Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පිටරට ගිය තරුණියන්ට නැවත මෙරටට පැමිණීමට ඇඟ විකුණන්න සිදු වී ඇතු බව එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හදුන්නෙත්ති ප්‍රකාශ කරනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ආණ්ඩුවට හොරකම් කිරීමට හා නාස්ති කිරීමට ඕනෑ තරම් මුදල් ඇති බවයි. ප්‍රශ්න විසදනවා වෙනුවට සේෆ් හවුස් එකේ ඔවුන් මාස ගණනාවක් රදවා තබා ගන්නා බවත් එක පැත්තකින් එය රටට බරක් බවයි ඔහු සඳහන් කරන්නේ. ඒජන්සි හිමියන් විසින් සේවිකාවන් සඳහා විශාල මුදලක් අය කර ගන්නා බවත් නමුත් ඉන් සේවිකාවන්ට ගෙවන්නේ ඉතාම සුළු මුදලක් බවත් සුනිල් හදුන්නෙත්ති ප්‍රකාශ කර සිටියා. කෙසේ වෙතත් ඔවුන්ගේ ශ්‍රමයට සරිලන වැටුපක් නොලැබීම නිසා හා දරා ගත නොහැකි ලෙස සේවිකාවන්ගෙන් වැඩ ගැනීම නිසා ඔවුන් අදාළ…
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට (23) මධ්‍යම රාත්‍රී 12 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව විභාගයට අදාළව උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඊට අමතරව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්නපත්‍ර මුද්‍රණය, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට වු බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීමද සම්පූර්ණයෙන්ම තහනම් වේ. කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් මෙම නියෝග කඩ කරයි නම් හෝ උල්ලංඝනය කරයි නම් ඒ පිළිබඳව පැමිණිලි කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි…
රුසියාව විසන් යුක්රේනයේ බැක්මුට් නගරය මුළුමනින්ම අත්පත් කර ගත් බවට පළවන වාර්තා යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. රුසියාවේ පැරා මිලිටරි කණ්ඩායමක් විසින් රුසියානු ධජය සහිතව බැක්මුට් සිට වීඩියෝවක් අන්තර්ජාලයට එක්කරමින් සඳහන් කර තිබුණේ මාස ගණනාවක සටන්වලින් පසු එහි පූර්ණ පාලනය තමන් යටතට ගත් බවයි.
මහජන නියෝජිතයින් සඳහා තිබූ වරප්‍රසාද බොහොමයක් වර්තමාන මුදල් අමාත්‍යවරවයාගේ පාලන කාලය තුළ කප්පාදුවට ලක්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් අහෝසි කිරීමේ යෝජනාවක් 2021 වර්ෂයේ අයවැය වාර්තාවේ සඳහන් වුවද එය මෙතෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදින් මුදල් අමාත්‍යවරයාගෙන් සිදුකළ විමසීමකදීයි ඔහු මේ බව සඳහන් කළේ.
කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ කැළණිය යන විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් ඇතුළු මහාචාර්යවරුන් පිරිසන් පසුගිය දින කිහිපයේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හමු වී තිබෙනවා. ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අසල ආරක්ෂා සම්බන්ධයෙන් හා සිසුන් මුහුණපාන ගැටලු සම්බන්ධව මෙහි දී සාකච්ඡා කළ බවයි වාර්තා වී ඇත්තේ. විශ්වවිද්‍යාලයේ පරිශ්‍රය තුළ සිදු වන හොරකම් වැඩවීමක් පෙන්නුම් කරන බව හා සිසුන් මත්ද්‍රව්‍ය භාවිත කිරීම වැඩි වී ඇති බවට මෙහි දී අනාවරණය වී තිබෙනවා. මෙම කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මහජන ආරක්ෂක අමාත්‍ය ට්රාන් අලස් සහ ජේෂ්ඨ නිළධාරීන් විශ්වවිද්‍යාලය තුළ ආරක්ෂාව තහවුරු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පෙන්වා දී තිබෙන බවයි වාර්තා වන්නේ. එමෙන්ම විශ්වවිද්‍යාල අසල ආරක්ෂක මුර සංචාර ගණන…
තමන් සිදුකළ ප්‍රකාශයකින් බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහෝදර ජනතාවගේ සිත් රිඳවීමක් සිදුවී ඇත්නම් ඊට තමන් සමාව ඉල්ලන බව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ මිරිහාන ප්‍රදේශයේ උත්සවශාලාවක පැවති ආගමික දේශනයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින්. දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් කරන ලද ප්‍රකාශයකට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ එය රට තුළ දැඩි කථාබහට ලක්වුණේ අදාළ ප්‍රකාශය මගින් බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගමික විශ්වාසයන්ට නිගරුවන බවට විවිධ පාර්ශව චෝදනා එල්ල කිරීමත් සමඟයි. ඒ අනුව ඔහුගේ එම ප්‍රකාශය පිළිබඳ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර, විදෙස් ගමන් තහනමක්ද අධිකරණය විසින් පනවා තිබෙනවා. එසේම…
නුවරඑළිය – හාවාඑළිය ගාඩ්වත්ත රක්ෂිතයට දර සෙවීම සඳහා ඇතුල් වූ පුද්ගලයෙකු නැවත නිවසට නොපැමිණ අතුරුදහන්වී ඇති බවට නුවරඑළිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 49 ක් වූ භාවාඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. නුවරඑළිය පොලිස් ස්ථානයේ නිලධාරීන්, යුධ හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදහන් වූ පුද්ගලයා සොයා රක්ෂිතය තුළ මෙහෙයුම් දියත් කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ. එහිදී රක්ෂිතය මැද තිබී අතුරුදහන් වූ අයගේ යැයි සැක කරනු ලබන පාවහන් යුගලක් හා කබායක් හමු වී තිබෙනවා. අතුරුදහන් වූ පුද්ගලයා මේ වන තෙක් සොයාගෙන නොමැති අතර නිළ සුනඛයින්ගේ සහාය ඇතිව තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරන…
දික්වැල්ල ප්‍රදේශයේ මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයෙකු ඔරුව පෙරළී අතුරුදන්ව තිබෙනවා. ඊයේ (21) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර මොහු සමඟ සිටි තවත් ධීවරයෙකු ඔරුව පෙරළුණ අවස්ථාවේ පිහිනා ගොඩට පැමිණ ඇති බව දික්වැල්ල පොලීසිය සඳහන් කරනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම ඔරුව පෙරළී ඇති බව වාර්තා වී ඇත්තේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ 64 හැවිරිදි කොරටුව – බතීගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
බ්‍රිතාන්‍ය විසින් හඳුන්වා දුන් සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට 1972 මැයි මස 22 දින ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත වූ දිනය අදයි. ඒ අනුව බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලැබූ දිනය ජනරජ දිනය ලෙස හඳුන්වයි. මෙම සිදුවීම මෙරට ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයක් එය සලකනු ලබනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බවය. උතුරු පළාතෙත් අනුරාධපුර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.