Author: LANKA24X7

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මුදලට ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් අල්ලස් කොමිසමට පැමිණිලි කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීමක් කරනවා. ඊයේ (03) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

Read More

ජාතික ජනබලවේගයේ දේශපාලන රැස්වීම්වලට ජනතාව සහභාගී වන්නේ ඔවුන්ට කරන බලකිරීම් සහ බියවැද්දීමෙන් හේතුවෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගිරිතලේ පැවැති පාක්ෂික හමුවකට එක්වෙමින්.

Read More

දරුවන්ට සෑදෙන වෛරස් උණ ඇතුළු රෝග කිහිපයක ඉහළ යාමක් මේ දිනවල වාර්තා වන බැවින්, දෙමව්පියන් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතු බව, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ, පසුගිය දින කිහිපය තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ ඇති දරුවන් බහුල වශයෙන් වාර්තා වූ බවයි.

Read More

අනුරාධපුරයේ සිට පැමිණි යාල්දේවි ශිඝ්‍රගාමී දුම්රියේ එන්ජිම කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල දී මීට ට්ක වේලාවකට පෙර පීලි පැනීමකට ලක්ව තිබෙනවා. මෙම පිලී පැනීම හේතුවෙන් අද දින ධාවනය වන දුම්රිය ගමනාගමන සඳහා බාධාවක් නොවන බවයි වාර්තා වෙන්නේ.

Read More

අද(04) දිනයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මධ්‍යම, සබරගමුව, දකුණු සහ උතුරු මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය, වවුනියා සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.75ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කෙරෙනවා. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනතාවගෙන් කාලගුණ විද්‍යා…

Read More

හෙට (04) මධ්‍යම රාත්‍රී සිට ලිට්‍රෝ ගෑස් මිල රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයකින් අඩු කරන බව එහි සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, හෙට පෙරවරුවේදී නව මිල ගණන් ප්‍රකාශයට පත්කරන බවය. ඉතිහාසයේ ඉහළම අගයකින් සිදුවන ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය මෙය වන බව මුදිත පීරිස් මහතා සඳහන් කළේය. ලෝක වෙළෙඳපළේ ගෑස් මිල පහළ යාම, රුපියල ශක්තිමත් වීම ඇතුළු කරුණු කිහිපයක් මිල අඩු කිරීම කෙරෙහි බලපා තිබේ.

Read More

ඊයේ(02) දින කොල්ලුපිටිය සහ ගල්කිස්ස යන ප්‍රදේශවල පොලිසිය විසින් සිදුකල වැටලීම් ඔස්සේ සම්බාහන මධ්‍යස්ථාන ලෙස හඟවා සිදුකර ගෙන ගිය මහා පරිමාණයේ ගණිකා නිවාස දෙකක් වටලා තිබෙනවා. එහිදී එම නිවාසය පවත්වාගෙන ගිය කළමනාකරුවන් දෙදෙනෙකු මෙන්ම එහි සේවයකල කාන්තාවක් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරනවා. අත් අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20ක් හා 30ක් අතර සහ සැකකාරියන් වයස් අවුරුදු 23ත් 32ත් අතර වයස් සීමාවල පසුවන්නන් වෙනවා. කොල්ලුපිටිය සහ ගල්කිස්ස පොලිසි මඟින් සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබනවා.

Read More

ප්‍රධාන අපනයන භෝගයක් වන කුරුඳු සඳහා සහන මිලක් ලබාදෙන ලෙස කුරුඳු තැලුම්කරුවන්ගේ සහ වගාකරුවන්ගේ ඒකාබද්ධ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා. එම සංගමයේ කැඳවුම්කරු චමින්ද රාජපක්ෂ කියා සිටියේ කුරුඳු මිල ගණන් පහත වැටීම හේතුවෙන් එම කර්මාන්තයේ නිරත පිරිස් දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි.

Read More

ජාතික පාසල් සඳහා ළමයින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛ අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් ලබන 21 වනදායින් පසුව දැනුවත් කිරීම් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම පාසල්වල දෙක ශ්‍රේණියේ සිට හතර ශ්‍රේණිය දක්වාත්, හත ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වාත් පන්ති සඳහා ළමයින් ඇතුළත් කිරීමට අදාළවයි එම දැනුවත් කිරීම සිදුකිරීමට නියමිතව ඇත්තේ. එතෙක් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමයින් ඇතුළත් කිරීමට ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

Read More

කොවිඩ් වසංගතය හමුවේ ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින චීනය එරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ප්‍රතිලාභ කප්පාදු කරමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ හමුවේ චීනය එරට වැඩිහිටියන්ගේ වෛද්‍ය ප්‍රතිලාභ කපා හැරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙය චීන රජයේ ජනප්‍රිය තීරණයක් නොවන බවත්, ඒ හමුවේ රජයට දැඩි විරෝධතා එල්ල වෙමින් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම චීනයේ නගර රැසක මෙම වෛද්‍ය ප්‍රතිලාභ කප්පාදු කිරීමට එරෙහිව වැඩිහිටි පිරිස් විරෝධතා ආරම්භ කර ඇති බව ද විදෙස් මාධ්‍ය පවසනවා. ජනතාව අතරින් පැනනැගී ඇති විරෝධතා හමුවේ චීනයේ පාලක පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය තවදුරටත්…

Read More