Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා පන්ති කාමරයක සිටින ශිෂ්‍ය සංඛ්‍යාව අනුමත සීමා තුළ පමණක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. එබැවින්, අධ්‍යාපනය සඳහා රටේ සියලුම දරුවන්ට පවතින අයිතිය තහවුරු කරමින් පාසල්වල 5 සහ 6 වන ශ්‍රේණි හැර අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමට අවස්ථාව ලබා දීම සඳහා නිසි ක්‍රමවේදයක් හඳුන්වා දීම සුදුසු බව හඳුනා ගනු ලැබ ඇත. එකී කරුණු සැලකිල්ලට ගනිමින්, අතරමැදි ශ්‍රේණිවලදී විවිධ හේතූන් මත දැනට ඉගෙනුම ලබන පාසලේ සිට වෙනත් පාසලකට ඇතුළත් වීමට සත්‍ය…
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (3) සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව සිය සහතිකය සටහන් කළේය. පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියැවීමේ විවාදයෙන් අනතුරුව සංශෝධන සහිතව මෙම පනත් කෙටුම්පත සම්මත විය. මේ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත ලෙස බලාත්මක වනු ඇත. මෙම පනත සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; (44 වන අධිකාාරය වූ) තුරඟ තරග මත ඔට්ටු ඇල්ලීමේ ආඥාපනත, (46 වන අධිකාරය වූ) සූදු ආඥාපනත සහ 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත ඉවත් කිරීම පිණිස ද; ඊට සම්බන්ධ…
සැකකටයුතු මිනිස් හිස්කබල් 4 ක් සමග අස්ථි කොටස් කිහිපයක් වේයන්ගොඩ නයිවල 4 වැනි පටුමගේ පාලු නිවසකට යාබදව ඇති ගරාජයක් අසල මල්ලක දමා තිබී සොයා ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි. වෛද්‍යවරයකුට අයත් ඉඩමක පිහිටි ගරාජයක් බවත් වෛද්‍යවරයා වසර පහකට පමණ පෙර මෙම නිවස සහ ඉඩම මිලදීගෙන ඇති අතර වෛද්‍යවරයා පවසා ඔහුට අයත් වෙනත් නිවසක පදිංචිව සිටින බව හෙලිවී ඇත. මෙම ඉඩමෙහි නිවසල ගරාජයට අමතරව තවත් කුඩා ගොඩනැගිල්ලක් පිහිටා තිබෙන අතර එම කුඩා ගොඩනැගිල්ලේ කුලී පදනම මත ග්රරාම නිලධාරීවරයා සිය කාර්යාලය පවත්වාගෙන යනු ලබයි. ග්‍රාම නිලධාරියා කාර්යාලයට පැමිණි අවස්ථාවේ ගරාජය පිටුපස මෙම අස්ථි කොටස් සහිත උරය දැක මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර…
කුරුණෑගල විල්බාව ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ජාත්‍යයන්තර පාසලේ අධ්‍යාපනය ලබන දරුවන්ට ආරක්‍ෂිත තත්වයක් ඇද්ද? යන්න පිළිබඳ වහාම විමර්ශනයක් කර බලන ලෙස කුරුණෑගල මහෙස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට නියම කළේය. කුරුණෑගල විල්බාව ප්‍රදේශයේ ඉදිකරමින් පවතින අදාළ ජාත්‍යයන්තර පාසල් වැඩබිමක නවාතැන්ගෙන සිටි පෙදරේරූවරයකු පිළිස්සී මියගොස් ඇතැයි කියමින් කුරුණෑගල මුලස්ථාන පොලිස් පරීක්‍ෂක පුෂ්පලාල් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස නියම කළ කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය වු ආකාරය හෙළි කර ගැනීම සඳහා වහාම විමර්ශන කරන ලෙස කුරුණෑගල විදුලි අධිකාරීවරයාට රජයේ රස පරීක්‍ෂවරයාට” පොලිස් අපරාධ ස්ථාන විමර්ශන (සොකෝ) නිලධාරීන්ට සහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කළේය. සිද්ධියෙන් මියගොස් ඇත්තේ අදාළ ජාත්‍යයන්තර පාසල් වැඩබිමේ නවාතැන්ගෙන සිටි පෙදරේරූවරයකු වු…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ නිල නිවෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (C.I.D) ලබා දීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ. රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සමග ඉකුත් දා පැවැති සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය. හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉකුත් දා ඉදිරිපත් කෙරුණු අතර එම පනත් කෙටුම්පත ඉදිරියේ දී සම්මත කර ගැනීමට රජය බලාපොරොත්තුවේ. එම පනත් කෙටුම්පත සම්මත කෙරුණු පසු හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප හැර නිල නිවාස ඇතුළු අනෙකුත් සියලු පහසුකම් අහෝසි වී යයි. හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ නව පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව…
බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. අම්පාර, මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්කවල ප.ව. 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමෙන්තුව කියයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.
සෙවනගල උක් ගොවීන්ගේ උක් මිලදී ගැනීමේ ගැටළුවට විසඳුමක් ලෙස මෙම කන්නයේදී අමු උක් මෙට්‍රික් ටොන් එකක් සදහා රුපියල් 9000 ක් හා ගිනි ගත් උක් මෙට්‍රික් ටොන් එකක් සඳහා රුපියල් 5000 මුදලක් ගෙවීමට ලංකා සීනි සමාගම තීරණය කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද අමාත්‍යංශයේ ඊයේ (3)පැවති මාධ්‍ය හමුවකදීය. ” ලංකා සීනි සමාගමට උක් සැපයීම නවත්වන්න උක් ගොවීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණයක් ගෙන තිබෙන බවට ප්‍රකාශයක් අප දුටුවා.ගිනිතැබූ උක් මෙට්‍රික් ටොන් 14 000 සීනි සමාගම මිලදී ගන්න තුරු කිසිදු ගොවියෙක් ලංකා සීනි සමාගමට උක් සපයන්නේ නොමැති බව පවසා තිබුණා.…
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුවියන් පිරිසකට නවක වදය දුන් බව කියන සිසුවියන් 6 දෙනකු සහ සිසුන් 9 දෙනකු අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේම ඉගනුම ලබන අවුරුදු 24 ත් 26 අතර වයස් වල පසු වන සිසුන් පිරිසකි. සැකකාරියන් සහ සැකකරුවන් 2021 සහ 2022 වසර වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් පිරිසකට නවක වදය ලබා දී ඇතිබවට විමර්ශනවලදී අනාවරණය වී ඇත. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නවක වදය සම්බන්ධ පැමිණිලි විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශන වලින් අනතුරුව සැකකරුවන් ඊයේ(03) අත්අඩංගුවට ගෙන ඇත.
අද (03) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසම හමුවට පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැය 5කට පමන පසුව නැවතත් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය අගෝස්තු මස 29 වන දා අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි. එහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා බන්ධනාගාර නිලධාරීන්ට නියම කර තිබුණේ අද (03) උදෑසන 9ට ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙසය. ඒ අනුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අදාළ ප්‍රකාශය ලබාදීමෙන් පසුව මීට සුළු මොහොතකට පෙර…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය සහමුලින්ම නීති විරෝධී එකක් බව එම පක්‍ෂයේ හිටපු ලේකම් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය නිමල් සිරිපාලද සිල්වා සහ දුමින්ද දිසානායක නිත්‍යානුකූලව පත්වූ අය නොවන හෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය පැවැත්වීමට ඔවුනට කිසිම අයිතියක් නැතැයිද ඔහු ප්‍රකාශ කළේය. මෙම සම්මේලනයට තමාට ආරාධනය නොකළ බවත් සංවත්සරයේදී අද ගන්නා තීන්දු නීති විරෝධී බවත් ජයසේකර මහතා පැවසීය. නඩු තීන්දුව ලැබුණට පසු හොරට පත් වූ අය ඉවත් කරන බවද හෙතෙම සඳහන් කළේය. තමන්ට වාසියක් ලැබුණු වහා ඕනෑම තැනක ලගින්න පුළුවන් මිනිසුන්ගේ අනාගතය අවසන් කරන බවත් මේ අය සමග වැඩ කරන්න එපා යැයි…
