Author: LANKA24X7

මල්ලාවි, මාන්කුලම් වෙල්ලන්කුලම් මාර්ගයේ මල්ලාවි නගරයේ ඊයේ (25) කැබ් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරින් යතුරුපැදිකරු මිය ගොස් තිබෙනවා. මෙම අනතුර සිදුව ඇත්තේ තුනුක්කායි දෙස සිට මාන්කුලම් දෙසට ධාවනය වූ කැබ් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ යතුරුපදියක හා ගැටීමෙන්. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 28ක් වූ තේක්කවත්ත, වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනතුරින් පසු කැබ් රථයේ රියැදුරා රථය දමා පැන ගොස් තිබෙනවා. කැබ් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර මල්ලාවි පොලිසිය රියැදුරු සොයා විමර්ශන සිදු කරනු ලබනවා.

Read More

අපොස උසස් පෙළ විභාගයේ කළුතර දිස්ත්‍රික්කයේ උත්තර පත්‍ර පරීක්ෂා කරන කළුතර බාලිකා විදුහලේ ගුරුවරුන් 300ක් පමණ අද (26) සිය කටයුතුවලින් ඉවත්ව එම විදුහල ඉදිරිපිට දී විරෝධතාවයක් සිදුකර තිබේ. රජය මඟින් පොරොන්දුවූ අත්තිකාරම් මුදල් ලබානොදීම හේතුවෙන් එම විරෝධතාව පවත්වා ඇත. දින 12කට පෙරම මුදල් භාරගත් බවට අත්සන් ලබාගත් බවද එම ගුරුවරු පවසති. පසුගිය අපොස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දින පහෙන් පහට රු 2,000ක් ලබාදෙන බවට පොරොන්දු වුවත් අදට දින 12ක් වන නමුත් අදාළ මුදල ලබාදීමට කටයුතු කර නොමැති බව ඔවුහු පවසති. එහෙත් මුදල් බැරකල බවට මැසේජ් එකක් දමා ඇතත් මෙතෙක් කිසිදු ගුරුවරයෙකුට මුදල් ලැබී නොමැති බවත්, මුදල්…

Read More

එකම අංක තහඩුවක් ප්‍රදර්ශනය කරමින් ධාවනය කළ ත්‍රිරෝද රථ දෙකක් පොල්පිටිය පොලිසියේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගිනිගත්හේන ප්‍රදේශයේ සිට පොල්පිටිය දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක ලියාපදිංචි අංක තහඩුව පිළිබඳව සැක සිතු පොල්පිටිය පොලිස් ස්ථානයේ බුද්ධි අංශයේ නිලධාරින් ඊයේ (25) එම ත්‍රිරෝද රථය නතර කර දින පරික්ෂා කිරිමේදි එය ව්‍යාජ අංක තහඩුවක් බවට තහවුරු විමෙන් අනතුරුව ත්‍රිරෝද රථයේ රියැදුරා සහ ත්‍රිරෝද රථය සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ත්‍රිරෝද රථයේ ප්‍රදර්ශනය කර තිබු අංකය පිලිබදව මොටර් රථ ලියාපදිංචි දෙපාර්තුමේන්තුවෙන් පරික්ෂා කර බැලිමේදි එම අංකයටම තවත් ත්‍රිරෝද රථයක් වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ නමට ලියාපදිංචි කර ඇති බවට තහවුරු වි තිබෙනවා. ඒ…

Read More

අවිස්සාවෙල්ල පොලිස් වසමේ කොළඹ – රත්නපුරය මාර්ගයේ උක්වත්ත සුසාන භූමිය අසල දී සිදුවු රිය අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අවිස්සාවේල්ල දෙස සිට හංවැල්ල දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගමන් කළ තරුණියක් බසයෙන් බැස ඉදිරියට ගමන් කරමින් සිටිය දී එම බස් රථයේ ගැටී අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබු තරුණිය අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස මියගොස් ඇත්තේ, අවිස්සාවේල්ල, පුවක්පිටිය, ප්‍රගතිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි දිනක්ෂි දිල්ෂිකා නැමති තරුණියකි. ඇය මහරගම පෞද්ගලික ආයතනය සේවය කරන තැනැත්තියක් බවට අනාවරණය වී තිබේ. බස් රථයේ වම් පැත්ත තරුණියගේ ඇඟේ ගැටීමෙන් පසු ඇය බිමට…

Read More

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර තරගයෙන් සුපිරි ජයග්‍රහණයක් ලබා ගැනීමට ලංකාව සමත් වුනා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ සියලු දෙනා දැවී ලකුණු 325 ක් ලබා ගත්තා. පන්දුවට පහරදීමේදී දිමුත් කරුණාරත්න සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 103ක් ලබා ගත්තා, සධීර සමරවික්‍රම ලකුණු 82 ක්, චරිත් අසලංක ලකුණු 38 ක්, ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 42 ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Mark Adair කඩුළු 4 ක් හා Barry…

Read More

රජය සහ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ජුනි 29 සිට ජූලි 3 දක්වා දීර්ඝ බැංකු නිවාඩුවක් සඳහා ජුනි 30 විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබූයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට බව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා යම් කාලපරාසයක් අවශ්‍ය බවත් මේ සඳහා කැබිනට් අනුමැතිය, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ පාර්ලිමේන්තු කමිටු තුළ සාකච්ඡා කිරීමට කාලයක් අවශ්‍ය බවද මහ බැංකු අධිපතිවරයා එහිදී සඳහන් කරනවා. ඔහු පවසන්නේ එම කාලසීමාව තුළ ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීම සහ Online බැංකු ගණුදෙනු හා අන්තර්ජාලය හරහා සිදුකර බැංකු…

Read More

රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුතු, මත් පෙති හාරලක්ෂ 23,000 ක් ප්‍රවාහනය කරමින් තිබූ ඩොල්පින් වර්ගයේ වෑන් රියක් සැකකරුවෙකු ද සමගින් නොරොච්චෝල, කරඹ පොලිස් මුර පොළේ දී ඊයේ (25) අලුයම නොරොච්චෝල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කල්පිටියේ සිට කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ මත් පෙති පෙට්ටි නවයක සූක්ෂම ලෙස අසුරා තිබූ බවත් සැකකරු කල්පිටියේ පදිංචි 35 වයසැති අයෙක් බවත් පොලිසිය පවසනවා. නොරොච්චෝල පොලිස් විශේෂ කාර්‍යාංශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා.

Read More

පසුගිය අරගල සමයේදී තම නිවාසවලට පහර දීමේ සිදුවීම් තවමත් අමතක නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිවුලපිටිය ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්.

Read More

ඉදිරි සති අන්තයේ කොළඹ මහනගර සභා බලප්‍රදේශය තුළ ඩෙංගු මර්දනය සඳහා විශේෂ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඩෙංගු ව්‍යාප්තිය පාලනය පිළිබඳව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවේදී ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ පැවසුවේ ඒ සඳහා නිවසේ රැඳීසිටිමින් අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි. එම වැඩසටහනෙන් අනතුරුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සතියක් පුරා කීට පරීක්ෂාවන් සිදුකරන බවද රාජ්‍ය අමාත්‍යවරිය පවසනවා.

Read More

කුලියාපිටිය – කිතලව, උණලීය ප්‍රදේශයේ බරිගොඩ රක්‍ෂිතයට යාව පිහිටි නිවසක මහා පරිමාණයෙන් කසිප්පු නිෂ්පාදනය කරමින් සිටි කතක් හා තවත් සැකකරුවෙකු ගෝඩා පිරවූ බැරල 50ක්, නිෂ්පාදනය කරන කසිප්පු බෝතල් දහසක් හා පෙරුම් උපකරණ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව . එසේ අත්අඩංගුවට ගෙන තිබුණේ ජාඇල ප්‍රදේශයේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු වූ අතර බුලත් ගොවිතැන් කිරීමට බැව් පවසමින් කුලී පදනම මත අදාළ නිවස කුලියට ගෙන භූගත අන්දමින් ගෝඩා බැරල වළදමා කසිප්පු නිෂ්පාදනය කරමින් සිටියදී පොලිසියට ලද තොරතුරක් මත එම වැටලීම සිදුකර තිබූ බවයි සඳහන්. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ප්‍රකාශ අනුව ඔවුන් මහා පරිමාණයෙන් කසිප්පු නිෂ්පාදනය කර කොළඹ ආදී තදාසන්න ප්‍රදේශවල අළෙවිය සඳහා බෙදාහරින බවද…

Read More