ සමත්ව වසර 03ක් රැකියා අපේක්ෂාවෙන් සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් පිරිසක් මෙලෙස බඳවා ගැනීමට අදාළ තීරණය ඉදිරි දින කිහිපය තුළ ලබාදෙන බව ඔහු සඳහන් කළේය. රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකදී රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. “තවත් ආයතන රාශියක බඳවා ගැනීම් ඉල්ලනවා. හැබැයි පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ අවශ්‍යතාවය ඉතාමත් පැහැදිලිව දකිනවා අමාත්‍යාංශය හැටියට. ඒක අත්‍යවශ්‍යම සේවාවක්. මේ වගේ අවස්ථාවක රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ දී දැවැන්ත විමර්ශනයක් කරනවා කොහොමද රජයට මේක දරා ගන්න පුළුවන් කියලා. දැනට…

Read More

මොරටුව පොලිස් වසමේ, මොරටුව පිරිස් මාවත කෙළවරේ බොල්ගොඩ ගඟේ තිබී මළ සිරුරක් සොයා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (27) උදෑසන එම මළ සිරුර ඇති බවට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බවය. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව ද පොලීසිය පවසයි. මියගිය පුද්ගලයා උස අඩි 5ක් පමණ වන තළෙලු සිහින් සිරුරක් ඇති, කොණ්ඩයට කොටට කපා ඇති, දකුණු අතේ වැලමිට අසලින් ඉවත්වී ඇති අයෙක් බව පොලීසිය සඳහන් කරයි. ඔහු කළු පැහැති කොට කලිසමක් හා දුඹුරු පාට ටීෂර්ට් එකක් හැද සිට ඇතැයි ද වාර්තා වේ. මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැනපත් කර තිබේ.

Read More

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායු ගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රිකවල ඇතැම් සිථානවලට මිලි මීටර් 100 පමණ තද වැසි ඇති විය හැකියි. බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානපල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකිය.

Read More

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 26 වැනි තරගය ලෙස චෙන්නායිහිදී පැවැති තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ කඩුල්ලකින් පාකිස්තානය පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ. දකුණු අප්‍රිකාව මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණි අතර දකුණු අප්‍රිකාව මේ දක්වා සහභාගිවූ තරඟ 6 යේදී තරඟ 5 ක් ජය ලබා ප්‍රසාද ලකුණු 10 ක් හිමිකරගෙන සිටී. පාකිස්තානු පිල ඕවර 46.4 කදී සියලු දෙනා දැවී 270 (බාබර් අසාම් 50, මොහොමඩ් රිස්වාන් 31, ඉෆ්තිකාර් අහමඩ් 21, සවුද් ශකීල් 52, ශදාබ් ඛාන් 24, මාකෝ ජැන්සන් 43/3, ජෙරල්ඩ් කොයිට්ෂි 42/2, තබ්‍රීෂ් ශම්සි 60/4) දකුණු අප්‍රිකානු පිල ඕවර 47.2 කදී කඩුලු 9 ට 271 (කුවින්ටන්…

Read More

අවුරුදු 13ක් වයසැති පිරිමි ළමයෙකුට බරපතළ ලිංගික අපයෝජයක් සිදුකිරීම සම්බන්දයෙන් සිවුරු දරාගත් දෙදෙනෙකු ඊයේ (27) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව මතුගම පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නවුත්තුඩුව යටදොල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය කීය. ලද පැමිණිල්ලක් මත, ළමා හා කාන්තා කාර්යාංශය ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමමාලී මහත්මිය විසින් සැකකාර දෙනම අත්අඩංගුවට ගෙන තිබේ. අපයෝජනයට ලක්වූ පිරිමි ළමයා රෝහල් ගතකල බවත් , සැකකාර දෙනම මතුගම මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කීය . ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ සහ සහකාර පොලිස් අධිකාරී චන්ද්‍ර පත්මලාල් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපති…

Read More

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ ඉදිකළ නව මගී ගුවන් පාලම ඊයේ (27) පෙරවරුවේ විවෘත කළේය. එම දුම්රිය ස්ථානයේ පැවති මගී ගුවන් පාලම දැඩිව අබලන් වීමෙන් ජනතාවගේ ජීවිතවලට තර්ජනයක් විය හැකි බවට ජනමාධ්‍ය ඔස්සේ පෙන්වා දීමෙන් පසුවනව ගුවන් පාලමක් ඉදිකිරීමට ඉදි කිරීමට බලධාරීහු කටයුතු කළහ.

Read More

ළමා අපචාරවලට එරෙහිව උපරිම නීතිය ක්‍රියාත්මක කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ළමා හිංසනය, අපචාර දැවැන්ත ඛේදවාචකයක් වී ඇති බවත් රජයේ බලධාරීන් පවා ළමා අපචාර ඉහළ ගොස් ඇති බවට සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. රජයේ වගකීම දත්ත ඉදිරිපත් කිරීම නොව ළමා අපචාර මැඩපැවැත්වීමට ක්‍රියාමාර්ග ගැනීම බවත් ප්‍රේමදාස මහතා කීවේය. සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 40 වැනි අදියර යටතේ අවිසාවේල්ල ශාන්ත මරියා විද්‍යාලයට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. රටේ නීති පද්ධතිය ශක්තිමත් නොවන බැවින් මෙවැනි අපචාරකරුවන්ට ලිහිල් දඩුවම් ලැබී අවසානයේ රජයේ බදු මුදලින් ඔවුන් සිරගෙයි…

Read More

ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා වෙන් කර ඇති ඉඩම් ප්‍රමාණය ඉතා සීමිත බැවින් රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 1%ක් කර්මාන්ත සඳහා වෙන් කිරීම රජයේ ඉලක්කය බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. ආනයන සීමා කිරීම් ක්‍රියාත්මක වූ වකවානුවේ ජාතික නිෂ්පාදනය ඉහල නැංවීමට මෙන්ම අපනයනය ඉහල නැංවීමට ද මෙරට ව්‍යවසායකයින් ඉහල මට්ටමේ දායකත්වයක් ලබාදුන් බවත් ඒ අනුව 2022 වර්ෂය අවසන් වන විට මෙරට ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලෙස ඩොලර් බිලියන 13.1ක් උපයා ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (27) ජනාධිපති මාධ්‍ය…

Read More

රට නැවත ගොඩනැගීමේ කාර්යය සඳහා සියලු දේශපාලනඥයින්ට එකතු වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ආරාධනයක් කළේය. කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් පැවති “රීඩ් මාවතේ සියවස් සැමරුම” උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ආරාධනය කළේය. බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින දේශපාලනික වෙනස්කම් එලෙසම පවත්වා ගනිමින්, නව රටක්, නව ආර්ථිකයක් සහ නව දේශපාලන ක්‍රමයක් ඇති කිරීම මඟින් පමණක් රට නැවත ගොඩනැගිය හැකි බව ජනාධිපතිවරයා පැවසීය.

Read More