Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අනුරාධපුර මිහින්තලය මාතලේ හන්දිය සහ පුල්යාර් හන්දිය අතර ප්‍රදේශයේදී ඊයේ (25) සිදු වූ මාරක රිය අනතුරකින්, කාන්තාවක් මිය ගොස් තිබෙනවා. පාපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අප වාර්තාකරු පැවසුවේ අනතුරින් පා පැදියේ ගමන් කළ කාන්තාව බරපතල තුවාල ලබා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව සිටි බවයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 54ක් වන පුල්යාර හන්දිය, හේනවත්ත ප්‍රදේශයේ පදිංචි සිව් දරු මවක්. කෙසේ වෙතත් මේ වන විට ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද(26) වීථි සංචාරය කිරීමට නියමිතයි. රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ දී වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. එමෙන්ම අවසන් කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා.
පූර්ව ළමාවිය සංවර්ධනය ඉහළ නංවාලීම උදෙසා පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් විධිමත් පුහුණුවක් ලබාදීමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පැවසුවා. එසේම පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් වැටුපක් ලබාදීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ. අමාත්‍යවරිය මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. පෙර පාසලක් ආරම්භ කිරීමේදී එය යම්කිසි නීති රාමුවකට යටත්ව සිදුකළ යුතු බවද පෙර පාසල් ගුරුවරිය උපාධිධාරිනියක් විය යුතු අතර ඔවුන්ටම ආවේණික විශේෂිත වූ පුහුණුවක් අවශ්‍ය බව අමාත්‍යවරිය එහිදී සඳහන් කළා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාළගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි.
රුපියල මත පදනම් වූ ණය සඳහා අයකළ හැකි උපරිම පොලී අනුපාතිකය සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා රුපියල මත පදනම් වූ ණය සඳහා පොලී අනුපාතිකය වෙනස් වී තිබෙනවා. සියළුම වාණිජ බැංකු මේ අනුව ණය සේවා කිහිපයක පොලී අනුපාතික පහත දැක්වෙන අවම අනුපාතික දක්වා හෝ පහළ දැමිය යුතු බව මහ බැංකුව නිකුත් කළ නියෝගයේ සඳහන්. 01. උකස් මත ලබ දෙන ණය සඳහා 18% වාර්ෂික පොලී අනුපාතිකය දක්වා පහළ දැමිය යුතුය. 02. බැංකු අයිරා (OD) සඳහා අයකරන වාර්ෂික ණය පොලී අනුපාතිකය 23%ක් දක්වා පහළ දැමිය යුතුය. 03. ණයපත් (Credit Card) හරහා මුදල් අත්තිකාරම් ලබා…
පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ සේවය කරනු ලබන නිලධාරීන් සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් සිදුකරන තර්ජන, පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන්ගෙන් වැළකී සිටින ලෙසට මන්ත්‍රීවරුන්ට කථානායකවරයා දැනුම්දෙයි කථානායකවරයාගේ නිවේදනයක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී මෙම විශේෂ දැනුම්දීම සිදුකළේය. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරගෙන යාමේදී සහ ඇතැම් අවස්ථාවලදී සභා ගර්භයෙන් පිටතදීත් ආණ්ඩු පාර්ශ්වයේ හා විරුද්ධ පාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ලේකම් මණ්ඩලය සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් සිදුකරනු ලබන පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන් පාර්ලිමෙන්තුවේ ගරුත්වයට නොගැලපෙන හා සුදුසු නොවන බව කථානායකවරයා එම නිවේදනයෙන් අවධාරණය කර තිබේ. විශේෂයෙන් සභාවේ වැඩකටයුතු පවත්වාගෙන යාමේදී පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, පරිචයන් සහ ක්‍රියාදාමයන්ට අනුකූලව…
දඹුල්ල ප්‍රධාන සමෘද්ධි බැංකු ශාඛාවේ තිබූ මුදල් ඊයේ (24) රාත්‍රියේ මංකොල්ලකා ඇති බව වාර්තා වෙයි. පොලීසිය පැවසුවේ ප්‍රධාන දොරක් කඩා මෙම මංකොල්ලකරුවන් ගොඩනැගිල්ලට ඇතුළුවී ඇති බවය. පිරිසිදු කිරීමට පැමිණෙන සේවිකාව අද (25) උදැසන සිය රාජකාරි සඳහා පැමිණි අවස්ථාවේ ගොඩනැගිල්ලේ පිටුපස දොර විවෘතකර තිබෙනු දැක ඒ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්ට දන්වා තිබේ. පසුව ඔවුන් පැමිණ පරීක්ෂා කිරීමේදී බැංකුවේ මුදල් තිබූ සේප්පුව සහ ගොඩනැගිල්ලේ පිටුපස ජනේලයක යකඩ කම්බි ද යන්ත්‍රයක් යොදා කපා ඉවත්කර ඇති බව දැක ඇත. පොලිස් පරීක්ෂණවලද හෙළිවී ඇත්තේ ගොඩනැගිල්ලෙන්ම විදුලිය ලබාගෙන යන්ත්‍රයක් ආධාරයෙන් මෙලෙස මුදල් තිබූ සේප්පුව කපා ඇති බවය. සේප්පුවේ තිබු මුදල කොපමණද යන්න මෙතෙක් ගණන් බලා නොමැති බව…
වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ බව කියන රාජන් රාජකුමාරි නමැති මෙහෙකාර කාන්තාවගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එලෙස නියෝග කර ඇත. එම මියගිය කාන්තාවගේ මරණයට අදාළ මරණ පරීක්ෂණයේ තීන්දුව ලබාදෙමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුළුවල මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.
ජංගම දුරකතන සහ අන්තර්ජාල ක්‍රියාකාරම් සඳහා ඇබ්බැහිවීම තුළින් දරුවන්ගේ මතක ශක්තිය හීනවීමේ අවදානමක් මතුවී ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි. ඔහු පැවසුවේ දරුවන් පමණ ඉක්මවා එම උපාංග භාවිතය සම්බන්ධයෙන් දෙමව්පියන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බවය. ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා මේ බව සදහන් කළේය. “මේ ඇබ්බැහිවීම් තුළින් මුලින්ම වෙන්නේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල්වීම. ඊට පසු අන්තර්ජාලය තුළම සැරිසරන්නට මේ අයට හිතෙනවා. ඉන් අනතුරුව වීඩියෝ ගේම් සඳහා ඇබ්බැහි වෙනවා. මේක බරපතළ තත්ත්වයක් වගේම මානසික රෝගයක් කියලා අද වනවිට හඳුනාගෙන තිබෙනවා. දෙමව්පියන්ව සතුරන් හැටියට දකින්න පුළුවන්.”
රත්මලාන දුම්රියපොළ අසලදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ එම අපරාධයට ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවය. 28 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි අදාළ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10ක ප්‍රමාණයක් ද සොයාගත් බව පොලීසිය පවසයි. පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය 21 වනදා රත්මලාන දුම්රියපොළ ඉදිරිපිට වෙළෙඳසැලක් තුළ වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවය. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එම වෙඩිතැබීම සිදුකර තිබුණි. මේ අතර ඊයේ (24) රාත්‍රියේ හෙට්ටිපොළ කුරුඳුකුඹුර හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ. තවත් යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන්…