Author: LANKA24X7

වැඩ වර්ජන නිසා විදෙස් සංචාරක පැමිණීම අඩු වුවහොත් එය රජයේ සහ පෞද්ගලික අංශයේ යෝජිත පඩි වැඩි වීමට බලපෑමක් එල්ල කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. සංචාරක අංශයේ හා පෞද්ගලික අංශයේ ශ්‍රමිකයන් ලබාදෙන බදු මුදල් වැඩ වර්ජන වලින් විනාශ කරන්න එපා යැයි ඉල්ලා සිටින බවද අබෙිවර්ධන මහතා කීය. රජයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරමින් සමස්ථ ජනතාවටම සහන දීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි ද අබෙිවර්ධන මහතා කීය. රජයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීමේ දී පෞද්ගලික අංශයේ සේවකයින් උපයන මුදලින් හා සංචාරක ව්‍යාපාරයන්හි යෙදෙන අය ලබාදෙන බදු මුදල් වලින් එම වැටුප් ගෙවීම සිදුවනු ඇතැයි කී අබෙිවර්ධන මහතා…

Read More

දිවයින පුරා රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය. එම සංගමය පවසන්නේ පැය 24ක් පුරා ක්‍රියාත්මක මෙම සංකේත වැඩ වර්ජනය හෙටින් ආරම්භ කරන බවය. ඒ අනුව හෙට (02) දිනයේ ඌව පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනයට එක්වන බවය. අනතුරුව එළඹෙන 03 වනදා උතුරු පළාතේත්, 06 වනදා වයඹ පළාතේත්, 07 වනදා සබරගමුව පළාතේත් සියලුම රජයේ රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වනු ඇත. 08 වනදා වැඩ වර්ජනය ක්‍රියාත්මක වන්නේ මධ්‍යම පළාතේ සහ නැගෙනහිර පළාතේය.…

Read More

වසර දහයකට වරක් සිදුකරනු ලබන ජන හා නිවාස සංගණනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරුණි. එම සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත විය. මෙම වසරේ සිදුකරනු ලබන සංගණනයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ දත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ ටැබ්ලට් පරිගණක ද භාවිතා කිරීම බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More

ගණේමුල්ල සංජීවගේ වෙඩික්කරුවෙක් වන රොෂාන් චතුෂ්ක නැමති පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. වීසා නොමැතිව ඩුබායි හි රැඳී සිටිම හේතුවෙන් මෙරටට එවා ඇති එම පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බළකාය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදුකළ වැටලීමක දී අත්අඩංගුවට ගෙන ඇත. දුනුමාලේ සරත් සහ කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ පියා ඝාතනය කර ඇත්තේ මෙම පුද්ගලයා බවට තොරතුරු අනාවරණය වී තිබේ.

Read More

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය නිල සංචාරයක් සඳහා අද (01) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවකට ඉන්දීය මුදල් අමාත්‍යවරිය එක්වීමට නියමිත බවය. හෙට (02) දින පැවැත්වීමට නියමිත එහි ප්‍රධාන දේශනය නිර්මලා සිතාරාමන් මහත්මිය විසින් සිදුකිරීමට නියමිත බව සඳහන්ය. අනතුරුව සීතාරාමන් මහත්මිය ත්‍රිකුණාමල‍යේ පිහිටි තෙල් ටැංකි සංකීරණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට නියමිතව තිබේ. අනතුරුව ඇය යාපනයේ සහ මහනුවර යන ප්‍රදේශවලද සංචාරයන්හි නිරතවීමට නියමිත බව සඳහන්ය. මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක්…

Read More

පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් කැපුම් තුවාල ලබා රෝහල්ගත කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (31) උදෑසන කඩවත පොලිස් වසමේ ඉහළ කරගහමුණ ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථ දෙකකින් සහ කුඩා ලොරි රථයකින් අදාළ මැර පිරිස පැමිණ ඇති බවය. පසුව නිවසේ සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනාට තියුණු ආයුධවලින් සහ පොලුවලින් පහරදී ඇති අතර, මේ සම්බන්ධයෙන් කඩවත පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ. තුවාලකරුවන් දෙදෙනා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසයි. එලෙස තුවාල ලබා ඇත්තේ අවුරුදු 25ක සහ 29ක සහෝදරයන් දෙදෙනෙකි. සිද්ධිය සම්බන්දයෙන් සැකකරුවන් දෙදෙනෙකු කඩවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති…

Read More

දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර,සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල,මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වඩි තද වැසි ඇති වේ. නැගෙනහිර,උතුරු මැද සහ වයඹ පළාත්වලත් මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති විය හැකියි.

Read More

බෝර 12 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ කඩුවක් සමග යුද හමුදා සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව අගලිය පොලිස් මුරපොලේ නිලධාරීහු පවසති. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අගලිය පුවක්ගස්දූව වත්ත පදිංචි ගැමුණු හේවා බල ඇණියේ හොරණ කඳවුරේ සේවය කරනු ලබන 35හැවිරිදි සැරුයන් වරයෙකි. පොලිස් නිලධාරින්ට ලද තොරතුරක් අනුව සැකකරුගේ නිවස පරික්ෂා කිරිමේදි නිවසේ සඟවා තිබු ගිනි අවිය සහ කඩුව සොයාගෙන ඇත.සැකකරු අද බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Read More

ඊශ්‍රායල බලධාරීන්ට සහ එරට හමුදාවට එරෙහි වරෙන්තු නිකුත් කරන්නැයි පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලයි. පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් මෙසේ ඉල්ලා ඇත්තේ ඊශ්‍රායලය දිගට හරහට ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් පලස්තීන වැසියන් ජීවිතක්ෂයට පත් වීම නැවැත්වීමේ අරමුණ ඇතිවය. ඊශ්‍රායල බලධාරීන් සහ ඊශ්‍රායල හමුදාව යුද අපරාධ කරනවා යැයි ද පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් චෝදනා නගා තිබේ. මේ වනවිට පලස්තීන වැසියන්ට ලබා දෙන ආහාර, ජලය සහ විදුලිය නැවැත්වීමට ද ඊශ්‍රායලය පියවර ගෙන ඇත. එය ද යුද අපරාධයක් බවට චෝදනා එල්ල වෙයි.

Read More

ඇමෙරිකාවේ ලාස් වේශාස්හි පැවැති ‘‘දෙවැනි සිලෝන් අන්තර්ජාතික සිනමා උළෙලේ දී’’ (2nd Ceylon intemational film fesfival-2003) ශ්‍රී ලංකාව නියෝජනය කළ චිත්‍රපට ද්විත්වයකට ජගත් සම්මාන 4ක් හිමිව ඇත. ලාස්වේගාස් හි සැන්ටා බාබරා නගරයේ ඓතිහාසික ලොබෙරෝ රඟහලේ දී ඉකුත් 24 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැති මෙම උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු සංජය නිර්මාල්ගේ ‘‘සිඩ්ස්’’ (Seeds) චිත්‍රපටයට සම්මාන දෙකක්ද Afdhel Aziz අධ්‍යක්ෂණය කළ “The genius of the place” චිත්‍රපටයට සම්මාන දෙකක් ද හිමිවිය. ඒ අනුව උළෙලේ හොඳම සංස්කරණයට හිමි සම්මානය Paul Vu සහ Hagden Blazටද, හොඳම නිර්මාණ සැලසුම් සම්මානය සුනෙත් මාලිංග ලොකුගේට ද grand Prix සම්මානය Afdhel zizට ද හිමිවීම…

Read More