Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට තර්ජනය කරමින් ෆේස්බුක් හි සටහනක් තැබූ තරුණයා ව එළඹෙන 08වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඔහුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත. ඔහු එප්පාවල මැඩියාව ප්‍රෙද්ශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි. එම තරුණයා චූන් පාන් වෙළෙඳාමේ නිරතව සිටින අයෙකු බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.
2022 (2023) උසස්පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය සමුදිත නයනප්‍රිය විසින් හිමිකරගෙන ඇත. එම සිසුවා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුවෙකි. මේ අතර වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ සිසුවියක් සමත්වී තිබේ. ඒ අනුව එම විද්‍යාලයේ දිල්සරණි තරුෂිකා මෙවර වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත. මෙවර 2022 (2023) උසස්පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ මාතර සුජාතා විද්‍යාලයේ සිසුවියකි. ප්‍රමුදි භාෂණී මුණසිංහ නමැති ශිෂ්‍යාව මෙලෙස ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත. 2022 (2023) උසස්පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව භෞතික විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ…
වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේදී පසුගිය 28 වනදා මොහොමඩ් සාජහන් නැමැති පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන්ට ගිනි අවිය සහ යතුරු පැදිය ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරින් ඊයේ (04) සමත් වුණි. වෙඩිතැබීම සඳහා යොදාගත් මෙරට නිෂ්පාදිත තුනයි දශම අට උණ්ඩ යෙදිය හැකි රිවොල්වර් වර්ගයේ ගිනි අවියක් සහ අපරාධය සිදුකිරීමට යොදාගත් යතුරු පැදිය ද ඔහු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ගෙන ඇත. තමන් “බ්ලූමැන්ඩල් රවී” නමැති සංවිධානාත්මක අපරාධකරුගේ උපදෙස් මත, ඝාතනය සිදුකිරීම සඳහා යතුරුපැදිය සහ රිවෝල්වරය ලබා දුන් බවත්, වෙඩිතැබීමෙන් අනතුරුව ඒවා නැවත රැගෙන ගිය බවත් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා තිබේ. මේ අතර, ඝාතකයන් වැල්ලම්පිටිය, කිත්තන්පහුව,…
රෝගී තත්ත්වයක් මත යාපනය මහ රෝහලට ඇතුළත් කෙරුණු දැරියකට ප්‍රතිජීවක ඖෂධයක් ලබාදුන් පසු ඇයගේ දකුණු අත ඉවත් කිරීමට සිදුව ඇති පුවතක් ඊයේ (04) වාර්තාවුණි. යාපනය මල්ලාගම් හි අවුරුදු 8ක් වයසැති දැරියක් උණ තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇතුළත් කෙරෙන්නේ ඉකුත් 22 වනදාය. ඉන් දින කිහිපයකට පසු රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමග දැරිය පසුගිය 25 වනදා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි. දැරියට ප්‍රතිකාර කිරීම සඳහා කැනියුලා හරහා ප්‍රතිජීවක ඖෂධ ලබා දී ඇති බව වාර්තා වෙයි. එහිදී ඇති වූ සංකූලතාවක් හේතුවෙන් දැරියගේ දකුණු අත අක්‍රීය වී ඇති බවත් දැරියගේ අතෙහි මැණික් කටුවෙන් පහළ කොටස ඉවත් කළ බවත් ඇයගේ පවුලේ ඥාතීන් පවසයි.…
ලංගම බස්රථ හා දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවට ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමේ කටයුතු කඩිනමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඊයේ පැවති රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රජයට අයත් මගී ප්‍රවාහන සේවාවන් පාඩු ලැබීමට අධික වියදම් හා සේවකයින් සිදුකරන විවිධ වංචා දූෂණ හේතුවී ඇති බවය. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, “දුම්රිය හා ලං.ග.ම. අධික වියදම් විවිධ වංචා දූෂණ නිසා දීර්ඝ කාලීනව පාඩු ලබනවා. රියදුරු හා කොන්දොස්තර හොරකම් කරනවා කියන්නේ නැහැ. ආදායමෙන් කොටසක් ඩිපෝ එකට කොටසක් ගෙදරට. කොන්දොස්තර නැති බස්රථවලින් අධික ලාභයක්. ටික දවසකින් ඒ ආදායම අඩු වුණා. කඩවතින්…
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල අද (05) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවය. යාපනය, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07…
කොල්ලුපිටිය මුහුදු වෙරළේ තිබී නාඳුනන පුද්ගල මළසිරුරක් හමුව තිබේ. කොල්ලුපිටිය පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුතර වාඩියමංකඩ මංසන්ධියේ දී ත්‍රිරෝද රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රිරෝද රථ රියැදුරාව බරපතළ තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී තිබේ. මෙසේ මියගොස් ඇත්තේ කළුතර වස්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 52 ක් වූ සුගත් දයානන්ද සිල්වා නමැති විවාහක පුද්ගලයෙකි. ඔහු ත්‍රිරෝද රථ රියදුරෙක් වශයෙන් රැකියාව කර ඇති අතර කුලී ගමනක් යන අතරතුර මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය ප්‍රකාශ කරයි. ත්‍රිරෝද රථය පානදුර දෙස සිට කළුතර දෙසට අධික වේගයෙන් ගමන් කොට ඇති අතර ත්‍රිරෝද රථයට ඉදිරියෙන් ගමන්ගත් බස් රථයේ තිරිංග තද කිරීම නිසා ත්‍රිරෝද රථය නැවැත්වීමට නොහැකි වීම හේතුවෙන් එය අනෙක්…
තලංගම ප්‍රදේශයේ හෝටලයක් තුළ මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුව තිබේ. මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා මළ සිරුර පොලීසිය විසින් රැගෙන ගොස් ඇති බවය. එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 53ක මනෝ චිකිත්සකවරියකි. ඊයේ (03) රාත්‍රීයේ එම මළ සිරුර සොයාගත් බව ද වාර්තා වේ.
පවතින වාතාවරණය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑම් රතු නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ, ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධිර මහතා පවසා සිටියේ, තව දින කිහිපයක් වර්ෂාව ලැබීමට නියමිත බවය. නිවාස අවට පස් කණ්ඩි කඩා වැටීම් සහ ගල් පෙරළීම් වැනි දෑ සිදුවිය හැකි බැවින් ජනතාවට සැලකිලිමත්වන ලෙස ද ඒ මහතා ජනාතාවගෙන් ඉල්ලා සිටියේය. මේ අතර කොළඹ හා තදාසන්න ප්‍රදේශ හරහා ඊයේ (03) මධ්‍යම රාත්‍රීයේ හමා ගිය තද සුළඟකින් ස්ථාන රැසක ගස් කඩා වැටී තිබේ. වාද්දුව පොතුපිටිය පුෂ්පාරාම මාර්ගය හරහා ගසක් කඩාවැටීමෙන් එම මාර්ගයේ ධාවන…
