Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ලොරි රථයක පටවා තිබූ දැව කඳන් පුද්ගලයෙකු මතට වැටීමෙන් ඔහු මියගොස් තිබේ. අනතුර සිදුවී තිබුණේ ඊයේ (11) උදෑසන අඹගස්දෝව සපුගොල්ල ප්‍රදේශයේදීය. අදාළ සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා ඌවපරණගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා වැලිමඩ රෝහලට ඇතුළත් කෙරුණු අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මියගොස් ඇත්තේ 46 හැවිරිදි වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දැව පැටවූ ලොරි රථයේ පිටුපස රෝදය කාණුවකට වැටීම හේතුවෙන් ලොරි රථයේ තිබූ දැව කඳන් ඉවත් කර රථය මාර්ගයට ගැනීමට යෑමේදී මෙම අනතුර සිදුවී ඇත.
බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි ගුවන් තොටුපොළකට ගොඩබෑ අවස්ථාවේදී සාප්පු සවාරි ගිය එහි ගුවන් නියමුවා කිසියම් කණ්ඩායමක් විසින් පැහැරගෙන යාම හේතුවෙන් ගොඩබෑ ගුවන් යානය නැවත පියාසර කරවීම සඳහා ආදේශක ගුවන් නියමුවකු යෙදවීමට බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයට සිදුව ඇත. සාප්පු සවාරි ගිය එම ගුවන් නියමුවා ජොහැන්නස්බර්ග් නගරයේ චෙකර්ස් බ්ලූබර්ඩ් මෙල්රෝස් සුපිරි වෙළඳ සංකීර්ණය ඉදිරිපිටදී පැහැරගෙන ගොස් ඇත. ගුවන් නියමුවා එම සුපිරි වෙළඳ සංකීර්ණය පිටතට පැමිණෙන විට කාන්තාවක් පැමිණ බඩු මලු මෝටර් රථය වෙත රැගෙන යාමට සහාය වන ලෙස ඉල්ලා තිබේ. එමි ඉල්ලීමට කන්දුන් ගුවන් නියමුවා බඩු මලුත් රැගෙන කාන්තාවගේ මෝටර් රථය වෙත ගොස් ඇති අතර එහිදී…
එක් පාර්ශ්වයකගේ සාක්කුවට පමණක් මුදල් ලැබෙන අයුරින් බදු සහන ලබා දීමට සූදානම් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඉදිරි දෙවසර තුළ මෙරට මැණික් කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කිරීම තම අරමුණ බවත් ඒ සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා කීය. එම වැඩපිළිවෙළ ජාතික ආර්ථිකයට මෙන්ම ක්ෂේත්‍රයේ නියැළි සිටින සියලුදෙනාට සෙත සැලසෙන වැඩපිළිවෙළක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ යටතේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය පුළුල් නවීකරණයකට ලක් කෙරෙන බවද පැවසිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ චීනකොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ සංගමය විසින් සංවිධානය කළ “Gem Sri Lanka 2024” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ලැබීමට ඊයේ (11) සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8 කින් (ඩක්වත් ලුවිස් න්‍යායට) ජය ලැබීමට සමත් වූහ. ශ්‍රී ලංකා පිල ලකුණු 97 ක ඉලක්කය ඕවර 16.4 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය. දඟ පන්දු යවන වනිඳු හසරංග විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඕවර 5.5 කදී ලකුණු 19 කට කඩුලු 7 ක් දවාගනිමින් සිම්බාබ්වේ පිල අසරණ කළේය. මෙය වනිඳුගේ එක්දින ක්‍රිකට් දිවියේ දක්‍ෂතම පන්දු යැවීම වන අතර ශ්‍රී ලංකා එක්දින…
සියලු පෙර පාසල් දරුවන් සඳහා උදෑසනට පූර්ණ ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන මෙම වසරේදී ආරම්භ කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවැසුවාය. යෝජිත ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතා පනත් කෙටුම්පත (Gender Equality Bill) මඟින් ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතා අයිතීන් තහවුරු කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය. ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. 120,000 ක් වන පෙර පාසල් දරුවන්ට පූර්ණ ආහාර වේලක් උදෑසනට දීමට එක් දරුවකුට වෙන්ව ඇති රුපියල් 60ක මුදල රුපියල් 100ක් දක්වා වැඩිකර දෙන ලෙස…
චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීම සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිරූපය සකස් කිරීමට ගැසූ මොන්ටිසෝරි ගැටයක් බව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. මෙවැනි අවස්ථාවලදී “පිටුව පෙරළුවට සීතා.. පොත දන්නවා රාමා” . යන ගීතය මතකයට එන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය විජේසිරි ගහපු ගැටය ගැන කාටත් වඩා හොඳින් ජනතාව දන්නා බවද ප්‍රකාශ කළාය. ඩයනා ගමගේ මහත්මිය මෙසේ පැවසුවේ කොළඹදී ඊයේ (11)පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. රට ආර්ථික අර්බුදයෙන් මුදාගත් රනිල් වික්‍රමසිංහ මහතා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබිය යුතු බව තමාගේ අදහස යයිද ඇය කීවාය.
නායයාමේ අවදානම් තත්ත්වය හේතුවෙන් ඇල්ල කිනලන් වත්තේ වතු නිවාස පේළියක පදිංචිව සිටි පවුල් දහයක පුද්ගලයින් විසි අට දෙනකු ආරක්ෂිත පියවරක් වශයෙන් පදිංචි ස්ථානවලින් වාහම ඉවත් කළ බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉන්දික ගයාන් පතිරණ මහතා පැවසීය. මෙම නිවාස පේළිය අසලින් නාය යාමේ මූලික ලක්ෂණ පහළ වීම හේතුවෙන් මෙම පියවර ගත් බව ප්‍රාදේශීය ලේකම් ඉන්දික ගයාන් මහතා පැවසීය. ඉවත් කළ පවුල්වල සාමාජිකයින් ඇල්ල කිනලන් වත්තේ දෙමළ විදුහලේ තාවකාලිකව කඳවුරක රඳවා ඇති බවද ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බවද ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉන්දික ගයාන් පතිරණ මහතා වැඩිදුරටත් පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එන දුරකථන ඇමතුම් ලැයිස්තුව ගෙන බැලුවහොත් වැඩිම ඇමතුම් ලැබෙන්නේ සජබෙන් බව පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේදී බනින අය ඔහුට දුරකථන ඇමතුම් දී හුරතල් වන බවද අලුත්ගමගේ මහතා කීය. “ජනාධිපති ලේකම් කාර්යාලයට යන විට ඇත්තටම අපට ඉඩ නෑ. සජබෙ අයගෙන් ජනාධිපති තුමාගේ කාර්යාලය පිරිලා.හෙට අනිද්දා වන විට සජබෙ කී දෙනෙක් ජනාධිපතිතුමා සමග හිටගනීවිදැයි විපක්ෂ නායකතුමාට බලාගන්න පුළුවන් යනුවෙන් ද අලුත්ගමගේ මහතා කීය.
වැට් වැඩි කළාට විරුද්ධව ලබන 30 වැනිදා ජනතාව පාරට බස්සන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. එදා පළමුවෙන්ම ජනාධිපති කාර්යාලය අසලට ගොස් සටන පටන් ගත්තේ ද සමගි ජන බලවේගය බව කී මරික්කාර් මහතා ලබන 30 වැනිදාටත් අළු මතින් නැගිට ජනතාව සමග වැඩේ පටන් ගන්නා බව මරික්කාර් මහතා සඳහන් කළේය. අමතක වූ ඉතිහාසය නැවත ආණ්ඩුවට මතක් කර දෙන බව කී මන්ත්‍රීවරයා පස්ස බලන්නේ ආණ්ඩුව එළවා දමා බව කීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව රඳවාගෙන සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල කල්ලි නායකයෙකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාට එරෙහිව නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ජූලි මස 11 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (11) ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසියටත් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ, මෙම නඩුකරයට අදාළ සංශෝධිත පෙත්සම තමන් වෙත ලැබී නොමැති බවය. ඒ අනුව අදාළ සංශෝධිත පෙත්සමේ පිටපතක්…
