Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දිවයින පුරා පසුගිය වසර තුනේදී (2020 2021 සහ 2022) සිදුවී ඇති රිය අනතුරුවලින් හත් දහස් එකසිය හැත්තෑ දෙදෙනකු (7172) මරුමුවට පත්ව ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. එම වසර තුනේදී සිදුවී ඇති මුළු රිය අනතුරු ගණන 67,687 කි. රිය අනතුරුවලින් වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ පසුගිය 2022 වසරේදීය. මියගිය සංඛ්‍යාව 2515කි. මෙයට අමතරව 2021 වර්ෂයේදී 2513 දෙනෙක්ද 2020 වර්ෂයේදී 2144 දෙනෙක්ද මියගොස් සිටිති. දිවයින පුරා 2020 වර්ෂයේදී මාරක රිය අනතුරු 2040ක්ද 2021 වර්ෂයේ දී මාරක රියඅනතුරු 2414 ක්ද 2022 වර්ෂයේදී මාරක රිය අනතුරු 2395 ක්ද සිදුව ඇතැයි පොලිස් මූලස්ථානයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ. රිය අනතුරුවල අඩුවීමක් දක්නට ඇතත් අනතුරු හේතුවෙන් මියගිය සංඛ්‍යාවේ…
නෙදුන්කේනි පොලිස් වසමේ පට්ටිකුඩිරුප්පු ප්‍රදේශයේ වගා ඉඩමකදී ඊයේ (21) වෙඩිතැබීමක් සිදුව තිබේ. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, සිද්ධිය ආරංචි වූ නෙදුන්කේනි පොලිසිය තුවාලකරු රෝහල්ගත කිරීමට කටයුතු කර ඇත. කෙසේවෙතත් රෝහල්ගත කිරීමෙන් අනතුරුව තුවාලකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගොස් ඇත්තේ, වයස අවුරුදු 58ක පට්ටිකුඩිරිප්පු-නෙදුන්කේනි ප්‍රදේශයේ පදිංචිකරුවකි. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නෙදුන්කේනි පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ චිත්තම්පලම් ගාඩිනර් මාවත අසල බේරේ වැවේ තිබී නාඳුනන මළසිරුරක් හමුවී තිබේ. 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇත. මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, මියගිය පුද්ගලයා වයස අවුරුදු 45ත් 50ත් අතර වයසක පසුවන අයකු ලෙස හඳුනාගෙන ඇත. මියගොස් ඇත්තේ, උස අඩි 05යි අඟල් 03ක් වන පිරිමි පුද්ගලයකු වන අතර, ළා නිල් පැහැති අත් කොට, කොටු සහිත කමිසයක් හා නිල් පැහැති දිග බොටම් කමිසයක් හැඳ සිටි බව වාර්තා වෙයි. මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි. කොම්පඤ්ඤවීදිය පොලිසිය…
දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් දින කිහිපයක් තිස්සේ අතුරුදන්ව සිටි පුද්ගලයකුගේ අස්ථි කොටස් නොර්වුඩ් පොලිස් වසමට අයත් පොයිස්ටන් වතුයායට අයත් නිව්ටන් කොටසේ ගසක් යට තිබියදී හමු වී තිබෙනවා.
ඉදිරියේදී දැඩි තිරිඟුපිටි හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා පවසනවා. ඔහු පැවසුවේ, රුසියාව සහ යුක්රේනය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ කළු මුහුද හරහා භාණ්ඩ නෞකා ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නතර කිරීම මෙයට හේතුව බවයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකෙරෙමින් පවතින කොටසක කපා දැමූ කෲඩියා සෙලනිකා හෙවත් පඬු කරඳ ගස වළ දමා ඇති ස්ථානයට වහාම පොලිස් ආරක්ෂාව සපයන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඊයේ පොලිසියට නියෝග කර තිබෙනවා. එමෙන්ම, ඇය ගම්පහ දිසා වන නිලධාරීවරයාට නියෝග කර සිටියේ ගස වළ දමා තිබෙන ස්ථානය ස්ථිරවම හදුනාගෙන එය ගොඩගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කොට සිටිසවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ තද සුළං ඇති වීමට හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසා සිටින්නේ.
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය සංචාරය නිමවා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනාවකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට යනු ලැබුවේ පසුගිය බ්‍රහස්පතින්දායි. එහි ගතකළ කාලය තුළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු ද හමුවුණා. ශ්‍රී ලංකාවට මූල්‍ය අර්බුදයෙන් ගොඩඒම සඳහා අඛන්ඩව සහය ලබාදෙන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ. නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර්, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික…
ලංකාවේ තරුණ තරුණියන් ජපානයේ තාක්ෂණික පුහුණුලාභින් ලෙස බඳවා ගැනීමට ඇති හැකියාව සමිබන්ධයෙන් සොයා බලන ලෙස අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ජපානයේ IRO ආයතනයේ අධ්‍යක්ෂක සුගා කට්සුකායිගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ, IRO ආයතනයේ අධ්‍යක්ෂක සුගා කට්සුකායි ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් ඊයේ(21) විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණි අවස්ථාවේදී. IRO ආයතනය යනු ජපානයේ තාක්ෂණික පුහුණුලාභීන් බඳවාගන්නා ආයතනයක්. මෙරට තාක්ෂණික හැකියාව හා වැඩිහිටි සත්කාර සේවා ජපන් ජාතිකයින් ඉතා ඉහළින් අගය කරන බවයි ඔවුන් පවසා සිටියේ. 2021 වසරේ දී මෙරට තරුණ තරුණියන් තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස ජපානයේ රැකියාවට යොමුකිරීම සඳහා එම ආයතනය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර අවබෝධතා…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර දිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී ඉන්අදීය ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවි ඇති බව ජනාධපති මාධ්‍ය අංශය සඳහන් කරනවා. මෙහිදී නායකයින් දෙදෙනා අතර ද්වීපාර්ශවීය සාකච්ඡා සිදුවන බවද වැඩිදුරටත් සඳහන් ශ්‍රී ලංකාවේ සැමට ආර්ථික පුනර්ජීවනය තිරසාර සංවර්ධනය සහ යුක්තිය සාක්ෂාත් කර ගැනීම සදහා වු කැපවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී යළිත් තහවරු කළේය. ඒ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග දූත මණ්ඩල මට්ටමේ සාකච්ඡා වලින් අනතුරුව ඉන්දීය මාධ්‍ය වලට ප්‍රකාශයක් කරමින්ය. ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ ප්‍රතිසංධානය හා බලය බෙදාහැරීම සදහා සියළු පක්ෂ නායකයින්ට ඒ සඳහා ඇරයුම් කරන බවයි. ජනපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ස්ථාවර ලෙස ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින්…