Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඇල්ල අනතුරේදී ජනතාවගේ ජීවිත බේරා ගැනීමට දායක වූ සියලු දෙනා පෙන්වූ මනුෂ්‍යත්වයේ උත්තරීතර බවට තම හෘදයාංගම ගෞවරය පිරිනමන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. නාමල් රාජපක්ෂ මහතා මෙසේද කියයි. ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදු වූ බස් රථ අනතුර පිළිබඳව මම දැඩි සංවේගයට පත් වුණෙමි. මෙම අනතුරට ලක් වූ තංගල්ල මහනගර සභාවේ ලේකම් වන ටී. ඩබ්ලිව්.කේ රූපසේන මහතා ඇතුළු පිරිසකගේ ජීවිත අහිමි වී ඇති අතර සමස්ත මහජනතාව මේ සිදුවීම හේතුවෙන් දැඩි කම්පනයට පත් වී ඇත. දැඩි බෑවුම් සහිත ස්ථානයක, අනතුරට ලක් වූ අපේම සහෝදර ජනතාවගේ ජීවිත බේරාගැනීමට…
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාලකරුවන් සමග සබඳතාවක් තිබුණා නම් එය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ හෘද සාක්ෂිය එය හොඳාකාරවම දන්නවා ඇති යැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. ” ආණ්ඩුව ඉදිරියේදී අපිත් ඔය පාතාලකරුවන්ට ගාවන්න ඉඩ තියෙනවා” යැයි නමල් රාජපක්ෂ මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු එසේ පැවසීය. ශ්‍රී ලංකා පොලිසිය සාමාන්‍ය කට කතාවලට සහ ඕපාදූපවල කටයුතු නොකරන බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. විමර්ශනවලින් තොරතුරු අනාවරණය වීමටත් පෙර ඔහු එසේ ප්‍රකාශ කිරීම ප්‍රශ්නකාරී බවද ඔහු සඳහන් කළේය.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී ස්මාට් අත් ඔරලෝසුවක් , ජංගම දුරකථන තොගයක් සහ විවිධ මත්ද්‍රව‍්‍ය හමුවී ඇතැයි බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. සොයාගත් එම ජංගම දුරකථන 27 අතර ස්මාර්ට් ජංගම දුරකථන 07 ක් ද තිබී ඇතැයි දැනගන්නට ඇත.මත්ද්‍රව‍්‍ය අතර හොරයින් අයිස් සහ ගංජා ද අඩංගුව තිබී ඇතැයි කියයි. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ජේ වාට්ටුවේ සිදු කළ සෝදිසි මෙහෙයුමේදී ජංගම දුරකථන 04 ක්ද , එම් 2 වාට්ටුවේ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී ස්මාට් ජංගම දුරකථන 07 ක් ස්මාට් අත් ඔරලෝසුව සහ සෙසු ජංගම දුරකථන තොගය මෙන්ම විවිධ මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වී ඇතැයි කියයි.
මුළු රටේ ම ජනතාව සංවේගයට පත් කළ ඇල්ල බස් අනතුරට මුහුණ දුන් ජනතාව වෙනුවෙන් අතිශය කණගාටුවට පත්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව පවසන්නේ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි. හිටපු ජනාධිපතිවරයා මෙසේද කියයි. ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ඊයේ රාත්‍රියේ (04) සිදුව ඇති බස්රථ අනතුර පිළිබඳව අසා බෙහෙවින් කම්පාවට සහ ශෝකයට පත් වූයෙමි. තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණ, නැවත යමින් සිටිය දී රාවණා ඇල්ල ප්‍රදේශයේ සිදුව ඇති මෙම අනතුර හේතුවෙන් තංගල්ල නගර සභාවේ ලේකම් වන ටී. ඩබ්ලිව්. කේ. රූපසේන මහතා ඇතුළු තවත් පිරිසකගේ ජීවිත රැසක් අහිමි ව ඇති බවත්, තවත් බහුතරයක් තුවාල ලබා ඇති බවත්…
කෙහෙල්බද්දර පද්මේ නුවරඑළියේ පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයයේ පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකුද සේවය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. මෙම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය පිළිබඳව තොරතුරු අනාවරණය වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකදීය. අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය ගැන තවත් තොරතුරු අනාවරණය වෙමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
ටෙනෙක් විප්ලේස් එන්නත් මිලිග්‍රෑම් 40න් වයල් 30,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. හෘදයාබාධ ඇති වූ පුද්ගලයින් මිය යාම වලක්වා ගැනීම සඳහා දෙන ටෙනෙක්ටිප්ලේස් එන්නතින් වයල් 30,000ක් මිල දී ගැනීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 3ක් ලැබී තිබේ. ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව අවම ලංසුකරු වන ශ්‍රී ලංකාවේ ABC Pharma Services (Pvt) Ltd. (Manufacturer: Reliance Life Sciences (Pvt) Ltd., India) ආයතනයට රුපියල් මිලියන 2,385 ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
තිස්සමහාරාම පොලිසියේ කැබ් රථයක් සොරාගෙන යාම සම්බන්ධයෙන් එම කැබ් රථ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙනි. ඉකුත් 3වැනි දින තිස්සමහරාම පොලිසියේ සැරයන්වරයෙකු තවත් කොස්තාපල්වරුන් දෙදෙනකු සැකකාර රියදුරු පදවන ලද කැබ් රථයෙන් රාත්‍රී ජංගම සංචාරය සඳහා පොලිස් ස්ථානයෙන් පස්වරු 6 ට පිටත් වී 6.50 ලද පැමිණිල්ලක් අනුව වීරවිල පන්නෙගමුව ප්‍රදේශයට පැමිණ තිබූ බව පොලිසිය කියයි. 7.15 ට පමණ පැමිණිලිකාරිගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු 7.45 ට පමණ කැබ් රථය නවතා තිබූ ස්ථානයට පැමිණීමේදී එය නොමැති බව සැකකාර පොලිස් කොස්තාපල්වරයා විසින් සැරයන්වරයාට දැනුම් දී ඇත. අනතුරුව ඒ…
අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් සිදු කරන පැමිණිලි පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ විධිවිධාන යටතේ අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවා ඇත. අතුරුදහන් වූ සහ දක්නට නොමැති තැනැත්තන් පිළිබඳව විමර්ශන සිදු කර ඔවුන්ගේ ඥාතීන්ට වාර්තා නිකුත් කිරීම සිදු කිරීම මෙම කාර්යාලය විසින් ඉටු කරනු ලබයි. මේ දක්වා එකී කාර්යාලය වෙත ලැබී ඇති 16,966 ක් වූ පැමිණිලි අතරින් විමර්ශනය සඳහා තවදුරටත් පැමිණිලි 10,517 ක් ඉතිරිව ඇත. ඒ අනුව, අගතියට පත් පාර්ශ්වයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා 2027 වර්ෂය අවසන්…
උප සේවයේ සිට නිත්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරනු ලැබු පොලිස් නිලධාරීන් හේතුවෙන් නිත්‍ය සේවයේ රාජකාරි කළ නිලධාරීන්ට උසස්වීම් දීමේදී සේවා කාලය සැළකීම හේතූවෙන් තමන්ට සිදුවන අසාධාරණයට සුදුසු විසඳුම් දෙන්නැයි ඉල්ලා පොලිස් පරීක්ෂකවරු 72ක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වල තීන්දුව පසුව ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) දැනුම දුන්නේය. නිසි විසඳුම් ඉල්ලා පොලිස් පරීක්ෂක ඕ සි සුබසිංහ මහතා ඇතුළු 72 ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස දැනුම දුන්නේය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාගයට ගැනීණි. පොලිස් පරීක්ෂක ඕ සි සුබසිංහ මහතා ඇතුළු…
බීමත්ව රිය පදවා අනතුරක් වළක්වා නොගැනීම ඇතුළු චෝදනා යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් ඊයේ (04) නිකුත් කළේය. තමන්ට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන්නැයි ඉල්ලා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලු අභියාචනාධිකරණය අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කළේය. අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණ. පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙත්සම්කාර විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා වෙනුවෙන් නීතිඥ චන්දන පෙරේරා මහතාගේ උපදෙස්…
