Author: LANKA24X7

ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයක පිහිඇනුමක් සිදුව තිබෙනවා. කැන්බරා හි පිහිටි විශ්ව විද්‍යාලයක මෙම පිහි ඇනීම සිදුව ඇති අතර එයින් තිදෙනෙක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටියේ. ඊයේ (18) පස්වරුවේ සිදු වූ පිහි ඇණුමෙන් තුවාල ලැබු තිදෙනා රෝහල් ගත කර ඇති අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය සඳහන් කොට සිටියේ. රෝහල් ගත කළ තිදෙනාගෙන් දෙනෙනෙකුම විශ්ව විද්‍යාල සිසුවියන් බව අතර සිදුවීම සම්බන්ධයෙන් 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විශ්ව විද්‍යාල සිසුවෙකු නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

Read More

3 වන ශ්‍රෙණියේ දරුවන් සැලකීමේදී අඩුම සාක්ෂරතාවයක් පෙන්නුම් කරන්නේ මධ්‍යම පළාතේ දරුවන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සිදුකළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. එමෙන්ම එම වයසේ දරුවන් අතරින් අඩුම ගණිතමය හැකියාවක් පෙන්නුම් කරන්නේ උතුරු පළාතේ දරුවන් බව එම සමීක්ෂණ වාර්තාවේ සඳහන්. මෙරට පාසල්වල 3 ශ්‍රෙණියේ දරුවන්ගේ පාසල් නිපුණතා පදනම් කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වසරේදී පළාත් මට්ටමින් සිදු කළ සමීක්ෂණයකට අනුව එම දරුවන්ගේ සාක්ෂරතාවය හා ගණිතමය හැකියාව පහළ ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා. සාක්ෂරතාවය සැලකීමේදී අඩුම නිපුණතාවක් පෙන්වා ඇත්තේ මධ්‍යම පළාතේ දරුවන් වන අතර එහි අගය 9% ක්. ඌව, උතුර සහ නැගෙනහිර පළාත්වල 3 වන ශ්‍රෙණියේ දරුවන්ගේ සාක්ෂරතාව 10%ක් වන අතර උතුරු…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ලෝක බැංකුවේ සභාපති අජේ බංගා අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදීයි. එහිදී ඔවුන් දෙදෙනා අතර ඵලදායී සාකච්චාවක නිරත වූ බවයි වාර්තා වෙන්නේ.

Read More

පාසල් ළමුන් පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. රත්නපුර ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් මෙලෙස රෝහල් ගත කර ඇති බවයි වාර්තා වූයේ. මහනුවර දිගන ප්‍රදේශයේ පැවති ක්‍රීඩා උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී ඇතිවූ අසනීප තත්ත්වයක් මත මෙම ළමුන් පිරිස රෝහල්ගතකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

Read More

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයේදි ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිඩා කළ ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන නියෝජිතයින් ඉල්ලා සිටිනවා. ඒ, ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 50ක වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට අවසන් මහා තරගයකදි දැවීයාම පිළිබද ප්‍රේක්ෂකයින් සහ සමාජ මාධ්‍ය තුල සිදුවූ ප්‍රශ්ණ කිරිම්වලට ප්‍රතිචාර දක්වමින්. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයින්ට වඩා හුරුපුරුදු කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදි මෙලෙස අන්ත පරාජයක් ලක්වීම බොහෝ දෙනා තුල සැකයක් මතු වන්නට හේතු වුණා. ප්‍රවේශපත්‍රයක් මිලදි ගෙන ක්‍රිඩාංගනයට පැමිණි තරග නරඹන්නන් මෙන්ම අනෙකුත් ප්‍රෙක්ෂකයින්ගේ බලාපොරොත්තු ද (17) සිහිනයක් බවට පත්වූයේ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන්. ඉතා…

Read More

ශ්‍රී ලංකාවට පිරිනමන රැකියා කාණ්ඩ සංඛ්‍යාව ඉහළ නැංවීමේ අරමුණින් දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා පුළුල් කිරීමට දකුණු කොරියානු ජනාධිපතිවරයා සැලසුම් කර තිබෙනවා. මෙම පියවර දකුණු කොරියාවේ තරුණ ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා විකල්ප නිර්මාණය කරනු ඇති බවයි වාර්තා වෙන්නේ.

Read More

දස වැදෑරුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සූදානම් වෙන බව වාර්තා වෙනවා. එම දස වැදෑරුම් වැඩපිළිවෙළ සඳහා ත්‍රස්තවාදය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම, මත්ද්‍රව්‍ය ජාවාරම, දූෂණය, වෙළෙඳාම් ආශ්‍රිත අපරාධ සහ මුදල් විශුද්ධිකරණය ඇතුළු ලාභය මත පදනම් වූ අපරාධමය ක්‍රියාකාරකම් වළක්වා ගැනීම ආදිය අඩංගු වෙනවා. මහ බැංකුව මේ බව අනාවරණය කර සිටියේ, පසුගිය දා කොළඹදී පැවැති මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන අවස්ථාවේදීයි. ශ්‍රී ලංකාව 1997 වසරේ සිට මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ ආරම්භක සාමාජික රටවල් 13න් එකක් ලෙස කටයුතු කරනු ලබනවා. එවන් ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාව තුළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට අනුගමනය කළ යුතු…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තු සඳහන් කරන්නේ, වයඹ පළාතේත් මහනුවර, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර…

Read More

තලාතුඔය පොලීසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ගුරුදෙණිය මාර්ගයේදී ඊයේ (17) රාත්‍රී 11ට පමණ කිසියම් පිරිසක් විසින් පහරදීම නිසා ඔවුන් දෙදෙනා බරපතළ තුවාල ලබා තිබේ. අප වාර්තාකරු පැවසුවේ එම පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි. පහරකෑමට ලක්ව ඇත්තේ පොලිස් සැරයන්වරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර ඔවුන් දෙදෙනා රාජකාරි නිමකර අදාළ ස්ථානයට ගොස් තිබෙන බව පොලීසිය පවසයි. මෙම පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තලාතුඔය පොලීසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Read More

ආණ්ඩුව පවසන ආකාරයට ජනතා අවශ්‍යතා සපුරාලීමට නම් ජනතා පරමාධිපත්‍යය කැප කළ යුතු බවත් ලබන වසරේ ඔක්තෝම්බර් මාසයේ ජනාධිපතිවරණය නොවන්නේ නම් ඉන්පසුව සිටින ජනාධිපතිවරයා නීති විරෝධී ජනාධිපතිවරයෙක් වන බවත් නිදහස් ජනතා සභාවේ විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (18) පැවසීය. මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය. පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ලබන වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන ජනාධිපතිවරණය කල්දැමීමට යෝග්‍ය යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසූ බවත් එසේ සිදුවුවහොත් එමගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සිදුවන බවත් පීරිස් මහතා කීය. ලබන වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු නව…

Read More