Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
නාවලපිටිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ උලපනේ ගඩොල් බෝක්කු ආසලින් මාර්ගයට පස් කන්දක් කඩා වැටි එහි තිබු ලී මෝලක් සහ නිවාස කීපයක් පහළ දුම්රිය මාර්ගයට දක්වා අද (28) දින අලුයම නාය ගොස් ඇත. එනිසා නාවලපිටිය ගම්පොළ මාර්ගයේ නාවලපිටිය නගරයෙන් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය සභාවේ සභාපති මංජුල කරුණාරත්න මහතා කියා සිටියේ. අනතුරෙන් තුවාල ලැබු අයකු ගම්පොළ ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කළ බවත්, තවත් කිහිප දෙනෙකු අනතුරෙන් අතුරුදහන් වී ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ. මේ වන විටත් එම නායයෑම සක්‍රියවන් පවතින අතර, එම ප්‍රදේශයට නැරඹීම සඳහා ඇතුළත් වෙමින් වළකින ලෙසයි නාවලපිටිය පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි. තවද නාවලපිටිය ප්‍රදේශය තුළ තවත්…
යාන් ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශ වලට අධික වර්ෂාපතනයක් ලැබෙමින් තිබෙන නිසා සහ යාන් ඔය පිටවාන මගින් මේ වන විට ජලය පිට කරමින් පවතින බැවින් ද යාන් ඔය පහල ප්‍රදේශ වලට මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යාන් ඔය පහල ප්‍රදේශ වල වෙසෙන මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන් කුච්චවේලි, පදව් ශ්‍රී පුර, පදවිය, කැබිතිගොල්ලෑව, ගෝමරන්කඩවල, හොරොව්පතාන, මොරවැව, කහටගස්දිගිලිය හා ගලෙන් බිඳුණුවැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල යාන්ඔය ආශ්‍රිත පහත් බිම් වල වෙසෙන ජනතාව සහ…
අයහපත් කාලගුණික තත්වය පිළිබඳ අවධානය යොමු කර සියලුම දුම්රිය ධාවනය අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. මගේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කර මෙම තීරණය ගත් බවත් ආරක්ෂාව තහවුරු වූ වහාම නැවත දුම්රිය ධාවනය ආරම්භ කරන එම දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් කීය.
මහනුවර උඩුදුම්බර, ගංගොඩ ප්‍රදේශයේ අද (27) සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විශාල ප්‍රදේශයක් නායගොස් ඇති අතර, නිවාස 07ක් පමණ නායයෑමට හසුව ඇති බව වාර්තා වේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම නායයෑමෙන් අවම වශයෙන් තවත් පුද්ගලයින් 17දෙනෙකු අතුරුදහන්ව ඇති බවය. ඔවුන් සොයා යුද හමුදාව සහ ආපදා අංශ මේ වනවිට මෙහෙයුම් දියත් කර තිබේ.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමග දැඩි අවදානම් කාලගුණික තත්ත්වයක් මතු වී ඇති බැවින් ජීවිත හානි වළක්වා ගැනීම සහ ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආපදාවට සහ අවදානමට ලක්වූ දිස්ත්‍රික්කවල මහජන නියෝජිතයන්ට උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලිම වෙනුවෙන් අද (27) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි. තම දිස්ත්‍රික්කවලට ගොස් පීඩාවට පත් ජනතාව පිළිබඳ සොයා බලන ලෙස මෙහිදී මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සහ ප්‍රාදේශීය සංවර්ධන…
නුවරඑලිය ලෝෂන් වීදිය වෙළදසැලක වැසි ජලයෙන් යට වී සිටි පිරිසක් අද (27) මුදා ගැනීමට නුවරඑලිය ගිනි නිවන ඒකකයේ නිළධාරින් සහ නුවරඑලිය කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් සමත් වී ඇත. නුවරඑලිය නගරයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වි ඇත. මේ අතර, නුවරඑලිය රාගල ප්‍රධාන මාර්ගයේ හයිෆොරස්ට් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම නවතා ඇත.
ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රා හි රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින්, ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත් වන ජනතාවට මේ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙසය. ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (27) උදෑසන 10.26ට මෙම භූකම්පනය හට ගෙන ඇත්තේ කිලෝමීටර් 25ක් ගැඹුරිනි. නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සුනාමි අවදානමක් නොමැති බවය.
ආපදාවට ලක්වූ සියලු දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) උදෑසන 9.30ට විශේෂ රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුවට කැඳවා තිබේ. අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ, ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසින් රට තුළ ඇති වී තිබෙන ආපදා තත්ත්වයට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව පැවසීය. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, අද දහවල් වනවිට මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ අදාළ අංශවල අමාත්‍යවරු මහනුවරට සහ නුවරඑළිය ප්‍රදේශවලට යැවීමට නියමිත බවය.
නිසි පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර ඇති බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා පවසයි. අද (27) උදෑසන පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී කථානායක ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව ක්‍රියාත්මක වන බවය. අනිවාර්ය භෞතික පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම පිළිබඳව නිවැරදි සෙවීමක් සිදුකර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටින යෝජනාවක් නොවැම්බර් 19 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහාතා විසිනි.
