Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කාන්තාවක ගේ ගෙලබැදි රන්මාලයක් කොල්ලකා පලායමින් සිටී පුද්ගලයකු, පිරිසක් විසින් අල්ලා පොලිසියට භාරදීමෙන් පසු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකිරිමේන් අනතුරුව මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි . මෙසේ මියගොස් ඇත්තේ පානදුර පිංවල ප්‍රදේශයේ පදිංචිව සිටී 39 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය. මියගොස් ඇති තැනැත්තා පානදුර නගර මධ්‍යයේදී කාන්තාවකගේ ගෙලබැදි රන්මාලයක් කොල්ලකා පලා යද්දී, ඒ අවට සිටී පිරිසක් ඔහුව අල්ලා ගෙන ඇති අතර ඔහු මෙල්ල කීරීමට දැඩි උත්සහායක් ගෙන ඇත. අපහසුවෙන් සිටී සැකකරුව පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර , එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
වවුලන් තුළ ව්‍යාප්ත වන, වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය විය හැකි, මාරක වයිරසයක් ගැන තායිලන්ත විද්‍යාඥයෝ බිය පළ කරති. මෙම වයිරසය හමුවී ඇත්තේ තායිලන්ත ගොවීන්, කුඹුරුවල පොහොර ලෙස භාවිතයට ගන්නා වවුල් වසුරු (ගුවානෝ) එක්රැස් කරන ලෙනක වාසය කරන වවුලන් අතරිනි. කොවිඩ් 19 කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ තායිලන්ත විද්‍යාඥයන් එරට වවුලන් අතරේ ව්‍යාප්තවන වයිරස ගැන අවධානයෙන් පසුවෙයි. මෙම නව වයිරසය හමුවූයේ එහෙයිනි. කොවිඩ් 19 කොරෝනා වයිරසය වවුලන්ගෙන් මිනිසුන්ට ආසාදනය වන්න ඇතැයි අනුමාන කෙරේ.
සිතාසියක් භාර දීමට හෝමාගම පනාගොඩ කෙරේමුල්ල ප්‍රදේශයේ නිවසකට ගිය අතුරුගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන් බව කියන යුද හමුදා සාමාජිකයකු ඇතුලු කාන්තාවක් අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. ළමා ආරක්ෂක අධිකාරියේ නඩුවක් සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ සිතාසියක් භාර දීම සදහා අදාල නිළධාරීයා එම නිවසට ගිය අවස්ථාවේදී පහර දුන් දෙදෙනා මත්පැන් පානය කරමින් සිට ඇතැයිද පොලිසිය පවසයි. අදාල සිතාසිය භාර දීමට තොරතුරු විමසූ අවස්ථාවේදී පොලිස් නිළධාරීයාට පරුෂ වචනයෙන් බැණ වැදී එම නිළධාරීයාගේ රහස් ප්‍රදේශයට පහරදීමක් සිදු කර ඇතැයි ද ඒ හේතුවෙන් අදාල නිළධාරීයා අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.
උපන්දින සැම කළු ගගේ කළුතර විද්‍යාලය ඉදිරිපිට කලපුවේ ඊයේ පස්වරුවේ දිය නැමට ගිය 15 සහ16 හැව්රිදි පාසල් සිසුවියන් දෙදෙනකු සහ 17 හැව්රිදි සිසුවකු දියේගිලී මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි . මෙසේ මියගොස් ඇත්තේ කළුතර පන්විල ප්‍රදේශයේ පදිංචිව සිටී ඉවංගී මධුහාෂිනි (15) , දොඩංගොඩ නැවිලියාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී කිවිදු සත්සර (17) සහ දොඩංගොඩ රතුකුරුස නිවාස හී පදිංචිව සිටී සුභානී සුපේසලා (16) නැමැති අයවලුන් බව පොලිසිය කිය. මියගොස් ඇති සිසුවියන් දෙදෙනා මෙවර අපොස සාපෙල විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින අයවලුන් බවද පැවසේ. මියගොස් ඇති සිසුවා මියගොස් ඇති එක් සිසුවියකගේ පෙම්වතා බවත්, ඇයගේ මවගේ උපන් දිනය නිමිත්තෙන් විනෝදයට දියනාමින් සිටියදී මෙලෙස…
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ – 2023 කෘෂි විද්‍යාව- 2 ප්‍රශ්න පත්‍රය පිළිතුරු ලිවීමට පෙර සමාජ මාධ්‍යයට මුදා හැරයේ යැයි කියන අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ කෘෂි විද්‍යා ගුරුවරයා ජනවාරි 26 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අම්පාර අතිරේක දිසාවිනිසුරු සහ මහේස්ත්‍රාත් චතුරිකා එම්. චන්ද්‍රතිලක අද නියෝග කළාය. අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා 52 වන වියේ පසුවන අම්පාර, විජිතපුර ප්‍රදේශයේ පදිංචි දමින්ද ලක්මාල් නමැත්තෙකි. විභාග දෙපාර්තමේන්තුව විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වාගෙන හෙළිවූ තොරතුරු මත සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගත් බව රහස් පොලිසියේ අධිකරණයට දැන්වීය. කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය ඉකුත් 10 වැනිදා පැවැති අතර එය විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ…
මීට වසර 02කට පෙර බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත් බෝම්බයක් තැබුවේ මෙරට බලවතුන් විසින් බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද (14) බරපතළ චෝදනාවක් එල්ල කළහ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලූ අරගලය බියවැද්දීම එහි අරමුණ වූ බව උන්වහන්සේ පැවසූහ. 2022 වසරේ ජනවාරි 11 වනදා බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබි අත්බෝම්බයක් සොයා ගැනිණි. ඒ සම්බන්ධයෙන් දේවස්ථානයේ සේවකයෙකු ඇතුළු සිව්දෙනෙක් අවස්ථා කිහිපයක දී අත්අඩංගුවට ගැනුණු අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මුදාහැරිණි. එවැනි වටපිටාවක කතෝලික සභාව චෝදනා කරන්නේ, මේ ගැන විධිමත් විමර්ශනයක් සිදු නොවූ බවටයි. එම සිදුවීමට වසර 2ක් ගතවීම නිමිත්තෙන් බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේ දී අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද…
ආනයනික කිරිපිටි මිල ලබන සතියේ සිට ඉහළ යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුව රුපියල් 30කින් ඉහළ යනු ඇත. කිලෝ ග්‍රෑම් 01 ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 75කින් ඉහළ යන බව ද වාර්තා වේ.
තංගල්ල මොටකැටිආර අළුත්ගොඩ ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී පැමිණි අයකුට නිවසේ කාන්තාව එල්ල කළ මෝල්ගස් පහරකින් නිවස තුළම මිය ගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි. පහර කෑමෙන් මිය ගිය පුද්ගලයා කාන්තාවට අතවර කිරීම සදහා නිවසට කඩා වැදුනු අවස්ථාවේ කාන්තාව ගේ මෝල් ගස් පහරට ලක්ව ඇති බවට කාන්තාව විසින් පොලීසියට පවසා ඇති බවට පොලිස් තොරතුරු වලින් පැවසේ . සිද්ධිය වෙන අවස්ථාවේ කාන්තාවගේ සැමියාද නිවසේ සිටි බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ. පහර කෑමට ලක්ව මිය ගොස් ඇත්තේ අළුත්ගොඩ පදිංචි වයස අවුරුදු 31 හැවිරිදි අයකු බව පොලීසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් පහරදුන් බවට සැක කෙරෙන කාන්තාව අත් අඩංගුවට ගෙන ඇති අතර තංගල්ල මූලස්ථාන පොලීසියේ අපරාධ…
කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය වෙනුවෙන් ජපානය වැය කළ මුදල ගෙවන්නේ නම් පමණක් මෙරට අත්හිටුවා ඇති ජපන් ආධාර යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපානය සූදානම් බව එරට මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමක් සමඟ ජපාන තානාපති කාර්යාලයේදී මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි සහ තානාපති මිසුකොෂි හිදෙකි මහත්වරුන් හමුවූ බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසුවේය. එහිදී මුදල් අමාත්‍යවරයා පණිවිඩ තුනක් ලබා දුන් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව හැකි ඉක්මණින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කළ යුතු බවද ජාත්‍යන්තර මූල්‍ය…
පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන පොසිලකරණයට පවා ලක්වුණු කුඩා සිරුරු දෙකක් පසුගිය වසරේ ඔක්තෝබරයේ ලොව කැලැඹීය. මෙම සිරුරු පේරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්, පිටසක්වළ ජීවීන් ඇති බව ලොවට කිවේ පේරු මාධ්‍යවේදියෙකි. එය ලොව කැලැඹූ සිදුවීමක් විය. පිටසක්වළයන්ගේ යැයි සැක කළ එම සිරුරු, මේ වනවිට පූර්ණ විද්‍යාත්මක විශ්ලේෂණයකට ලක් කර ඇති අතර, ඒවා සත්ව අස්ථි යොදා ගනිමින් සකස් කළ බෝණික්කන් බව තහවුරු වී තිබේ.
