Author: LANKA24X7

මාතලේ ,පලාපත්වල කිරිගල්පොත්ත ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටින අවුරුදු 14ක් වයස දැරියකට පිහියකින් කොටා බරපතළ තුවාල සිදු කළේ යැයි කියන එම දැරියගේ පියා මාතලේ මුලස්ථාන පොලීසිය විසින් ඊයේ (2) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. පිහි පහර කෑම් වලට ලක්වූ දැරිය මාතලේ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලිසිය කියයි. මෙම දැරියගේ අත් දෙකේ,කන ප්‍රදේශයේ සහ නළල ප්‍රදේශයේ කැපුම් තුවාල දක්නට ඇතැයි මාතලේ මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. මාතලේ මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

Read More

පළාත් සභා යටතේ ඇති පළාත් පාලන ආයතන වල මෙතෙක් ස්ථිර නැති සේවකයින් 8400 දෙනකු කැබිනට් අනුමැතිය ලැබුණු වහාම රජයේ ස්ථිර සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. පළාත් පාලන ආයතනවල වරිපනම් ගෙවීම, කඩකුලි ගෙවීම් සහ ස්ථාන වෙනක්ර ගැනීම් ආදී කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරිමට අදාලව මෘදුකාංගයක් සකස් කිරීම ඉදිරි සති දෙකක් වැනි කාලයක් ඇතුලත නිම කිරිමට අපේක්ෂා කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා එහි පළමු අදියර යටතේ මධ්‍යම පළාත සහ බස්නාහිර පළාතේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් කිරීම නොවැම්බර් 30 දින වන විට ආරම්භ කිරිමට නියමිත බව සඳහන් කළේය. පළාත් සභා…

Read More

ගාසා තීරයේ ඊජිප්තුව හා සම්බන්ධ රෆා දේශසීමාව, හමාස් සටන්කාමින්ගේ ප්‍රාණ ඇපයේ සිටි විදේශිකයන් සඳහාත්, තුවාල ලැබූ පලස්තීනුවන් සඳහාත් මේ වනවිට විවෘත වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දේශසීමා පිවිසුම හරහා ඊජිප්තුවට පැමිණි පිරිස 491 ක් බවය. ඔවුන් අතරේ තුවාල ලැබූ පලස්තීන වැසියෝ 76 ක් සිටිති. ඊට අමතරව, හමාස් ප්‍රාණ ඇපයේ සිටි නිදහස ලැබූ විදෙස් ගමන් බලපත්‍ර ඇති විදේශිකයෝ 335 ක් සිටිති.

Read More

ස්පාඤ්ඤයේ ඔටුන්න හිමි ලියොනෝර් කුමරිය, ඇගේ 18 වැනි ඡන්ම දිනය දා ස්පාඤ්ඤ ව්‍යවස්ථාවට අනුව දිවුරුම් දුන්නාය. ඒ අනුව, ලියොනෝර් කුමරියට, ඇගේ පියා 6 වැනි පිලිපේ රජුගෙන් පසු රජකමට පත් වීමට හැකිවනු ඇත. සම්ප්‍රදායට අනුව, කුමරිය දිවුරුම් දුන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහ රටේ ව්‍යවස්ථාපිත වටිනාකම් රකින බවට ප්‍රතිඥා දෙමිනි.

Read More

ඉන්දියානු ණය සහනාධාර යටතේ ඉන්ධන ආනයනය කිරීමට ගත් ණය පියවීම සඳහා රුපියල් කෝටි විසි තුන් දහස් එකසිය පනහක ( 23150) ප්‍රතිපාදන අනුමත කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත. මෙම පරිපූරක ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය. එම ඇස්තමේන්තුවට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය ලැබී ඇත. රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය 31 වැනිදා රැස්විය. පරිපූරක ඇස්තමේන්තුවට අනුමැතිය හිමි වූයේ එම රැස්වීමේදීය. මේ අනුව මෙම මුදල් ලංකා ඛනිජ තෙල් සංස්ථාව මහා භාණ්ඩාගාරයෙන් ගත් ණය පියවීමටත් මහා භාණ්ඩාගාරය ඉන්දියානු ණය සහනාධාර යටතේ ගත් ණය…

Read More

ආර්ථිකය ගොඩනැඟීම සඳහා පෞද්ගලික අංශයෙන් ලබාදෙන යෝජනා මෙවර අයවැයට ඇතුළත් කිරීමට අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී පැවැති 2024 අයවැය පූර්ව සාකච්ඡාවකට එක්වෙමිනි. රට මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් මිදී ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනයක් කරා ගමන් කිරීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳව ද ජනාධිපතිවරයා පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමඟ මෙහිදී සාකච්ඡා කළේය. පෞද්ගලික අංශය දෙන යෝජනා සම්බන්ධයෙන් එක් එක් ක්ෂේත්‍රයන්ට අදාලව වෙන වෙනම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. එහිදී පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීහු රාජ්‍ය ආදායම සහ කාර්යක්ෂමතාව ඉහළ…

Read More

ලංකා සතොස කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව ලංකා සතොස සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 22කින් පහළ දමා තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 948කි. සතොස කිරිපිටි මිල පහළ දැමීම ඊයේ සිට ක්‍රියාත්මකය. මේ අතර අද සිට සතොස මුං ඇට සහ කඩල මිල ද පහළ දමා තිබේ. මුං ඇට කිලෝවක රුපියල් 77කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 998කි. කඩල කිලෝවක මිල රුපියල් 9කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 540කි.

Read More

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා ඉදිරි අයවැයේදී බැංකු ණය සහන ලබාදීමට අදහස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (01) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2023 අමතමිනි. සිඟමන් යදින රටක් වෙනුවට ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට නම් කෙතරම් අසීරු වුවද අද දවසේ ගත යුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට සිදුවන බවද ජනාධිපතිවරයා එහිදි අවධාරණය කළේය. වැට් බද්ද 18%කින් වැඩි කිරීමට ගත් තීන්දුව තමා හෝ ඇමති මණ්ඩලය කැමැත්තෙන් ගනු ලැබූවක් නොවන බවත්, එය රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු තීන්දුවක් බවත් මෙහිදී පෙන්වා…

Read More

පාසල් දරුවන් අතර කෘෂභාවය සහ අධිබර වැඩි වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යංශය නිවේදනය කරයි. එහි මාතෘ හා ළමා සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවේ, ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩි දැනුමක් දරුවන්ට ලබාදීම සඳහා නව චක්‍රලේඛ සකස්කර ඇති බවයි. මෙරට ජනගහනයෙන් පාසල් දරුවන් ගේ ප්‍රතිශතය 20%කි. එම දරුවන් ගේ කෘශභාවය සහ අධිබර පසුගිය වසරට සාපේක්ෂ ව වැඩි වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධනය කාර්යාංශය අනාවරණ කර ඇත. ඊට හේතුව ලෙස විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, දරුවන් ගේ ආහාර පරිභෝජන රටාවයි. එමෙන්ම මෙහි දී පාසල් දරුවන් ගේ ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමු කර තිබේ.

Read More

සූරියවැව රෝහලේ සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ සිරුරක් හමුවී තිබේ. ඊයේ (01) උදෑසන මේ පිළිබඳ එම රෝහලෙන් ලද තොරතුරක් මත සුරියවැව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. මියගොස් ඇත්තේ අවුරුදු 35ක් වන සූරියවැව ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෘත ශරීරය පරීක්ෂා කිරීමේදී දකුණු වැලමිට තුවාල වී ඇති බවත් දකුණු කනෙන් ලේ වහනය වී ඇති බවක් දක්නට ලැබුණු බවත් මෙය සැකකටයුතු මරණයක් බවත් පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධව සූරියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. මේ අතර පොළොන්නරුව දුම්රියපොල අසල පිහිටි පොදු ළිඳෙහි පුද්ගලයෙකු වැටී මියගොස් ඇති බව පොළොන්නරුව පොලීසිය සඳහන් කරයි. මරණකරුගේ අනන්‍යතාව මේ වන තෙක් හඳුනාගෙන නොමැති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව මෘත ශරීරය පොළොන්නරුව රෝහලේ තැන්පත්…

Read More