Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඊශ්‍රායල – පලස්තීන යුදමය වතාවරණයේ බලපෑම හේතුවෙන් මෙරට රන් මිලෙහි සැලකිය යුතු ඉහළ යාමක් සිදුව තිබේ. පවතින තත්ත්වය තුළ පසුගිය සතියේ දී විදේශීය වෙළෙඳපොළේ රත්‍රං මිල කැපි පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම හේතුවෙන් දේශීය රත්‍රං මිල ගණන් ද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. විදේශීය වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක් ඩොලර් 1,820 සිට ඩොලර් 1,925ක් දක්වා ඩොලර් සියයකට වැඩි අගයකින් මෙම සතිය තුළ ඉහළ ගොස් තිබේ. ඒ අනුව ද පසුගිය සතියට සාපෙක්ෂව මෙරට වෙළෙඳපොළ තුළ රන් පවුමක මිල රුපියල් 7,000කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික මැණික් හා ස්වර්ණභරණ අධිකාරිය සඳහන් කළේය. ඒ අනුව කැරට් 24ක රන් පවුමක් මේ වන විට අලෙවි…
පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ඇස් රෝග පැතිරයාමේ අවදානම තවදුරටත් පවතින බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙර්රෙරා මහතා පවසයි. ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ රෝගය වැලඳුන දරුවන් පෙරපාසැල් සහ පාසැල් වෙත යොමු නොකිරීම මඟින් මෙම රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට හැකියාවක් ලැබෙන බවය.
ගාසා තීරයේ රෝහලකට බිහිසුණු ගුවන් ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම බිහිසුණු ප්‍රහාරය හේතුවෙන් 300කට අධික පිරිසක් මියගොස් ඇති බවය. කෙසේ වෙතත් ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් එම වාර්තා පෙන්වාදෙන්නේ මෙම ප්‍රහාරය හේතුවෙන් මියගොස් ඇති සංඛ්‍යාව 500 කට ආසන්න බවය.
ගම්පොල මාවතුර කලයිමහල් දෙමළ විද්‍යාල භූමියේ තිබූ සතුන් දඩයම් කිරීමට යොදා ගන්නා හක්කපටස් එකක් පිපිරීමෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනකු ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ. තිවාල ලැබූ සිසුන් දෙදෙනකු ප්‍රතිකාර ලබාදී නිවසට යවා ඇති අතර එක් සිසුවකු නේවාසිකව ප්‍රතිකාර ලබයි. මෙසේ රෝහලේ ප්‍රතිකාර ලබන්නේ එම පාසලේ හය වසරේ ඉගෙනුම ලබන සිසුවකු එසේ තුවාල ලබා ඇත. පාසල් කාලය තුළදී මෙම සිසුන් තිදෙනා එළියට පැමිණි අවස්ථාවේ බෝලයක් වැනි යමක් දැක එක් සිසුවකු එයට පා පහරක් එල්ල කර ඇති අතර ඒ අවස්ථාවේදී එය පුපුරා ගොස් ඇති බව පවසයි. පිපිරීමෙන් සිදු වූ අධික කම්පනය නිසා මෙම සිසුවා ගේ සපත්තුවක් කැඩීගොස් කකුලට ද හානි සිදුවී…
මහනුවර ප්‍රදේශයේ විහාරස්ථානයකට අයත් රුපියල් කෝටි 30 ක් වටිනා වාලම්පුරියක් මාලඹේ අරංගල ප්‍රදේශයේදී විකිණීමට උත්සාහ දැරූ ප්‍රසිද්ධ මූර්ති කැටයම් ශිල්පියෙක් එම වාලම්පුරියද සමග පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අද (17) අත්අඩංගුවට ගනු ලැබීය.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (17) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසිද ඇති විය හැකි බවය. බස්නාහිර, දකුණු සහ නැගෙනහිර පළාත්වලත් මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවේ.
ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ආරම්භ වුණු යුද ගැටුම් අවසන් කරමින් දේශපාලන විසඳුමකට යෑමට තමන් සහාය ලබා දීමට සුදානම් යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ. රුසියන් ජනාපධිති පුටින් මෙසේ පවසා ඇත්තේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සමඟ දුරකතන සාකච්ඡාවක් පවත්වමිනි. එහිදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු තරයේ පවසා ඇත්තේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දමා, හමාස් සංවිධානය අඩපණ කරන තුරු සටන් අත්නොහරින බවය. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට පෙර, රුසියන් ජනාධිපති පුටින් ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි, සිරියානු ජනාපධිති බෂාර් අල් අසාද්, ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී සහ පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මොහොමඩ් අබ්බාස් සමඟ ද සාකච්ඡා කළේ යැයි ක්‍රෙම්ලීනය පවසයි.
බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට ආගම්වලට අපහාස කලේ යැයි කියන සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම්කර සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුට නීතිය ඉදිරියේ විශේෂ සහන සලසා දීමට හැකියාවක් නොමැති බව නීතිපතිවරයා අද (16) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යේෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතා මෙම දැනුම් දීම සිදුකළේය. මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිඵල නොවැම්බර් මස නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. මේ අතර මෙවර ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්නපත්‍ර විභාගයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැරීමට ක්‍රියාකළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
