Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
එක්වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් අයිතම් 09ක් ඔක්තෝම්බර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ නිෂ්පාදනය හෝ අලෙවිය තහනම් කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඊට අදාළ ගැසට් නිවේදනය පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා විසින් නිකුත් කර ඇති බව එම අධිකාරිය දැනුම් දෙයි. එක්වරක් පමණක් භාවිත කරන බීම බට, ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි, ප්ලාස්ටික් මල්මාලා හා ප්ලාස්ටික් ඉදිආප්ප වට්ටි යන අයිතම ඔක්තෝම්බර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ. ඒ අනුව ඒවා රට තුළ නිෂ්පාදනය, දේශීය භාවිතය සඳහා ආනයනය, විකිණීම, නොමිලේ පිරිනැමීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් වන අතර එම…
පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අගෝස්තු හෙට (24) උදේ 8:00 සිට අනිද්දා 25 වනදා උදේ 8:00 ට දක්වා පැය 24 ක වර්ජනයකට දිවයින පුරා සියලු රෝහල් වල සංකේත වැඩ වර්ජනයකට එළඹීමට තීරණය කර තිබෙනවා. ඒ පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ තීරණයකට අනුවයි. ඉල්ලිම් 7ක් මුල් කරගෙන මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට වෘත්තීය කාණ්ඩ 5කින් සහ නිලධාරීන් 7,000 ට ආසන්න සංඛ්‍යාවක් තීරණය කර තිබෙනවා. මෙම වර්ජනයට විකිරණ තාක්ෂණවේදීන් වෘත්තිකයන්, රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්, ඖෂධවේදී වෘත්තිකයන්, භෞත චිකිත්සක වෘත්තිකයන්, වෘත්තිය චිකිත්සක වෘත්තිකයන් යන වෘත්තීය සංගම් 5 එකතු වනවා.
මුලසුන අසලට පැමිණ නියෝජ්‍ය කථානායකවරයාට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නලින් බණ්ඩාර ජයමහ සහ වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුන්ට සභා ගර්භයෙන් ඉවත් වන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දුන්නේය. ඒ අනුව එම මන්ත්‍රීවරුන් දෙදෙනා සභා ගර්භයෙන් පිටව යනු දක්නට ලැබිණ. අද දිනයේ සභා ගර්භයෙන් ඉවත් වන ලෙස කතානායක වරයා දැනුම් දුන්නේය.
දැනට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ පවතින ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා මරණයට පත් වන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් ලබාගෙන ඒවා ඔහුගේ මරණයට හේතු සෙවීම සඳහා පත් කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත යොමු කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. එම සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය යළි කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළ බව වාර්තාවේ. මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ කණ්ඩායම විසින් මරණය සිදු වූ ස්ථානයේ සහ මරණකරු සිටි වාහනය තුළ තිබි සොයාගත් ද්‍රව්‍ය විමර්ශන සඳහා විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත භාර දෙන ලෙසත්…
පාසැල් සිසුන් අතර දුම්කොළ භාවිතය ඉහළ ගොස් ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි. එහි සභාපති ශාඛ්‍ය නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ පසුගිය වසර තුනට සාපේක්ෂව අයිස් මත්ද්‍රව්‍ය භාවිතය තරමක අඩුවීමක් නිරීක්ෂණය වන බවය. “පහුගිය අවුරුදු 3 අයිස් භාවිතයේ වැඩිවීමක් ලංකාව තුළ තිබුණත් දැන් මේ මාස 6 ඇතුළත යම් ආකාරයක පාලනයක් තියෙන බව සියලුදෙනාම පිළිඅරන් තියෙනවා. පොලිස් වාර්තාවලින් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ වාර්තාවලින්, පාසල් පද්ධතියෙන් තොරතුරු එකතු කරලා බැලුවහම අපිට පේනවා පාලනයක් තියෙන බව. කිසිසේත් පාසල් පද්ධතියට මේ අයිස් මත්ද්‍රව්‍ය පැමිණීම කියන එක සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙනවා. හැබැයි පාසල්වල තියෙන ගැටලුව තමා දුම් නොනගින දුම්කොළ යම් ශිෂ්‍යයින් පිරිසක් අතර භාවිතයක් තියෙනවා.…
රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ඉදිරියේදී දැවැන්ත විරෝධතා පැවැත්වීමට පියවර ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ, සැප්තැම්බර් 14 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පැමිණෙන විට විරෝධතා තීව්‍ර කරන බවය. “අපේ තියෙන වෘත්තීය සමිති ගණනාවක නායකත්ව මට්ටමේ ඉන්න සමාජිකයින් ගණනාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහින් සාකච්ඡාවකට අවස්ථාව ඉල්ලුවා නමුත් අපි තේරුම් ගන්න ඕනේ පණිවුඩය තමා තාමත් රජය විශ්වාස කරනවා නම් වෘත්තීකයින් විදියට මේ ඉවසීම වැරදි විදියට පාවිච්චි කරලා අපේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව කාපට් අස්සට දාලා මේ ප්‍රශ්නය වහලා දාන්න ඒකට මේ රටේ වෘත්තීයවේදීන් ඉඩදෙන්නේ නෑ. ඒ අපේ ඉවසීම වැරදි විදියට පාවිච්චි කරන්න පාලකයින් උත්සාහ කළොත්…
රූපවාහිනී අයි නාලිකාවේ ගුවන් කාලය පැවරීමේදී දූෂණයක් වංචාවක් සිදුවී ඇතැයි ඔප්පු කළොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව ජනමාධ්‍ය,ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22)පැවසීය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේමතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය. මේ ගැන කරුණු දැක්වීමට අවස්ථාව සලසා දීම ගැන අනුර කුමාර දිසානායකට ස්තුතිවන්ත වෙනවා. මෙම නාලිකාව සමාගමකට විකිණීමක් හෝ බදු දීමක් හෝ කර නැහැ. ගුවන් කාලය මාස හයකට කුලී පදනම මත මසකට මිලියන 150ක බදු මුදලකට වී.අයි.එස් බ්‍රොඩ්කාස්ටින් සමාගමට පවරලා තියෙනවා. මම කිසිම අනීතික පැවරීමක් සඳහා උපදෙස්දී…
රජය සහ මහ බැංකුව එක්ව සංචාරක ක්ෂේත්‍රය ගොඩනැංවීම සඳහා සහන වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. අධික බැංකු පොලිය ගෙවා ගන්නට බැරිව සංචාරක ක්ෂෙත්‍රය කඩා වැටී තිබෙන බවද මන්ත්‍රීවරයා කීය. රටට ජාතික සංචාරක ප්‍රතිපත්තියක් නැතැයි කී හේරත් මහතා තවමත් ආණ්ඩුව එය හදන්නේ නැතැයි ද සංචාරක කර්මාන්තය දියුණු කරනවා කියන්නේ හෝටලයක් විවෘත කර එතැනදි කතාවක් පැවැත්වීම නොවේ යැයිද විජිත හේරත් මහතා පැවසීය. සංචාරක කර්මාන්තයේ කඩාවැටීමට හේතුව රටේ පාලකයන් බවද මන්ත්‍රීවරයා කීය. ආණ්ඩුව පළමුවෙන්ම කළ යුත්තේ මහ බැංකුව සමග සම්බන්ධ වී පොලී පිට පොලී වැඩි කිරීම නොව පොලිය කපා හැර හරිනම්…
ලංකාව රජවරු එකසිය ගණනක් ද දොරටු පාලකයෙක් සහ හොරු හත් දෙනෙක් පාලන කළ රටක් බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී කීවාය. එමෙන්ම නිධානයක් උඩ ඇවිදිමින් පැමිණ ගිය අවුරුද්දේ බංකොලොත් වූ රටක් බව ද රාජ්‍ය අමාත්‍යවරිය පැවැසුවාය. සංචාරක කටයුතු පිළිබඳ පනතට අදාල නියමයන් සම්බන්ධ විවාදය අමතමින් සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය මේ බව කීවාය. කරුණාකර ඇල්කොහොල් වල මිල අඩු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව කී රාජ්‍ය අමාත්‍යවරිය ගල් අරක්කු මිල වැඩි නිසා මිනිසුන් ගෙවල් වල කසිප්පු පෙරාගෙන බොන බවද කීවාය. රටේ සුරාබදු දෙපාර්තමේන්තුව 40% ක පාඩුවක් ලබා තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරිය මේ සංචාරක පුරවරයක් දැයි ප්‍රශ්න කළාය.
ජාතික ගීය ගායනා කිරීමට නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ පරීක්ෂණ කමිටුව යෝජනා කර තිබේ. ජාතික ගීය ගායනා කළ යුතු ආකාරය පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුව ඔස්සේ සම්මත කරගැනීම මෙමගින් යෝජනා කර ඇති බව එම අමාත්‍යංශ උසස් නිලධාරියෙක් පැවැසීය. ගායන ශිල්පිනී උමාරා සිංහවංශ ජාතික ගීය නිවැරදි නොවන ආකාරයට ගායනා කර ඇත් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
