Author: LANKA24X7

ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදු වූ ව්‍යසනකාරි තත්ත්වය පිළිබඳව පාකිස්තානු අගමැති ශෙබාස් ශරීෆ් මහතා සිය කනගාටුව පළ කර තිබේ. ඊයේ (02) රාත්‍රියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත. එමෙන්ම, ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේදී පාකිස්තානු රජයේ අඛණ්ඩ සහාය ලබා දෙන බවද අගමැති ශෙබාස් ශරීෆ් මහතා ජනාධිපතිවරයා වෙත සහතික වී තිබේ. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ දරුණු ගංවතුර සහ නායයාම් නිසා මෙරට ජනතාවට මුහුණදීමට සිදු වූ දැඩි ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව පසුගිය දින කිහිපයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු විදේශ රටවල රාජ්‍ය නායකයෝ රැසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය කනගාටුව…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) සවස 5ට හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවා තිබේ. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, එච්. එස්. කේ. ජේ. බණ්ඩාර මහතා මේ බව නිවේදනය කළේය. මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

Read More

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (03) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමෙන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල කුරුණෑගල සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නෙයියා තම්බි මරික්කාර් මොහොමඩ් තාහීර් මහතා නම් කර තිබේ. සමඟි ජන බලවේගය පක්ෂය විසින් මෙම නම් කිරීම සිදුකර ඇති අතර මැතිවරණ කොමිසක් සභාව විසින් අදාළ නම ගැසට් කර ඇති බව සඳහන්ය. එම පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මුහමුදු ඉස්මයිල් මුත්තු මුහම්මදු මහතා පසුගියදා ඉල්ලා අස් වීමෙන් අනතුරුව අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩු වුණි.

Read More

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක මුදා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා සහාය වීමට, හදිසි ආධාර රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය සහන ගුවන් යානා දෙකක් ඊයේ (02) රාත්‍රීයේ මෙරටට ළගා වී තිබේ. C-17 වර්ගයේ ගුවන් යානා මගින් ක්‍රියාත්මක වූ මෙම ගුවන් ගමන් මගින් මුදා ගැනීමේ බෝට්ටු දෙකක්, K9 වර්ගයේ සෝදිසි කිරීමේ සුනඛයින් හතර දෙනෙකු, ඩබල් කැබ් සහ SUV වැනි මුදා ගැනීමේ රථ, ට්‍රක් රථ සහ පුද්ගලයන් 53 දෙනෙකුගෙන් සමන්විත විශේෂ නාගරික සෙවුම් සහ මුදා ගැනීමේ (USAR) කණ්ඩායමක් ඇතුළු අත්‍යවශ්‍ය ආපදා ප්‍රතිචාර උපකරණ රැගෙන එන ලදී. කොළඹ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් නසීර් අල්අමේරි මහතා සහ එමිරේට්ස් සහන කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය…

Read More

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 465ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (02) සවස 6ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 366ක් අතුරුදන්ව ඇත. පවුල් 437,507කට අයත් පුද්ගලයින් 1,558,919ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 118ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක්,කුරුණෑගලින් මරණ 53ක් හා පුත්තලම දිස්ත්‍රික්කයෙන් මරණ 27ක් වාර්තා වී ඇත. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 171 දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 73ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 48, බදුල්ලෙන් පුද්ගලයින් 28ක් දෙනෙකු…

Read More

දිවයිනේ පුරා බලපැවැත්වුණු අයහපත් කාලගුණය හේතුවෙන් සහ ගංවතුර ත්ත්වයන් සමග සිදුව ඇති වගා හානි සම්බන්ධව වන්දි ලබා දීමේ ක්‍රියාවලිය කඩිනමින් සක්‍රීය කිරීමට කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ. එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ ඒ අනුව අනිවාර්ය රක්ෂණයට අදාළ බෝගයන් වන වී, බඩඉරිඟු, ලොකුලූනු, අර්තාපල්, මිරිස් සහ සෝයා බෝංචි යන වගාවන්වලට සිදුව ඇති හානි තක්සේරු කර වන්දි මුදල් ලබා දීමට නියමිත බවය. දැනට පවතින තත්ත්වය යටතේ ඉහත වගාවන් සඳහා සිදුවූ හානි සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් නොමැති බැවින් ගංවතුර බැසගිය වහාම ගොවිජන සේවා මධ්‍යස්ථානයන් හී ඇති හානි දැනුම්දීමේ පොත්වල සිදුව ඇති හානිය පිළිබඳව හෝ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන…

Read More

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 410ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (02) උදෑසන 10ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 336ක් අතුරුදන්ව ඇත. පවුල් 407,594කට අයත් පුද්ගලයින් 1,466,615ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 88ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 75ක්,කුරුණෑගලින් මරණ 52ක් හා පුත්තලම දිස්ත්‍රික්කයෙන් මරණ 27ක් වාර්තා වී ඇත. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 150 දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 62ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 48,බදුල්ලෙන් පුද්ගලයින් 28ක්, දෙනෙකු සහ…

Read More

අයහපත් කාලගුණය හමුවේ ගංවතුරින් යටවී තිබූ අතුරුගිරිය පිවිසුම විවෘත කර තිබේ. ඒ අනුව එම පිවිසුම භාවිත කර සිය ගමන් පහසුකම් සලසා ගැනීමේ හැකියාව මේ වන විට පවතී.

Read More

‍ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අද (02) දිනයේ අබේපුස්ස දක්වා සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ පුත්තලම් මාර්ගයේ දුම්රිය ධාවනය කොච්චිකඩේ දක්වා සිදුකිරීමට සැලසුම් කර ඇති බවය. කැලණිවැලි මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට සැලසුම් කර තිබේ. ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ ධාවනය කළ දුම්රියන් 18ක් පොල්ගහවෙල, රඹුක්කන, කුරුණැගල, ගනේවත්ත, හලාවත සහ පුත්තලම යන දුම්රිය ස්ථානවල සේවයට යොදා ගත නොහැකිව නවතා දමා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර රට තුළ කිසිදු අත්‍යාවශ්‍ය ආහාර හිඟයක් නොමැති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් ළඟවීමට නොහැකි වූ ප්‍රදේශයන් වෙත…

Read More