Author: LANKA24X7

තමා ජනාධිපති ධුර කාලය තුළ රටේ නීතිය හා සාමය කඩ කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිට ආරක්ෂක අංශ සහ පොලිසිය අමතා ඊයේ විශේෂ දේශනයක් පවත්වමින් ජනාධිපතිවරයා මෙි බව කීය. ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන් විසින් පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීම වැළැක්වීම සහ රට අරාජික වීම වලක්වා ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත මෙහිදී කෘතඥතාව පළ කළේය.

Read More

තනි රෝදයෙන් සහ අධික වේගයෙන් අනාරක්ෂිත අයුරින් යතුරුපැදි පදවමින් සිටි තරුණයන් සිව් දෙනකු අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලීසිය කියයි. එම තරුණයන් සිව් දෙනා පදවමින් සිටි යතුරුපැදි ද පොලිස් බාරයට ගෙන ඇත. පිළියන්දල බෝකුන්දර මැද්දෝවිට පාර ප්‍රදේශයේ තරුණයන් පිරිසක් තනි රෝදයෙන් අධික වේගයෙන් යතුරුපැදි පදවමින් අනාරක්ෂිත අයුරින් හැසිරෙන බවට 119 හදිසි ඇමතුම් ඒකකය හරහා ලද තොරතුරක් අනුව එම ස්ථානය වටලා සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. එම ස්ථානයේ වටලන අවස්ථාවේදී තවත් තරුණයන් පිරිසක් යතුරුපැදිවලින් පලාගොස් ඇත. අත්අඩංගුවට ගත් තරුණයන් මහරගම පිළියන්දල ආදී ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18, 19 සහ 20 අතර පසුවන්නන් ය. සැකකාර තරුණයන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය…

Read More

සිය පියාගෙන් සිදුවන බව කියන හිරිහැර ඉවසිය නොහැකිවූ දරුවන් තිදෙනකු තියුණු ආයුධවලින් පහර දී පියා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොඩිකාමන් මිරිසුවිල් පදිංචි වයස අවුරුදු 21 , 20, 28 යන වයස්වල පසුවන තරුණයන් තිදෙනකු බව පොලිසිය සඳහන් කරයි. මෙම සහෝදරයන් තිදෙනා එක්ව ඝාතනය කර ඇත්තේ ඔවුන්ගේ පියා වන 44 හැවිරිදි සිවසෝදි ශිවකුමාර් නොහොත් කරාටේ සිවා යැයි හදුුන්වනු ලබන පුද්ගලයකු බව පොලීසිය සඳහන් කරයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් දරුවන් තිදෙනා අත්අඩංගුවට ප්‍රශ්න කිරීමේ දි ඔවුන් පවසා ඇත්තේ කලක සිට පියා ගෙන් සිදුවන හිරිහැර ඉවසා ගැනීමට නොහැකිව ඔහුව කපා කොටා ඝාතනය කළ බවයි.

Read More

අනිවාර්ය නිවාඩු යවා සිටින ඛනිජ තෙල් වෘත්තීය සමිතිවලට සම්බන්ධ පිරිස් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්වීමක් සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් පවසයි. අද (01) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මේ බව ප්‍රකාශ කළේය. මෙරට තුළ ඉන්ධන බෙදාහැරීමේ අයිතිය විදේශීය සමාගම්වලට ලබාදීම ඇතුළු ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අතරතුර ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධා කළ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් සිව්දෙනෙකු ඇතුළු 20 දෙනෙකු පසුගිය 29 වනදා සිට අනිවාර්ය නිවාඩු යැවීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාරිත්වය පියවර ගෙන තිබුණි. ඒ…

Read More

පාසල් සිසුන් සඳහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ පෙළපොත් සකස් කිරීමටත් ඊට අදාළ විවිධ පාර්ශ්ව දැනුවත් කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් විශේෂ කමිටුවක් පත්කරන ලෙස උපදෙස් දී තිබේ. ‘ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ’ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය එම අමාත්‍යාංශ බලධාරීන්ට ඒ පිළිබඳ දැනුම් දුන්නාය. ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනිය මෙම දැනුම්දීම සිදුකළේ පසුගියදා පාර්ලිමේන්තුවේදී එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදීය. මෙම රැස්වීමට සහභාගී වූ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති විවිධ ආයතන, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යන ආයතවල නියෝජිතයන් ද මෙම කමිටුවට ඇතුළත් වන පරිදි එය පිහිටුවන ලෙසත් අදාළ සම්බන්ධීකරණ කටයුතුවල ප්‍රධාන…

Read More

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේ මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඔහු පැවසුවේ අදාළ පනත් කෙටුම්පත පිළිබඳ සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

Read More

අමෙරිකා එක්සත් ජනපදයේ මිසුරි ප්‍රාන්තයට බලපෑ ටොනෙඩෝ සුළි කුණාටුවක් හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ එක්සත් ජනපදෙයේ ප්‍රාන්ත කිහිපයක් ටොනෙඩෝ අනතුරු ඇඟවීම් යටතේ පවතින බවය. මෙම ටොනෙඩෝ තත්ත්වය හේතුවෙන් නිවාස 400ක් පමණ සම්පූර්ණ‍යෙන් විනාශ වී ඇති බව වාර්තා වේ. පසුගිය සතියේ මිසිසිපි ප්‍රාන්තයට බලපෑ මෙවැනිම ටොනෙඩෝ තත්ත්වයකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් නිවාස හා දේපළ රැසකට දැඩි අලාභ හානි සිදුව තිබුණි. එක්සත් ජනපද කාලගුණ බලධාරීන් පවසන්නේ අවසන්වරට මෙවැනි අධි අවදානම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබු‍ණේ මීට වසර දහයකට පෙර බවය. ඉදිරි පැය කිහිපය ඇතුළත අවාසනාවන්ත ලෙස අධික වැසි, ටොනෙඩෝ සහ දැඩි හානිදායක තත්ත්වයන් බලාපොරොත්තු විය හැකි බව…

Read More

විෂ ශරීරගතවීම හේතුවෙන් වාර්ෂිකව ජීවිත රැසක් අහිමිවන බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එහි ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා පැවසුවේ වාර්ෂිකව මේ හේතුවෙන් රෝගීන් 70,000ක පිරිසක් රෝහල්ගත වන බවය. වෛද්‍යවරයා පැවසුවේ ගෘහ ආශ්‍රිතව සිදුවන බොහෝ සිදුවීම් හේතුවෙන් විෂ ශරීරගතවන බවට වාර්තාවන බවය.

Read More

නියමිත කාලයට ඡන්ද විමසීම් නොපැවැත්වීම අපරාධයක් බවත් අගෝස්තු ලෝක තරුණ දිනයට කලින් හෝ එසේ නොමැතිනම් සැප්තැම්බර් 15 දාට යෙදෙන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනයට ප්‍රථම මැතිවරණය පවත්වාවියැයි තමන් අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. “මොන තත්ත්වයක් උඩ හරි නියමිත කාලය තුළ ඡන්ද විමසීම පවත්වන්නේ නැති එක අපරාධයක්. ඒ වගේම කනගාටුදායක තත්ත්වයක්. රටක නොවිය යුතු දෙයක්. මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන් කොහොමද කියන එක තමා අද තියෙන ගැටලුව. ඒ හැකියාව තියෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවටයි, මුදල් අමාත්‍යාංශයටයි, මහ භාණ්ඩාගාරටයි එකතුවෙලා මිසක් මාධ්‍යවලටවත්, අපටවත්, රටේ සාමාන්‍ය ජනතාවටවත් නෙමෙයි. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය නැතිවීමක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන එකට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාතන්ත්‍රවාදය විතරක් නෙමෙයි ආර්ථික…

Read More

ජොන් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැංකි මහතා සති දෙකකට වරක් ප්‍රකාශයට පත්කරන ලෝකයේ අධි උද්දමනයක් ඇති රටවල් ලැයිස්තුවෙන් වසරකට ආසන්න කාලයකට පසුව ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ. ඔහුගේ උද්ධමන දර්ශකය අනුව කලක් එහි දෙවැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම උද්ධමනයක් ඇති රට ලෙසද පැවැතියේය. කෙසේ වෙතත් මාර්තු 23දාට අදාළව ඔහු නිකුත් කර ඇති දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවත කර ඇති අතර රටවල් 18ක් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

Read More