Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් දුමින්ද දිසානායක මහතාව ඉවත් කර තිබේ. එසේම භාණ්ඩාගාරික ධුරයෙන් ලසන්ත අලගියවන්න සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර යන මහත්වරුන්ව ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් අද (30) පක්ෂ මූලස්ථානය වෙත කැඳවා තිබූ අතර එහි විධායක සභාව විසින් මෙම තීරණ ගෙන ඇති බව වාර්තා වෙයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙසට සැකකෙරෙන “ලොකේෂන් කුඩු මල්ලී” නමින් හඳුන්වන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ. බඩල්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ (29) සිදුකළ මෙහෙයුමක දී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමන් කලක පටන් මිනුවන්ගොඩ, නිල්පනාගොඩ, හේන්පිටගෙදර, ගල්කන්ද, දූනගහ, කටුවැල්ලේගම, අලුතෑපොල යන ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සිදුකළ බවය. සැකකරු සතුව තිබී මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6,120ක් සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සතියක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම සඳහා බඩල්ගම පොලීසියට අධිකරණයෙන් අවසරදී තිබේ.
උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර සැපයීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, ශීත කළ කුකුළු මස් රුපියල් 1,000 වැනි මුදලකට අලෙවි කිරීමේ හැකියාව පවතින බවය. මේ අතර ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම සීමා කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ, ආනයනය කළ බිත්තර මිලියන හතරකට ආසන්න ප්‍රමාණයක් උත්සව සමයේ වෙළෙඳපොළට නිකුත් කරන බවය.
පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ තවත් පොලිස් නිලධාරීන් කීපදෙනෙක්ට එරෙහිව ඉතාම ඉක්මණින් නීතිය ක්‍රියාත්මක කරන බවත් එම නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස පොලිස් විශේෂ විමර්ශන අංශයට උපදෙස් දුන් බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ පොලිස් නිලධාරියෙක් සම්බන්ධයෙන් මේ වන විටත් පියවර ගෙන ඇති බව කී පොලිස්පතිවරයා චෝදනා එල්ල වී ඇති සෙසු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ඇති දුරකථන සංවාද පොලිස් විශේෂ විමර්ශන අංශයට යොමුකර ඇති බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව වන අතර ඒ වෙනුවෙන් රජයෙන් සියලු දායකත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එසේම දේශපාලනය සහ ක්‍රීඩාව වෙන් කර තබා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලනඥයන්ට ක්‍රීඩා සමාජවල ඉහළ තනතුරු ලබා දීමෙන් වැළකී සිටිය හැකි නම් එය යහපත් තත්ත්වයක් වනු ඇතැයි තමා විශ්වාස කරන බවද සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) 125 වන සංවත්සර සැමරුමට එක් වෙමිනි. සිංහල ක්‍රීඩා සමාජයේ වසර 125ක ඉතිහාසය සටහන් කෙරුණු සුවිශේෂී ග්‍රන්ථයක් එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරුණු අතර එයට සමගාමීව…
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම බන්ධනාගාර රෝහලට ඊයේ (29) ඇතුළත්කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. ඥානසාර හිමියන් පපුවේ අමාරුවකින් පෙළන්නේ යැයි දැනුම්දීමෙන් පසුව වෛද්‍යවරු පරීක්‍ෂා කර රෝහලට ඇතුළත් කළ බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය පසුගිය (28) මෙම දඩුවම නියම කළ අතර ඥානසාර හිමියන්ව පසුගිය 28 පස්වරු 2.00 ට පමණ වැලිකඩ බන්ධනාගරයට රැගෙන ආවේය.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. මේ වන විට හතු පිපෙනවා සේ හැදෙන සන්ධාන වලින් වැඩක් නැතැයි කී කරුණානායක මහතා ඇතැම් සන්ධාන බිඳ වැටෙමින් තිබෙන බව කීය. එළඹෙන මැයි දින සැමරුම හරහා එක්සත් ජාතික පක්ෂයේ බලය පෙන්වීමට සූදානම් බව කී කරුණානායක මහතා පක්ෂය හැරගිය උදවියගෙන් 90%ක් පමණ නැවත පක්ෂයට එකතු වීමට සාකච්ඡා කරමින් සිටින බව සඳහන් කළේය. කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් රවී කරුණානායක මහතා මේ බව සඳහන් කළේය. හැමදාමත් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව බලයේ සිටි අවස්ථාවේ රට සංවර්ධනය වූ බව කී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂය…
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය . ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩපිළිවෙළ සම්බන්ධව එක්සත් ජනරජ පෙරමුණ සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය හමුවී සාකච්ඡා කිරීමෙන් පසු මහජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා කියා සිටියේ පොදු වැඩපිළිවෙළක් මගින් රටේ වත්මන් සමාජ හා ආර්ථික ගැටලු විසඳීමට හැකි බවයි. එහිදී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසූයේ දෙපාර්ශවය අතර සාකච්ඡාව සාධනීය බවයි. මහජන පක්ෂය සමග පැවති සාකච්ඡාවට එක්සත් ජනරජ පෙරමුණේ මහ ලේකම් බන්දුල චන්ද්‍රසේකර සහ මධ්‍යම කාරක සභික සජිත් දුමින්ද පීරිස් මහත්වරු ද සහභාගී වූහ.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. තාත්තගෙන් පුතාටත් ඉන් පසුව මුනුබුරාටත් පක්ෂවල අයිතිය සීමා වෙන ලක්ෂණ ඇති බවත් එක් එක් දේශපාලන පක්ෂවලට එසේ කළ හැකි වුවත් සමගි ජනබලවේගය එසේ නොවන බවත් ප්‍රේමදාස මහතා කීවේය. සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 136 වැනි අදියර යටතේ වන්නි දිස්ත්‍රික්කයේ, වව්නියාව, නැදුන්කේනි ඔලුමඩු දෙමළ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය. ජාති, ආගම්, කුලමල, පන්ති, පක්ෂ භේදයකින් තොරව මේ රට සියලු ම පුරවැසියන්ට…
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103ක් හෙවත් රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි. තහනම් කළ දේපළ අතරට ලොරි රථයක්, වෑන් රථයක්, ත්‍රීරෝද දෙකක්, යතුරු පැදිය 9ක්, බැකෝ යන්ත්‍රයක් (කෝටියක්), බහුදින ධීවර යාත්‍රා තුනක්, (කෝටි 3ක්), කෝටි පහකට අධික වටිනාකමින් යුත් ඉඩම් හා නිවාස (නිවාස 3, කඩ කාමරයක්, ඉඩම් 7ක්) ඇති බව ද එම අමාත්‍යංශය කීය.
