Author: LANKA24X7

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. මෙම ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව තීරණාත්මක අවසන් පූර්ව තරගයකදී පාකිස්තානය පරාජය කර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. මේ තත්ත්වය තුළ මෙම අවසන් පූර්ව තරගයෙන් පසුව පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් සහ එම කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි අතර බහින් බස් වීමක් ඇති වූ බවට වාර්තා පළ වී තිබෙනවා. කෙසේ වෙතත් පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු පැවසුවේ මෙම තොරතුරු අසත්‍ය බවත් මේ සියල්ල කටකතා බවත්ය. මේ සම්බන්ධයෙන් ඔහු පැවසුවේ, “කණ්ඩායමේ අවධානය ක්‍රිකට් ක්‍රීඩාවට පමණයි. අපිට විවේචනවලින් වැඩක් නැහැ. තරගයක් පැරදුනොත් විචාරකයන්ට අදහස් කියන්න අවස්ථාව ලැබෙනවා. කණ්ඩායම් රැස්වීමේදී හැමෝම…

Read More

අද (20) (දිවයිනේ) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ද බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ සහ මහනුවර, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වන බවත් එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්. අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සාමාන්‍ය ජනතාවගෙන්…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිව්යෝර්කහි මෙටා සමාගමේ සම්බන්ධිකරණ අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග් හමු වී තිබෙනවා. ඔවුන්ගේ මෙහිදී AI සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සැලසුම් පිළිබඳව අවධානය යොමු කළ බවයි වාර්තා වන්නේ. එසේම අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහාද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතයි.

Read More

නවසීලන්තයේ දකුණු දුපත් ආසන්නයේ අද (20) භූකම්පන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ එහි බලපෑම නවසීලන්තයේ බොහෝ ප්‍රදේශවලට සිදු වී ඇති බවයි. අදාළ භූකම්පන තත්වය එරට වේලාවෙන් උදෑසන 9.20ට පමණ සිදු වී ඇති අතර එහි අගය රික්ටර් මාපක 6.2ක් බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් භූකම්පන තත්වයෙන් කිසිදු අනතුරක් සිදු වී නොමැති බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක සමන්තා පවර් අතර හමුවක් සිදුව තිබෙනවා. අමෙරිකාවේ සංචාරයක නිරත ජනාධිපතිවරයා සමන්තා පවර් හමුවුණේ නිව් යෝර්ක් නුවර ටාජ් පියරේ හෝටලයේදී බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. එහිදී ඔවුන් දෙදෙනා අතර පළදායී සාකච්ඡාවක් සිදුවූ බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. මේ අතර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අතර නිල හමුවක් සිදුව තිබෙනවා. එහිද දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීම සහ දෙරට අතර සහයෝගීතාව පුළුල් කර ගැනීමේ වැදගත්කම පිළිබඳවද රාජ්‍ය නායකයන් දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. පසුගිය කාලයේ බංග්ලාදේශයෙන්…

Read More

මෙරටට ආනයනය කළ මගීන්ගේ ගමන් බඩු අඩංගු බහාලුමක තිබී රුපියල් 16,470,000ක් වටිනා හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ. රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ, බෙල්ජියමේ සිට මෙරටට ලැබී තිබූ ගමන් මල්ලක තිබී එම මත්ද්‍රව්‍ය තොගය හමු වු බවය. එහි තිබී හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 98ක් රේගු භාරයට ගෙන තිබේ. වෙන්නප්පුව ප්‍රදේශයේ ලිපිනයකට එවා ඇති ගමන් මල්ලේ තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිත බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

Read More

බඩල්කුඹුර – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බඩල්කුඹුර පොලිස් බලප්‍රදේශයට අයත් පුස්සැල්ලාව ප්‍රදේශයේ දී බස් රථයක් සහ බවුසර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ. අනතුරින් බස් රථයේ රියදුරු, මගීන් සිව්දෙනෙකු සහ බවුසර් රථයේ රියදුරු තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත. තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර අනතුර සම්බන්ධයෙන් බඩල්කුඹුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.

Read More

පසුගිය ඉරිදා පස්වරුවේ මරදාන සරත් ෆොන්සේකා මාවතේ සිදුවූ වෙඩිතැබීමෙන් අවාසනාවන්ත ලෙස මියගිය 6 හැවිරිදි දැරියගේ දේහය ඇය පදිංචිව සිටි කොටහේන නිවස වෙත ගෙනැවිත් තිබේ. මෙම වෙඩිතැබීමට සම්බන්ධ කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසියට මෙතෙක් හැකියාව ලැබී නැත. මරදාන පොලිස් වසමේ සරත් ෆොන්සේකා මාවතේදී පසුගිය ඉරිදා පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබුණේ මනුෂ්‍ය ඝාතන ඇතුළු චෝදනා රැසක් එල්ල වූ 36 හැවිරිදි සැකකරුවෙක් ඉලක්ක කරගනිමිනි. නමුත් වෙඩි ප්‍රහාරයෙන් අදාළ සැකකරුට තුවාල සිදුවු අතර අනපේක්ෂිත ලෙස ඔහුගේ 6 හැවිරිදි කුඩා දැරියත් වෙඩි ප්‍රහාරයට ලක්වුණි. කඩිනමින් දැරිය කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණත් ඇගේ ළය ප්‍රදේශයට වෙඩිවැදීම හේතුවෙන් එම දැරිය අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත්තේය. මියගියේ 6 හැවිරිදි…

Read More

ආර්ථිකය ඍණවීමට බලපා ඇති කරුණු පිළිබඳව රජය වැඩි අවධානයක් යොමුකර ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ ඉදිකිරීම් සහ මූල්‍ය සේවා අංශවල වර්ධනය පිළිබඳ වැඩි වශයෙන් අවදානය යොමුකර ඇති බවය. මේ වසරේ පළමු කාර්තුවට වඩා දෙවන කාර්තුවේ දී ආර්ථිකයේ හැකිළීම අඩු මට්ටමක පවතින බව ද රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා සඳහන් කළේය. “අපිට ධනාත්මක බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවන් 11.5ක් පළමු කාර්තුවේ ඍණවීම 3.1කට දෙවන කාර්තුවේදී අපිට යන්න පුළුවන් වුණා. ඒ වගේම මේ ඍණවීම්වලට බලපාන කරුණු කෙරෙහි දැන් රජය අවධානය යොමුකරලා කටයුතු කිරීම තුළ. දැන් අපි බලමු ඉදිකිරීම් කර්මාන්තයේ තමයි වැඩිම අඩුවීම සිදුවෙලා තියෙන්නේ. කර්මාන්ත ක්ෂේත්‍රයට,මේ දිනවල…

Read More

රට තුළ පවතින ක්‍රමය විසින් තමාට වෙඩි ප්‍රහාරයක් එල්ලවූ බවට විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසයි. අද (19) පාර්ලිමේන්තුවේ දී තමාගේ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා, “17 වෙනිදා රාත්‍රීයේ මගේ වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. මේ වෙද්දි පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ වෙනුවෙන් කටයුතු කරමින් යනවා. ඒ වෙලාවේ මට කතා කරපු මගේ ගැන හොයලා බලපු සියලුදෙනාටම ගොඩක් ස්තූතියි. මේ සිද්ධිය කළේ කවුද කියන දේට වඩා මට හිතෙන්නේ මේ පවතින ක්‍රමය විසින් තමා මට ඒ ප්‍රහාරය එල්ල වෙන්න ඇත්තේ. අපි හැමෝම දන්නවා මේ…

Read More