Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වසර 30 ක කුරිරු යුධමය වාතාවරණයක් ශ්‍රී ලංකාද්වීපයේ නිර්මාණය කරන ලද ලෝකයේ දරුණුම ත්‍රස්ථවාදී සංවිධානයක් වශයෙන් නම්දැරූ එල්ටීටීඊ ත්‍රස්ථවාදී සංවිධානය විසින් ඔවුන්ගේ ත්‍රස්ථවාදී, ජාතිවාදී ක්‍රියාවන්ට අනුබල නොදීම හේතුවෙන් ඝාතනය කල දමිළ ජනතාව වෙනුවෙන් සත්‍යවාදී සේවාවක් ඉටුකල දේශපාලන නායකයන් පිළිබඳව තොරතුරු ඇතුලත් ඡායාරූප ප්‍රදර්ශණයක් යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ මෙහෙයවීම මත යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද (25) වන දින පවත්වා ඇති බවට වාර්තාවේ. දමිළ ජනතාව බහුතරයක් වාසය කරනු ලබන උතුරු නැගෙනහිර පළාත් මූලික කර ගනිමින් කුලභේදය හා ජාතිවාදය මුල් කරගනිමින් නිර්මාණය වූ එල්ටීටීඊ ත්‍රස්ථවාදී සංවිධානය ඉන්දියානු බලපෑම් හා රජයේ ආරක්‍ෂක ක්‍රියාකාරකම් පාලනයට ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමේ අරමුණින් 1987 වර්ෂයේදී රාසයියා පාර්තීපන් නොහොත්…
ජාතික නීති සතිය අදින් (25) ආරම්භ වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. අද සිට ඔක්තෝබර් මස 01 වැනිදා දක්වා නීති සතිය ක්‍රියාත්මක වන බව එම සංගමය පැවසුවේය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය පිහිටුවා ලබන වර්ෂයේ දී වසර 50 ක් සපිරීම වෙනුවෙන් මෙම සතිය ප්‍රකාශයට පත්කර ඇති අතර නොමිලේ නීතිමය උපදෙස් ලබාදී මහජනතාවට බලපාන නීතිමය ගැටලුවලට විසඳුම් ලබාදීම එහි අරමුණ වේ. පසුගිය වසර කිහිපය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නොහැකි වු අතර මෙවර පළාත් නමයේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි ප්‍රාදේශීය නීතිඥ සංගම්වල මෙහෙයවීම යටතේ ඊට අදාළ කටයුතු සිදුකිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය සැලසුම් කර ඇති බව සඳහන්ය. ඒ අනුව සැප්තැම්බර්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (26) පැවැත්වීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ වන සමාලෝචන සාකච්ඡා පසුගිය 14 වනදා ආරම්භ කර තිබුණි. මෙම සමාලෝචන සාකච්ඡා මාලාවේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වු විස්තීරණ ණය පහසුකමෙහි දෙවන වාරිකය සුරක්ෂිත කිරීම, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව විශ්වාසය ඉහළ නැංවීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවු බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව සති 2කට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡා මාලාවේ අවසන් හමුව හෙට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව සඳහන්ය. මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබාගැනීම සම්බන්ධ ගිවිසුමකට…
බ්‍රිතාන්‍ය මෝටර් රථ දිනය වෙනුවෙන බ්‍රිතාන්‍ය මෝටර් රථ සවාරියක් කොළඹදී ඊයේ (24) පෙරවරුවේ පැවැත්විණි. එම මෝටර් රථ සවාරියට පැරණි බ්‍රිතාන්‍ය මෝටර් රථ රැසක් එක්කර තිබුණි. එම වාහන ටොරින්ටන්හි පැයක පමණ කාලයක් ප්‍රදර්ශනය කිරීමෙන් පසුව කොළඹ නගරයේ රථ සවාරිය පැවැත්විණි. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැටි්‍රක් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මෝටර් රථ ප්‍රදර්ශනය පැවැත්විණි.
සිව් දින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනිය බර්ලින් නුවරට අද (26) පිටත්ව යයි. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී බර්ලින් ගෝලීය සංවාදය සඳහා සහභාගී වීමට නියමිත අතර ජනාධිපතිවරයා එහි පළමු දින සංවාද සැසියේ ආරම්භක දේශනය සිදු කිරීමට ය. බර්ලින් ගෝලීය සංවාදය යනු වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට ගෝලීය වශයෙන් විසඳුම් සෙවීම සඳහා වූ ඉහළ පෙලේ සැසියකි. ජර්මන් සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන සෙනසුරාදා (30) නැවත දිවයිනට පැමිණීමට නියමිතය. ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණියේ ඊයේ (24) පෙරවරුවේය.
කළුබෝවිල ශික්ෂණ රෝහලේදී උපත ලැබු නිවුන් බිළිදුන් දෙදෙනකු දින දහ හතරක් ඇතුලත සැකකටයුතු ලෙස අවස්ථා දෙකකදී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් රෝහල් පාලනාධිකාරියට එරෙහිව පැමිණිලි කළේය. මෙම දරු දෙදෙනා ඉකුත් 19 සහ 23 දෙදින අවස්ථා දෙකකදී මියගොස් ඇති බව පොලිසිය කියයි . පිළියන්දල , හොන්නන්තර , සර්වෝදය මාවත , පදිංචි අකිලා බොනිපස් හා හෂාන් දිල්රංග යන දෙපලට මෙම මස 23 දා ලැබීමට නියමිතව තිබූ දරු ප්‍රසූතියක් සදහා එම කාන්තාව ඉකුත් 08 දා කළුබොවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී පුතකු සහ දියණියක ඉකුත් 09 දා උපත ලබා තිබූ අතර එය අඩු බර දරු උපතක් වීම නිසා දරුවන් දෙදෙනා නොමේරු ලදරැ ඒකකයට ඇතුලත්…
හෝමාගම පෞද්ගලික ආයතනයකට අයත් උද්‍යානයක ආවරණය කළ කුඩා කාමර තුල බාලවයස්කාර දරැවන් ලිංගික කටයුතු සිදු කරන බවට ලද පැමිණිලි මත එම ස්ථානය ඊයේ (24) දින වැටලූ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. ඒ අනුව අදාල වැටලීමේදී අදාල කුටි තුල සිටි තරැණ ජෝඩු 24 ක් හමු වූ බවත් වටලන අවස්ථාවේදී බොහොමයක් ජෝඩු එහි සිටි බැවින් එම සියලු දෙනා කැදවා එම දරැවන්ට කරැණු පැහැදිලි කර දී උපදෙස් ලබා දීමෙන් පසු අදාල දැරියන්ගේ භාරකරැවන් වෙත දුරකතන ඇමතුම් ලබා දී මුදා හැරීමට කටයුතු කල බවත් පොලිසිය පවසයි. තම දරැවන් සමග අදාල උද්‍යානයට යාමේදී පාසල් වයසේ දරැවන් වැනි දරැවන් අදාල ආවරණය කළ කුඩා කාමරතුල නොහොබිනා අයුරින්…
මුතුපන්තිය වෙරළ තිරයෙ තිබු බිළිදකුගෙ මළ සිරුරක් ඊයේ සවස සොයා ගත් බව ආරච්චිකට්ටුව පොලිසය පවසයි. අදාල බිළිදු මළ සිරුර දිනක් පමන වයසැති මළ සිරුරක් බවට පොලිසිය සැක කරති. මුතුපන්තිය වෙරළෙ තිබු මෙම නාදුනන බිළිදු මළ සිරුර ධීවරයකු දැක ඉන් පසුව පොලිසිය දැනුවත් කර ඇති බවත් ඉන් පසුව පොලිසිය විසින් අදාල ප්‍රදේශයෙ ආරක්ෂාව යොදවා ඇති බව පොලිසිය පවසයි. මේ අතර තුර හලාවත පොලිසියට ලැබුන තොරතුරක් මත හලාවත මුලස්ථාන පොලිසියෙ ළමා හා කාන්තා කාර්යාංශයෙ නිළධාරීන් විසින් විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇත.
රුපියල් කෝටි 30 කට අධික වටිනාකමින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 ක් තොගයක් මෙරටට රැගෙන ආ කෙන්යානු ජාතිකයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සීවලී අරුග්ගොඩ මහතා පැවසීය. දෝහා සිට කටුනායක ගුවන් තොටුපළට ඊයේ පස්වරුවේ පැමිණි ගුවන් යානයකින් 34 හැවිරිදි කෙන්යානු ජාතිකයා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය භාරයට ගත් බවත් බිස්කට් ටින් 3 ක අසුරා තිබියදී මෙම කොකේන් ඔහුගේ සොයාගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන් තොටුපොලේ සිට කටාර් රාජ්‍යයේ දෝහා ගුවන් තොටුපොල හරහා සැකකරු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට…
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඕනෑම අවස්ථාවක පක්ෂයකට බාර ගැනීමට සූදානම් නමුත් සභාපති ධූරය සහ ලේකම් ධූරය ඔහුට පිරිනැමීමට බලාපොරොත්තුවක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ එම පක්ෂයේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් මෙන්ම අනු සංවිධාන නියෝජිතයන් සමග කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ඊයේ (24) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීය. “දයාසිරි කැමතිනම් ප්‍රශ්නයක් නෑ.එයාට ඕනම වෙලාවක එන්න පුළුවන්” යැයිද මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී කීවේය. දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ ලේකම් ධූරයෙන් ඉවත් කිරීමේ තීරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ට දීර්ඝව කරුණු පැහැදිලි කළේය. ලබන වසර මැතිවරණ වර්ෂයක් බවත් මැතිවරණයක් හෝ දෙකක් පැමිණිය හැකි…
