Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභික සහ දේශපාලන මණ්ඩල සාමාජික පාර්ලිමේන්තු මන්ත්රී දුෂ්මන්ත මිත්රපාල මහතා පැවැසීය. මේ සම්බන්ධයෙන්වූ සාකච්ඡාවක් එම පක්ෂයේ ගම්පහ දිස්ත්රික් සංවිධායකවරුන්ගේ සංවිධානත්වයෙන් ඊයේ (25) ගම්පහදී පැවැති අතර මෙම තීරණය ගෙන ඇත්තේ ඵම රැස්වීමේදීය. මැයි දින රැලියට හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන, අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ නිදහස් සේවක සංගමයේ ප්රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්ර මහතා ඇතුළු වෘත්තීය සමිති නායකයන්ද ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දිස්ත්රික් සහ ආසන සංවිධායකයන් සහභාගි වන බවත් දුෂ්මන්ත මිත්රපාල මහතා…
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය. ඔහු එරටහිදී පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයකට සහභාගි වීමට නියමිත බවත් සෙනසුරාදා (27) ස්වීඩනයේ නක්කා අවුලාහිදී එරට වේලාවෙන් පස්වරුවේ ජන හමුවකට සහභාගි වීමට නියමිත බවත් ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව මෙම සංචාරය සංවිධානය කරයි.
රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජිකයන්ගේ සහ හිටපු ජනාධිපතිවරයෙක්ගේ හිතවතකුගේ නම් පාවිච්චි කරමින් සංවිධානාත්මක පිරිසක් කටයුතු කරන බවට ව්යාපාරිකයෝ චෝදනා කරති. ප්රධාන වශයෙන් පුද්ගලයන් තිදෙනෙක් පාතාලයේ නම් පාවිච්චි කරමින් මෙම නීති විරෝධී ක්රියාවේ නිරත වන බවත් ඒ හේතුවෙන් බොහෝ ව්යාපාරිකයන් රේගු ටෙන්ඩර් සඳහා ඉදිරිපත්වීමට බියකින් පසුවන බවත් ව්යාපාරිකයෝ කියති. රේගුව රාජසන්ත කළ අඩි 20 බැගින් වන කන්ටේනර් 15 ක ඇති රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න වටිනාකමින් යුත් ටයිල් 58,024 අද (26) පෙරවරුවේ ටෙන්ඩර් පිරිනැමීමට නියමිතව ඇති බවත් එම ටෙන්ඩරයට මිල ගණන් ඉදිරිපත් කර ඇති ඇතැම් ව්යාපාරිකයන් ද බියගැන්වීමට…
රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්රිරෝද රථයකින් ප්රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්රව්ය ජාවාරම්කරුවක් ඊයේ (25) ඔරුගොඩවත්ත ප්ර දේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි. යුක්තිය මෙහෙයුමට සමගාමීව බස්නාහිර පළාත් බුද්ධි මූලස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්රශ්න කිරීමේදී මෙම මත්කරල් ග්රෑන්ඩ්පාස් ප්රදේශයෙන් මිලදී ගත් බවට ප්රකාශ කළ බව පොලිසිය සඳහන් කරයි.
පාස්කු ඉරිදා ප්රහාරයට වසර 5ක් පිරීම නිමිත්තෙන් පසුගිය දා පැවැත්වූ සැමරුමක දී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තමාට එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. කාදිනල් හිමිපාණන් විසින් එල්ල කරන ලද ප්රධාන චෝදනා 4ක් උපුටා දක්වමින් අදාළ නිවේදනය නිකුත් කර ඇත. – උපුටා ගැනීම – පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයට වසර පහක් පිරීම නිමිත්තෙන් පැවති සැමරීමක දී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මට එරෙහිව පහත සඳහන් චෝදනා එල්ල කරන ලදී. •පාස්කු ඉරිදා ප්රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව මට ලැබුණු දිනට පසු දිනම මා කාදිනල් හිමිපාණන්ට දුරකථනයෙන් කතා කර එම…
ත්රිකුණාමල දිස්ත්රික්කයේ පාර්ලිමේන්තු මන්ත්රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක නිවාඩු ලබාදීමට පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව අද (25) සම්මත විය. විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර දෙමළ ජාතික සන්ධානයේ චාල්ස් නිර්මලනාදන් මහතා එම යෝජනාව ස්ථිර කළේය. ආර් සම්බන්ධන් මහතා 91වන වියේ පසුවන අතර මේ වනවිට අසනීප තත්ත්වයකින් පසුවෙයි.
මදුරන්කුලිය පොලිස් වසමේ දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් කාන්තාවක් මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ අදාළ කාන්තාව පුත්තලම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බවය. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 58 හැවිරිදි හලාවත ප්රදේශයේ පදිංචි දෙදරු මවකි. විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ දීර්ඝ කාලයක සිට හෘදරෝගයකින් හා සෙම් රෝගයකින් එම කාන්තාව පෙළී ඇති බවය. රෝග සුවවීම සඳහා කාන්තාව විසින් රැගෙන ආ ජලය දේවගැතිවරයා විසින් යාඥා කර නැවත එම කාන්තාවට බීමට ලබාදීමෙන් පසුව ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බව ද අනාවරණය වී තිබේ. මෘත ශරීරය පුත්තලම රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද…
ආනයනික කිරිපිටි මිල යළිත් අඩු කිරීම සම්බන්ධයෙන් සංගමයක් ලෙස මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි. එහි මාධ්ය ප්රකාශක අශෝක බණ්ඩාර මහතා සඳහන් කළේ, කිරිපිටි මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නිල මට්ටමෙන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවය. පසුගිය මාසයේදී ආනයනික කිරිපිටි ග්රෑම් 400 රුපියල් 60කින් සහ කිලෝග්රෑම් එක රුපියල් 150කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් පියවර ගනු ලැබීය. ඒ අනුව මේ වන විට වෙළෙඳපොළේ විවිධ මිල ගණන් යටතේ කිරිපිටි අලෙවි වන අතර තවදුරටත් කිරිපිටි මිල අඩු කිරීම පිළිබඳ මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අශෝක බණ්ඩාර මහතා සඳහන් කළේය. කෙසේවෙතත් නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය කරන ආයතනයක් විසින් අද දිනයේ සිට…
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අමාත්ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක මහතා ද එම අවස්ථාවට සහභාගී විය. ශ්රී ලංකාවේ වත්මන් තත්වය පිළිබඳව මෙන්ම ආර්ථික අර්බුදය ජය ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශවය එහිදී සාකච්ඡා කළ බව රුවන් විජයවර්ධන මහතා පැවසීය. මෙහිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අමාත්ය සන් හයියන් මහත්මිය ශ්රී ලංකාවේ වත්මන් තත්වය සහ ආර්ථික අර්බුදය ජය ගනිමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ රජය ගෙන යන…
ඉරානය සහ ශ්රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්රපට කර්මාන්තය, මාධ්ය, සංචාරක, සමුපකාර, පුස්තකාල, සංස්කෘතික, විද්යාත්මක, තාක්ෂණික සහ ක්රීඩා යන ක්ෂේත්රවල සහයෝගීතාව ආවරණය කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
