Author: LANKA24X7

පාර්ලිමේන්තුවේ වහලය ස්ථාන ගණනාවක හිල් පැවතීම හේතුවෙන් වර්ෂා කාලවලදී සභා ගර්භයේ යම් යම් ස්ථානවලට පවා ජලය කාන්දුවන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පෙන්වා දෙති. කාලයක් තිස්සේ පිළිසකර නොකිරීම හේතුවෙන් මේ තත්වය ඇති වී තිබෙන බව ඔවුහු සඳහන් කරති. පාර්ලිමේන්තුවේ බොහෝ අංශ පිළිසකර කිරීමේ මෙහෙයුමක් යුද හමුදාවේද සහාය ඇතිව ආරම්භ කර ඇත. පාර්ලිමේන්තුවේ මෙම ඉදිකිරීම් කටයුතුවලට ජෙෆ්රි බාවා පදනම නොමිලේ උපදේශන සේවා ලබාදෙයි එසේම පාර්ලිමේන්තුවේ මුල් සැලැස්මට හානි නොවන පරිදි එහි ඉදිකිරීම් කරන්නැයි එම පදනම පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ එවකට අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතා වර්තමාන පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිකිරීමේ කටයුතු මෙහෙයවීය. මේ අනුව මෙරට ප්‍රමුඛ…

Read More

පහළොස් දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරටපත් බස් රථය පොදු ප්‍රවාහනය සඳහා ලියාපදිංචියෙන් ඉවත් වූ එකක් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය ජාතික ගමනාගමන කොමිෂන් සභාව 2023 වර්ෂයේදී එම බස් රථය පොදු ප්‍රවාහනය සඳහා ලියාපදිංචියෙන් ඉවත් කර ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා බස් රථය සාමාන්‍යයෙන් නිවසේ භාවිතය සඳහා වෙනස්කම් කර තිබූ වාහනයක් ලෙස හඳුනාගෙන ඇතැයිද සඳහන් කළේය. සාමාන්‍යයෙන් පළාත් අතර පොදු ප්‍රවාහන සේවා කටයුතු කරන්නේ නම් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී අවසර ලබා ගැනීම අත්‍යවශ්‍ය බව පැවසේ.

Read More

පානදුර, අලුබෝමුල්ල සඳගලවත්ත ප්‍රදේශයේ වෙළෙඳසැලකට අද (6) පෙරවරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ. නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ මිලිමීටර 9 වර්ගයේ පිත්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇත. වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ කාන්තාවක් එහි සිට ඇත. ඇය වෙඩි ප්‍රහාරයෙන් බේරී පලායාමේ දී වෙළෙඳසැලේ තිබූ ශීතකරණයකට වෙඩි වැදී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අලුබෝමුල්ල පොලීසියට විමර්ශනයක් ආරම්භ කර ඇත. ඊට අමතරව පානදුර කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ ද වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදුවූ බස් අනතුරින් මියගිය තංගල්ල නගර සභාවේ සේවකයන්ගේ මෘතදේහ මේ වනවිට තංගල්ල නගර ශාලාව වෙත රැගෙනවිත් එහි තැන්පත් කර තිබේ. ඒ, මියගිය අයට අවසන් ගෞරව දැක්වීම සඳහාය. මේ වනවිට මියගිය පුද්ගලයින් 10 දෙනෙකුගේ දේහයන් නගර ශාලාවට රැගෙනවිත් ඇති බවය. තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථය ඇල්ල පොලිස් වසමේ ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී පෙරේදා (04) ප්‍රපාතයකට පෙරළී සිදුවූ මෙම අනතුරෙන් 15 දෙනෙකුට දිවි අහිමි විය. මෙම අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්. කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද මියගොස් තිබුණි. අනතුරින්…

Read More

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පසුගිය (04) රාත්‍රියේ සිදුවූ මාරක බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 10 බැගින් වන්දි දීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබේ. එම අනතුරෙන් පුද්ගලයන් 15 ක් මරණයට පත්ව ඇති අතර ඒ අනුව රුපියල් ලක්‍ෂ 150ක් ජනාධිපති අරමුදලෙන් වන්දි ගෙවන බව එම අරමුදල වැඩි දුරටත් සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) හිටපු තරග තීරකවරයෙක් වන රොෂාන් මහානාම මහතා ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ජාතික ක්‍රීඩා සභාවෙන් ඉල්ලා අස්වීමට හේතුව ලෙස ඒ මහතා ‘ පෞද්ගලික හේතුවක්’ ලෙස යැයි සඳහන් කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් බාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ලේකම්වරුන්ගේ මතය ඇතුළත් වාර්තාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පසුගිය ( 4) බාරදී ඇත. කෙසේ වෙතත් ලේකම්වරුන් එම යෝජනාව සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් ප්‍රකාශ කර නැත. යෝජනාව විවාදයට ගන්නවා නම් ඒ සඳහා යොදාගත හැකි කරුණුද විවාදයට නොගන්නවා නම් ඒ සඳහා යොදාගත හැකි කරුණුද ඇතුළත් කර මෙම වාර්තාව පිළියෙල කර බාරදී ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය. විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය මෙන්ම මීට පෙර විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කර ඇති අය සම්බන්ධයෙන්ද විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් මෙරට සහ විදේශයන්හි භාවිතයන් සහ ලේඛනගත…

Read More

මෙරටට බලපා ඇති උණුසුම් කාලගුණ තත්වය පිළිබඳ ප්‍රදේශ රැසක ජනතාව හෙට (6) දිනයේ අවධානය යොමුකළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැවසීය.

Read More

ඇල්ල බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ සියලුදෙනාගේ පවුල් වෙත ජනාධිපතිවරයා ඇතුළු රජයේ සංවේගය පළ කරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ජාතික මීලාද් – උන් – නබි සැමරුම් උත්සවය අමතමින් පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්තොට, මැලේ කොලනි ගම්මානයේ, මස්ජිදුල් අරූසියා ජුම්මා මස්ජිද් පරිශ්‍රයේදී ඊයේ (5) මෙම උත්සවය පැවැත්විණි. බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඉස්ලාම් ආගමික නායක මුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය නිමිති කොට ගෙන මෙම ජාතික උත්සවය සංවිධාන කර තිබු අතර ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු සියලු ආගම්වලට අයත් ජනතාවගේ සහයෝගය සහ දායකත්වය…

Read More

කොළඹ ප්‍රදේශයේ ස්ථාන තුනකදි සිවිල් පුද්ගලයන් කිහිප දෙනකුද සමග එක්වී මාර්ගයේ ගමන් කරන පිරිස් නවතා පරීක්ෂා කර ඔවුන්ගේ ජංගම දුරකථනවල අන්තර්ජාල බැංකු සේවා මගින් සිය ගිණුම්වලට බලහත්කාරයෙන් මුදල් බැරකර ගත්තේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු පසුගිය (4) සැකපිට අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය සඳහන් කරයි. මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මූලස්‌ථානයේ කොස්තාපල්වරයෙකි. පසුගිය විසිවැනිදා ලේක්හවුස් ආයතනය ඉදිරිපිට දීද,27 දා බාලදක්ෂ මාවතේදී සහ පසුගිය අටවැනිදා පිටකොටුව ප්‍රදේශයේදී ද රැඳී සිටිමින් මාර්ගවල ගමන් ගත් ඇතැම් පුද්ගලයන් නවතා පරීක්ෂා කර බලා මෙසේ මුදල් ලබාගෙන තිබෙන බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. සැකකාර කොස්තාපල්වරයා සමග එක්වී මෙම ක්‍රියාවට සම්බන්ධ වූ…

Read More