Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර තමන්ට මරණීය තර්ජන එල්ලකළ බව එම පක්ෂයේ මාධ්‍ය එකකයේ කටයුතු කරන ඡායාරූප මාධ්‍යවේදියෙකු වන ප්‍රදීප් නානායක්කාර පවසනවා. ඊයේ (22) යෙදී තිබූ 51 වැනි ජනරජ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සැමරුම් උළෙලක් සංවිධානය කර තිබූ අතර එම අවස්ථාවේ මෙම තර්ජනය සිදුකළ බවයි ඔහු චෝදනා කළේ.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු පත්කිරීම කුමන්ත්‍රණයක් බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක කොළඹ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා. එමෙන්ම ඔහු සඳහන් කළේ එවැනි ආකාරයෙන් නව කැදවුම්කරු පත්කිරීම ශිෂ්‍ය ව්‍යාපාරයට හානිදායක බවයි.
උද්භිද උද්‍යාන සඳහා ඇතුළත් වීමේ ප්‍රවේශපත්‍රවල මිල ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර කර තිබෙනවා. දේශීය වැඩිහිටියෙකු සඳහා ප්‍රවේශපත්‍ර මිල රුපියල් 200 දක්වාත් විදේශිකයෙකු සඳහා ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 3000 දක්වාත් මෙසේ ඉහළ දමා ඇති බවයි වාර්තා වී ඇත්තේ.
සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (23) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගිය බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසනවා. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී සිංගප්පූරු අගමැති ලී හ්සීන් ලූන් සහ ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය, ආයෝජන අවස්ථා සහ තවත් කරුණු කිහිපයක් පිළිබඳව සිංගප්පූරු සහ ජපන් නායකයින් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කරනු ඇති. ජනාධිපතිවරයා මේ මස 27 වනදා යළි දිවයිනට පැමිණීමට නියමිත බව ද වාර්තා වනවා.
බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල අද(23) උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හකියාවක් පවතින බව එම නිවේදනයේ සඳහන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
ගල්කිස්ස – ගාලුපාර, රත්මලාන ලිපිනයේ පිහිටි හෝටලයක ඊයේ(22) සවස් කාලයේ ඇති වූ පිහි ඇනුම කොස් ගෙඩියක් අලෙවි කිරීමට පැමිණි පුද්ගලයෙකු හා ඇතිවූ ආරවුලක් මත සිදු වූ ඝාතනයක් බව පොලිසිය පවසනවා. එහිදී කොස් ගෙඩිය අලෙවි කිරීමට පැමිණි පුද්ගලයා සහ හෝටලයේ හිමිකරු අතර ගණන් හිලව් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් නිසා පැමිණි පුද්ගලයා විසින් එම හිමිකරුට පිහියකින් ඇන තිබෙනවා. එහි දී බරපතල තුවාල ලැබූ ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. මියගිය තැනැත්තා වයස අවුරුදු 29ක් වන අහස්වැව පාර, හපුගස්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ. මෙම ඝාතනය සිදුකළ තැනැත්තා ගල්කිස්ස පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2023 මාර්තු මාසයේ දී වාර්තා වූ 49.2%ක් වූ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේ දී 33.6% ක් දක්වා පහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එහිදී ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මාර්තු මාසයේ දී 42.3% සිට 2023 අප්‍රේල් මාසයේ දී 27.1% ක් දක්වා පහළ ගොස් තිබේ. ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මාර්තු මාසයේ දී 54.9% සිට 2023 අප්‍රේල් මාසයේ දී 39.0% ක් දක්වා අඩු වී ඇත.
තම තුන් හැවිරිදි දරැවා උස්සා පොලවේ ගැසූ බව කියන පියකු අවිස්සාවේල්ල ඉහල තල්දූව ප්‍රදේශයේ දී අද අත් අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි. අවිස්සාවේල්ල ඉහල තල්දූව තල්දූව වත්තේ පදිංචිකරුවකු වන මෙම සැකකරැ දරුවා පොලොවේ ගැසීමෙන් පසු බිරිද ඉදිරිපිටට ගොස් වස පානය කර ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් දරැවා සහ සැකකරැ දෙදෙනාවම අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇත. රෝහල් ගත කල සැකකරු මූලික ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු රෝහලෙන් පිටව පලා යමින් සිටියදී අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි. අනතුරට පත් දරුවාගේ හිස පැලී ඇති බවත් කන්වලින් ලේ පිටව තිබූ බැවින් අවශ්‍ය මූලික ප්‍රතිකාර සිදු කිරීමෙන් පසු වහාම වැඩිදුර…
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන සියලුදෙනාට අපහසුතාවයකින් තොරව අවශ්‍ය සේවාව ලබාදීමට මේවන විට කටයුතු යොදා ඇති බව ආගමන විගමන පාලක ජනරාල්, හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි. අද (22) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, ගිය සතියේ පැවති තදබදය මේ වනවිට පහව ගොස් ඇති බවය. මේ අතර සේවාවන් ලබාගැනීමට පැමිණෙන ජනතාව කිසිදු අවස්ථාවක තැරැව්කරුවන්ට හසුවෙන ලෙස කටයුතු නොකරන ලෙස ද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ වනවිට ප්‍රාදේශීය කාර්යාල තුළ ද එක්දින සේවය ස්ථාපිත කර ඇති නමුත් ජනතාව බොහෝ අවස්ථාවලදී ප්‍රධාන කාර්යාලයට පමණක් පැමිණීම හේතුවෙන් මෙලෙස දැඩි තදබදයක් නිර්මාණය වන බව ද ආගමන විගමන පාලක ජනරාල්වරයා…
එක්සත් ජනතා නිදහස් පක්ෂයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.