Author: LANKA24X7

කිරිපිටි ආනයනය කිරීම වෙනුවෙන් රජය සීමා පැනවීමක් කර නොමැති බවත් ඒ අනුව වෙළඳපොළ තුළ කිරිපිටි හිඟයක් ඇතිවිමට ඉඩක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මේ වන විට මතභේදයට තුඩු දී ඇති කිරිපිටි අඩංගු බවට සඳහන් කන්ටේනර් 6ක් වරායෙන් නිදහස් නොකිරීම සම්බන්ධයෙන් වූ ගැටලුව පිළිබඳව අද (28දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය. ප්‍රශ්නගත කිරිපිටි අඩංගු බහාලුම්වල ඇත්තේ කිරි තේ හා චොකලට් නිපදවීම වෙනුවෙන් වූ කිරිපිිටි තොගයක් බවත් එය නීතිවිරොධී ලෙස ශ්‍රී ලංකාාවේ පවතින විදේශ විනිමය උපයෝගී කරගනිමින් මෙරටට ගෙන්වා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

Read More

ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසල තිබී පිරිමි මළ සිරුරක් හමුව තිබේ. පොලීසිය පවැසුවේ එම මියගොස් සිටින පුද්ගලයා අවුරුදු 45 වු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවය. මෙම පුද්ගලයා කලක සිට දියවැඩියා රෝගයට ප්‍රතිකාර ලබාගත් තැනැත්තෙකි. ඔහු පසුගිය 27 වැනිදා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන සිට නිවසට පැමිණ ඇති අතර ඊයේ (28) උදෑසන නිවසින් පිටව ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පොලීසිය පැවසුවේ මරණකරුගේ ඥාතීන් විසින් මෘත ශරීරය හඳුනාගෙන ඇති බවය. කොටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read More

පසුගිය කාලයේ මතු වූ විවිධ පොදු හේතුන් මත පාසල් පැමිණීමට අපහසු වූ උසස් පෙළ සිසුන්ට යම් සහනදායි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙක් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (28) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ 2023 වර්ෂයේ සිට අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනීසිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය බවය. කෙසේ වෙතත් 2022 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනීසිටින සිසුන් සඳහා 80% පැමිණීම තහවුරු කිරීම අත්‍යවශ්‍ය නොවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටියේය. මේ සම්බන්ධයෙන්…

Read More

ලැයිස්තුගත සමාගම් 8 ක කොටස් ගනුදෙනු 2022 දෙසැම්බර් 08 දින සිට අත්හිටුවනු ලබන බවට කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටී. 2022 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකිරීම මීට හේතු වී තිබේ. ඔඩෙල්, සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස්, ඔෆිස් ඉක්වීප්මන්ට්, ටෙස් ඇග්‍රෝ, හුනාස් හෝල්ඩිංග්ස්, සිලෝන් ප්‍රින්ටර්ස්, නවලෝක හොස්පිටල්ස් හා පැරගන් සිලෝන් යන සමාගම් මෙලෙස නියමිත කාලසීමාව තුළ දී වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නොමැති සමාගම් වේ.

Read More

දෙදහසකට වැඩි මගීන් සංඛ්‍යාවක් සහ 900 ක කාර්ය මණ්ඩලයක් සමඟින් ‘Mein Schiff 5’ අධිසුඛෝපභෝගී මගී නෞකාව අද (29) පෙරවරුවේ දී කොළඹ වරායට සේන්දු වී තිබේ. Mein Schiff 5 යනු ජර්මනියේ TUI cruises සමාගමට අයත් මගී නෞකාවකි. මෙය ශ්‍රී ලංකාවට පැමිණීමේ දී එහි සියලු සම්බන්ධීකරණ සහ සංවිධාන කටයුතු Aitken Spence සමූහයේ පාලිත සමාගමක් වන Hapag Lloyd Lanka විසින් සිදුකරන ලදී. Hapag Lloyd Lanka, TUI cruises හි නියෝජිත ආයතනයක් ද වේ. අද (29) දිනයේ දී කොළඹට සේන්දු වූ මෙම මගී නෞකාව හෙට (30) දිනයේ දී හම්බන්තොට වරායේ නැංගුරම්ලෑමට නියමිතය. මෙම නෞකාවෙන් මෙරටට පැමිණි සංචාරකයින් අද සහ හෙට දින දෙක තුළ රට තුළ…

Read More

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති අල්ලස් නඩුවක් ජනවාරි මස 19 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. එම නඩුව අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියෙහි කැඳවනු ලැබීය. එහිදී නඩුවට අදාළ ඇතැම් ලේඛන තමන්ට ලැබී ඇති බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේය. අදාළ ලේඛන විත්තිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස අල්ලස් කොමිසමට දැනුම් දුන් මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත ජනවාරි මස 19 වනදා කැඳවීමට නියම කළේය. වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනය සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාවල යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ දූෂණය…

Read More

හවායි හි පිහිටි ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන මවුනා ලෝවා “Mauna Loa” ගිනි කන්ද පුපුරා ගොස් තිබේ. වසර 40 කට පමණ පසු පළමු වරට මෙලෙස මෙම ගිනිකන්ද විධාරණය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ගිනිකන්ද පිහිටි ප්‍රදේශය අවට සිට ජනතාවට අනතුරු අඟවා ඇති අතර අළුවැටීමේ අවදානමක් ඇති බවද දන්වා ඇත. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය ආයතනය දන්වා ඇත්තේ ගිනිකන්දේ ස්වභාවය ක්ෂණිකයෙන් වෙනස්විය හැකි බවය. ගිනිකන්දේ තත්ත්වය “ඉතා අවධානම්” තත්ත්වය දක්වා ඉහළ දමා ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි. මෙම මවුනා ලෝවා ගිනිකන්ද හවායි හි ගිනිකඳු ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති අතර එය හවායි දූපතේ වැඩි භූමි ප්‍රමාණයක පිහිටයි. ගිනිකන්ද මුහුදු මට්ටමේ…

Read More

දෙවිනුවර සිංහාසන පාරේ පිහිටි ආපනශාලාවක් ඉදිරිපිට ඊයේ (28) රාත්‍රී 8.45ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇති බව ගන්දර පොලීසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළා ගිය බවට ගන්දර පොලිස් ස්ථානයට ලද දුරකථන ඇමතුමකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබේ. පසුව සිදුකළ පරීක්ෂාවේ දී හෝටලට ඉදිරිපිට ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 3ක් සහ හිස් උණ්ඩ කොපුවක් තිබී සොයා ගෙන ඇත. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගන්දර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Read More

වෙඩි වැදීම හේතුවෙන් බරපතළ තුවාළ ලබා රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කතරගම, දෙටගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 05 හැවිරිදි දරුවෙකි. පොලීසිය පවසන්නේ වායු රයිෆලයක් වැරදීමකින් ක්‍රියාත්මකවීමෙන් කුඩා දරුවාට වෙඩි වැදී ඇති බවය. බරපතළ තුවාල ලැබූ කුඩා දරුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. 18 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු විසින් අනාරක්ෂිත ලෙස රැගෙන යමින් සිටි වායු රයිෆලයක් මෙලෙස වැරදීමකින් ක්‍රියාත්මක වී ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් 18 හැවිරිදි වියේ පසුවන තරුණයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මරණ දඬුවම් නියම වූ හිටපු පාර්ලමේන්තු මන්ත්‍රී දුමින් ද සිල්වා මහතාට ජනධිපති සමාවදීමට එරෙහිව පනවා ඇති නඩුවේ වගඋත්තරකරුවකු හැටියට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම්කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියාය.

Read More