Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මීට වසර 8 කට පෙර බ්‍රසීලයේදී පැවති ලෝක කුසලාන අවසන්මහා තරගයේදී ජර්මනිය ශූරයින් ලෙස කිරුළු පැළඳියේ එදා මෙදාතුර ලෝක කුසලානයේ බ්‍රසීලයට පමණක් දෙවැනි සාර්ථකත්වයක් අතකර ගත් කණ්ඩායම බවට පත්වෙමිනි. නමුත් ඉන් පසු ජර්මනියේ ලෝක කුසලාන ගමනට කණකොකා හැඩීමට පටන් ගත්තේ 2018 වර්ෂයේ රුසියාවේ පැවති තරගාවලියේදී පළමු වටයෙන්ම ඉවත්විම් අවාසනාවට මුහුණදෙමිනි. එයට අඛණ්ඩය දෙවැනි වරටද මුහුණදීමට ඔවුන්ට සිදුවූයේ මෙවර තරගාවලියේ තමන් මුහුණදුන් අවසන් තරගයද ජය ගනිමින් වීම විශේෂත්වයකි. ඒ් කොස්ටා රිකා කණ්ඩායමට එරෙහිවය. තරගාවලියේ අල්- කෝර් හිදී පැවති තරගයෙන් කොස්ටාරිකා කණ්ඩායම පරදා ගෝල 4-2 ක විශිෂ්ඨ ජයක් හිමිකර ගත්තද ඔවුන්ට තරගාවලියේ දෙවනි වටයට යාමට එය ප්‍රමාණවත් නොවීය. ඒ් එම කාණ්ඩයේ අවසන්…
යුක්‍රේනයට පේට්‍රියට් මිසයිල ආරක්ෂණ පද්ධති සැපයීමට එරෙහිව හිටපු රුසියානු ජනාධිපති සහ රුසියානු ආරක්ෂක කවුන්සිලයේ වත්මන් නියෝජ්‍ය සභාපති දිමිත්‍රි මෙද්වෙදෙව් නේටෝවට අනතුරු ඇඟවීය. අන්තවාදී පාලන තන්ත්‍රයන් වෙත ආයුධ සපයන නේටෝ සන්ධානය “සාපරාධී ආයතනයක්” ලෙස ඔහු හෙළා දැක තිබේ. “ශිෂ්ට ලෝකයට මේ සංවිධානය අවශ්‍ය නැහැ. එය මනුෂ්‍යත්වයට පසුතැවිලි විය යුතු අතර සාපරාධී ආයතනයක් ලෙස විසුරුවා හැරිය යුතුයි” හෙතෙම සඳහන් කර තිබුණි. යුක්රේනය තම බලශක්ති යටිතල ව්‍යුහයට එල්ල කරන රුසියානු ප්‍රහාරවලින් එය ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත් ජනපදයේ නිෂ්පාදිත ප්‍රේටියට් මිසයිල පද්ධති ඇතුළු ගුවන් ආරක්ෂණ පද්ධති මීට පෙර ඉල්ලා තිබූ බව කියැවෙයි.
උතුරු හා නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එසේම අද දිනයේදී දිවයිනේ සෙසු ප්‍ර දේශවලද සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි. බස්නාහිර, මධ්‍යම හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලි මිටර් 75ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටයි.
මිනිස් පරිභෝජනය සඳහා සුදුසු සහල් සත්ත්ව ආහාර සඳහා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී එම සහල් තොගය සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. පොලොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වෙත ලැබුණ තොරතුරක් අනුව මින්නේරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ. කුලියාපිටිය ප්‍ර දේශයේ සත්ත්ව ගොවිපොළක් වෙත මෙම සහල් ටොන් 21.2 ප්‍රවාහනය කරමින් තිබියදි අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 40ක් හා 29 වයස්හි පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
“Fleetwood Mac” සංගීත කණ්ඩායමේ ගායන ශිල්පිනී ක්‍රිස්ටීන් මැක්වි අභාවප්‍රාප්ත වී තිබේ. හෘදයාබාධ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය අභවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මියයන විට ක්‍රිස්ටීන් මැක්වි 79 හැවිරිදි වියේ පසුවුණි. ඇය විසින් ගායනා කළ “සෝන්ග්බර්ඩ්”, “ලිට්ල් ලයිස්” වැනි ගීත ලොව පුරා රසිකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණි.
අද (01) දිනයේ සිට වෙළෙඳපොළ වෙත ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂය ඉක්මවා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, ඇනවුම් කර තිබූ ගෑස් නෞකා දිවයිනට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ වෙත ගෑස් නිකුත් කිරීම සීමා කර තිබු බවය. ඉල්ලුම් කර තිබු ගෑස් නෞකා මේ වන විට දිවයිනට ළඟාවෙමින් පවතින බව සභාපතිවරයා පවසයි. ඒ අනුව උත්සව සමය තුළ පාරිභෝගික ජනතාවට ගෑස් මිලදී ගැනීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසා දී ඇති බව මුදිත පීරිස් මහතා සඳහන් කළේය. “අපි අද උදෑසන 12.5 ගෑස් සිලින්ඩර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කරනවා. ඒ වගේම අනෙක් සිලින්ඩරුත් මේ වගේම…
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ඉදිකිරීම් කටයුතු විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ. මතුව ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කර ගනිමින් රෝහලේ කටයුතු ඉදිරියට පත්වාගෙන යා යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දී තිබේ. රෝහලේ සැලැස්ම, පහසුකම් සහ එහි මතුව ඇති ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. පවතින මානව සම්පත් හිඟය සහ මූල්‍ය දුෂ්කරතා පිළිබඳව නිලධාරීන් මෙහිදි ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ. පවතින සම්පත් ඵලදායීව…
දුම්රිය ප්‍රමාදවීම් වළක්වාගැනීමට අවශ්‍ය නිසි විසඳුම් ලබාදීමට දුම්රිය පාලානාධිකාරිය අපොහොසත් වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා සඳහන් කළේ, දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමෙන් පමණක් දුම්රිය ප්‍රමාදයන් වැළැක්විය නොහැකි බවය. මේ වන විට පවතින දුම්රිය ප්‍රමාදය හේතුවෙන් ලබන පස් වන දින සිට කැලණි වැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාල සටහන සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, මෙම නව කාලසටහන හදුන්වාදීම මගින් දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාවන් යම්තාක් දුරට වළක්වා ගැනීමට හැකි වනු ඇති බවය. “මීට වසර කිහිපයකට පෙරත් දුම්රිය ප්‍රමාදවීමක් වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් පාලන අධිකාරිය කටයුතු…
ආදායම් බදු වාර්තා ගොනු කිරීමට නොවැම්බර් මස 30 වන දා සිට අමතර සතියක කාලයක් ලබාදී තිබේ. අද (01) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසා සිටියේ, එම කාලය තුළ කිසිදු දඩ මුදලක් අය නොකෙරෙන බවය. ප්‍රශ්නය – Income tax refund submit කරන මෘදුකාංගය අක්‍රීය වෙලා තියනවා. මේක හිතාමතා කරල ද, අක්‍රීය වෙලාද කියලා අපි දන්නේ නැහැ. දැන් ඊයේ නොවැම්බර් 30 දිනට තමයි මේ කටයුතු අවසන් කරන්න තිබුනේ. ඉතින් දැන් මේක අක්‍රීය වෙලා නිසා විශාල පිරිසක් ඉන්නවා මේ refund submit කරන්න බැරුව. මම හිතන්නේ මේ වෙලාවේ හැටියට මේකේ ඇත්ත තත්ත්වය අපි දැනගන්න කැමතියි. මේක හිතා මතා…
සමෘද්ධිය ලබාදිය යුතු විශාල පිරිසක් සිටිය ද නුසුදුසු පිරිසක් සමෘද්ධිය ලබාගැනීම හේතුවෙන් අද වනවිට සහනය ලැබිය යුතු පුද්ගලයින්ට සහන ලබාදීම ගැටලුවක් බව ජනාධිපතිවරයා පවසයි. “නුසුදුසු අය ඉවත් කළොත් සුදුසු අයට දෙන්න පුළුවන්…” යනුවෙන් අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා කියා සිටියේය. “සමහර අය අවුරුදු 20ක් විතර ඔය ලැයිස්තුවේ ඉන්නවා. ඒක කරන්න බැරිවෙනවා මෙහෙම. පළමුවෙන්ම සුදුසු අය කවුද ? අලුතින් කොහොමද ඇතුළු කරන්නේ, කියලා අපිට කරන්න සිදුවෙනවා. සමහරු බලයි ඒක දේශපාලන ක්‍රියාවක් විදියට. ඇත්තෙන්ම සමෘද්ධිය ලබාගත යුතු අයට ඉස්සෙල්ලා සමෘද්ධිය ලබාදෙන්න ඕනේ. සමෘද්ධියට සුදුසුකම් නැති අයව එතැනින් ඉවත් කරන්න ඕනේ. අපිට මුදල් නෑ හැමකෙනාටම ගෙවන්න. ඒ තත්ත්වය මම කියන්න ඕනේ.…