Author: LANKA24X7

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ආපදා මරණ සංඛ්‍යාව මේ වනවිට 193ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම පුද්ගලයින් 228 දෙනෙකු මේ වනවිට අතුරුදන්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කර අලුත්ම වාර්තාවේ සඳහන්ය. මේ වනවිට පවුල් 266,114කට අයත් පුද්ගලයින් 968,304ක් ආපදාවට ලක්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (30) උදෑසන 11.30 නිකුත් කළ වාර්තාවේ සඳහන් ය. මේ අතර වැඩිම ආපදා මරණ ප්‍රමාණයක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. ඒ මරණ 71කි. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 52ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 20ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 15ක් වාර්තා වී තිබේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයෑම් සහ ආපදාවන්ට…

Read More

දිවයින පුරා ඇදහැලුණු අධික වර්ෂාපතනය හමුවේ ඊයේ පස්වරු 6 වන විට මෙරට පවුල් 234,503 ආපදාවට පත්ව ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා පවසයි. ඒ මහතා පැවසුවේ එයින් පුද්ගලයින් 833,985 ආපදාවට ලක්ව ඇති බවය. එමෙන්ම නිල වශයෙන් තහවුරු වූ මරණ 159ක් සහ 203ක් මේ වන විට වාර්තා වී ඇතැයිද ඒ මහතා අද (30) පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. ආපදාව හේතුවෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන 919ක් ශ්‍රී ලංකාව පුරාම ආපදාවට ලක්වූ ජනතාව වෙනුවෙන් සේවාවන් සපයන අතර පවුල් 34, 198ක් පුද්ගලයින් 122,822ක් මෙම සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින බවත් ඒ මහතා සඳහන් කළේය. එමෙන්ම පවතින තත්ත්වයන් තුළ සහනාධාර සම්බන්ධ ගෙවීම් සංශෝධනය…

Read More

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපෑ ආපදාවට ප්‍රතිචාර වශයෙන් ජපානය මෙරටට හදිසි ආධාර ලබා දීමට තීරණය කර තිබේ. ඒ අනුව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) හරහා මෙරට රජයට තක්සේරු කණ්ඩායමක් එවීමට ජපාන රජය තීරණය කර ඇත. එම කාර්ය මණ්ඩලයට වෛද්‍ය නිලධාරීන්ද ඇතුළත් වන අතර ඔවුන් මෙරට වෛද්‍ය අවශ්‍යතා නිරීක්ෂණය කරනු ඇති බවත් සහ ජපන් ආපදා සහන කණ්ඩායමක් එවීමට ඇති හැකියාව සම්බන්ධීකරණය කරනු ඇති බවත් සඳහන් වේ එමෙන්ම ජපාන රජය විසින් JICA ආයතනය හරහා විපතට පත් ජනතාවට කූඩාරම් සහ බ්ලැන්කට් ඇතුළු හදිසි සහනාධාර භාණ්ඩ ලබාදීමට ද තීරණය කර තිබේ.

Read More

ආපදා සහිත ප්‍රදේශවල අඛණ්ඩ සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට ඉන්දීය ගුවන් හමුදාවේ MI-17V5 හෙලිකොප්ටර් යානා දෙකක් ශ්‍රී ලංකාව වෙත ළඟා වී තිබේ. ඊයේ (29) සවස මෙම හෙලිකොප්ටර් යානා දෙක පැමිණි බව ගුවන් හමුදා පවසයි. සහන සේවා සඳහා අත්‍යවශ්‍ය මානුෂීය ආධාර සහ ආපදා සහන ද්‍රව්‍ය සමඟ භට පිරිස් සාමාජිකයින් 22 දෙනෙකු ද එහි පැමිණි ඇති බව සඳහන්ය. මෙම හෙලිකොප්ටර් යානා දෙකෙහි නායකත්වය දරන ලද්දේ වින්ග් කමාන්ඩර් නාගේෂ් කුමාර් සහ වින්ග් කමාන්ඩර් මුකුල් මහජන් විසින්ය.

Read More

“දිට්වා” සුළිකුණාටුව ඊයේ (29) ප.ව.11.30 වන විට යාපනය සිට 130 kmක් උතුරු දෙසින් , අක්ෂාංශ 10.7°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර ඉදිරි පැය 24 තුළ ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට සමාන්තරව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවය. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අද (30) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුර, උතුරුමැද, වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. උතුරු, උතුරු-මැද, සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී.…

Read More

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදු වූ මරණ ගණන 153ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම පුද්ගලයින් 191දෙනෙකු මේ වනවිටත් අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. එම මධ්‍යස්ථානය අද (29) පස්වරු 6.00ට නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන්ව ඇත. මේ වනවිට දිස්ත්‍රික්ක 25කට අයත් පවුල් 217,263ක පුද්ගලයින් 774,724 දෙනෙකු ආපදාවට ලක්ව තිබේ. එමෙන්ම පවුල් 27,494කට අදාළව පුද්ගලයින් 100,898දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන 798ක රැඳී සිටී.

Read More

ඉදිරි පැය කිහිපයේ දී කොලොන්නාව, කඩුවෙල, සීතාවක, කොළඹ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගංවතුර තත්ත්වය ඉහළ යා හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා පවසයි. ඒ අනුව එම ප්‍රදේශවලින් ඉවත් නොවී නිවාසවල තවමත් රැදී සිටින ජනතාව හැකි ඉක්මනින් නිවෙස්වලින් ඉවත්ව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යන ලෙසට දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලීමක් කර ඇත. එමෙන්ම කැලණි ගං මිටියාවතේ පදිංචි සහ ගංගා දෙපස සිටින ජනතාවට ද වහාම ඉවත් වෙන ලෙස ඔහු වැඩිදුරටත් දන්වා සිටී.

Read More

රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇති වී ඇති සන්නිවේදන බාධා හේතුවෙන් ගුවන් නියමුවන් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබේ. ඒ අනුව මෙහෙයුම් උපදෙස් ලබා ගැනීම සඳහා වහාම පාලන මධ්‍යස්ථානය අමතන ලෙස සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය ඉල්ලීමක් කර ඇත.

Read More

සුළි කුණාටු තත්ත්වය දිවයිනෙන් බැහැරට ගමන් කිරීමත් සමග සෘජු බලපෑම් ඉවත් වුවද, වක්‍ර බලපෑම් තවදුරටත් පවතින බවත්, ඒ හේතුවෙන් උතුර, උතුරු මැද, ඊසාන දිග සහ මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවන වර්ෂාපතනයක් ලැබීමේ හැකියාව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කරයි. මීට අමතරව බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මි.මි 50 ඉක්මවන වර්ෂාපතනයක් ලැබෙන අතර අනෙක් පළාත්වලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වන බව ඔහු පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් අධික වර්ෂාපතනය අඩු වුවද ආපදා තත්ත්වය තවමත් පහව ගොස් නොමැති බැවින් සිය නිවෙස් කරා යාමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල…

Read More

අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින විදේශිය සංචාරකයින් සඳහා වීසා පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ වීසා පහසුකම සැලසීමේ දී සිදුකරන ලබන ක්‍රියාමාර්ගයන් පහත පරිදි වේ. 1. ගුවන් යානා අවලංගු වීම හා ගමනා ගමන දුෂ්කරතා නිසාවෙන් රටින් පිටවීමට නොහැකිව වීසා අවසන් වූ විදේශිය සංචාරකයින් සඳහා 2025.11.28 දින සිට ඉදිරි දින 7ක් දක්වා කාලයක් සඳහා දඩ හෝ විසා ගාස්තුවකින් තොරව ගුවන් තොටුපොළවලින් පිටවීමට අවස්ථාව සැලසීම. 2. මේ වන විට ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කෙටි කාලීන හෝ දිගු කාලීන විසා අවසන්ව…

Read More