Author: LANKA24X7

පාර්ලිමේන්තු කටයුත්තක් පිළිබඳව තමා කළ ප්‍රකාශය ගැන වැරැදි මතයක් අධිකරණය තුළත් සමස්ත සමාජය තුළත් ඇති කිරීමට උත්සාහ දරමින් සහ පහත් ලෙස අපහාස කරමින් තමාගේ පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් කතානායක මාධ්‍ය ලේකම්ට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් ඊයේ (17) ඉල්ලීමක් කළේය. පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතින් තමාට හිමිවී ඇති වරප්‍රසාද ඔහුගේ එම ක්‍රියා කලාපයෙන් උල්ලංඝනය වන බවද ගම්මන්පිල මහතා ඒ ලිපියෙන් දැනුම් දුන්නේය. මහබැංකු පනත් කෙටුම්පතේ කිසිම වගන්තියක් ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට කතානායකවරයා කළ ප්‍රකාශය වහාම නිවැරදි…

Read More

අලුත් අවුරුදු සමය වෙනුවෙන් වැඩිකරන ලද ඉන්ධන කෝටාව අද සිට අලුත් වන මීළඟ සතියේදීත් එලෙසෙම ලබාදීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ ඉන්ධන කෝටාව වැඩි කළ දිනවල පරිභෝජනය ඇතුලු සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කර එම වැඩිකළ ඉන්ධන කෝටාව අඛණ්ඩව ලබාදෙන්නේද, නැත්ද යන්න ඉදිරියේදී තීරණය කරන බවයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇතුළත් කර නව අමාත්‍ය මණ්ඩලයක් පත් කරනු ඇතැයි’ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මෙම අදහස් පළ කර තිබුණේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට තවත් අමාත්‍ය ධූර ලබා දෙන ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවට පුවත්පතකට කළ ප්‍රකාශය අනාවරණය වීමෙන් පසුවයි. එම ඉල්ලීම සම්බන්ධයෙන් කළ විමසීමකදී සාගර කාරියවසම් පවසා සිටියේ, “ජනාධිපතිවරයාගේ පත්වීමෙන් පසු නව අමාත්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස අපි ඉල්ලීමක් කළා. කෙසේ වෙතත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද කැබිනට් මණ්ඩලය සමඟ…

Read More

අද(18) දිනයේ දී සබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවද එම නිවේදනයේ සඳහන්.

Read More

වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 14, 15 වයස් සීමාවේ පසුවන දරුවන් තිදෙනෙකු අලුත් අවුරුදු දා (14) සිට අතුරුදහන්ව තිබෙනවා. මේ වන විටත් මොවුන් සොයා වෙන්නප්පුව පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. විමර්ශන වලින් අණාවරණය වී ඇත්තේ, මෙම දරුවන් වෙන්නප්පුවේ ඩිපෝ පාර, දුම්මලගෙදර සහ ජයවීදී මාවත යන ප්‍රදේශවල පදිංචි මිතුරන් තිදෙනෙක් බවයි. මොවුන් තිදෙනා එම ප්‍රදේශයේ පිහිටි කනිෂ්ඨ විද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටි අය බව පොලීසිය පවසනවා. මෙයින් 15 හැවිරිදි වියේ පසුවන දරුවන් දෙදෙනා 10 ශ්‍රේණියේ ද, 14 හැවිරිදි දරුවා 09 ශ්‍රේණියේ ද අධ්‍යාපනය ලබමින් සිට ඇත. මෙයින් 15 හැවිරිදි දරුවෙකුගේ මවක් එම දරුවාගේ යම් වැරැද්දක් සම්බන්ධයෙන් කළ තරවටුවක් මුල් කරගෙන තිදෙනාම මෙලෙස…

Read More

2023 වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 23න් එකක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තුගත වී තිබෙනවා. ෆෝබ්ස් ලැයිස්තුවේ මෙම නව ලැයිස්තුගත කිරීම සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සඳහන් කරන්නේ. සම්මානලාභී සංචාරක චිත්‍රපට නිෂ්පාදකවරියක් සහ ලොව පුරා වික්‍රමාන්විත හා විනෝදජනක දේවල් ප්‍රදර්ශනය කරන මෙන්ම ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයේ ප්‍රධාන සාමාජිකාවක් වන Juliana Broste විසින් ද ශ්‍රී ලංකාව මෙම වසරේ දී සංචාරය කිරීමට වඩාත් සුදුසු රාජ්‍යයක් බවටයි ප්‍රකාශ කර තිබෙන්නේ. ඇයගේ මගපෙන්වීම යටතේයි ශ්‍රී ලංකාව Forbes ලැයිස්තුවේ ලැයිස්තුගත කර ඇත්තේ. මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ජාත්‍යන්තරයෙන් තැනක් හිමිවීමට හේතුව වූයේ SLTPB 2022 හි Visiting Blogger වැඩසටහන යටතේ එම වසරේ දී ජුලියානා ලංකාවේ…

Read More

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින අයර්ලන්ත කණ්ඩායම කඩුලු හතකට ලකුණු 117ක් රැස්කරගෙන සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 6ට ලකුණු 591ක් රැස්කර ඉනිම අත්හිටුවීය. ඒ අනුව අයර්ලන්තය ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 474ක් පසුපසින් සිටියි.

Read More

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ සිටි රැදවියන් 9 දෙනෙක් අද (17) අළුයම පළාගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි . ඔවුන් සොයා මේ වන විට බන්ධනාගාර නිලධාරින් විසින් සෝදිසි මෙහෙයුමුක් ක්‍රියාත්මක කර තිබෙන අතර පළාගිය රැදවියන්ගෙන් දෙදෙනේකු අද උදෑසන සොයා ගැනීමට ඔවුන් සමත්විය මෙම මධ්‍යස්ථානයේ මත්ද්‍රව්‍ය හා සුළු වැරැදි වලට ලක්වූ තරුණයන් පුනරුත්තාපනය කරන මධ්‍යස්ථානයකි .

Read More

බෙන්තොට දෙද්දුව ප්‍රෙදේශයේ පදිංචි හෙදියකගේ මසක් වයසැති සිගිති දියණියක් ඊයේ (17) උදෑසන නිදි යහනේදීම මියගොස් ඇතැයි බෙන්තොට පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇති දියණියට තවම නමක්වත් දමා නැත් බවද පොලීසිය කියයි. බලපිටිය මූලික රෝහලේ සේවය කරන මෙම හෙදිය සමග නිදියහනේ සිටි ළදැරියගේ වෙනසක් දැක වහා බෙන්තොට රජයේ රෝහලට ගෙන එන විටත් ඇය මියගොස් සිටි බව පරීක්ෂණවලදී අනාවරණයවූ බ්වද පොලීසිය කියයි. බෙන්තොට රෝහලේදී මේ පිළිබඳව අවසන් නිගමනයකට පැමිනීමට නොහැකි වූ බැවින් බෙන්තොට පොලිසියේ සහ පහළගම්හය හදිසි මරණ පරීක්ෂක කේ.වී.ඩී.උපාලි කුමාරසිංහ මහතා විසින් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මෘතදේහය බලපිටිය මූලික රෝහලට ගෙනගොස් අධිකරණයේ උපදෙස් පරිදි කටයුතු කිරීමට තීරණය විය. බෙන්තොට පොලිසිය මේ…

Read More

වැලිමඩ බෝබුරුඇල්ල මාර්ගයේ සංචාරකයින් පිරිසක් ගමන් කළ වෑන් රථයක් 17දින සවස මාර්ගය හරහා පෙරළීයෑමෙන් එහි ගමන් කළ හයදෙනෙකු බරපතල තුවාල ලබා සිටියදි රෝහල් ගතකළ බව පොලිසිය කියයි. මෙම අනතුරින් මොණරාගල පදිංචි පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු බරපතල තුවාල ලබා සිටියදි වැලිමඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ. දිය ඇල්ල නැරඹීමට පැමිණි මෙම පිරිස ඇල්ල නරඹා නැවත වැලිමඩට ගමන් කරන අතරතුර කදු ප්‍ර දේශයකදී හදිසියේ වාහනයේ ඇතිවු කාර්මික දොෂයක් නිසා වාහනය බෝඹුරුඇල්ල පුදේශයේදීම පිටුපසට අධික වේගයෙන් ධාවනය වී මාර්ගය හරහා පෙරළී අනතුර සිදුව තිබේන බව පොලිසිය කියයි. අනතුරින් තුවාල ලැබු සංචාරකයින් හයදෙනාම බදුල්ල…

Read More