Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මාදම්පේ පනිරෙන්ඩාව වන රක්ෂිතය තුළ තිබී පුද්ගල මෘත ශරීරයක අස්ථි කොටස් හමුවී තිබේ. ඊයේ දහවල් කාලයේදී පොලීසියට ලද දුරකථන ඇමතුමක් අනුව එම අස්ථි කොටස් සොයාගෙන ඇත. මාදම්පේ පනිරෙන්ඩාව ප්‍රධාන මාර්ගයේ මීටර් 150ක් පමණ රක්ෂිතය තුළට වන්නට තිබී මෙම අස්ථි කොටස් සොයාගෙන ඇත. එලෙස හමුවූ අස්ථි කොටස් මීට මාස කිහිපයකට පෙර මියගිය පුද්ගලයෙකුගේ බවට පොලීසිය සැක කරයි. එම අස්ථි කොටස් හිමි පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැත. සිද්ධිය සම්බන්ධව හලාවත අපරාධ පරීක්ෂණ නිලධාරීන් කැඳවා ස්ථානිය පරීක්ෂාවක් සිදුකර ඇත. මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
පිටකොටුව දෙවන හරස් වීදියේ වෙළෙඳසැලක අද (27) උදෑසන හටගත් ගින්නෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා සැලසුම් සකස් කිරීම බලධාරීන් විසින් සාකච්ඡාවන්ට පමණක් සීමාකර ඇති බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් පවසයි. ඔහු ප්‍රකාශ කළේ මෙම අර්බුදය විසඳීම සඳහා භාවිත කරනු ලබන උපක්‍රම සහ සැලසුම් තුළ ගැටලුකාරී තත්ත්වයක් පවතින බවය. මේ අතර වවුනියාව සෙට්ටිකුලම, ආඩියාපුලියන්කුලම ප්‍රදේශයේදී දුම්රියක ගැටී වනඅලි දෙදෙනෙකු මියගොස් තිබේ. වවුනියාව වනජීවි කාර්යාලය පැවසුවේ වයස අවුරුදු 15ක් සහ 20ක් පමණ වන වනඅලි දෙදෙනෙකු දුම්රියේ ගැටී මියගොස් ඇති බවය. මීට පෙර ද අදාළ ස්ථානය ආසන්නයේදී වනඅලි කිහිපදෙනෙකුම දුම්රියේ ගැටී මියයාමේ සිදුවීම් වාර්තා වු බවද ප්‍රදේශාවසීන් සඳහන් කරයි.
වෙඩිතැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ඊයේ (26) දින දෙහිවල බඩෝවිට ප්‍රදේශයේදී ය. පුද්ගලයෙකුට වෙඩිතබා බරපතළ තුවාල සිදුකිරිමේ සිද්ධියකට සම්බන්ධ වෙඩික්කරු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබේ. 2023.08.19 වනදා දෙහිවල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු අදාළ වෙඩිතැබීම සිදුකර තිබු අතර ඒ සම්බන්ධයෙන් දෙහිවල පොලීසිය විමර්ශන ආරම්භ කළේය. ඒ අනුව සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු වශයෙන් හඳුනාගත් සැකකරු හා එම අපරාධය සඳහා ආධාර අනුබල දුන් ඔහුගේ බිරිඳ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සන්තකයේ තිබී ජීව අත්බෝම්බයක් හා අපරාධය සඳහා භවිත කළ යතුරුපැදිය සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් 28 හැවිරිදි සැකකරු සහ 31 හැවිරිදි සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත්…
මිලානෝ මහ නගර සභාවේ පූර්ණ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හා මිලානෝ ලොම්බාර්දියා පළාතේ ශ්‍රීලාංකිකයන් සංවිධානය කරන ලද “festival sri lanka 2023” ශ්‍රීලාංකික සංස්කෘතික උළෙල මෙම මස 28 හා 29 යන දෙදින තුළ Piazza del Cannone, Milano යන ස්ථානයේදී උදේ 10:00 සිට 08:00 රාත්‍රී දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙම සංස්කෘතික උළෙල ශ්‍රී ලාංකීය උඩරට හා පහත රට නර්තන බෙර වාදන, ගායන, සංගීතය ශ්‍රී ලාංකික ආහාරපාන, දේශීය ආයුර්වේද ප්‍රතිකාර හා විවිධ සංස්කෘතික අංග වලින් සැදුම්ලත්ය. ශ්‍රී ලාංකික අනන්‍යතාවන්,ශ්‍රී ලංකාවේ ගෝලීය වටිනාකම,එහි සුන්දරත්වය හා මානව ශිෂ්ටාචාරයේ අතීතය ඉතාලි ජාතිකයින් දැනුවත් කරමින් විශාල ඉතාලි ජාතික සංචාරකයින් පිරිසක් ශ්‍රී…
හලාවත පොලිසියේදී රිවෝල්වරයක් ක්‍රියාත්මක වීමෙන් ආධුනික පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා හලාවත රෝහලේ ප්‍රාථමික සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන බව හලාවත මූලස්ථාන පොලීසිය පවසයි. මෙම රිවෝල්වර අවිය පොලිස් ස්ථානයේ ආරක්ෂිත පෙට්ටියට දැමීමට යෑමේ දී මෙවැන්නක් සිදුවී ඇති බව පොලීසිය පැවසී ය. හලාවත සහකාර පොලිස් අධිකාරිවරයා විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක දී පාසල් සිසුවියකට අතවර කළේ යැයි කියන සංවර්ධන නිලධාරීයකු පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල, පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි විවාහක අයෙකි. සැකකරු මාසයක් වයසැති දරුවෙක් සිටින පියෙකි. ලිංගික අතවරයකට පත් වූ බව කියන සිසුවිය කොළඹට නුදුරු ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබනබව පොලීසිය කියයි. මෙම සිසුවිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බව පොලිසිය පැවසීය.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 25 වැනි තරගය ලෙස බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී ඊයේ (26) පැවැති තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8 කින් එංගලන්ත පිල පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබීමට සමත් වූහ. ශ්‍රී ලංකා පිල මෙවර ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග පහේදී ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය වන අතර ශ්‍රී ලංකා පිල මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු 4 ක් සමගින් ලකුණු සටහනේ 5 වැනි පස්වැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීය. ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණයට පෙර ප්‍රසාද ලකුණු 2 කට – 1.048 ක ශුද්ධ ලකුණු වේගය සමගින් ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ පසුවිය. ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 154 ඉලක්කය…
මර්ජුවාන නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 10 යි ග්‍රෑම් 417 ක් ලංකාවට ගෙන්වීමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුට ජාවාරම් සදහා ආධාර අනුබල ලබා දීම, සම්බන්ධයෙන් රේගු පරික්ෂකවරයකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. සැකකාර රේගු පරික්ෂකවරයා ඉහත ජාවාරම්කරු සමග දුරකතයෙන් සම්න්ධවෙමින් ඔහුට මේ සදහා ආධාර අනුබල ලබා දී ඇති අතර, අවස්ථා කිහිපයකදීම ඔහු ජාවාරම්කරුගේ නිවසට ගොස් ඇති බවද පොලිසිය පවසයි. මෙම රේගු පරික්ෂකවරයා ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රේගුවෙන් කළ පැමිණිල්ලකට අනුව දීර්ඝ විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් රෝගු පරික්ෂකවරයා රුක්මලේ ප්‍රදේශයේ පදිංචි (27) හැවිරිදි පුද්ගලයෙකි. මොහු ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමින් මර්ජුවානා මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට හා…
ජනතා විමුක්ති පෙරමුණත් රටේ බලය ඉල්ලන්නේ අත්හදා බැලීම් කරන්නැයි ද එවැනි අත්හදා බැලීම් කරන්නට ගෝඨාභය රාජපක්ෂ ගෙනවිත් හොඳ පාඩමක් ඉගෙනගත් ජනතාවට තවත් පාඩම් අවශ්‍ය නැතැයි ද ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය. රටට දැන් පරිනත නොවන දේශපාලන නායකත්වයක් වැඩක් නැතැයි කී මාරසිංහ මහතා පරිනත නැති දේශපාලකයන්ට වැඩ බැරි බව ලංකාවේ මෙන්ම ලෝකයේ ද ඔප්පු වී තිබෙන බව සඳහන් කළේය. යුරෝපා සංගමය සමඟ එකතු වී ව්ලැඩිමීර් සොලෙන්ස්කි යුක්‍රේන බලය ගත් නමුත් අද යුද්ධයක් නිසා ඔහුගේ පාලනය නැත්තටම නැති වී ඇතැයි මාරසිංහ මහතා පැවසීය. ජනතා විමුක්ති පෙරමුණ පාලන බලය ගෙන ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් දෙන්නේ කෙසේදැයි කිසිම වැඩපිළිවෙළක් ඉදිරිපත්…
