Author: LANKA24X7

කැලණි ගඟේ ජල මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඒ අනුව කැලණි ගං ද්‍රෝණියේ පහත්බිම් ප්‍රදේශවලට බලපා තිබු ගංවතුර තත්ත්වයන් ද පහව යමින් පවතින බවය. ඊට අමතරව කළුගඟ, මල්වතු ඔය ඇතුළු ජලාශවල ද ජලමට්ටම් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ප්‍රධාන එළවළු සැපයුම් ප්‍රදේශ වන බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, කැප්පෙටිපොල ආදී ආර්ථික මධ්‍යස්ථානවලට ඉතා විශාල වශයෙන් ගෝවා, කැරට්, බෝංචි ආදී ප්‍රධාන එළවළු වර්ග තොග වශයෙන් ලැබෙමින් පවතින බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි. එබැවින් මෙම එළවළු මේ වනවිට විවෘතව ඇති ඇල්ල වැල්ලවාය මාර්ගය ආදී මාර්ග භාවිත කරමින් මේ දුෂ්කර අවස්ථාවේදී මහජනතාව වෙත පහසුවෙන් ලබාගත හැකිවන පරිදි එළවළු ප්‍රවාහනය කරන වෙළෙඳ නියෝජිත මහතුන් විසින් අවශ්‍ය ප්‍රවාහන කටයුතු සංවිධානය කරගන්නා ලෙසට ඉල්ලීමක් කර ඇත. ඒ අනුව මේ දුෂ්කර අවස්ථාවේදී මහජනතාව වෙත පහසු මිලකට එළවළු සැපයීමට ඔබ දක්වන දායකත්වය ඉතා අගය කොට සළන බවද අමාත්‍යාංශය දැනුම් දී ඇත.

Read More

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 366ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. එමෙන්ම මේ වනවිට 367 දෙනෙකු අතුරුදන්ව ඇති බවද සඳහන් වේ. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් අද (01) පස්වරු 05ට නිකුත් කළ නිවේදනයෙන් මේ බව දැනුම් දී තිබේ.

Read More

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් ආධාර තොගයක් රැගත් ඉන්දීය නෞකාවක් දිවයිනට පැමිණ තිබේ. එම නෞකාව මේ වන විට ත්‍රිකුණාමලයෙන් දිවයිනට ඇතුළු වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත. එලෙස දිවයිනට පැමිණ ඇත්තේ, ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUKANYA’ යුද නෞකාවයි.

Read More

වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුර පිළිබඳ විමර්ශනයට ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් ඇතුළු 9දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පවසයි. රටට බලපා ඇති ඕනෑම හදිසි ආපදාවකදී විපතට පත් ජනතාව සිය ජීවිතය පිළිබඳ බලාපොරොත්තු දල්වාගන්නේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ ගිනි නිවන හමුදාව ඇතුළු මුදාගැනීමේ කණ්ඩායම් තම ප්‍රදේශවලට පැමිණීමත් සමගිනි. මෑත ඉතිහාසයේ කවරදාකටත් වඩා මෙවර ගංවතුර හා නායයෑම් ආපදාවලදීත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉටුකරමින් සිටින්නේ සුවිසල් මානුෂිය මෙහෙවරකි. එම දැවැන්ත මෙහෙයුම් අතරතුර ශ්‍රී ලාංකික හදවත් කම්පා කළ සිදුවීමක් ඊයේ (30) වාර්තා විය. ඒ, මානුෂීය ක්‍රියාන්විතයේ නියැලෙමින් සිටි ගුවන් හමුදා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්…

Read More

මාවිල්ආරු වැව් බැම්ම කැඩී යෑමෙන් ආපදාවට පත්ව සිටින පුද්ගලයින් 309 දෙනෙකු නාවික හමුදාව විසින් මුදාගෙන තිබේ. අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණි ත්‍රිකුණාමලය මාවිල්ආරු වැවේ, වැව් බැම්මේ කොටසක් ඊයේ (30) කැඩී යාමෙන්, එම ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් ඇති වුණි. ඒ අනුව, අද (31) උදෑසන වන විට ගංවතුරෙන් ආපදාවට පත් පුද්ගලයන් 309 දෙනෙකු මුතුර් ප්‍රදේශයෙන් ආරක්ෂිතව ඉවත් කර, මුතුර් ගල්කන්ද විහාරස්තාන පරිශ්‍රය වෙත යොමු කෙරුණි. නාවික හමුදා ගොඩබෑමේ නෞකාවක් සහ ගොඩබෑමේ යාත්‍රාවක් මෙන්ම, වෙරළබඩ මුර යාත්‍රාවක්, මුතුර් ප්‍රදේශයට ආසන්න මුහුදු ප්‍රදේශයේ ආපදා සහන මෙහෙයුම් සඳහා සූදානම්ව තබා ඇත. තවද, මෙම මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම නාවික හමුදාව අඛණ්ඩව සිදුකෙරෙමින් පවතී.

Read More

කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් හංවැල්ල සහ ඒ ආශ්‍රිත පහළ ප්‍රදේශයේ මේ වනවිට අධි ගංවතුර තත්ත්වයක් පවතී. හංවැල්ල මිනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම මීටර් 9.78ක් වාර්තා වන අතර, එය ආසන්න වශයෙන් මහ ගංවතුර තත්ත්වයක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ, එල්.එස්. සූරියබණ්ඩාර කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවය. ඒ අනුව නාගලගම් වීදියේ මිනුම් පාඨාංකය අඩි 8.35ක් ලෙස දැක්වෙන අතර එය මෑත ඉතිහාසයේ වැඩිම ජල මට්ටම බව ද ජල කළමනාකරණ අධ්‍යක්ෂවරයා පැවසීය. තවදුරටත් ජල මට්ටමේ වැඩිවීමක් සිදු නොවන බවද පැවසූ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ කැලණි පන්සල…

Read More

හෙට (01) සිට 05 වැනිදා දක්වා නැවත වෙනස් වීමක් දැනුම් දෙන තෙක් දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරිමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. මුහුදුබඩ මාර්ගය (ඉහළ) 1. බෙලිඅත්ත / මරදාන – පිටත්වීම පෙ.ව.4.15 (සාගරිකා) 2. බෙලිඅත්ත / මරදාන – පිටත්වීම පෙ.ව.6.25 (ගාලු කුමරි) 3. මාතර / මරදාන – පිටත්වීම පෙ.ව.6.05 (රුහුණු කුමරි) 4. ගාල්ල / මරදාන – පිටත්වීම පෙ.ව.4.10 (slow) 5. ගාල්ල / මරදාන – පිටත්වීම පෙ.ව.5.00(සමුද්‍ර දෙවී) 6. අලුත්ගම / ගනේමුල්ල- පිටත්වීම පෙ.ව.3.15(slow) 7. අලුත්ගම / කො.කොටුව පිටත්වීම පෙ.ව.3.40 (slow) 8. අලුත්ගම / රාගම- පිටත්වීම පෙ.ව.4.15 (slow) 9. අලුත්ගම/ මරදාන – පිටත්වීම පෙ.ව.5.55 (slow) 10.…

Read More

තලවාකැලේ, තවලන්තැන්න මාර්ගය නාය ගොස් තිබේ. තලවාකැලේ, තවලන්තැන්න හරහා කොත්මලේ මාර්ගය කොත්මලේ පාලුවත්ත ප්‍රදේශය මීටර 100ක පමණ කොටසක් මෙලෙස නායයාමට ලක්ව ඇත. මේ හේතුවෙන් සහන කණ්ඩායම් සඳහා කොත්මලේ ප්‍රදේශය වෙත ළඟා වීමට නොහැකි වී ඇති බවද සඳහන්. කොත්මලේ පාලුවත්ත ප්‍රදේශයේ නිවාස රැසක් නායයෑමේ අවදානමකට ලක්ව ඇති බවද වාර්තා වේ.

Read More

කළු ගඟ ද්‍රෝණිය තුළ පිහිටා ඇති පහත් බිම් ප්‍රදේශවලට බලපා ඇති ගංවතුර තත්ත්වය ඉදිරියේදී සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ. මේ හේතුවෙන් කළුතර, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, පාලින්දනුවර, මදුරාවල, අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත. මේ හේතුවෙන් එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් හා මගීන්ගෙන් ද මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් දන්වා තිබේ.

Read More