Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ ශ්‍රී ජී.එස්.පී ප්ලස් සහනය තවත් වසර හතරකින් දීර්ඝ කිරීමට යුරෝපා සංගමය තීරණය කළේය. පසුගිය වසරේ පමණක් යුරෝ බිලියන 3.2 ක අපනයන ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ රටවලට සිදු කර තිබෙන බවත් මෙරට විශාලතම වෙළඳ හවුල්කරුවන් ලෙස යුරෝපා සංගමය, ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට ජී.එස්.පී ප්ලස් සහනයේ ඇති වැදගත්කම හොඳින් වටහාගෙන ඇති බවත් යුරෝපා සංගමය පෙන්වා දී තිබේ. යෝජිත නව ජී.එස්.පී ප්ලස් සහනයේ විධිවිධාන සම්බන්ධයෙන් වන සාකච්ඡා තවමත් යුරෝපා සංගමයේ නීති සම්පාදකයන් අතර සිදුවෙමින් පැවතීම හේතුවෙන් වසර හතරක කාලයක් සඳහා පවතින ජී.එස්.පී ප්ලස් සහනය දීර්ඝ කිරීමට යෝජනා කළ බව යුරෝපා සංගමය පවසා ඇත. ඒ…
ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඕස්ට්‍රේලියා ක්‍රිකට් සහ රග්බි නිලධාරීන් සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූ බව සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත හරීන් ප්‍රනාන්දු මහතා ඕස්ට්‍රේලියා ක්‍රිකට් සහ රග්බි ක්‍රීඩා අංශ වලට ශ්‍රී ලංකාවේ සංචාරක වෙළෙඳ නාමය ඇතුළත් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකාවේ මනරම් වෙරළ තීරයන්, පෞරාණික ඓතිහාසික ස්ථාන, වන ජීවීන්, ත්‍රාසජනක ක්‍රීඩා සහ සංස්කෘතික අත්දැකීම් ප්‍රදර්ශනය කරමින් ඕස්ට්‍රේලියා ක්‍රීඩාලෝලීන්ගේ ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම පිළිබඳව සාකච්ඡා සාර්ථක බව ද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ශ්‍රී ලංකා සංචාරක තානාපති සනත් ජයසූරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB)…
වරාය වෘත්තිය සමිති සන්ධානය, සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල්වල්වලට හානියක් නොකිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ‘විරෝධතා පෙත්සම’කට ඊ (19) අස්සන් තැබීය. මෙම ‘විරෝධතා පෙත්සම’ට අස්සන් කිරීමට වරාය සේවකයන් විශාල සංඛ්‍යාවක් සහභාගි වූහ.
මිනුවන්ගොඩ ,හොරම්පැල්ල , මහගම ප්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටි පාතාල සාමාජිකයකු අද (20) අලුයම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට යාමේදී දෙපාර්ශවය අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී පාතාල සාමාජිකයා පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි. සැකකාර පාතාල සාමාජිකයාගේ වෙඩි පහරට ලක් වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා ගම්පහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය වැඩිදුරටත් සදහන් කලේය . වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ සැකකාර පාතාල සාමාජික වෙඩික්කරු වු මනික්කුගේ කසුන් ලක්ෂිත සිල්වා නැමැති 29 හැවිරිදි සැකකරුවද මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කටයුතු කර ඇති බව පොලිසිය පවසයි . රෝහල්…
2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසයේ දී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පිළිතුරු පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. මේ අතර 2023 වර්ෂයට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම් පත් කැඳවීම ද ජුලි මස 28වන දින අවසන් වීමට නියමිතව තිබේ. විභාගය සඳහා මාර්ගගතව අයදුම් කළ යුතු වන අතර අදාළ දිනයෙන් පසු අයදුම්පත් භාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.
පසුගිය 17 වනදා ආයතන පරිශ්‍රයේදී පහරකෑමකට ලක්වූ ලංකා පොස්පේට් සැපයුම් නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වෙයි. එම සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා විසින් අදාළ වැඩ තහනම් කිරීමේ ලිපිය නිකුත්කර තිබුණි.
ඇසළ පෙරහැර සමයේ මහනුවර දළදා මාළිගාව හා සිව්මහ දේවාලවල විදුලි බිල සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (19) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වෙයි. මෙම සාකච්ඡාව සඳහා දියවඩන නිලමේවරයා සහ සිව්මහ දේවාලවල බස්නායක නිළමේවරුන්, මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු තවත් නියෝජිතයින් කිහිපදෙනෙකු මීට එක්වීමට නියමිතය. මෙවර ඇසළ පෙරහැර සඳහා ලංකා විදුලි බලමණ්ඩලය විසින් ශ්‍රී දළදා මාළිගාවට රුපියල් කෝටියකට අධික ඇස්තමේන්තු ගත විදුලි බිලක් ඉදිරිපත් කර තිබුණි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් විවිධ මත පළකිරීමත් සමග එය සමාජයේ කතාබහට පාත්‍රවූ අතර දියවඩන නිළමේවරයා ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවේ ඇස්තමේන්තු ගත…
සිල්ලර දේශපාලනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය අවභාවිතා නොකරන ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කතානායකවරයාගෙන් ඊයේ (18) උදෑසන කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. ඊයේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු න්‍යායපත්‍රයෙන් ඔබ්බට ගොස් විවිධ ප්‍රශ්න මතු කළ අතර ඉන් පසුව පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ ඉල්ලීම කළේය. “මේ සිල්ලර දේශපාලනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය භාවිතා කිරීම වලක්වන්න කටයුතු කරන්න කියලා කතානායකතුමාගෙන් මම ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තු න්‍යායපත්‍රයෙන් පස්සේ මේ දේවල් කතා කරන්න කියලා මම ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුවේ විනය ගැන කතා කරාට පාර්ලිමේන්තුවේ න්‍යාපත්‍රය අවභාවිත කරලා, විනය කඩනවා. කිසිම ක්‍රමවේදයක්, කිසිම පිළිවෙලක් නැතිව තමයි මේ දේවල් කරන්නේ. ජාතික කාර්යයක් කරන වෙලාවක,…
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ඇරයුමකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 ජූලි 20-21 යන දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 75 ක් සපිරීමේ සංවත්සරය මෙම වසරේ දී සමරනු ලබන පසුබිමක මෙම සංචාරය සිදු කෙරේ. ජනාධිපති වික්‍රමසිංහ මහතා මෙම සංචාරය අතරතුර ඉන්දීය ජනාධිපති ශ්‍රීමතී ද්‍රෞපදි මුර්මු මහත්මිය හමු වනු ඇත. තවද එතුමා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ අනෙකුත් ඉන්දීය ප්‍රභූවරුන් හමු වී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු රැසක් පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ය. දෙරට අතර පවත්නා දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීමට සහ තහවුරු කිරීමට මෙම සංචාරය ඉවහල් වනු…
මෙරට ජනතාවට අඛණ්ඩ පානීය ජල සැපයුමක් ලබාදීමේ අරමුණ ඇතිව නව ජල ගාස්තු සූත්‍රයක් සහ ප්‍රතිපත්තියක් නුදුරේදීම හඳුන්වා දෙන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය. ආයෝජන පිරිවැය ඉහළ යෑම හේතුවෙන් පවතින ජල ගාස්තුවල යම් සංශෝධනයක් සිදු වන නමුත්, එහි බලපෑම සමෘද්ධි ඇතුළු සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබන හා වතු නිවාස පාරිභෝගිකයන් හට අත්විඳීමට ඉඩක් නොතබන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (18) ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. මෙම වසර වන විට කඳුකර ජනතාව මෙරටට පැමිණ…