Author: LANKA24X7

රනිල් වික්‍රමසිංහත් පොළොව බදා ගත්තා නම් මීට කලින් ජනාධිපති වෙන්න තිබූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. එවැනි දේවල් නොකළ රනිල් ප්‍රමාද වී හෝ රට බාර ගෙන හරි ක්‍රමයට ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ගෙනයන බවද රංගෙ බණ්ඩාර මහතා සඳහන් කළේය. ජනතාවට රනිල් වික්‍රමසිංහ හඳුනාගන්න බැරි වුනේ ඔහු නිවැරදිව හැමදේම කරමින් සිටින නිසා බව එජාප මහලේකම්වරයා කීය. එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය ඩිජිටල්කරණයට ලක් කිරීමෙන් ඕනෑම මොහොතක ඕනෑම දිස්ත්‍රික්කයක,ආසනයක හෝ වෙනත් රටක ඉන්න කෙනකුට වුවත් පක්ෂය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට වටපිටාව සකසමින් සිටින බව සඳහන් කළේය.

Read More

හමාස් ඉස්ලාමීය සටන්කාමීන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය අනුලා ජයතිලක මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සහ ආගමික වතාවත් සිදු කිරීම ඊයේ (25) සිදු කළ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ඇයගේ දේහය ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව තානාපතිවරයා පැවසුවේය. අනුලා ජයතිලක මහත්මිය සාත්තු සේවිකාවක් ලෙස ඊශ්‍රායලයේ රැකියාව සිදු කළාය.

Read More

නායකයා පන්දුව දුන්නොත් පන්දු යවන්නත් සූදානමින් සිටින බවත් මැදපෙළ පන්දුවට පහර දෙන බවත් ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (25) පස්වරුවේ පැවසීය. එංගලන්තයට එරෙහිව අද (26) පැවැත්වෙන තරගයේදී පන්දුවෙන් පිත්තෙන් සහ පන්දු රැකීමෙන් යන සියලුම අංශවලින් කණ්ඩායමට උපරිමය දීමට සූදානම්ව සිටින බව කී මැතිව්ස් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය දක්වා ගෙනයාමට අවශ්‍ය උපරිම ශක්තිය දෙන බවද සඳහන් කළේය. සිය සිව්වැනි එක්දින ලෝක කුසලාන තරගාවලිය වන මෙම තරගාවලිය සිය අවසන් එක්දින ලෝක කුසලාන තරගාවලිය බවත් එහි දී ශ්‍රී ලංකා පිලට උපරිම දායකත්වය ලබාදීමට හොඳ සූදානමකින් සිටින බවත් මැතිව්ස් වැඩිදුරටත් සඳහන් කළේය. එංගලන්තයට එරෙහිව හෙට පැවැත්වෙන තරගයට පෙර මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇන්ජලෝ මැතිව්ස් එසේ…

Read More

වලාන මධ්‍යම දුෂණ මර්ධන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටිමින් විවිධ ප්‍රදේශයන්හි පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ බව කියන පුද්ගලයකු සහ ඔහුට ආධාර අනුබල ලබාදුන් කාන්තාවන් දෙදෙනකු හා පිරිමි පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව යක්කල පොලීසිය පවසයි. පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිට ඇති පුද්ගලයා 35 හැවිරිදි පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බවත් ඔහුට ආධාර අනුබල ලබාදී ඇති කාන්තාවන් සහ පිරිමි පුද්ගලයාද එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත් පොලීසිය සඳහන් කරයි. පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටිමින් මෙම පුද්ගලයා, පුවත්පත් දැන්වීම්වල සදහන් දුරකථන අංකවලට ඇමතුම් ලබා දෙමින් එම අංකයට අයත් සිම් කාඩ්පතක් ලැබී ඇති බවත් එහි අසභ්‍ය දර්ශන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගෙන සිටීමට නම්…

Read More

මඩකලපුව දිස්ත්‍රික්කයේ තිබු එකම සිංහල සුසාන භූමිය වන ජයන්තිපුර පොදු සුසාන භූමිය කිසියම් පිරිසක් ඩෝසර් කර විනාශ කර ඇතැයි මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියෝ සඳහන් කළහ. තම මවගේ සොහොන ඇතුළු තවත් සොහොන් රැසක් විනාශ කර ඇති බව ද නාහිමියෝ සඳහන් කළහ. 1916 වසරේ සිට භූමිදානය කර ඇති බවත්, මේ පිළිබඳව තමන් මඩකලපුව මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් සිදුකළ ඇති බවත්, ඒ සම්බන්ධයෙන්ව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසද තමා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් සහ රජයෙන් ඉල්ලා සිටින බවද සුමනරතන නාහිමියෝ සඳහන් කළහ.‍ෙ අප මේ පිළිබඳව මඩකලපුව මූලස්ථාන පොලිසියෙන් දුරකථන කළ විමසීමකදී එහි නිලධාරීයෙක් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන්ව මේ වන විටත් පුළුල් පරීක්ෂණයක් ආරම්භ…

Read More

ප්‍රංශ රිමාන්ඩ් භාරයේ භාරයේ පසුවූ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු ලෙස සැලකෙන සිංහාරගේ අමල් ද සිල්වා හෙවත් කුඩු අංජු නැමැත්තා එරට අධිකරණයක් මගින් මුදා හැර ඇති බව සැලවීමෙන් පසු එය සැමරීම සඳහා මත්ද්‍රව්‍ය පානය කර රත්මලාන ප්‍රදේශයේ ස්ථානයක රතිඤ්ඤා දැල්වූ බව කියන පුද්ගලයන් සිවු දෙනෙක් මූලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. සැකකාර පුද්ගලයන් සිව්දෙනා ලඟ හෙරොයින් මත්ද්‍රව්‍ය තිබුණ නිසා ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන් සිව්දෙනා කුඩු අංජු නැමැත්තාගේසමීපතම ගෝලයින් බව පොලිස් ආරංචි ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බහුතරයක් අංශවල නිලධාරීන්ගේ ජංගම දුරකථන (රාජකාරි පැය නමය තුළ) දිනපතාම ස්ථානාධිපතිවරුන් භාරයට ගනු ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. එයට හේතු වී ඇත්තේ අභ්‍යන්තර විමර්ශන තොරතුරු පිටතට යාම වැළැක්වීම සඳහා බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. නමුත් අභ්‍යන්තර තොරතුරු ලබා දෙන්නේ අධ්‍යක්ෂක කාර්යාලයේ ඇතැම් නිලධාරීන් සහ නිලධාරිනියන් බවත් ඔවුන්ට මෙම නීතිය බලපැවැත්වෙන්නේ නැති බවත් එම නිලධාරීන් පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ අංශ 40 ක් පමණ ස්ථාපිත ව තිබෙන අතර එහි සේවය කරන සෑම නිලධාරියකු ම සේවයට පැමිණි වහාම ස්ථානාධිපතිවරයා ඔවුන්ගේ ජංගම දුරකථන සිය භාරයට ගනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

වයස අවුරුදු 16 ට අඩු දැරියන් 168 දෙනකු මාසයක දී දූෂණයට ලක්ව ඇතැයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය කොළඹදී පැවසුවාය. මේ වසරේ සැප්තැම්බර් පළමුවෙනිදා සිට 30 වනදා දක්වා කාළය තුළ මෙම දැරියන් දූෂණයට ලක්ව ඇති බවත් ඉන් බහුතරයක් දැරියන් තමන්ගේ ඥාතීන් අතින් දූෂණයට ලක්ව ඇති බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය. එම දැරියන් අතරින් විසිදෙදෙනකු ගර්භණී තත්ත්වයට පත්වී ඇති බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවසුවාය. ගැබ් ගත් දැරියන් අතරින් 15 දෙනකු ප්‍රේම සම්බන්ධතා පවත්වා ගැබ් ගෙන අතැ අතර දැරියන් හත් දෙනෙකු බලහත්කාරයෙන් දුෂණයට ලක්ව ඇති බවත් මන්ත්‍රීවරිය තවදුරටත් කීවාය.

Read More

ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායක ධුරය රිපබ්ලිකන් සාමාජික මයික් ජොන්සන් ට හිමිවිය. ඒ සඳහා පැවැති ඡන්ද විමසුමේදී 51 ක් හැවිරිදි මයික් ජොන්සන්ට පක්ෂව ඡන්ද 220 ක් හිමිවුණු අතර, ඔහුට විරෝධය දැක්වූ ගණන 209 කි. ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය හෙවත් පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විතය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් සතුවය. සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික්වරුන් සතුවය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක ධුරයට සුදුස්සකු තෝරා ගැනීමට සිදුවූයේ එම ධුරයේ කටයුතු කළ කෙවින් මකාති පසුගිය ඔක්තෝබර් 3 වැනිදා විශ්වාසභංගයකින් ඉවත් කළ බැවිනි ඇමෙරිකන් කතානායකවරයකු විශ්වාසභංගයකින් ඉවත් කෙරුණු පළමු අවස්ථාව වූයේ මෙයයයි. ඉන්පසු කතානායක ධුරයට…

Read More

2024 වසර සඳහා අයවැය යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විමසා බලා පක්ෂයක් ලෙස තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ දියුණු රටක් ඇති කිරීමට හෝ ජනතාවට සහන සැලසීමට 2030 වසර වන තෙක් බලා සිටිය නොහැකි බවය. මේ අතර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ සිදුව ඇත්තේ, කැබිනට් සංශෝධනයක් නොවන බවත් එය තනතුරු හුවමාරුවක් පමණක් බවත්ය. එම නිසා තනතුරු හුවමාරුවක් සිදුකිරීමෙන් කිසිදු ඵලක් නොවන බවත් එයින් රටට හෝ ජනතාවට කිසිදු සෙතක් සිදුනොවන බවත් මන්ත්‍රීවරයා පවසයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි…

Read More